Oct 6, 2011

බස්සෙක්, බල්ලෙක් සහ පාන් බාගයක්....

ඇයි වදේ, මම ආසාවට පොඩි වල් ‍ටුවර් එකක් දැම්මොත්, මං යන්නෙ බඩජාරිකමට හැලප ගිලින්ටලු.. උන්දැට හැම බෙනේටම හොට දාන්ට හොඳයි, මං නිකම්ම නිකං බස්සෙක් නිසා මට තියෙන්නෙ බෙනේට වෙලා ඉන්නලු.


නප්පියටම තද වෙච්චි පාර, මඔ ඕන විස්කිරිඤ්ඤයක් වෙන්න කියලා හන්දිය දිහාට පියාඹලා බේකරිය ගාව සියඹලා ගහේ ලෑන්ඩ් කලා. හුටා මේ ටොමිට නේද, තුන් අන්ඩෙන් පැන පැන එන්නෙ? අර මොකක්ද කටේ, හුහ්, මේ නොසන්ඩාලයා අදත් බේකරියෙන් හොරා කාලා නෙව.


"හූම්..හූම්...."
"ෂ්..ෂ්..කෑ ගහන්න එපා බෂ්ෂො. බේකරියෙ පාන් බාස් ආවොත්, මාත් සුං, උඹත් සුං. උඹට ඕනෙ නං කෑල්ලක් කාපං"


ඔය බඩ ගොස්තරේ හොයාගන්ට ඔහොම කලාට, ටොමියා හිත හොඳ එකා. උගෙ අම්මා single parent ලු.තාත්තා කව්ද දන්නෙ නැහැලු.


"බෂ්ෂො, උඹ දන්නවනෙ, මං අනාතයා බව. රට්‍ටු මට නොයෙක් නම් කියලා බනිනවා. ඒත් මට ඉවසන්න බැරි උන් මට අම්මා මතක් කරලා බනින කොටයි"
"හැබෑටම , චෑ, චෑ ඒක කැතයි. මොනව කියලද බොට උන් බැන්නෙ?"
" මට "බැල්ලිගෙ පුතා' කිව්වා"
"ඈ බං, ඉතිං ඒක ඇත්තනෙ"
" ඇත්ත උනාට ඒක කුනුහරුපයක්නෙ. මාත් ඇරියෙ නෑ, හැපුව එකෙක්ගෙ පස්ස, සරං කෑල්ලක් මයෙ කටේ හිටින්න"
"නෑ බං, ඒක කුනුහරුපයක් නෙමෙයි"
"උඹ දන්න ඉටි ගෙඩිය. ඇයි එහෙනං එහෙම කිව්වම, ඇක්මොන් ගොයියා මරතේලිසාගෙ දත් දෙකක් හැලෙන්න හොම්බට ඇන්නෙ?"

9 comments:

  1. අනේ පව් ටොමියා....බෂ්ෂා නම් හොරා...:D:D:D

    ReplyDelete
  2. උන්දැට කියල දුන්නේ නැත්ද නිකම්ම නිකම් බස්සෙක් නෙවෙයි DGM බස්ස කියල

    ReplyDelete
  3. බලාගන යනකොට බසු අය්යත් දන්නේ නැති පාං ගෙඩියක් නෑනේ.

    ReplyDelete
  4. ඒ පාර ටොමියෙක් අල්ලගෙන, කවද හරි ලොකු අමාරුවක වැටෙනව තැන තැන ගිහින් ....හික්ස්

    ReplyDelete
  5. පව් බන් ටොමියා!

    ReplyDelete
  6. @පොකු
    ඔය ශ්‍රී මුඛයෙන්ම නේද කිව්වෙ, " ටොමිය හොඳයි, බෂ්ෂා හොඳා....යි" කියලා. අපිය කොයින්දෑ ටොමියො බූල්?
    @තනිකඩ
    එව්වා කියන්ට ගියොත්, දොරකඩ ගහෙන් පිළිකන්නෙ ගහකට ඩිමෝට් කරාවි :)
    @සමනලී
    පාං විතරක් නෙමෙයි, රෝස් පාං ගැනත් දන්නවා
    @නීතා
    ඔය ටොමියව වලව්වට ගන්නෙ නැත්තෙ, අර අහිංසක සුදු පූෂා නිසානෙ.
    @විසිතුරු
    පව් නේන්නං, ඕකා අර කාගෙද පස්ස හපාකාල තියෙන්නෙත් "හව්" ගාලානෙ.

    ReplyDelete
  7. පාන් කැල්ලක් හම්බ වුනාද බස්සට

    ReplyDelete
  8. බස්සා ෂෝයි බස්සා....:D:D:D

    ReplyDelete
  9. @ බින්දි
    මටත් කන්ට කියලා කිව්වා, ඒත් මං කෑවෙ නෑ. ඒ දුප්පතා තුන් අණ්ඩෙන් පැන, පැන ඕක ගෙනාපු හැටි දැක්කම කොහොමද කන්නෙ?

    @ පොකු
    හා, ආන්න එහෙම එන්නකො :D

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code