Oct 23, 2011

ටොමියට සිංදුවක්......

බල්ලො කියන්නෙ හරිම අපූරු සත්තු ජාතියක්. හරිම අවංකයි. එයාල හිනා වෙන්නෙ නැට්ටෙන්.




නරි මොටා නං කියන්නෙ , බල්ලො කියන්නෙ හීලෑ වෙච්චි නරි කියලයි. මෙන්න ටොමියයි , නරි මොටයි අතර ඇති වෙච්චි කතාව.
(Reporting live from දොරකඩ ගහ by මූකලන් බස්සා)


"දැං බලපං ටොමියො, අපි දෙන්නගෙ පෙනුමම, හරියට සහොදරයො වගේ නොවැ"
" අනේ නිකං හිටිං, උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත් මං නං පිලිගන්නෙ නෑ. හා එහෙනං බුරල පෙන්නපං"
" බිරිල්ල පැත්තක තියමුකො, හා, හඳ දැක්කාම අපි දෙගොල්ලොම උඩු බුරන්නෙ නැද්ද?"
" අනේ නිකං හිටිං, උඹ මහ කපටියා. බල්ලො එහෙම නෑ, අවංකයි"
"හුහ්, මගේ කට. අවංකයි!. අර එතකොට හොරා කන්ට කුස්සියට පැනලා මැණිකගෙන් පොල් බෑ පාරක් කෑවෙ අවංක කමට වෙන්ටෑ. අර කව්ද බස්සටත් කිව්වෙ කපටිය කියලා"


"ඇත්තද මචං, ඔය ලොකු ලොකු සල්ලිකාර නෝනලා, බල්ලට 'ඩාලිං' කියනව කියන්නෙ. එයාල නිදාගන්නෙත් ඇඳේලු. එතකොට මහත්තයා බුදිය ගන්නෙ පාපිස්ස උඩද, මචෝ?"
" හප්පේ, එහෙම සැප විඳින්ට , ඉහල බලු කුලයක උපදින්න ඕනෙ, බං. මං දන්න එහෙම 'හයි-ක්ලාස්' බලු නකුටෙක් ඉන්නවා මැලිබන් හන්දියෙ. ඌට තියෙන්නෙ මේ 'හෝර්ලික්ස්' වගේ කිරිපිටි ජාතියක නමක්. අහල කියන්නං"


                         

2 comments :

  1. මේ සිංදුව නම් අනිවාර්යයෙන්ම කියලා තියෙන්නේ බස්සා. පේන්නේ නැද්ද කටහඬේ හැටි...:D

    නෝනලා බස්සන්වත් ගෙවල්වල තියාගන්ට කැමති වෙයි. ඒත් බස්සෝ ගෙවල්වල ඉන්ට කැමති නෑනේ.:D:D

    ReplyDelete
  2. ඇත්ත.බස්සො කැමති බෙන වලට. ඒත් කොයි නෝනද නෝනෙ , බෙනේක ඉන්ට කැමති වෙන්නෙ? :p

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස පිංතූරයක්/ ලින්ක් එකක් / වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත කෝඩ් එක කොපිකර ගන්න.
link to the code