Feb 12, 2014

Blog to e-book


මම කාලෙක හිටං හොය හොය හිටිය දෙයක්, තමයි කොහොමද  මුලු බ්ලොග් එකම  පොතකට හරවන්නෙ කියලා. සෑහෙන ඇප්ස් අත්හදා බැලුව, හරියට හිතට  ඇල්ලුවෙ නෑ. එක්කෝ පොස්ට්  වටේ තියන ආරළු-බුරුළු ඔක්කොම එනවා, නැත්නම් සිංහල ෆොන්ට් පෙන්නන්නෙ නෑ.  

ඔන්න අද හරියට හරියන එකක් හම්බ වුනා.
http://www.bloxp.com/

මෙන්න හදපු පොත




මෙන්න සයිට් එක 




ඕන කරන අඩුම කුඩුම:

1.තමන්ට අවශ්‍ය සයිට් RSS feed URL
බ්ලොගර් සඳහා : http://blogname.blogspot.com/feeds/posts/default?alt=rss

2. ඉවසීම

 මට බොහෝ විට  මඟෑරෙන දෙයක් තමා, හොඳ බ්ලොග්වල කලින් ලියපු ලිපි. අලුත්ම එක කියවනව , එච්චරයි. හාරගෙන, හාරගෙන ගියොත් ඔව්ව අතරෙ වැලලිච්ච මොන, මොන නිල් කැට, පුස්පරාග තියනවද කව්ද දන්නෙ? 

මුලු සයිට් එකම එපා නං , අවශ්‍ය පොස්ට් විතරක් ‍තෝරගන්නත් පුළුවනි. පටන් ගන්න ඉස්සෙල්ලා "table of contents"  එකකුත් දාන්න කියල ක්ලික් කරන්න අමතක කරන්න එපා

මං යනව හැලප ගිලින්ට, දැන් බැරියෑ හැලප වට්ටිය පිටින්ම උස්සන් එන්න :)


24 comments:

  1. හොය හොයා හිටපු දෙයක්. ඉත්තූතියි ඈ....
    http://bassigenawathana.blogspot.com/p/blog-page_10.html

    ReplyDelete
    Replies
    1. ආං බස්සි, අර බුරම්පියා ඔයාට බනිනව නේද ඇක්ටිව් ලින්ක් දැම්මෙ නෑ කියලා? :)

      මෙන්න මෙහෙම දාන්න:

      බස්සි ලියූ E-පොත්

      HTML code එක:

      [a href="http://bassigenawathana.blogspot.com/p/blog-page_10.html"]බස්සි ලියූ E-පොත්[/a]

      ප.ලි:
      "[" , "]"වෙනුවට "<" සහ ">"යොදා ගන්න

      Delete
    2. හදිසියෙ ලියපු නිසයි ලින්ක් එක නිකන්ම පේස්ට් කලේ බස්සා...

      Delete
  2. ලින්ක්ස් දානකොට ඇක්ටිව් ලින්ක්ස් දාපිය.. දන්නෙ නැත්තං අර කකා තුමාගෙන් අහගන්නවා හොඳයි.. :P

    http://www.bloxp.com/

    ReplyDelete
    Replies
    1. හොඳයි මචං. ලින්ක් එක කොපි පේස්ට් කරන්න කම්මැලි ඇත්තෝ ඒ ලිපියෙන් පොරෝජනයක් ගනී කියල හිතන්න බෑ. ඒ නිසා නාවට තරහ නෑ.

      මගෙ කලින් කමෙන්ට් දැක්කනම් ලින්ක් දාල තියෙන බව බලාගන්න පුලුවනි. හදිසියෙ ලියපු නිසයි ලින්ක් එක නිකන්ම පේස්ට් කලේ.

      Delete
    2. කිරි අප්පට බල්ලො බුරපි
      අපෙ බුරාට බස්සො කොටපි

      අපොයි බස්සියේ ඕකා ඔය බැනල තියෙන්නෙ මට. අද නං මාව තනි තට්ටෙන් වහලෙ එල්ලලා බොක්සිං ගහන එක බුදු සුවර්.

      බස්සි ටිකක් සැර පාටයි :)

      < බටර්>
      ඔහොම කිව්වට අපේ බුරම්පියා හොඳ එකා. මං ඔය මකබාස් වැඩ කරන්න ගිහිල්ලා දෙකොන මූට්‍ටු වෙලා 'හැලුප්, හැලුප්' කිව්ව ගමන් එනවා :)

      Delete
    3. :-D

      මම ඕකට උත්තරයක් දෙන්ටත් හදලා ආයෙ නිකා හිටියා 'මොටද අහක යන බස්සන්ට ගල් ගහන්නෙ' කියලා හිතලා..

      Delete
    4. හිහිහි බුරා තරා නෑනෙ. බ්ලොග් අවකාසෙ වෙන වැඩ හින්ද මේ දවස්වල පොඩ්ඩක් මූඩ් අවුල්, ඒකයි.

      Delete
    5. බ්ලොග් අවකාසෙ සිද්ධවෙන වැඩ හන්දා තරහ ගන්ටයි, මූඩ් අවුල් කරගන්ටයි ගියොත් වැඩි කාලයක් මේ අවකාසෙ ඉන්ට වෙන්නෙ නෑ දරුවො.. :-)

      Delete
  3. අනේ බස්සෝ මටත් එකක් හදලා දෙන්ටකෝ...:)

    ReplyDelete
  4. පොත බා ගත්තා. ඒත් අනේ මගේ epub රීඩර්ස් එකක් සිංහල පෙන්වන්නේ නෑ - අනිත් එක පොතේ ලින්ක්ස් පෙන්වන්නේ නෑ. :( :( :(

    ReplyDelete
    Replies
    1. epub readers වර්ග ගොඩක් තියනව වුනාට හැම එකම සිංහල වලට හරියන්නෙ නෑ. මං දන්න හොඳම එක Calibre

      Calibre link

      Delete
    2. // පොතේ ලින්ක්ස් පෙන්වන්නේ නෑ.//

      eBook formats වර්ග ගොඩක් තියනව. සමහර ඒව text විතරයි. ඒ අතරින් epub ටිකක් හොඳයි - පිංතූරත් දෙන නිසා. ඒත් eBook එකක් web page එකකට සමාන කරන්න බෑ - යම්, යම් සීමාවල් තියනවා.
      ඇයි ඔය eBook එක හදද්දි අහනව නේද links ටික foot note විදිහට දාන්නද කියලා?

      Delete
    3. epub එකේ ප්‍රශ්නයක් නං මෙන්න මෙතනට ගිහිල්ලා pdf වලට convert කරගන්ට..

      http://ebook.online-convert.com/convert-to-pdf

      Delete
    4. ඒ ලින්ක්ස් නෙමේ බස්සා, මගේ epub file එකේ පටුනෙන් එහාට යන්ඩ බෑ...ඇපල් අපලයක් ද දන්නේ නෑ

      ස්තුතියි බුරා! එතනින් pdf කර ගත්තා. දැන් හරි.

      Delete
  5. මාර යි නේ. ගොඩක් ස්තුති යි!

    ReplyDelete
    Replies
    1. ස්තූති කරන්න ඕනෙ අර bloxp හදල නිකං දෙන කස්ටියට. මං ඔත්තුව දුන්න විතර්යි නෙව

      Delete
  6. නියමයි හොඳටම වටිනා දෙයක් thank you බස්සෝ

    ReplyDelete
    Replies
    1. ප්‍රයෝජනයක් තියේ නං සතු‍ටුයි

      Delete
  7. ඔන්න උඹේ බ්ලොගම ඉස්සරලා pdf කරලා මගේ phone එකට ඔබා ගත්තා.

    ReplyDelete
  8. මගේ බ්ලොගේ අක නම් ඊ පොතක් කරමින්..ඒ කියන්නේ අනුන්ගේ එව්වත් පුළුවන් නේ ..නියමයි. පැරණ ලිපියක් හොයන්න ගියහම හාරනවට වඩා මර ලේසියි

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code