Nov 28, 2020

පාරාදීසයේ බස්සා,ඔටුවා සහ කාන්තාරයේ කහවනු


පරාදීස වල ඔටුවො නෑ. කාන්තාරවල බස්සො නෑ. සල්ලිකාර ඔටුවො රාමසාන් කාළෙට පරාදීසවලට යනවා, ආතල් ගන්න.  එතකොට පරාදීස වල බස්සො කාන්තර වලට යන්නෙ ඇයි? ඔහෙල හිතන්නෙ, රට ඉඳි කන්න කියලද? නෑ . සල්ලි හොයන්න. 

කොහොමත් මං පෞද්ගලිකව, ඔටුවන්ටත් , ඔටු නීතියටත් කැමතිම නෑ.  ඇයි කියල ඇහැව්වා? මං පොඩි උදාහරණයක්  දෙන්නම්: ඔටුවෙක්, බවලතෙකුට බලහත්කාරකමක් කලොත්, ඔටු නීතියට අනුව වැරදි කාරය බවලතා. බවලතා ඔටුවව කුලප්පු කරල තියෙනවා. ඔටු නීතියට අනුව, ඔටුවා සහජයෙන්ම උපාසක සතෙක්. එහෙම නෑ කියල ඔප්පු කරන්න නං, ඔටුව අහවල් වැඩේ කරන කොට වටවෙලා බලාගෙන හිටිය, තව ඔටුවො හතර දෙනෙක් කියන්න ඕනා, වැරැද්ද ඔටුවගෙ කියලා. කොහොමද සාධාරණේ? කොටින්ම, ඒ කියන්නෙ , අපිට කියල ඇරෝ ගන්න, උඹ මෙහෙ ආවෙ ඇයි කියලයි. බවලත්තු රිපෝට් කරල තියනවා. කැකිල්ලෙ ඔටු නීතියට අනුව, ඔටුව එලියෙ, බවලතා කූඩුවෙ. ආන්න ඒ වගේ සාධාරණ, කිරෙන් පෙරාපු සත්තු ජාතියක් තමා ඔය ඔටුවො. දැන් ඔහෙල අහවි මට ඔටුවො එක්ක ඇරියස් තියනවද කියල? ඔව් තියනවා,  පොදුවෙ හැම ඔටුවටම එහෙම කියන එක "stereotype" සහ "politically correct" නෑ නේද? සෙද්ද, උන්ට කරන්න හොඳයි, මට කියන්න හොඳ නෑ? මම දැක්ක දේ මං කිව්වා, ඇයි අවුල්ද?

අනන්තවත් තුන්වල ලෝකෙ සත්තු එහෙ යනවා. ඇරෝ ගන්න නෙමෙයි වාහෙ, මසුරං හොයන්න. එහෙම හොයන මසුරං, ප්‍රධාන ආදායම වෙච්ච රටවල් පවා, තියනවා කියල අහල තියනවා.

හා, මොලේ කචල්වෙන ඔටු නීතිය  පැත්තක තියලා, ආපු කාරණාවට බහිමුකො.ටිකාක් දිගයි, පුළුවන් කමක් තියනවා නං මේක බලන්න:

ඔහු කියන ඔක්කොම දේ සමඟ එකඟ නූනත්, වැඩි හරියක් හරියි කියල හිතෙනවා. මේකෙ ඩුබායි, සහ බටහිර රටවල් ගැන කතාවෙන නිසා, අදාලයි කියල හිතුනා, මාත් අවුරුදු ගාණක් ඔය කාන්තාරෙ කට්ට කෑව නිසා.

ඩුබායි කියන්නෙ වෙළඳ මධ්‍යස්ථානයක් කිව්වට, වඩා ප්‍රසිද්ධ කළු සල්ලි සුදු කරල දෙන ලොන්ඩරියක් කියලයි. ලෝකෙම ඉන්න හොරුන්ට නං පාරාදීසයක්. දැන් නම්, ඩුබායි, එමිරේට්ස් දිගට හරහට කස්ටියව සේවයෙන් පහ කරනවා. ඒක නරකයි කියල හිතෙනවා නං , ඔය වීඩියෝ එකේ ඉන්න හාදයගෙ  ජීවිත කතාව බලමුකො: උන්දෑ  දෙමව්පියො එක්ක ඩුබායි ඇවිත් තියෙන්නෙ අවු: 2 දි. ඒ කියන්නෙ ඉස්කෝලෙ, යාළුවො, සමාජෙ ඔක්කොම ඩුබායි. හිටපු ටිකේ හොඳට කාලා, බීලා පාටි දාලා, ජීවිතේ හොඳට වින්දා කියන්නෙ. අවුලක් නෑ, ඒක එයාගෙ ජීවිතේ, තීරණයත් එයාගෙ.

බස්සාත් ඩුබායි ගියා. ඒත් කව්දෝ මුලදිම කිව්ව " මේක ගමනාන්තය නොව ට්‍රාන්සිට් එකක් විතරක් කියල හිතන්න" අවවාදය, නොමැකෙන ලෙස මගේ හිතේ කෙටුනා. කෑව, බීවා වුනාට වීඩියෝවෙ හාදයාට තරම් ජීවිතේ හොඳට වින්දා කියල නං කියන්න බෑ.

මේ ජීවන රටා  දෙකෙන් කොයිකද හරි කියන්න බෑ. දෙකම සාපේක්ෂයි. හැබැයි, එකක් කිව්වෑකි. අපේ ජීවිතේ "ලයිෆ් චොයිස්" කියන එව්වා එක්තරා ආකාරයක හැරවුම් ලක්ෂ බව. 

බස්සාත් සෑහෙනෙ කාලෙකට ඉහත එහෙම "ලයිෆ් චොයිස්" එකක් ගත්තා. කාන්තාරෙන්, නත්තල් පප්පගෙ සාවියට කරණමක් ගැහැව්වා. මුලදි නං ලේසි වුනේ නෑ. සීත ඉර්තු ගාණක් ගෙවිල ගියා. ඒත්, ඌත් ඇරියෙ නෑ, කෝටුවෙ ගිය ඉබ්බා වගේ අයින හපාගෙනම හිටියා. කාළයක් යනකොට, අපි පරිසරයට හැඩ ගැහෙනවා. තව ඉතින් , හිම කුණාටුවල වාහන එලවන හැටි වගේ, දේවල් එහෙම පුරුදු වෙනවා. මොකෑ නැත්තෙ? ඇන්නා ස්වාමීනි ඇන්නා, දෙපාරක්ම පස්සෙන් ඇවිත් ඇන්නා.

දැන් බලමුකො වීඩියෝ එකේ ඉන්න හාදය ගැන. එයා ඔහොම ජොලියෙ ඉන්න කොට, එක්තරා සුන්දර දවසක ආර්ථික අවපාතෙ වගේ අවුලක් ආවා. අර අතුරු මිතුරු දඹදිවතුරු ඔටුවො සැට් එක මෙහෙම කිව්වා" මේ හලෝ. ඔයා අපි වගේ හිටියට ඔටුවෙක් නෙමෙයිනෙ, ඒ නිසා දැන් යන්න". හුටා නේද? කොහෙද යන්නෙ? තමන් නොදන්න, තමාව නොදන්න උපන් රටට? ම්හු... එයා දැනට ඉන්නෙ තායිලන්තෙ.

දැන් ඔහෙල හිතයි, බස්සා දස්ස පක්සියා, වැරදි ""ලයිෆ් චොයිසස්" අරගෙනම නෑ , කියලා. මොකෑ නැත්තෙ? ඒත් බකුසු මාපකයට අනුව වුනත්, වීඩියෝ එකේ හාදයගෙ අවස්ථාව ඛෙදනීයයි. එහෙම දොට්ට දාන තුරු හිටියොත්, තමන්ට "ලයිෆ් චොයිස්" එකක් ගන්න තියෙනෙ අවස්ථාව නැති වෙනවා. 

" තෝ බස්සා. එහෙනං හිටු බස්සෙක් විදිහට, පාත්තයෙක් වෙන්නෙ යන්නෙ නැතුව". මේ බකුසු පරපුරේ ආප්තෝදේශය. වීඩියෝවෙ කියනවනෙ, පඩියෙන් 60% වත් ඉතුරු කරන්න කියලා. හහ්, උන්දැ නං කියයි?

ඔහෙලට කියන්න, අම්මා මුත්තා කිව්වත් , තමන් ගෙ සරල ජීවිත රටාව අත්හරින්නෙ නැති,  කාටවත් හානියක් නැති මං වගේ පක්සියෙකුට රට්ටු කියන කතා? " මොකක්ද බං ඔය ජීවිතේ", " හපෝයි, ඕකට කියන්නෙ පූරුවෙ පව, විඳිනව නෙමෙයි විඳෝනව කියලා" . ඕන්න ඔය වගේ එව්වා. කව්ද කියන්නෙ? එදා වේල ටුවර්ස් දිව්වත්,  ණය වෙලා හරි, පාටි දාන හෝතම්ඹුවා. අපි සැලුනද, පිංවතුනි, නෑ? ඒකත් තව බකුසු "ලයිෆ් චොයිස්" එකක්. කාටවත් ණය නැති, ආර්ථික නිදහස. මම අහල තියනවා ආර්ථික නිදහස ලබාගන්න නං මිලියන් අච්චර ඕනෙ වගේ කතා. මොන බොරුද? අවශ්‍ය සරල ජීවන රටාවයි, දැන් ඔය ඇති කියල "අත්හැරීමයි" විතරයි.

මේ ලිපියේ අරමුණ, ඩුබායි වලට මඩ ගැසීමවත්, බටහිර රටවලට සුදු හුණු ගෑමවත් නෙමෙයි.ජීවිතේ කියන්නෙ එක්තරා ආකාරයක, සූදුවක් බව කියා දීමයි. 
ජීවිතේ ජය ගැනිල්ල කොහොම වෙතත් ජාම බේරගෙන හිටියොත්, මට නං හොඳටෝම ඇති.  ඒකට ඉන්න තැන ගේම් එක දැණගෙන ඒ අනුව ප්ලේ කරන්න ඕනෙ, බුදු බණේ ඕකට කිව්වෙ "මැදුම් පිළිවෙත" කියලයි. කෙනී රොජර්ස් නං කිව්වෙ "The Gambler" කියලයි. නෑ, නෑ එයා කිව්වෙ බණ නෙමෙයි, සිංදු:

You got to know when to hold 'em,
Know when to fold 'em,
Know when to walk away,
And know when to run.
You never count your money
When you're sittin' at the table.
There'll be time enough for countin'
When the deal is done.


9 comments:

  1. මදැයි, මම ආවෙ කලින් එකට කමෙන්ට් කරන්න. ඒක එතන දාන්නං, මේක මෙතන දාන්නං...

    මට තේරෙන විදිහට නං, අපි කොහෙ හිටියත් ඔය අනුවර්තනය හෝ ඉවත්වීම කරන්න සූදානමින් සිටිය යුතුයි. අපි උපන් ගෙයි හිටියත්, දේවල් වෙනස් වෙනව. අපි ඒකට නියමිත ප්‍රතිචාරය දැක්විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආදිපාදතුමා. අපේ පණ අදින බ්ලොග් ලෝකෙට පොඩි අත්වැලක් දෙන්නයි මේ බැරිමරගාතෙ, ආප්ප බාන්නැහෙ කොටන්නෙ.

      නිසි කළට,අනුවර්තනයවීම හෝ ඉවත්වීමේ න්‍යායට මමත් එකඟයි. ඇත්ත, මේක කොහේ හිටියත් අදාලයි. හැබැයි, එහෙම නොවුනොත්, ඉන්න තැන සහ මට්ටම අනුව ප්‍රතිඵල වෙනස් වෙනවා.

      මම කියන්න හදන්නෙ, අරාබියෙ සල්ලි ගහේ මුදුනෙ ඉඳලා පොලවට පතබෑවුනාම, ලංකාවෙ ඉඳලා ඇඳෙන් බිමට වැටුනට වඩා හුඟක් රිදෙනවා කියලයි

      Delete
  2. individualistic අයට ලේසියි වෙනත් රටක ජීවත්වෙන්න. මොකක් හරි ජනවර්ගයක්, ආගමක්, සමාජයක්, සංස්කෘතියකට අයිති වෙන්න ඕන අයට වෙනස් වෙන්න අමාරුයි. individualistic අයට අමාරු ඒවගේ දෙයක් මත පදනම්වුන කණ්ඩායමකට අයත් වෙන්න. බටහිර ලේසියි individualistic විදිහට ඉන්න.
    මට පොඩි කාලෙ ඉඳන් අමාරු දෙයක් තමයි ආගම, ජාතිය පාසැල වගේ දේවලට අයිති කණ්ඩායමක සාමාජිකයෙක්ව ඉන්න එක. හුඟක් individualistic සහ ටිකක් introvert නිසා. මට බටහිර ඉන්න කිසිම අමාරුවක් ඇතිවෙයි කියල හිතෙන්නෙ නෑ. ඒත් රස්සාවක් හොයාගන්න අමාරුවෙයි නිසා මෙහෙ හිටිය

    ReplyDelete
  3. ඔබතුමා වැටවල් ගහන්න දෙයියා බව නං දන්නවා. ඔය ඇදලා ඇරල තියෙන්නෙ, හරියටම ඇණේ ඔලුවටම :)

    මේං වැන්දා,දැන් අහිංසක පක්සියාව ඔය "ඇණ" බිසිනොස් එකට ගාවනව එහෙම නෙමෙයි. හූම්..individualistic සහ ටිකක් introvert, එහ්? bird of feather flock together. ඔව්, බටහිර ඉන්න කිසිම අමාරුවක් ඇතිවෙයි කියල හිතෙන්නෙ නෑ.

    //ඒත් රස්සාවක් හොයාගන්න අමාරුවෙයි නිසා මෙහෙ හිටිය// මම කහවනු හොයන්න රටෙන් පිටවෙල හිටිය කාළය බොහොම දිගයි. ලංකාවට ආවා නං, මට සිස්ටම් එකට අනුගත වෙන්න බැරි වෙනවා.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ලෝඩ් බැස්ටියන්ට දැන් ඇණ ඇලර්ජික් වගේ. කොච්චර පුලුල් පරාසයක තටු විහිදාගෙන හිටපු පස්සියෙක්ද!! මයි කොන්ඩෝලන්සස් මිලෝඩ්

      Delete
    2. ඇල'ජික් නැත. OK, picture this: Imagine, there is a mysterious, sly flying fox who is nomadic by nature. Now, you want to nail his as*, err.... tail to a picket fence. If you are the fox, what will you do? It's all about life choices, my learned friend. Yeah, you win some and loose some. At the end of the day, it is your choice.

      Delete
    3. Why say flying fox when you can say a slippery owl?

      //want to nail// ah, hence the sobriquet 'ඇණේ' !

      Delete
    4. Then, my congratulations for your narrow escape !

      Delete
    5. Sobriquet, slippery owl? I was merely practicing my "eel" skills. However, you got your answer, at the end :)

      I have the right to remain silent. Yep, Miranda warning is the way to go. Henceforth, I rest my case Mi'lord.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code