Jun 10, 2021

ලිස්සපු කමෙන්ටුව නිසා වුනු දික්කසාදය

ක්‍රිස්තු වරුස 2014 දී "මගේම නොවන අහවල් එක" පෝස්ට් එකට, අපේ  ප්‍රාජේ මැතිතුමා මෙහෙම කමෙන්ට් එකක් දාලා තිබුණා:

DGMB, when u are free could u pl let me know how to keep track of my comments? I regularly read several blogs (including yours - don't start preening ur feathers yet- read till end) and when I have time I read additional ones occasionally. But, I forget whether I had commented and if so, where.
I'm exhibiting my ignorance in a lonely blog (see ! :-))))
Seriously, I thought you'd be the best guy to ask bcoz of some of ur technical posts. Thanx.

කරුමෙට කකුල් අටයි කියැන්නැහෙ, ඔය කමෙන්ටුව මගේ "ස්පෑම්" එකට වැටිලා. රට්ටු මට "ගල් ආඳා" කියන එක සැබෑ නමුත්, මං ඉන්තේරුවෙන්ම කියා හිටිනවා, මම මේ කමෙන්ට් එක දැක්කෙ නෑ කියලා. හරි, හරි දැකලා දැන් ටික දවසක් වෙනවා තමා, ඒත් නොදැක්කා වගේ හිටියෙ, නොදන්න නිසයි. ඇයි දෙයි හාංදුරුවනේ, මා ගාව ඔය ඔක්කොටම උත්තර තියනවා කියල හිතන එක, මගේ වැරැද්ද වෙන්නෙ කොහොමද?

බාගදා, අපේ "බුරානිස්" මැතිතුමා වගේ ජාල විසේසඥයෙකුට මේක සරල ප්‍රශ්ණයක් වෙන්ටෑ? ඒත් මේ අසරණ පක්සියා දින ගාණක් රෑට නොනිදා, මේකට විසඳුමක් හෙව්වා. හරි, හරි දවල්ට බුදිය ගත්තා තමා. ප්‍රාජේ උන්නැහේ දිනකට ගහන වැටවල් ගාණ බැලුවාම, ට්‍රැක් කිරිල්ල කෙසේ වෙතත්, කුරුසයේ  වැට කණුවක ඇණ නොවැදී බේරී සිටීම වගේ ප්‍රායොගික ප්‍රශ්ණත් නොතිබුනාම නෙමෙයි. ඒත්, මට නිකං අනුමානයක් තිබ්බා, විසඳුම තියෙන්නෙ RSS feeds/ Atom වල කියල. ඒත් මගේ ඒ අංසෙ දැණුම ඉතාමත් සීමිතයි. වෙනම RSS reader ඇප්  එකක් ඉන්ස්ටෝල් කරන්න, මමත් අකමැති එකේ, ඕක කියල අර වහන්සෙගෙන් "අ අ අ" කියල අහගන්න මට කොහොමවත් ඕනෙ උනේ නෑ.

මීට වඩා සරල, පහසු විසඳුමක් තියනවා නං, කියල දෙන්න කියලා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. දැනට, මගේ විසඳුම මේකයි:

1. Vivaldi Browser එක ඉන්ස්ටෝල් කර ගන්න.

2. දැන් ඒකෙන්, තමන් කමෙන්ට් කරපු බ්ලොග් පෝස්ට් එකට ස්ක්‍රෝල් කර ගන්න. ඊට පස්සෙ, පිංතූරයේ ඇති 1 ට කොටා ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකෙන්, පිංතූරයේ ඇති 2 ආකාරයට " Post Comments" ---> "Subscribe" සිලෙක්ට් කරගන්න.



3, දැන් ඊලඟ පිංතූරයෙන් පෙනෙන ආකාරයට 1 සහ 2 ට කෙටීමෙන් , ඔබ දායක වුනු ෆීඩ් එක, ලිස්ට් එකට එකතු වී ඇති ආකාරය පෙනේවි. Vivaldi Browser එකේ "Settings" වල RSS Feed කොටසට ගොස්, ෆීඩ් එක අප්ඩේට් වියයුතු කාල-පරාසය, දැණුම්දීම් වගේ දේවල් සකසා ගන්නත් ඇහැකියි. Feeds ලිස්ට් එකට අලුතෙන් එකතු කරන්නත්. පරණ අනවශ්‍ය ෆීඩ්ස් ඉවත්කිරීමත් කල හැකියි. මේ ආකාරයට, තමන් නිතරම බලන, ඔක්කොම වෙබ් අඩවි වල, අලුතෙන් යමක් තියනවද කියලා, එකම තැනින් බලාගන්න ඇහැකි. ඒත් මම නං එහෙම කරන්නෙ නෑ, අපි බස්සො නිසා, කාලෙ කෑවත්, කොට-කොට යන්න තමා වැඩි කැමැත්ත.

තාම, මම මේකට අලුත් නිසා, පස්සෙ අවශ්‍යම නං, මගේ පරණ කසාදෙ (Opera Browser) එකේ "Speed Dials" සහ "Read Later- Reading List" මේකට ගෙනාපු හැටි සහ වෙනත් පහසුකම් ගැන, වෙනමම පෝස්ට් එකක් ලියන්න වෙනවා. දැන් හැති, අදට ඔය ඇති.
මම හිතන්නෙ, ඔය කාල වකවානුව ප්‍රාජේ උත්තමයා කඩුවෙන්ම කොටපු කාලෙ වෙන්ටෑ? එතුමාට හිංගල උගන්න-වව්වන පාප කර්මයට, මාත් දායක වෙලා තියනවා, පස්සෙ කාලෙක, මට සඤ්ඤක වරදින කොට, එතුමා මට බිම වැටෙන්නම කොටන්න අමතක කලේම නෑ, ආං ඒ වගේ යුතුකං දන්න උත්තමයෙක් තමා, අපේ ප්‍රාජේ. පැත්ත කෑවත්, ඇත්ත නොකියන බස්සෙක් වසයෙන් මේකත් කියන්නම වෙනවා: I do miss your sarcasm/satire, mate.😊

44 comments:

  1. He's asking for a way to keep track of his comments eh? There's a small check box at the right-hand side next to the Publish button, and it says 'Notify me'. If you tick that check box before you publish your comment, any follow-up comments will come into your mail box as a thread. I don't know how much that would help though.

    ReplyDelete
    Replies
    1. You are absolutely right, that's exactly what he was asking for. OMG... nope he won't help me as I criticize him too. By the way, ostriches do bury their heads in sand, in a situation like this, I presume.

      Delete
    2. Yeah, working like a charm. Yep, time for me to go underground and retire, I guess.

      Delete
    3. Yeah, better sleep it off.
      I hope the hangover won't be as severe as the high u seem to have got.

      Delete
    4. Well, by hook or by crook the answer was given. Sure, took some time as the question was missing in action. Since, no formal police report was filed, can't blame the poor creature of night,eh?

      Delete
    5. Can't complain, can't blame, can't find fault (since I can't understand properly !)

      Delete
  2. Replies
    1. හුහ්! හිනාවෙයං, මං මේ එල්ලෙන්න ලන්නක් හොයනව. වලකුත් කපාගෙන යනව සයිඩ් එකෙන්.

      Delete
    2. මියයන්ඩ මොහොතකට හෝ කලිං
      ලේ ටික දියං...
      ලේ බැංකුවෙ ඩිපොසිට් එක හිඳීගෙන යන්නෙ

      Delete
    3. හුහ්, මට හිතුනා කුරුමානං අල්ලන්නෙ කොට. ඇයි බොලං, පචතන්තරේ නිදිගෙ ලේ බිව්වම බොට නින්ද යනවද? උන්දෑ නෙව, කලින් පෝස්ට් එකේ ඇහැව්වෙ, දැන් දෙකට නැමිලද යන්නෙ කියාල?

      Delete
    4. මගෙ බ්ලොග් එකේ තාම කමෙන්ට් කළේ නෑ. වටේ යන ගමං...

      දියං දියං!!

      Delete
  3. කොයි හැටි වෙතත්, උදාහරණෙට මගෙ බ්ලොග් එක ගත්තු එක උදක් ම අගය කරනව

    ReplyDelete
    Replies
    1. ගජබිනාලංකාරෙ බලේ වෙන්ටෑ? නිකම්ම ඒ පැත්තට ඇදිලා යනව නෙව?

      Delete
    2. විහිලු නැතුව රජයේ අනුමත ගාස්තු ගෙවහං... බුද්ධිමය දේපොල පණත යටතෙ නඩු දාන්ඩ කලිං

      Delete
    3. ඇනෝ-මීයොන්ගෙන් බැයිද ඔය ගාස්තුව ගෙවන්න? තව, ජාලෙන් ගත්ත, චීන පූසොත් ඉන්නව හිලව්වට.

      Delete
    4. මොනවහරි කමක් නෑ සීතලට ෆයර් ප්ලේස් එකට දාන්ඩ පුළුවන්නං

      Delete
    5. හෑ, ඒ කියන්නෙ තාම නුවර එලියෙද? ඔහෙ බේකරි වල තිවුනා හරි රස පාං ජාතියක්. හරිම මෙලෙකයි, කිරි රහයි.

      මෙහෙ පුරුතුග්‍රීසි කස්ටිය හදන, ඉඩෝරෙට අහුවෙච්ච වැවක් වගේ ඉරි තලපු පාං එක විතරමයි, ඒකට කිට්ටුවෙන්වත් යන්නෙ.

      Delete
    6. මං තව අවුරුදු පහක්වත් ඉන්ඩ බලාගෙන තමා නුවරඵළීයෙ ආවෙ. තවම මට නං හම්බුනේ “පුළුවන්නං කා-පාං“ විතරයි

      Delete
  4. මුංගෙ මේ මලවිකාර හන්දා මයෙ ඉන්බොක්ස් එක පිරෙනවා. හරියක් කල හදියක්!

    ReplyDelete
    Replies
    1. හුටා! එහෙම නං ඒකෙත් කොස්සක් නැත්තෙමත් නෑ. Phew... ඇති යාන්තං, බාගදා උන්නාන්සෙ මේ කරමෙට කැමති වෙන්නෙත් ඉඩ තියනවා. කොහොමද සනීපෙ, අර ඩ්‍රැකියගෙ පරණ ගජබින්නාලංකාරෙ පෝස්ට් එකකට "Notify Me" ගැහැව්වා නං එහෙම?

      Delete
    2. මගෙ බ්ලොග් එක මොකද්ද බං? දැක්කද මේක?

      Delete
    3. හෑ? ඒකෙ කමෙන්ට් බලන්න ජෙට් එකක් තමයි ගන්න වෙන්නෙ. කොහොමත්, බුරා උඹවයි, මාවයි රොකට් එකක බැඳලා ගුවන්ගත කරන එක නං බුදු ෂුවර්. දැණටමත් අනතුරු හැඟවීමක් දීලයි තියෙන්නෙ😊

      අම්මපා එහෙමත් කාලයක්. දැන් අවාරෙට කජු වැටෙන්නැහෙ පෝස්ට් වැටෙන්නෙ, බුකිය ගිලින්න ඇති 😢

      Delete
    4. ඒ මදිවට මේ බසු වරත්තුවා කමෙන්ට්ස් මක මකා ආයෙ ආයෙ දානකොට, ඒ කමෙන්ට්ස් ඔක්කෝමත් එනවා නෙවැ. :-P

      ඒ කාලෙ හොඳ පෝස්ට් එකකට කමෙන්ට්ස් 150ක් 200ක් වැටෙන එක සාමාන්‍ය දෙයක් නේ බංස්ලා. මම මේ කියන්නෙ 2010-2012 වගේ කාලෙ.

      Delete
    5. සමාවෙන්ට ඕනෙ, සඤ්ඤක වරදියි කියල බයයි, අපෙ හාංදුරුවනේ😂

      Delete
    6. ඔව් ඒ දවස්වල ඔය මධුමාධවි බ්ලොග් එකට අපි යන්නෙ හරියට ෆේස්බුක් යනව වගේ. විනාඩියෙන් විනාඩියට කමෙන්ට් වැටෙනව චැට් විදිහට

      Delete
  5. //ක්‍රිස්තු වරුස 2014 දී "මගේම නොවන අහවල් එක" පෝස්ට් එකට..//
    //ඒත් මේ අසරණ පක්සියා දින ගාණක් රෑට නොනිදා, මේකට විසඳුමක් හෙව්වා. හරි, හරි දවල්ට බුදිය ගත්තා තමා.//
    //Jun 10, 2021//

    ඒ කියන්නෙ දින 2600 ක් විතර??
    ඔබවහන්සේට පැරනොයිඩ් කිව්වාට අනේ සමාවෙන්න, හරි වචනෙ ඔබ්සෙස්ඩ් වෙන්න ඕනෙ මගෙ හිතේ.

    ReplyDelete
    Replies
    1. යේසුස් වහන්සෙ කුරිසියේ ඇණ ගැහැව්වා. "අබංක කුසුමට" රට්ටු කතන්දර කිව්වයි කියලත් කව්දෝ කිව්වා. කොහොමත් මම මේ පැටලුන "අවුලෙ" හැටියට....

      Delete
    2. වුන අවුල්, පැටලුන ඉස්කුරුප්පු, වැදුනු පරාල ඇණ. වැහුනු අගුල් ආදී සියලු දේ ගලවාගෙන ඉදිරියටම ලිස්සීමේ විසාරද බැස්ටියංතුමා

      Delete
    3. ඒ ගවුරවයෙන් සෑහෙන කොටසක් ඔබතුමාටත් ලැබෙන්න ඕනෙ. මොන මුල්ලකට කොටු වුනත්, සුරුස් ගාලා ලුහුටන ක්‍රමවේදය ප්‍රගුණ කලේ, ඔබතුමා දීපු කමාන්ඩෝ පුහුණුවට පිංසිද්ධ වෙන්න නෙව?😊

      Delete
  6. //I do miss your sarcasm/satire, mate.//

    I try buddy, I try.
    You are just about the only Sinhala blogger I could insult and defame with confidence and impunity without any risk of losing the cyber friendship (Ivan Lovepussy is in retirement !) . And oh boy ! Don't you provide enough material and opportunity to do so !! A veritable magnet for defamation you are, my lord.

    Sinhala word-smithing has a slightly different art to it I reckon.
    My dabbling in Sinhala witticism becomes rather laboured at times. What I have noticed is that it depends on the subject. For some subjects Sinhala is better and for others it is the English. The Subject and in what language I have mostly read about it.

    ReplyDelete
    Replies
    1. //Ivan Lovepussy is in retirement//

      Apparently, he is not. Though not so active as he used to be, he is back. Unfortunately, seems his RSS feed has a problem. So, no new post updates, unless you actually go there.

      Shall right a lengthily reply later. Good day, mon Amie.

      Delete
    2. He very active on FB, like Ravi

      Delete
    3. Really? My hunting skills are no match for navigating the thick jungle of FB. Alas! I tried, yet failed miserably. How do I find their FB hide-out?

      Delete
    4. Search ඉවාන් පවුලූශා and Ravi Weerasinghe. They are famous

      Delete
    5. Thanks, found them. Err...FB eco-system is not exactly my cuppa tea. Blogging could be a dying art, but this is where I like to stay. I guess, FB is OK for most of them, but I'm not one of them.

      Delete
  7. මම යන එන බ්ලොග් ගාන හෙන අඩු හින්ද ඔය වගේ පස්න නැහැ. අහම්බෙන් වෙන බ්ලොග් එකකට ගිහින් කමෙන්ට් එකක් දැම්මොත් ඉතින් මුල ඉඳල කම්පනා කරලා ඒ ගිය විදියටම හොයාගෙන ගිහින් බලනවා. මේ ලඟදි එහෙම එකක් උනා.. අජිත් ධර්මගේ බ්ලොග් එකෙන් හරි මේකන් හරි දැකපු පොස්ට් එකකට කමෙන්ට් එකක් දාල දවස් 4-5 කට පස්සේ මතක් වෙලා ආයේ හොයන්න යද්දී හොයා ගන්න බෑ.. වැඩේ අතාරින්න හදල නිකමට වගේ ක්‍රෝම් එකේ බ්ලොග් එකේ නම මතක විදියට ටයිප් කරද්දී යාන්තම් ආවා ... හෙහ් හෙහ් ..

    හැබෑට ඔය කියන විදියේ පහසුකම් තියෙනවා කියල දැනගෙන හිටියත් කවදාවත් වැඩක් ගන්නේ නැහැනේ ... පරණ පුරුදු කම්මැලි ක්‍රමේටම යනවා ....

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් RSS Feeds එච්චරම ප්‍රයෝජනයක් නෑ. Read Later, Notes සහ Speed Dial එකම බ්‍රවුසර් එකේම තියන නිසාත්, Chrome Add-on support කිරීම, මෙනු/පැනල් කැමති ලෙස වෙනස් කරගැනීමේ හැකියාව නිසා, අලුත් බ්‍රව්සර් එක හොඳයි කියල හිතනවා.

      මම පුරුද්දක් ලෙස බ්‍රව්සර් කීපයක් පාවිච්චි කලා. ඒ වෙනුවට එකකින්, ඒ වැඩ ඔක්කොම කරගන්න හැකිවීම හොඳ දෙයක්. ඒත් ඉදිරියේදී, විශේෂයෙන් Chrome වලින් ලැබෙන පහසුකම් අනුව මේක වෙනස් වෙන්න ඉඩ තියෙනවා.

      Opera බ්‍රව්සර් එක පාවිච්චි කලේ Speed Dial නිසාම තමයි. ආයෙ ඒක පාවිච්චි කරන්න ඕනවෙයි කියල හිතෙන්නෙ නෑ.

      Delete
  8. ඔහෙලා කියන මේ දේවල් කරන්නට
    ගිහින් නහින්නයි වෙන්නේ බූරු මට
    ගිය තැන්; කොටපු තැන් ආදිය හොයන්නට
    මගෙ මතකයයි ඉන්නේ මට උදව්වට!

    ReplyDelete
    Replies
    1. මේක අලුත් බ්‍රව්සර් එකක්, අනික් එව්වා වාගෙම තමා, ඒත් වැඩිපුර පහසුකම් තියනවා, එච්චරයි.

      Delete
  9. 'මා ගාව ඔය ඔක්කොටම උත්තර තියනවා කියල හිතන එක, මගේ වැරැද්ද වෙන්නෙ කොහොමද?' Jack of all trades වගේ ඉන්නකොට ඉතින් අහිංසක පාඨකයින් ප්‍රශ්න අහනවා තමයි. ඊට පස්සෙ තේරුම් ගන්නවා Master of none කියලා.

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ් "Master of none". ඔය තේරිලා තියෙන්නෙ අපූරුවට. අතිගරු ප්‍රාජේ උතුමාණන් සමඟ ද්වන්ධ සටනකි, අනෙක් "අහිංසක පාඨකයින්ට" ඕන ප්‍රශ්ණයක් ඇසිය හැක.😂

      Delete
    2. Owl of all nails
      Eel of all escapes.

      Delete
    3. ගැහුවොත් ගැහැව්වාමයි, රිටිගල ඇණ😂. ඩ්‍රැකිය තමා කිව්වෙ, බුරා සෝදුපත් බැලුවා.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code