Jun 28, 2021

කරුමෙට කකුල් 8 යි, ජනේල 11 යි

මේ සවස්වල, මයික්‍රොසොෆ්ට් කස්ටිය, වින්ඩෝස් 11 ගැන හරිම පුරාජේරුව. හතරැස් බෝඩරේ රවුං කරනවලු, තොරොම් බෝල කරත්තෙ වගේ සුකුරුතං එල්ලනවලු, එක විකාරයයි. හා, හොඳයි, ඔහෙලම හිතල බලාන්ට... ඉත්තෑ අමාරුවක් තියන බස්සෙකුට, අහගෙන ඉන්න පුළුවන් කතාද මෙව්වා?

සුපුරුදු බසු චාලිත්තරේ ලෙසටම, ඉස්සෙල්ලම බෑව වින්ඩෝස් 11 ලීක් වෙච්ච කොපිය. ඊලඟට ආරක්ෂක ක්‍රමවේද. වෙනම SSD drive එකකට, restore කලා අලුත්ම බැකප් එක. ගියා BIOS වලට, සිලෙක්ට් කලා TPM 2.0. හරි දැන් සටනට ලෑස්තියි.

කිසිම අතුරු ආබාධයක් නැතුව, වින්ඩෝස් 11 ඉන්ස්ටෝල් වුනා. පෙනුමත් හොඳා. බටර් වගේ ස්මූත්. ගත්තා බැකප් එකක්. ඒකත් ගිණි කසයා වගේ ඉක්මනට ඉවර කලා.මෙදා පොටේ, පරණ වැරදි වලින් මයික්‍රොසොෆ්ට් පාඩම් ඉගෙන ගෙන වගේ. ටිකාක් විතර එහාට, මෙහාට ඇවිදලා බැලුවා. කොටන්න තියෙන හැමතැනටම කෙටුවා. අප්ඩේට්ස් අවුල්, ඒත් ඒක තේරුම් ගන්න ඇහැකි නෙව? Phew......කියල හොඳ හුස්මක් ඇරලා, හිතාගත්තා ඔයින් ගියා මඳෑ කියලා. 

කෙලිය පටන් ගත්තෙ, ඊට පස්සෙ නෙව? ඉස්සෙල්ලාම රී-බූට් කරන කොට කිව්වා, Drive errors තියනවා, හදන්නද කියලා? මම හා කිව්වා. එක Drive එකක් හදලා, දෙවෙනි එකත් හැදුවා. තුන්වෙනි එක හදන කොට, මට ඒක එච්චරම ඇල්ලුවෙ නෑ. මම එබුව රී-සෙට් බටන් එක. හා, ඔය කෙලලා තියෙන්නෙ, තාප්පෙට?

වින්ඩෝස් 11 සහ වින්ඩෝස් 10 ඩ්‍රයිව් දෙකේම බූට් සෙක්ටර් වලට කෙලලා. පෙබරවාරි සිට අද දක්වා බැකප් ටිකටත් සබ්බුව දීලා. ඒත් අපි සැලෙයි ඕවට? දැම්මා ජනවාරි බැකප් එක එකකට, වින්ඩෝස් 11 බැකප් එක අනිකට. හරි නේද?  නෑ නෙව, එතකොටයි දැක්කෙ, මට BIOS වලට යන්න බෑ කියලා.

වින්ඩෝස් බූට් වෙනවා, BIOS යන්න ගියාම ස්ක්‍රීන් එක බ්ලෑන්ක් යනවා, එක සැරයක් කිව්වා, ග්‍රැෆික් කාඩ් එකේ UEFI BIOS , VGA mode  එක සපෝට් කරන්නෙ නෑ කියලා. motherboard  එකේ CMOS රී -සෙට් කලා, පරණ ග්‍රැෆික් කාඩ් එක දාලා බැලුවා, නතිං ඩුයිං. 

බස්සා දැන් ඉන්නවා ලාවුළු කෑ රිලව වගේ විරිත්තගෙන, ඔලුව කස-කස. මේ වෙලාවෙ, මගෙ ඔලුවට එනවා බොහොම භයානක සිතිවිලි: ග්‍රැෆික් කාඩ් එකේ BIOS රී-ෆ්ලෑෂ් කිරීම වගේ.  පරණ ග්‍රැෆික් කාඩ් එක ගහලා බැලුවට පස්සෙ, ඒ අදහස අත්හැරියා. ඊළඟට motherboard  එකේ BIOS අප්ඩේට් කිරීම. ඒක එච්චර අමාරු දෙයක් නූනත්, ප්‍රශ්ණෙ වුනේ, ඒක කරන්න, BIOS ස්ක්‍රීන් එකට යන්න බැරි එකයි. මගේ අවුලට, ජාල විශේෂඥයො, කෙලින් උත්තරයක් දුන්නෙත් නෑ. පැය 6-7 කට පස්සෙ, මමම හොයාගත්තා, වින්ඩෝස් වලින්ම, BIOS අප්ඩේට් ඉනීශියේට් කරන හැටි. වැඩේ කිරි ගහට ඇන්නා වගේ හරිගියා, අලුත් බෝඩ් එකක ගාන, සුපියල් 75 ඉතුරු වුනා. 

මට තේරෙනවා ඔහෙලගෙ හිතට ආපු ප්‍රශ්ණෙ. ඒත්, වින්ඩෝස් 11 එනකොට, අපි ලෑස්ති වෙලා ඉන්න ඕනෙ නේද? අනික, බලාන්ට දැන් ඔය හිම කඳු නගින කස්ටිය. යසට කාලා, බීලා ඉන්න පුළුවන් එකේ, මොකට අඞු කඩාගන්න කඳු නගිනවද, නේද? ඒක දන්නෙ හිම කඳු නගින අයම තමා, ඒකත් වෙනමම ආතල් එකක්

කරුමෙ ඩබල්. පින සිංගල්!


තාක්සන සහය:

28 comments:

  1. කකුල් 8ම බස්තියංතුමාට
    https://www.youtube.com/watch?v=V_KAuo9a2sA

    එක වගේ හැබැයි
    https://www.youtube.com/watch?v=TgRwpaHnsoo

    මේ ඩ්‍රැකීවහන්සෙට
    https://en.wikipedia.org/wiki/Sleipnir#:

    //මට තේරෙනවා ඔහෙලගෙ හිතට ආපු ප්‍රශ්ණෙ.//
    මට එහෙම ප්‍රස්න නැහැනෙ ඔබතුමාගෙ තාස්සන නානෙ ගැන

    ReplyDelete
    Replies
    1. යුආ වෙල්කම් රිටි ජය තුමනි

      Delete
    2. රිටි-ජය? ඇස්වහක්-කටවහක් නෑ, ඩ්‍රැකියෝ, ඔහේගෙ නිර්මාණ සක්තිය හරිම අගෙයි නෙව? මේකෙ තේරුම දෙආකාරයි - රිටිගල නිළමෙගෙ කතාව සහ වැටට ඉන්දන රිටි.😂

      පොඩි ආතල් එකක් ගැනීමට අවසර, රිටිජය මැතිතුමනි.

      Delete
    3. ඕනෙ තල් එකක්. රා ප්‍රිවර්ඩ්

      Delete
  2. නානෙ කියන එක නං හරි තමා, මේවට ඕන්නං "ඇදගෙන නානව" කියලත් කිව්වෑකි. තාස්සන නොවන ලිපියකුත් පස්සෙ ලියඤ්ඤං, ඈ?

    යාන්තං ගොම්පීතරේ, තිබුනු තත්ත්වයට පත් කරගත්තා. ඒත් මං මේ කම්පනා කෙරෙව්වෙ, මොකක්දෑ ඉගෙන ගත්ත පාඩම කියලයි?

    ReplyDelete
    Replies
    1. //යසට කාලා, බීලා ඉන්න පුළුවන් එකේ, මොකට අඞු කඩාගන්න කඳු නගිනවද,//

      Delete
    2. හ්ම්....ඒකත් නරකම නෑ. ඒත්, එතකොට "ආතල්" එක? හැබෑටම තට්ටයා මහත්තයා කිව්ව තමා. ආඩතෝඩ කොලෙන් ඔතලා "ආතල්" ගන්න ක්‍රමවේදයක් ගැන.🤔

      Delete
    3. තල් කොලෙන් හරි ඔබතුමා ගනීනෙ

      Delete
    4. තල් කොල නං නෑ, ඇපල් කොල තියෙනවා

      Delete
  3. අඩෙහ්! ජනෙල් 11 ඇවිත්ද? ටොරන්ට් නැද්ද, ටොරන්ට්?

    කොහොමද අත්දැකීම? අපිත් දාගන්ඩද, ගෙදර පාවිච්චියට? තව ටික දවසක් ඉන්ඩද එක්කො?

    ReplyDelete
    Replies
    1. හා,හා ඉවසන්න උපාසක, ඉවසන්න. තාම බීට එකවත් එලියට දාලා නෑ. ලීක් වෙච්ච කොපිය ටොරන්ට් වල තියනවා වුනාට, මං නං කියන්නේ ගන්න එපා කියලයි. වර්චුවල් "සෑන්ඩ්-බොක්ස්" ක්‍රමයට ඕනෙම නං අත්හදා බැලුවට කමක් නෑ, ඒත් සම්පූර්ණ නෑ, ප්‍රශ්ණ ගොඩයි.

      හොඳම දේ ඔෆීෂියල් එක, එනතෙක් ඉන්න එක. ඒ තුරු, Windows 11 වල TPM අවශ්‍යතාවය ගැන පොඩ්ඩක් කියවල බලන එක හොඳයි.

      මෙන්න මේක
      මෙන්න මේක හොඳ පැහැදිලි කිරීමක්. අලුත් හාඩ්වෙයා නැත්නම්, වින්ඩෝස් 11 එච්චරම ප්‍රයෝජනයක් නෑ. ඒ වගේම අප්ඩේට් කරන්න, දහ අට සන්නියම නටන්න වෙනවා නං, වින්ඩෝස් 10 එක්කම ඉන්න කියල තමා කියන්නෙ.

      Delete
  4. ඔය කොරල තියෙන්නේ!
    ඔහෙලට හිතෙන හිතෙන විදියට ඔව්ව කොරන්න බෑ ලොකු සර් ඔය වගේ වැදගත් වැඩක් කරන විදියක් තියෙනවා.
    හොඳ වෙලාවක් බලවගෙන, රන් වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී සෙල්ෆියක් දෙකක් ගසා, ආරක්ෂක ක්‍රමවේධ අවශ්‍යයි කියා සිතේනම් ඇප නූලක් දමා, ඉෂ්ඨ දේවතාවන් සිහිකරගෙන, SSD එකට USB ඩ්‍රයිවයක් භාරවෙලා.. මේ ටිකයි. තව තියෙනවා.

    දැන් කියනවා කරුමේ ඩබල් කියල. අනේ මන්ද කවද හැදෙයිද කියල.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. ඒක නෙව කියන්නෙ. ප්ලග් ඇන්ඩ් ප්‍රේ කියල ක්‍රමවේදෙකුත් තියන බව මට අමතකවුනා නෙව. ජයවේවා!

      Delete
  5. බෑ බං මේ මඟුල කරන්න. ඒ දවස්සොල මුං උඩ දාන් කිවුවෙනං කොහොමද? "Windows 10 තමා අපේ පට්ට සිරා අන්තිම අවසාන ඈවරයි දෑවරයි තුන් ඈවරයි OS එක. ආයෙනං අපි OS ගේන්නේ නැත. අරකද මේකද". දැන් ආයෙ 11ක් ගෙනල්ලා. මට දැන් මලෙන් හොඳම මල පැනලා ඉන්නෙ. ඒ අවුඅස්සෙ Windows 10 කාරයත් මට එහෙං මෙහෙං කෝචොක් කරනවා කියහංකො.

    මං දැන් හිතන් ඉන්නෙ ලැප්ටොප් එක අරන් ගිහින් සත්‍යා ලොක්කගෙ තට්ටෙ පැලෙන්න ඒකෙන් පතබාලා, අලුතෙන් Linux ලැපක් හදාගන්න. ඒකත් කරන්න බෑ මට Photoshop තියෙන්ටෝන. බොලා දන්නවනං කියහංකො Photoshop වෙනුවට Linuxවල පාවිච්චි කරන්න පුළුහං හොඳ advanced ෆොටෝ එඩිටර් එකක්.

    ReplyDelete
    Replies
    1. GIMP තමා Linux වල Photoshop, ඒත් මට හිතෙන්නෙ Krita ඊට වඩා Photoshop වලට සමානයි කියලයි.Kirita , Windows සපෝර්ට් කරන නිසා, ෆ්‍රී කොපිය බාගෙනම බලන්න. මේ බොහෝ open source software. Linux වල වඩා හොඳට රන් වෙනව කියල කියනවා.

      //සත්‍යා ලොක්කගෙ තට්ටෙ පැලෙන්න ඒකෙන් පතබාලා...//
      හෙහ්, හෙහ් ඒක නං නියමයි. ටිකාක් අලුත් හාඩ්වෙයා තියේ නං, Windows 11 ඇත්තටම හොඳයි වගේ. මෙතන Planned obsolescence සීන් කෝන් එකකුත් යනවා. TPM + secure boot ඔක්කොම තිබ්බත් ප්‍රොසෙසර් එක ජෙනරේශන් 3 කට වඩා පරණ නං, ඉන්ස්ටෝල් කරන්න "බැහ්" කියනවා. නිකං දෙන නිසා මුකුත් කියන්නත් බෑ, ඒත් වැඩේ කැතයි. බාගදා බිස්නස් දුවන්නෙ එහෙම වෙන්ටෑ.

      Windows 10 හොඳ ස්ථාවර OS එකක්, 2025 වෙනතෙක් අප්ඩේට්ස් එනවා. එකම අවුල Android Apps වගේ අලුත් එව්වට සපෝර්ට් නැති වෙන එක විතරයි.

      Delete
  6. අන්දොස් වීමි උඩ සේරම කියවාලා
    පිට උගුරෙත් ගියා කැස්සක් ඇවිදිල්ලා
    පිටගැස්මටත් එයි කියලා බය හිතිලා
    බොන්නට හිතයි වෙනිවැල්ගැට තම්බාලා

    ReplyDelete
    Replies
    1. අපි ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා
      ඉත්තෑ ගාය ඒ උගුලට අසු වූවා
      තැපල් මගින් පහුවෙල කරදර ආවා
      ගොම්පීතරෙ නැති වෙන්නම පත බෑවා

      Delete
  7. 'මට තේරෙනවා ඔහෙලගෙ හිතට ආපු ප්‍රශ්ණෙ' අර සිංහල ආප්තෝපදේශයක් තියෙනවා නේද අරින්න තියෙන මල්ල ඔබන්න...සොරි කොටන්න එපා කියලා. ඒක පිලිපදින්නෙ නැතුව හැම වෙලේම ඇයි jumping the guns කියලයි මට ආපු ප්‍රශ්නෙ. (අතුරු ප්‍රශ්නයක් තියෙනවා ඊට වඩා සීරියස්- බස්සා සහ බකමූනා කියන්නෙ එක පක්ෂියෙක්ද, දෙන්නෙක්ද)

    ReplyDelete
    Replies
    1. //අර සිංහල ....හැම වෙලේම ඇයි jumping the guns කියලයි මට ආපු ප්‍රශ්නෙ//

      උපන් ගෙයි දෝෂයකි.😊

      සීරියස්- බස්සා සහ බකමූනා? එහෙම අයත් ඉන්නවද? මම DGMබස්සා- දොරකඩ ගහේ මූකලං බස්සා.

      Delete
    2. මගේ ළඟ තියෙන ශබ්ද කෝෂය පෙරළුවා Lotusගේ ප්‍රශ්නය දැක්කට පස්සේ. ඒකට අනුව නං මේ දෙන්නම 'නිශාචර පක්ෂියන්!' විතරයි.

      Delete
    3. ඕං බලාන්ට. නිදි පෙන්නුවාමයි නෙව ප්‍රශ්ණෙ තේරුනේ? අපිට "අවුල්" කියලත් කියනවා. බස්සා සහ බකමූණා, මුකබාණා ඔය කොයිවත් එකයි, හැබැයි "ණ" යන්න. ටිකාක් අවුල් වුනාට, මම සරල පක්සියෙක්.

      Delete
  8. වින්ඩෝව්ස් 11 හරියි කියා කියනකම් තව ටිකක් ඉන්නවා. මොකටද කලබල වෙන්නේ , බස්සල තව චෙක් කරන්නේ නැතෑ

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් එයි.

      Delete
  9. මොකටද නිකං අඬු කඩා ගන්නෙ. ඔය තියෙන 7 වලම ඉන්නව.
    කවදහරි දවසක ලොකු වෙලා වෙන ලොකු කොමෙක් ගත්ත දවසක බලමු ඔය ගැන.

    ReplyDelete
    Replies
    1. Windows 7 තියනව නං, Windows10 අප්ග්‍රේඩ් එක නිකං නේද? ඇත්තටම Windows 7 , රොක් සොලිඩ් OS එකක්. අලුත් ඇප්ස් ඉන්ස්ටෝල් කරන්න අවශ්‍යතායක් නැත්නම්, කියන්න කිසිම වරදක් නෑ.

      මේ නිකං වගේ දෙන OS වල, සැමවිටම හැංගිච්ච මිලක් තියනවා. අපිත් ඉතිං, අර මෙරුවො පානෙ දැල්ලට ඇදිලා යන්නැහෙ, ඔහේ යනවා.

      Delete
    2. දවසක ලොකු වෙලා ලොකු Main-Frame එකක් ගන්ටද හිතා ඉන්නෙ ප්‍රසා?

      Delete
    3. @බුරා,
      මේන් තියා පික්චර් ප්‍රේම් එකක්වත් ගන්න වෙයිද දන්නෑ මේ යන හැටියට. හැක්..

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code