Aug 15, 2021

අමතක නොවන මතක සටහන්

මගේ පලවෙනි රස්සාව අඹතලේ, නවතින්න වුනා  ක්වාටස්වල.  ක්වාටස් වල මගේ සඟයා වුනේ බලපිටියෙ හිත හොඳ  හාදයෙක්. බලපිටියෙ කතා විලාසය, දකුණෙ කතාවට වඩා අමුතුයි. හොඳට ඇදලා පැදලා තමා කතා කරන්නෙ. 

ඔන්න දවසක් හැන්දෑවක, අපි දෙන්නා ක්වාටස් එක ඉස්සරහ කොට තාප්පෙ වාඩි වෙලා කයියක් ගහගෙන ඉන්නවා.  මේං, කොහේ ඉඳන්ද ආපු බළල් තඩියෙක් යනවා පාරෙ අනිත් පැත්තෙන්. මම කිව්වා "  ළූණු ගෙඩි දෙකත් අරගෙන, කොහෙද යන්නෙ , පූසෝ?" කියලා. බලපිටියා කියාපි " මොකා? පූචා නෙමෙයි බොල, ඕකා සෑනා" කියලා. මම ඉතින් මගේ යුතුකම විදිහට, අනෙත් අයටත් විස්තරේ කියලා, එදා ඉඳන් බලපිටියට "සෑනා" කියන නම බෞතීස්ම කලා.

මේක මේ සෑනාම කියපු කතාවක්. බලපිටියෙ පාරක් අයිනෙ කානු කපපු කම්කරු මහත්තුරු කට්ටියක් දවල්ට කන්න ලෑස්ති වුනාලු. බත් එක ඇරලා බලපු එකෙක් මෙහෙම කිව්වලු "හුකා බොල, මාලු කෑල්ල කා..... ලා නෙව? දැන් ඉතිං අම්මගෙ *?@#$$ එක්කද බත් ටික කන්නේ..ඒඒඒ...?" කියලා. වලියට බර වුනත්, හරිම හිතවත් මිනිස්සු.

අඹතලේට එන්න පාරවල් දෙකක් තිබුනා. කඩුවෙල පැත්තට යන අලුත් පාරත්, කැළනි ගඟ අසබඩින් වැටිච්ච පරණ පාරත් මුණගැහෙන්නෙ අඹතලේ හංදියෙදි.  හදිස්සියට අලුත් පාරෙ ආවත්, කොට-කොටා එන පරණ පාරටත් මගේ කැමැත්තක් තිබුනා. කීර කොටු, නාන තොටුපලවල් පහු කරලා එන පරණ පාර, මීතොටමුල්ලේ කුණු කන්ද මඟ හැරලයි එන්නෙ. ඒකෙන්
අඹතලේ හංදියට ආවම, පුරං වෙච්ච වෙලක් මැදින් තිබුන ගුරු පාරක් දිගේ එන ෂෝට්-කට් එකක් තිබුනා. ඔය පාරෙ එනකොට පේනවා වෙල අයිනෙ තියෙන නාන පොකුණක්.

.
දවසක් පක්සියා එනවා ඔය පාලු ගුරුපාර දිගේ. වැඩි වශයෙන් බිම බලාගෙන සංසුන් ගමනින් වඩින පක්සියාට ඇහෙනවා පොකුනෙ කව්දෝ නානව. එදෙසට නෙත් යොමු කරපු පක්සියාට පේනවා අපූරු දසුනක්. එතන හිටිය ලලනාවක් , දිය රෙද්දෙ ගැටේ බුරුල් කරලා, රෙද්ද සම්පූර්ණයෙන් දිග ඇරලා ආයෙත් ඇඳ ගන්නවා. සෙල්-මුවා වෙච්ච පක්සියා, කාටවත් මේ කතාව කිව්වෙ නෑ. අංගනාව මාව දැක්කෙ නෑ කියලා නං කියන්න බෑ, ඇයි මගේ පැත්තට හැරිලා නෙව රෙද්ද ලිහුවෙ? "මොනවද උලමො බලන්නෙ, ආ ඉඳා බලපිය" වගේ අනුකම්පා සහගත හිතකින් කලාද නං දන්නෙ නෑ. අනික නාන පොකුණු ගාව හොල්මන් තියනවා කියල කතාවකුත් තියෙනව නෙව?

වෙල මැද්දේ ගුරු පාරේ දුටු    කලට
හාගන්නට කුඹුරක් දුන්නා    යලට
ඇයි උලමෝ, මොනවාවත් අඩුද මට?
ලිස්සල ගියේ ඇයි, නගුලක් නැත්ද බොට?

ක්වාටර්ස් වලට එන,  වාහන එන දුර පාර වුනත් නරකම නෑ. පක්සියා ගෙවල්වල හිටපු ගෑල්ලමයි දිහා රබර්-ඇහැ දාගෙන ආවෙ ඒ පාරෙ.  ඔන්න දැන් මට මඩ ගහන්න බලන් ඉන්න වාහෙලාටයි මේ කියන්නෙ, රබර්-ඇහැ දාන එක විතරමයි කලේ කියල . ක්වාටර්ස් පටන් ගන්න තැනට උඩින් තිබ්බා පොඩි තේ කඩයක්. අපි යනවා ඕකට තේකක් බීලා, ලැවරියා-හැලප කාලා පත්තරේ කියවන්න. දකුණෙන් ඇවිත් ගමේ බින්න බැහැපු මුදලාලි, මම ගියාම මෙහෙම කියනවා " ඔන්න මහත්තයො, මම අලුත්ම තේ කොල දාලා තමයි තේක හැදුවෙ" කියලා. කොහොමත් ඒ කඩේ තේක රසයි. මුදලාලිත් කොටු පැනලා, ඇණයක් වැදිලා නැවතුනා වෙන්නත් ඇහැකි.

ඔය කඩේට අල්ලලා තිබ්බා පොඩි බොලිබෝල් පිට්ටනියක්. ගමේ තරුණයොයි, අපේ  ක්වාර්ටස්වල සේවක මහත්තුරුයි ඕකෙ හවසට සෙල්ලම් කරනවා. අපේ හාදයෙක් හිටියා කුලසේකර කියලා, එයා තමා බෝලෙ "උස්සලා දෙන්නෙ" අනිකාට "ඩෑෂ්" ගහන්න. කුලසේකර බෝලෙ උස්සලා දීලා මෙහෙම කියනවා "ඔන්න වීරෙ" කියලා. මේක බලන් හිටිය, තවත් සේවක මහත්තයෙක් වෙච්ච ප්‍රනාන්දු මෙහෙම කිව්වා "කුලයා මේ උස්සලා දෙන දෙවිල්ලට, මූ ගෑණියෙක් වුනා නං මුළු ගමම ඉවරයි" කියලා.

ක්වාටර්ස් වල ඉන්න කොට කාලයක් අපි උයාගෙන කෑවා. එලවලු ගේන්න ගියේ කඩුවෙල පොලට. එක සති අන්තයක, එක් කෙනෙක් යනවා ඔක්කොටම එලවලු ගේන්න. යන එකාගෙ තේ- අයිස්ක්‍රීම් බිලත් ඒකට දානවා. මගේ වාරෙට පොලේ ගියාම, මම යනවා පොලේ තිබුන ආප්ප කඩේට. ආප්ප ආච්චි සැදැහැවත් බෞද්ධ උපාසිකාවක්. එයා ආප්ප ඉව්වට, බිත්තරේ කඩල දාන්නෙ වෙන්නෙ මට. ඕං ඉතිං, ඊට පස්සෙ මට බිත්තර ආප්පයක් ලැබෙනවා.ගඟ අයිනෙ හුලං වදින ගමන්, පොල් අතු කඩේක, ලෑලි බංකුවක වාඩිවෙලා උණු ආප්ප කන එක වෙනමම ආතල් එකක්.  ඒක කාලා, තව අයික්‍රීම් එකකුත් කාලා තමයි, මම බඩු අරගෙන එන්නෙ, අර කිව්ව "සෙල්මුවා" වුන ගුරුපාර දිගේ.

එහෙදි හමුවුන සමහර චරිත අමතක වෙන්නෙ නෑ. පීටර් තමා කිව්වෙ" ආයෙ මොනවද සෑර්, හැන්දෑවට නා....ලා, අරක්කු කාලක් බී....ලා, බත් ජුන්ඩක් කා....ලා, අස්පයෙක් අල්ලන්න යනවා" කියලා. වල් ෆැන්ටා ගැහුවත්, ඒ මිනිස්සු තමන්ගෙ සරල ජීවන රටාවෙන් ගත්ත ආතල් එකේ, අඩුවක් තිබ්බා කියලා මට හිතෙන්නෙ නෑ. 

තව හිටියා රණවංස. අත්කොට සුදු කමිසෙ ඇඳලා එන්නෙ. කතාවට අහුවුනොත්, ආයෙ කෝච්චියට අහුවුනා වගේ තමා. අසාමාන්‍ය ලෙස පිරිසිදුයි, උඩරට හාදයෙක්. කොච්චරවත් පනාවයි, කණ්නාඩියයි සාක්කුවෙ. කඩේකින් තේකක් බිව්වොත් බොන්නෙ , අඞුව තියෙන තැනින් කියලා, කුලේ තමයි මට කිව්වෙ.

ආයෙ හිටියා රත්තසේන කියලා සූදු කප්පිත්තෙක්. ඒකාලෙ "රේස් කොලේ" ගැහැව්වෙ
කොටුව/පිට කොටුව හරියෙ. මේකා මහ රෑ යනවා කොලේ ගේන්න කොළඹ, උදේ වෙනතුරු ඉවසිල්ලක් නැතුව. රේස් යුගයට පෙර "ජිම්කානා" කියන අස්ප දිනුමක් ඇදිලා, වෙළඳ ව්‍යාපාරයක් පටන් ගෙන දියුණු වෙච්ච මුදලාලි කෙනෙකුත් ඒ හරියෙ හිටියා. ඒ කඩේ නං තාම තියනවා, නම "තුරඟා". ඔය හරියෙත් තිබ්බා, බස්සා හවසට බිත්තර ආප්ප ගිලපු පොඩි කඩයක්, දැන් නං නැතුව ඇති.

ඒ ජීවිතේ මාරයි කියල නෙවෙයි මම කියන්නෙ. එහෙ කොටු පැනිලිත් තිබ්බා. සමහර ලොක්කොත්, සොක්කොත් දෙගොල්ලම පැන්නා. බස්සො එහෙම නොකලෙ හොඳ නිසා නෙමෙයි, ඇණයක් වදී කියන බයට. ඒකත් එක්තරා ජීවිත අත්දැකීමක්, වෙනම පරිචේදයක්, වෙනමම ආතල් එකක්, එච්චරයි.

166 comments:

  1. අර ගැහැණු දරුවා අරහෙම ෆුල් පීප් ෂෝ එකක් දුන්නේ ඇණයක් වද්දගෙන පක්සියාව කුඩූ කරන්න කියල මට හිතෙන්නේ. පක්සිය අහුවුනේ නැහැ නැත්තේ පක්ෂියා ඒ දවස් වල හොඳටම බය වෙන්න ඇති කෙහල් ගස් වලට කොටන්න

    ReplyDelete
    Replies
    1. මේ ලෝක ධාතුවෙ වෙන දේවල් අනුව, එහෙම වෙන්නත් ඇහැකි.කලින් ඇණ වැදිලා, තටු කැපිච්ච හාදයෙකුත් ඒ වෙනකොට එහෙ හිටියා. එහෙම වුනා නං එහෙම " බස්සා නිදයි කූඩුවේ, පූසො ඉඳින් පාඩුවේ" තමා.

      ඔහෙට කියන්න සෑර්, මේවා කියන්නත් බයයි, ලොකල් ට්‍රැකර්ලා ඉන්න නිසා. නං ගං වෙනස් කරලා, අඩිපාරවල් මකලා තමයි ලිව්වෙ.

      Delete
    2. බස්තුමා ෆුල් අන්කැරක්ටරිස්ටික් විදිහට අර රවිතුමා වගේ ඊයේ වුනෙ දේවල්වගේ ලියනකොට ඉතින් .......

      Delete
    3. ඔහෙට කිව්වට මොකෑ මැතිතුමනි, මම ලින්ක් වලින් වංචා පෝස්ට් එකක් කලා. මොන? එකෙක් පරම්පරා කුට්ටමෙන් එකක් තියල ගියා, අනිකා ඇහැව්වා මේක වී-කොටයක්ද කියලා?😂 මේව්වා ලියන කොට, දහ අතේ හිතන්න වෙනවා ජාම බේර ගන්න.😒

      වැඩේ කියන්නෙ, මේ ගත්ත දේ මේ මතක නෑ, ඒත් මේ කල්පාන්තයකට කලින් දේවල් අද, ඊයෙ වගේ මතකයි.මොලේ වම් අර්ධ-ගෝලයෙ වයරිං දෝෂයක් වෙන්ටෑ?🤔

      Delete
    4. කලින් ආපු එකට සතුටුයි. ඒත් මේ වෙලාවෙ? සර්ව-රාත්‍රික පරිත්‍රාණ දර්ම දේසනාවක් ද? පිරිත්පැන් වඩියක් එහෙම ගත්තැයි? බොක්සරයාව මතක් කලා කියන්න.🤔

      Delete
    5. ඔබතුමාගෙ අධ්‍යාපන ආයතනවලත් එහෙමද? අපිත් එහෙදි මුලින්ම පාටි ගත්තෙ පිරිත් නයිට් එකේ තමයි.
      බොක්සර් කොහොමත් ඉන්නෙ පිරිත් පැන් වැඩිවෙලා වගේ තමයි.

      ඩිමෙන්ශියා වලට චෙක් කරගන්න මාත් ඉන්නෙ. හරියට ටෙස්ට් එකක් තියනවද මංද.

      රව්තුමා අතිනුත් දාලා පොයෙටික් ලයිසන්ස්ද බොලොගර් ලයිසන්ස්ද මත ලියනව.
      බස්තුමා අතේ තියන එකත් හංගල ලියනව ලිස්සන ලයිසන් එකෙන්.
      100% ෆුල් ඇන්ඩ් කම්ප්ලීට් ලියන්නෙ ( පොඩි තරහ මරහ ටිකකුත් දාල ) නිදිතුමා තමයි

      Delete
    6. බොක්සර් එහෙම ඉන්නෙ හුමාලෙ වැදිලා වෙන්ටෑ? මට තියෙන්නෙ "සිලෙක්ටිව් මෙමෙරි ලොස්", දැන් මේ කමෙන්ට් එකේ උනත්, අගට යනකොට සමහර ඒව මතක නෑ. අපේ නිදිතුමාද? අබංකයි, ඒත් වලි-කුකුලා.🤣

      Delete
    7. එතකොට මැලියංතුමා?

      Delete
    8. කුකුලා නිකන් කෝචොක් "කොක්. කොක්" පාරක් දැම්මා, කෙටුවෙ කුකුලා නෙමෙයි මැලියං තුමා.😂

      Delete
    9. තරහ මරහ? එව්ව නෑ. පෙරාපු රත්තරං වගේ ඇත්ත විතරයි...

      Delete
    10. කවුද බං මැලියන් ?

      Delete
    11. අපේ බොක්ස'ගෙ යාළුවෙක්. නිදි නං කිව්වෙ "මගෙත් බොක්ක" කියලයි.

      Delete
    12. මට මතක්වෙන්නේ හිඟන කොල්ලා එකේ සීදේවී මැරියන්!

      Delete
    13. හ්ම්... මැරියං! සමරසිංහ

      Delete
  2. // රබර් දාන එක විතරමයි කලේ//

    එතකොටම චරිතාගෙ අයියල දොර කඩාගෙන ආව.....

    ReplyDelete
    Replies
    1. හුකා බොල, කෙලිය නේද පාත්තරේටම? ඉතිං මොකේදෑ දං වළඳන්නෙ?🤣

      Delete
    2. බිනරමලී ද කොහෙද කිව්වලු නෙ, "සබර් දාල ටීඊඊක් ලෑවට මොකවත් වෙන්නෑ..නෙ" කියල.

      Delete
    3. හෙහ්, හෙහ් "ටීඊඊක් ලෑවට". අපේ ප්‍රාදේශීය ජනවහරවල් මට නං නිධානයක් ගානයි.

      ඈ බං ඩ්‍රැකියො, උඹ පාන්දරින්ම පාඩම් කරනවද?

      Delete
    4. අද මොකද බස්තුමා කෝච්චි ස්ටේෂන් එකක වගේ වෙලාවම අනවුන්ස් කරන්නෙ?
      හ්ම්ම් මෙහෙට ගොඩ බාලවත්ද?

      Delete
    5. ඇෆ්ගනිස්ථානෙ වෙන ඛේදවාචකය දැකලා සසර කළකිරිලා ඉන්නෙ. නින්ද යන්නෙත් නෑ. අත්තක් උඩටවත් ගොඩබාන්න හිත නෑ.😒

      Delete
    6. රිටයර්වෙලා කියවන්න හිතං හිටපු පොත් දෙකක් කියවන්න පටං ගත්තා ඕක නිසා

      https://en.wikipedia.org/wiki/Flashman_(novel) ගිය සුමානෙ කියෙව්වා. (The British debacles there, a humorous take on it. A good tragicomedy)

      ඊයෙ පටන් ගත්තා https://en.wikipedia.org/wiki/The_Afghan_Campaign (Alexander's problems there, written in a modern style. Very good.)

      සෝවියට් ආක්‍රමණිකයින්ට හා ඊට පස්සෙ වෙස්ටර්න් අලයන්ස් එකට වුන ප්‍රශ්න අපි දන්නවනෙ.

      "History repeats itself" කියන එකේ හොඳම උදාහරණය ඇෆ්ගනිස්ථානය.
      ඇණයක් තමයි. මං හිතන්නෙ අතිගරු ලිස්සනාර්භ බැස්ටියං උන්නාන්සෙට ඇරෙන්න වෙන මෙලෝ සතෙකුට ඕක හැන්ඩ්ල් කරන්න බෑ

      Delete
    7. මේ දැනුත් රබර් එකෙන් ලිස්සලගිය හැටි දැක්කනෙ

      Delete
    8. හිතේ අමාරුව මැකෙන්න මඤ්ඤොක්කා වඩියක්, තෙල්දාපු පින්ක් සැමන් එක්ක ඇදබෑව. කමෙන්ට් බලන් කොට, පිලිතුරු ලියන කොට ටිකක් හිත අයාලෙ යන එක නවතිනවා. හැමෝටම ස්තූතියි.🙏

      Delete
    9. කන්දහාර් ඉඳල ඇලස්කාවට ලිස්සයි මෙහෙම ලිස්සුවොත්

      Delete
    10. ඇෆ්ගනිස්ථානෙ මොකක්දෝ අවුලක් තියනවා. ඉතාම කර්කෂ, දුෂ්කර භූමියක්. මහා ඇලෙක්සැන්ඩර්ටත් එපාම වුනා. රුසියන්,බ්‍රිතාන්‍ය සාර්ථක වුනෙත් නෑ. උඩගෙඩි දෙන්නෙ පකිස්ථානෙ. පකිස්,තුර්කි, ඉරාන් ඔක්කොම බෝඩර් වහල කියනවා තව අනාතයො එපාලු. යුරෝපයට පටවන්නයි ලෑස්තිය, මෙහෙටත් විසිදාහක්ද කොහෙද ගන්නවලු. පව්ගෙවන්න වෙන්නෙ යුරෝපයට.

      Uncle Sam did it again. යටත්විජිතවාදයට, හොම්බට ඇනලා පොර-ජාතන්තරවාදෙ බෙදන්න යන එකට මම කොහොමත් විරුද්ධයි. ලොකුම අවුල, අනුන් ගෙ සීනි කිරලා, වැඩේ අනලා "හා දැන් උඹලා කොරගනිල්ලා" කියල කරපු විනාසෙයි.

      Delete
    11. https://www.washingtonpost.com/world/2019/08/22/even-midst-afghan-peace-talks-taliban-still-deny-al-qaeda-was-behind/

      නයින් ඉලෙවන්වලට කොයිතරම් සම්බන්දද කියන එක තමයි ප්‍රස්නෙ.

      කොහොමවෙතත් ඇමරිකාව ලොකු වැඩක් හරි යට ඉවර කලේ ලෝක යුද්ධ විතරද කොහෙද. ඒවත් ඉතින් අනිත් අය සෑහෙන්න කරල දුන්නට පස්සෙ

      Delete
    12. බොරු කියන්න දන්නෙම නෑ. අන්තවාදීන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නෙ බෑ. කලින් සැරේ ජාත්‍යන්තර සහය නැතුව අනාගත්ත නිසා හොඳ මූණ පෙන්නන පාටයි, ඒත් බැටලු හං පොරෝගත්තු වෘකයො. ආයි ලෙසටම, ලෝකෙටම කොකේන් බෙදාවි.

      ඇමරිකාව එක්කො අපිට පෙන්නන තරම් දක්ස නෑ, නැත්නම් මේකත් වෙන ලොකු ගේම් එකක කොටසක්.

      Delete
    13. ක්‍රිකටුත් ගහන්න දෙන්නංලු :-D
      ඉස්කෝලෙ යන්න දෙයිද දන්නෙනෑ
      එතකොට ටීවී බලන්න?
      වැක්සීන්?

      Delete
    14. ආගම්/දේශපාලන අන්තවාදීන්ගෙ නායකයො උන්ගෙ බොරුව දන්නවා, නොදන්නෙ ෆුට් සොල්දාදුවො. උන් තමයි පණ එපා කියල, එව්වා ඇත්ත කියල විස්වාස කරන්නෙ.

      දෙයියො වෙනුවෙන් ව්‍යවස්ථාව හදන්න බලය තියෙන්නෙ කපුවට. ඒකනෙ දැන් ක්‍රිකට් හොඳ වුනේ.🤔

      Delete
    15. ඔව් විස්වාසයට ඉතිං ලොජික් එකක් නෑ.
      ගලෙන් මතුවුන රාවණා පිහිටයි

      Delete
    16. රාවණ ගෙ නූතන අවතාරය හෙවත් කලම්බු මැලියම් තුමා තාම ආවෙ නෑනෙ...

      Delete
    17. ආව, ආව පාන්දරිං ඇවිත් ගියා, ඇටි-කුකුලා බුහ් ගාන්නත් කලියෙන්.😊

      Delete
    18. මේ යන විදිහට ඇටිකුකුලෙකුත් ඇවිත් කරමන්ට් කරයි ද දන්නෑ?

      Delete
    19. අලුතින් ආපු තලිබාන් කොමාන්ඩර් ඇමෙරිකාවේ ග්වන්තනමෝ ඉඳන් එලියට ආපු එකෙක් උන් නිකන් එලියට දාන්නේ නැහැ මිලියන් ගානක් දීලා මොලේ හෝදලා අර කරුණට දුන්න ජාතියේ සැප දීල එලියට දාන්නේ . ඔතන ගේමක් යනවා කියල අදහසක් මටත් තියෙනවා

      Delete
    20. හ්ම්...ඒකත් එහෙමද? අරාබීන් නොවන ඉරානය,පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය මේ තරම් ආගමික අන්තවාදියො වුනේ කොහොමද කියල, වෙලාවකට මට පුදුමත් හිතෙනවා. දැන් මේ තුන තමා බර්මියුඩා ත්‍රිකෝණය.

      අල්කයිඩා ආයෙ එන්න ඉඩ තියනවා. ඒක ලෝකෙට නරක ආරංචියක්. අජිත් කියනවා වගේ ඔය හැම සංවිධානෙකම(වුහාන් ලැබ් එකේ පවා) ඇමරිකන් සුපිරි පොර-ජාතන්ත්‍රවාදෙ මුල් තියනවා. මේ වගේ නූල්බෝල පැටලැවිල්ලක් දකින හැමවිටම මට විකී-ලීක් මිස් වෙනවා. අසාන්ජේ ගැනම නෙමෙයි, ඔය කපටි සංවිධාන ඇතුලෙ ඉන්න, ඒත් හර්ද සාක්කියක් ඇති මිනිසුන්ට තිබිච්ච "වේදිකාවක්" අහිමි වීම ගැන.😒

      Delete
    21. වුහාන් ලැබ් ඒකෙන ඇමෙරිකාවයි ප්‍රන්ශයයි මුලින්ම අයින් වෙලා ගියා. ඒකට හේතුව උන්ට තේරුණා චීනා උන්ව රයිඩ් එකකට ගන්නවා කියල. මුල් ඇල්ෆා සහ බීටා වයිරස් දෙක තිබ්බේ වුහන් ලැබ් එකේ. ඉරානය හිරු දෙවියන් ඇදහ්සන් රට, පක්සිතනය හා ඇෆ්ඝනිස්තානය බෞද්ධ රටවල්. මෝගල් වරුන් තමයි මුස්ලිම් කලේ. ඇෆ්ඝනිස්තානය මෝගල් වරුන්ට යටත් උනේ බුද්ධාගම් හරියට අදහන්න ගිහින්. හැබැයි ටලිබන් කාරයට චීනය සහ පකිස්ථාන රහස් ඔත්තු සේවය වියදම් කළා කියල තමා දන්නේ. චීන සේද මාවත ප්‍රොජෙක්ට් එක

      Delete
    22. හ්ම්.. Zoroastrianism ඉන්ටරෙස්ටින්. මට දැන් ටිකක් තේරෙනවා, ප්‍රාජේ කියපු පොත් කියවීමේ වටිනාකම. ඒත් කම්මැලි බස්සොන්ට ඒ ඉවසීම නෑ.😒

      Delete
    23. https://www.persiansarenotarabs.com/

      ඉරානයේ තාමත් පරණ පර්සියන් හා අලුත් අරාබි සංස්කෘතීන් අතර ෆ්‍රික්ශන් තියනවයි කියන්නෙ

      https://asiasociety.org/education/islamic-iran

      Delete
    24. Zoroastrianism ඉන්ටරෙස්ටිං ආගමක් වගෙයි පේන්නෙ. පංච මහා භූතයෝ වගේ සංකල්පයක් තියනවා, හැබැයි එකක් අඩුයි, නමක්, ගමක්, ලිංග භේදයක් නැති දෙයියෙක් ඉන්නවා. පරිසරයට හිතකාමී ආගමක් වගේ.

      Delete
    25. අතුරු මිතුරු දඹදිවතුරු එකට සම්බන්ධයක් තියනවයි කියනවා.
      අහුරා මැස්ඩා ට යාග්නා කරන
      සොරෝස්ට්‍රියන් ඇෆ්ගන් ඔරිජින් (පාර්සි) වෙලෙන්දා චෙට්ටියෙක් ලෙස සලකල අපි හදාගත්ත ජින්ගල් එකක් කියල

      Delete
    26. Only a theory. I think in Hugh Nevill's writing.

      Delete
    27. තියරි වුනත් ඒත් වටිනවා. ස්තූතියි

      Delete
    28. හොඳ මිනිස්සු සෙට් එකක්. ලොකුවට ආගම්වාදී නැහැ. සල්ලි තියනවා හොඳට. ලස්සන පර්සියන් ගැහැණු ළමයි ඉන්නවා (වැදගත්ම කාරණේ ) චෙක් කරලා බලන්න ඉන්දියන් සිනමා නිළියෝ (අගා කාන් ඒ අයගේ ටිකක් බලය තියෙන පොහොසතෙක් )

      Delete
    29. හ්ම්...එහෙනං මම මුස්ලිම් කියල හිතාගෙන හිටි පැරණි ඉන්දියන් සිනමා නිළියෝ මේ අය වෙන්නත් ඇහැකි. ස්තූතියි, දැණුවත් කලාට.

      Delete
  3. බකුසු තුමෝ,
    දිය නාන ලලනාව ගැන කියෝන කොටම මතක් වුණා, 2018.12.19 වෙනිදා ලක්මාල්ගේ ‘සකලං සමාලේ’ group එකේ තිබිලා මම කොපි කරගෙන හිටි අපූරු ශ්රුන්ගාරාත්මක කවි පෙළක්.

    Hettiarachchi Ark මහතාගේ නමින් ‘ආරච්චිගේ සිහිනය....’ මැයෙන් තමයි ඒක පළවී තිබ්බේ! මෙන්න පළමුවෙනි කවිය:

    ඇටඹ ගහ යට නාන ළිඳ ළඟ ඌරො ලගිනා දොඹ කැලේ
    ගහක් ගානෙම දෙස් තියාවී හිටිය මම ගොම්මන් වෙලේ
    තුනී තෙත රෙදි ඇඟට ඇලිලා තිසරු යුග මතු වුණු වෙලේ
    දුටුව නම් ලලනාවො සීගිරි ඔළුව ගහ ගන්නව ගලේ

    ReplyDelete
    Replies
    1. ඔය කොළඹ යුගයේ හිටිය අපූරු ශෘංගාරාත්මක කවියො සෙට් එකක්. ඒ අතරිනුත් මා කැමතිම විමලරත්න කුමාරගම, මීමන ප්‍රේමතිලක සහ සාගර පලංසූරිය කවියන්ට. මම හෙව්වා කවියක් ඒත් ලැබුනෙ නෑ. කාගෙද, දැක්කෙ කොහේදිද කියලත් මතක නෑ, ඒත් කවියෙ කොටසක් මතකයි. කව්ද කිව්වා, මීමන ප්‍රේමතිලක කවියගෙ එකක් වෙන්න ඇති කියලා.

      පුන්සඳ මඞල බැබලෙන විට අහස පිට
      දිලිහෙයි මදින්,මද තරුවැල් කණක කැට
      වව්ලෝ පියාඹති දොර අඹ වනයෙ සිට
      සඳරැස් වැටේ කවුළුවකින් නිදන ගෙට

      Delete
    2. මේ බ්ලොග් එක ලියන්ට පට්ටාං ගත්තු දා ඉඳං මේ වෙනකොට ඔය කවිය මූ අඩුමගානෙ පස්-හය වතාවක් වත් දාලා තියෙනවා. පෝස්ට් එක ඇතුළෙ දෙතුන් වතාවක්, කමෙන්ට්ස් විදියට තව දෙතුන් වතාවක්.

      Delete
    3. අමූලික ඇත්ත. තව හය-හත් වතාවක් දාන්නත් බලාපොරොත්තු වෙනවා. යකෙකුගෙන් වුනත් කාරි නෑ, ඔත්තුවක් ලැබෙනවා නං.😊

      Delete
    4. බස් මොට් තුමා තම බ්ලොග් එක ලියන විට
      ඩ්‍රැකියන් සැට් එකක් කැරකෙති හතර වට
      ජයසෙන් මැතිඳු පැමිණීලා ගසති වැට
      සිහියට එතිය මට 'අමිතගෙ විකට විට'

      Delete
    5. සැට් එක තාම ආවෙ නෑ, බොසා ඇවිත් මුට්ටිය දාලා බලල ගියා. පරක්කු වෙලා ඒවි, රුමේනියාවෙ ඉඳන් එන්නත් එපෑ? දැන් අර තාරාවෙකුත් එක්ක නෙව එන්නෙ? ආ වෙලාවෙ ඉඳන් ජයසේනට ඉස්පාසුවක් නෑ, තාරා බයිට් රෝස් කරලා. බොක්සර්ටත් තාරා කට්ටක් ලැබෙනව ඇති නේද?

      Delete
    6. අපි කල්පනා කළේ නෑවිත් ම ඉන්න. නිතර දෙවේලෙ දකින කොට සුදු පාට වෙනවනෙ

      Delete
    7. කවියක් හොයන්න ගිය ටිකට බස්ස රෝස්ට් කරන්න කතා කරල තියෙන්නෙ... ආස ඇති නේ තාරා මස් රෝස්ට් කරල කන්න. බකමූණු මසුත් රස ඇති?

      Delete
    8. අයිස් බැඳුණු බකුසු මස්, හරියට ෆ්‍රෙන්ච් ප්‍රයිස් වගේ මොළොක් ඇති

      Delete
    9. https://www.quora.com/What-does-owl-taste-like

      http://www.outdoorsmenforum.ca/showthread.php?t=25259
      So we were standing there and all of a sudden there was a muffled WHAP, right over our heads. And this mallard drake takes a severe header into the snowbank.

      Of course with a great horned owl attached to his back he did not have much choice. I took the owl another couple of minutes to finish the job, and we did not interfer.

      I did not know Owls ate duck, so we learned something ne

      Delete
    10. .


      බොලා කමෙන්ට්ස් දාද්දි මීටරේ පරතරේ තියන් දාන්ට පුරුදු වෙයල්ලා. මෙන්න මේ වගේ.

      .

      Delete
    11. මේ ඇද්ද?
      https://depositphotos.com/stock-photos/owl-beak-open.html

      Delete
    12. අපොයි උඹලා නැතුව කොහොමද? සුදු වුනත්, චිකන් හොඳයි. පොල්කිරි නොදා, කලුවට මිරිස් කරියට.

      අනේ නෑ නෝනෝ, මම නෙමෙයි ජයසේනයි, බොක්සරයයි තමා රෝස්ට් තාරාවො ඉල්ලන්නෙ. බස්සො මෙලෝ රහක් ඇති සත්තු නෙමෙයි, ආන්න ඒකටත් එක්ක වටුවො?

      දැන් සමර් එක නෙව ඩ්‍රැකියො. අයිස් නෑ, බ්ලඩ් බොයිල් වෙනව දවල් වෙන කොට.

      Delete
    13. https://blindpigandtheacorn.com/ever-eat-an-owl/

      https://www.cernucci.com/products/iced-owl-pendant-white-gold

      Delete
    14. බස්සො රහ නෑ කියලා අර පලවෙනි ලින්ක් එකේම තිබුනා. කමෙන්ට් එකට මාස්ක් දාන්නත් ඕනෙද? 😷

      Delete
    15. https://en.wikipedia.org/wiki/Masked_owl
      https://en.wikipedia.org/wiki/Masked_duck

      Delete
    16. රහ නැත්ද කියල බලන්න, බකුසු ගාතයක් කාලම බලමු!

      මාස්ක් නං අවුල් තමා වෙලාවකට.

      Delete
    17. දෙකක් දාගත්ත වෙලාවට රහ අදාළ ම නෑ. කර කරස් ගාල කටුත් එක්ක හැපෙනවනං

      Delete
    18. දවසක් ගම්පහ ස්ටේෂන් එකේ දි හිඟන්නෙක් හැප්පුණා කෝච්චියට. කෝච්චියෙ ගහල තිබුණ “ක්‍රන්චි මන්චි බයිට් - කර කර ගා හැපෙයි...“ කියල.

      Delete
    19. ඔය කවිය හොයනවා වගේ තමයි මාත්, හන්ගුරන්කෙතදී දැක්ක ගල් බොලේ හොයන්නේ. සිරිබිරිස් උන්නැහේ කිව්වට පස්සේ 'අර පොත' හොයාගන්න දත කන්නෙත්.

      Delete
    20. //“ක්‍රන්චි මන්චි බයිට් - කර කර ගා හැපෙයි...“// කතන්දරේ film එකක් වගේ මගේ ඇස්දෙකේ දුවනවා.... සත්තයි, හිනාව තද කරගෙන මේවා ලියන්නේ.

      Delete
    21. නිදි මොකක්ද "ගල් බොලේ"? කලින් පෝස්ට් එකේ, ඩ්‍රැකියා දාලා ගිහින් තිබුනා එකක්, ඒකද? මට කිව්වා, විකුණල දියං කියලත්.

      එතකොඅට සිරිබිරිස් උන්නැහේගෙ 'අර පොත'?

      Delete
    22. ඉස්කුරු ලොක්කො, අනේ දෙකක් දාගෙන අර වැම්පයරයෙක්ව කාහංකො. මුං ඉල්ලන්නෙම බකුසු ගාත.😂

      Delete
    23. හත්තිලව්වට ගහපි කලාබරේ කිව්වැහෙ මේං බලු නකුටෙකුත් හොයනවා ඒ කවියම😮:

      බල්ලො කැමති කවි

      මේ පලාතෙ එකෙක්, හ්ම්....මේ පැත්තෙ ආවොත් පොඩ්ඩක් බුරල පලයං මචෝ.
      බලු ප්‍රොෆයිල්

      Delete
    24. බස්සා මහත්තයෝ, ගල් බෝලේ ගැන විස්තර මෙතනට ගිහින් බලන්නකො! ජාතකේම තියෙනවා.
      https://nidigepanchathanthare.blogspot.com/2020/01/blog-post_9.html

      Delete
    25. හරි ඔක්කොම කියෙව්වා. නිදිට ස්තූතියි. අර සෑම්ගෙ පත්තර නූඩ්ල්ස් කතාවත් මරු. ඒක මිනී මරණ බෝලයක් නිසා, එපා කියල හිතුනා.

      Delete
    26. // මේ පලාතෙ එකෙක්, හ්ම්....මේ පැත්තෙ ආවොත් පොඩ්ඩක් බුරල පලයං මචෝ //

      බවු බවු බහු බහූම් කියලා බුරයි ද දන්නෑ ආයිබෝං!

      Delete
    27. හෑ, අර මොකෑ "බහූම්" කිව්වෙ? උඹ දන්න එකෙක්ද? හොඳ වෙලාවට ජයසේන දැක්කෙ නෑ.

      පට්ට බලු කතාවක් ලිව්වා චාමි, ඌවත් බුකිය ගිල්ලා. බල්ලව නෙමෙයි, චාමිව

      බල්ලා ගොඩගත් කෙල්ල

      Delete
  4. මෙව්ව නෙමෙයි ලියන්න ඕනෙ, “අමතක වෙන මතක සටහන්“

    ReplyDelete
    Replies
    1. මේ උඹලා රුමේනියාවෙ ඉඳන් ප්ලෙන් එකක් චාටර් කරගෙනද ආවෙ, කට්ටියම?

      Delete
    2. ෆ්ලයිට් මොටද පියා හඹන වවුලන්ට...

      කියල පරණ ජන කවියක් තිබුණා.

      Delete
    3. .



      අර උඩ හරියෙ බුරා කියල ම තියෙද්දි මීටරේ පරතරේ තියාගෙන නෑනෙ




      .

      Delete
    4. https://www.reddit.com/r/mildlyinteresting/comments/ktrz2a/these_ducks_practicing_social_distancing/

      Delete
    5. ඔය මං කිව්වෙ, ජයසේන හැරෙන්නෙම තාරාවගෙ පැත්තට.😷

      Delete
    6. ඒක මට පේන්නෙ, ජයසේනට ම ආවේණික ක්‍රමයකට ටෝක් කිරීමක් වගේ. අර වර්ණපාල තියරිය වගේ, ජයතුංග තියරියක්.

      Delete
    7. https://www.dailymail.co.uk/news/article-6933961/Owl-need-love-Owl-ends-raising-duckling-mistaking-eggs-duck-own.html

      Delete
    8. අඩේ... බස්ස කමෙන්ට් කරන්නෙ මාස්ක් එකකුත් දාගෙන

      Delete
    9. ස' කරන විදිහ ගැන ආන්න උදයංග මහත්තයට ඔරොප්පු වෙලා. රුසියාවෙන් අලුතින්ම ආව සංචාරකයන්ට සලකන හැටි වැරදිලු!

      Delete
    10. ජයසේනත් අතාරින්නෙම නෑ ගේම. ඒ වංගියෙ තාරාවව පාස් කලා බස්සෙකුට. වම්හො, බුරා ඇවිත් බලනවා, සවුක්කිය නීතිවලට අනුකූලවද කමෙන්ට් කරන්නෙ කියලා.😊

      නිදි, බලන්න ඕනෙ ඒ නිවුස් එකත්.

      Delete
    11. උදයංග ගේ ගතමන්ට් එකට සෙට් වෙන්න ඇති නිදි

      Delete
    12. හෑ, ආයෙ කොටන එකක් නෑ නේද?😂

      Delete
    13. ඇයි මේ ඇටිකිත්තාට වැඩක් දෙනවයි කිව්වද?

      Delete
    14. සුරුස්...( ලිස්සපු සද්දෙ)

      Delete
  5. අර, ළිඳ ළඟ දර්ශනයෙන් පස්සෙ බකුසු ගැටයා කරපු දේවල් ගැන ලියල නෑනෙ. ඒක තමයි අමතක නොවන ම මතක. අමතක නොවන පොලු පාරවල් පිට හරහට කාපු හැටි එහෙමත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. https://www.barnowltrust.org.uk/picking-up-a-live-owl/how-to-check-barn-owls-for-injuries/

      Delete
    2. මේ මොනව අහනවද, නොදැක්කා වගේ ලිස්සලා ගියා මිසක්කා? වටේම හිටියෙ කසිප්පු කිං-පිංලා, එහෙනං "බස්සෙක් බූලියක ගිලී නසී" ප්‍රවෘති සිරස්තල.

      ඉස්සරම වල් ෆන්ටා වලට නම් තිබිල තියනවා. හිටපං මචං, ගහපන් මචං, කටු-කම්බි, රත්නපුරා, අල-හොදි වගේ. ඕක වල්-ෆැන්ටද, වෙල්-ෆන්ටාද කියල හරියටම දන්නෙ නෑ.

      Delete
    3. ගල් බමුණා, බොකු දිරාස්, කටුකම්බි, මදුරු කොයිල්... සුරංග උන්නනං කියයි තව තව නම්

      Delete
    4. අපේ පැත්තෙ නං තිබුණෙ වෙල් ෆැන්ටා. කචල් ෆැන්ටා හෙවත් නැටුං තෙල් කියලත් කියනව.

      Delete
    5. මේ තියෙන්නෙ සුරංගට කියන්න තිබුණු දේවල්...

      Delete
    6. උඩ ඉඳන් පහලටම බලාගෙන ආවා.
      සුරංග ලියලා තිබ්බ එකත් කියෙව්වා. දැන් ඉතිං පහළ ඉඳන් ඉහලට යන්නයි වෙන්නේ.
      කොරෝනා පටන් ගත්තු කාලේ ආයෙමත් ඔය දේශීය මිශ්පාදන ගෘහ කර්මාන්තයක් වුණානේ. අපේ මිතුරන් පිරිසකටත් 'පලතුරු යුෂවලින් පෙරාපු බෝතලයක්' ලැබුණා හිතවතෙකුගෙන්. එයා ඒක දෙනකොටම කියලා තිබුණා එකට තුනක් වතුර දාලා ගන්න කියලා. පනිවිඩකාරයාට පණිවිඩේ කියන්න අමතක වෙලා.

      සාදය ඉවර වෙනකොට යාළුවො හොම්බෙන් යමින් හිටියේ! (වෙන විස්තර කිව නොහැකිවීම ගැන සමාවෙන්නෝනි.)

      Delete
    7. මං මේ කල්පනා කලේ බස්සෙක් ගෝඩා හැලියක දාල පෙරුවම බඩු මොන වගේ රහට හිටීද කියල.

      Delete
    8. ආයෙ මොනවද සිංගල් මෝල්ට් වගේ තියේවි. එතකොට "ගල් බමුණා" කියන්නෙ මොකාව දාලා පෙරපුවාටද?

      Delete
    9. @ ඇඩම්, වම්හ , ඩ්‍රැකී

      සුරංගයා ලෙසටම ලියල තියනවා. හෙහ්,හෙහ් "මේ දොර ඇරහං @#$% පුතෝ තොගෙ මං %^&^ තලනව දැනගං"

      Delete
    10. නිදිගෙ යාලුවො ගහල තියෙන්නෙ "ස්පීට්ටෙක".😂

      Delete
  6. බසු තුමාට උදේ වෙනකොට අපිට රෑ වෙන හිංදා මං එනකොට පෙරහැර ගිහිං. ඒක නිසා, බ්ලොග් පෝස්ට් එකයි, කොමෙන්ට්ස් හැටහුටහමාරයි කියවන්න ලැබුනේ දැන් තමයි.

    කලකට පෙර නිදි තුමා පංච තන්ත්‍රයේ කියාපු කතාවක, ඇරැව්වල පාරේ තියන පිං ලිඳක් ගැන කියවුනා. ඒක තියෙන්නේ, මහා පල්ලමක 90° වංගුවකයි. ඒකේ නාන ගැහැණුන්ගේ 18+ ඒවා බලන්න යන වාහන කාරයෝ, බයිසිකල් කාරයෝ (මං වගේ හතර පෝයට සිල් ගන්න උපාසකලා නොවෙයි) වංගුව හරවන්න මතක නැතිවෙලා, එක්කෝ වෙලට වැටෙනවා. එහෙම නැතිනම්, කටු කම්බි වැට දිගේ යනවා.
    මං හිතන්නේ බසු තුමා මේවා දකින්න ඇත්තේ පාර කෙලින් තියන තැනක වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ ගුරුපාරෙ වංගු තිබ්බෙ නෑ, එතනට එහායින් කන්ද නිසා බේරුනා. අර වංගුවෙ පිං ලිඳ නියමයි. කිට්ටුවෙන් ඩිස්පැන්සරියක් අටව ගත්තා නං සල්ලි තමයි.🤣

      Delete
    2. Sam කොට්ටාවේ නිසා ඇරැව්වල පාර ගැන හොඳට මතකයි නේද, මම ලියපුවා පවා?

      Delete
    3. හරියටම කියන්න බැයිද ඔය පිං ලිඳ තියෙන තැන? මට නෙමෙයි, යාළුවෙක්ගෙ පොජෙක්ට් එකකට.

      Delete
  7. ලලනාවගෙ රෙද්ද දැකල බස්ස ක්වාටස් එකට ඇවිල්ල අත්ටැට්ටර් පැද්දයි කියල තමයි බලපිටියෙ හාදයනං කිවුවෙ.

    ReplyDelete
    Replies
    1. සෙද්ද, සෑනා කොහෙ එව්වා දකින්නද, අපට වෙන වෙනම කාමර තිබ්බ කොට?🤔

      Delete
    2. අම්මප ඔහෙලා මාව අවුස්සන හැටි!
      අර පොත හොයන වෑයම නිසා ඇතිවුණු කතාබහ දුරට-දුරට ඇදුනා. පෙරේදා සිරිබිරිස් උන්නැහේ ඒවා තිබ්බ 'හනිමූන් කවි' පොත.

      ප්‍රසන්නගේ comment එක දැක්කාම මතක් වුණා ඒකෙ තිබ්බ කවි දෙකක්. මේකෙ ක්‍රෙඩිට් එක යන්න ඕනේ සිරිබිරිස් උන්නැහෙටයි! සංරක්ෂිත ගබඩාවෙන් මට එව්වාට.

      'ලැබුමට ඒ තරම් මොහොතක් මිහිරි තම
      ලැජ්ජාවට බයට ඉන්නට කරුණු කිම
      මිරිකා ගන්න ඉඩදී සිතු පරිදි ලැම
      කලිසම් සාක්කුවකට අත යැවිමි මම

      අතගා බලන්නට හොඳ තැන මිනිසෙකුගේ
      කෑදර කමක් හිතෙනව ඉදිරියට නැගේ
      පොරකන විට මෙසේ අපි විහිළුවට වගේ
      දැනුනා අමුතු තද ගතියක් අතට මගේ....'

      Delete
    3. ස්තූතියි, දැන් තේරෙනව පොත ගැන.

      ටිකක් දුක හිතෙන කතාවක් තියෙනවා ඔහොම පොතක් ගැන. ඔය වගේම සුරුංගාරාත්මක පරණ කවි පොතක්, නම "මකුණා". පොත විකිනිලා තියෙන්නෙ, හොරෙන් බ්ලැක් මාකට් එකේ. කතෘ අඥාතයි. සමහරු කියන්නෙ කැම්පස් කොල්ලො ලිව්වා කියලයි. ඒත් කතාවක් තියනවා, ආර්ථික අහේනියකට වැටිච්ච අපේ ප්‍රසිද්ධ කවියෙක් ලිවූ බවට. කවි එච්චරම ගුණාත්මක බවින් ඉහලයිලු. මටත් කොහේදිදෝ කවියක් දෙකක් කියවන්න ලැබුණා.

      නිදිගෙ, පොත් දෙකේ සාදු ගාව නං කොපියක් තියෙන්නත් බැරි නෑ, නේද?

      Delete
    4. බස්සා මහත්තයෝ, මකුණා කවි පොතක් නෙවෙයි. 'මකුණා' හා 'ප්‍රංශ රස' තමයි ඉස්කෝලේ කාලෙදීම මට කියවන්නට ලැබුණු වැඩහිටි පොත් දෙක. දෙකම මුද්‍රිත පොත්.

      ඔය කියන කවියා 'ඉටිපේ' කෙනෙක්ද? එහෙම කෙනෙකුත් ශ්රුන්ගාරාත්මක පොත් ලිව්වා. මට නං ඒවාට වඩා ලේඛනය පැත්තෙන් අර පොත් දෙකම හොඳ බවයි හැඟුණේ.

      සිංහල නවකතා ග්‍රන්ථ නාමාවලිය පොතේ කියන විදිහට නං 'ප්‍රංශ රස' 1959 කොළඹ ශ්‍රී රෝහණ මුද්‍රණාලයෙන් ගහලා තියෙන්නේ. ක්‍රවුන් සයිස් පිටු 130 පොතක්. රු. 3.00 මිල. කතුවරයා ජේ.පී. රාජපක්ෂ කියලා කෙනෙක්. ඒ අවුරුද්දෙම රාජපක්ෂ මහත්තයා 'ඇගේ ආසාව' කියලා පොතකුත් ලියලා තියෙනවා.

      එයාම ඊට පස්සේ 1960 'කාමාසා', 'ඉතාලි රස' කියලා පොත් දෙකකුත් පළ කරලා.

      Delete
    5. අප්පද බොල නිදි නොදන්න දෙයක් නෑ නෙව? අහල තියනව විතරයි කියවල නෑ. නම පැටලුනා වෙන්න ඇති. කවිපොත දැකලා නෑ, කවුද ඒ ගැන ලියපු සටහනක් සහ කවි දෙකක් විතර තමයි කියවන්න ලැබුනෙ. බාගදා ගුලි මහත්තයාගෙ "අසභ්‍ය සගිස්කුතිය සහ සභ්‍යත්ව පොලෝසිය" පොත් තිබුන වෙන්නත් පුළුවන්.

      Delete
    6. මම දන්නා දේවල් වැඩි හරියකට පිං දෙන්නේ පොත්වලට- පත්තරවලට- සඟරාවලට. දැන් අන්තර්ජාලෙට. උඩින් තිබුණු සේරම විස්තර තිබුණේ අතක් බර පොතක.

      //1876 ඉඳලා 1988 වෙනතුරු ශ්‍රී ලංකාවේ ප්‍රකාශිත පොත්වල නාමාවලියක්. වලියක් දාලා හරි අයිති කරගන්න තරම් වටිනවා. නම විතරක් නෙවෙයි, කතුවරයා - ප්‍රකාශකයා - පොතේ ප්‍රමාණය - පිටු ගණන - මිල වගේම ..... අච්චු ගහපු පොත් සංඛ්‍යාවත් ඒකෙ අඩංගුයි.// ඇතුළු තව විස්තර ගොඩාරියක් මම ලිව්වා 'දහ බලු කතා වස්තුව' post එකේ. ඉඩක් තියේ නං කියවන්නකෝ: https://nidigepanchathanthare.blogspot.com/2018/05/blog-post_67.html

      Delete
    7. ආයෙ පස්සෙ මොනවද, ඔක්කොම කියෙව්වා. අර බලු ජාතකේ දෙවනි කොටස නං හොයාගන්න බැරි වුනා.

      Delete
    8. ආයෙ මොටද ඔන්න. දෙවෙනි කොටසත් කියවන්නකෝ!
      https://nidigepanchathanthare.blogspot.com/2018/05/blog-post_13.html

      Delete
    9. හරි ඒකත් බැලුවා. ස්තූතියි.

      Delete
  8. පහුගිය කොරේ පොඩි පොජෙට්ටෙහෙකට චතුරෙයට කතා කළා.
    මං ඌට කිව්වා මැයියො උඹේ බලපිටියේ 'ඇක්සන්ට්' එක නං දැන් නෑ කියල. වෙන්ඩත් ඇති චතුරෙය අවුරුදු තිහකට වැඩි මිසක් අඩු නෑ ඔස්ට්‍රේලියාවට ගොහිං. ඌ කියනවා අඩෝ මාර වැඩේ මට සමනා හම්බුඋනානෙ සිඩ්නි එයා පෝට් එකේදී. ඌත් කිව්වේ ඕකම තමා කියල. මං ඇහුව බෝ මොකැයි කිව්වේ කියල. ඌ කියනවා මචං උඹ කොහෙද මෙහෙ කියලලු ඇහුවේ. ඔන්න ඕකනේ වැරැද්ද. අහන්ඩ තිබ්බේ හුකා.. මැයියො තෝ මොන හුත් .ක් කරනවද මෙහෙ කියලනේ. ඔන්න ඔහොමයි ලොකු සර් කතාව ගියේ.
    මේ ඒක නෙවෙයි අන්න ඔහෙලව පරිස්සං කරන්ඩ ලංකාවේ කෝෆිව් දාල. ඔහෙලා උඩ දාන් හිටියට ජස්ටින් මලයල ඩගලස් බාප්පල ඔව්ව කරයිද ඔව්ව.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. ඒක කියෝපු ගමං මට මතක් උනේ මේක...

      //පහුවදාම මං මගේ අතිජාත පාසල් මිත්‍ර රෑන බලන්නත් එක්ක පුබ්බයිසිකලේ කකුල්දෙක අස්සෙ ගහගෙන ගමේ සංචාරයක යෙදුනා. පාරෙ අඩි දහයක් යන්න කලිං හම්බ වෙච්චි ජෑකොඩියා සුපුරුදු විදිහට මාව ආමන්ත්‍රණය කලා.


      “ඈ බොල *&^&$%@ %@$&*% %#*$ *($^උ% ^ ගිහිං හිටියෙ“


      මේ වාක්‍යය ලිඛිත සිංහලට පෙරලූ කල එන්නේ ස්ත්‍රී ලිංගික අවයවයක් ඇති තැනැත්තියගේ පුත්‍රය තොප කුමන පුරුෂ ලිංගයක් වෙත ගොස් සිටියේද යන ආකාරයේ තේරුමක්. ඒ කාලෙ අපේ හිතවත්කමේ සංකේතය තමා ශාරීරික අංගවලින් සාදාගත් නාමපද හා ශාරීරික ක්‍රියාකාරකම්වලින් සාදාගත් ක්‍රියාපද සහිත වාක්‍යවලිං එකිනෙකා අමතාගැනීම.//

      https://yanhella.blogspot.com/2015/11/village-water-3.html

      Delete
    2. ඩ්‍රැකියනි බොහොම අගෙයි ශ්‍රංගයන් පිරිසිදු හෙළුවෙන් වැනූ සැටි!

      Delete
    3. @හැට්ටර්
      ඒක නෙව බෑ,බෑ කියල හරි පස්සෙ දාපු එක හොඳයි. බලපිටියාගෙ කතාවත් සුපර්.😊

      ඩ්‍රැකියො, බොගේ බ්ලොගෙ වගේම පතලක් බැහැල මිණිකැට හොයන්න අපූරු බ්ලොගක් තමා යාංහෑල්ල.😊

      Delete
  9. ඊමේල් බලන්න ගියහම පනහක් විතර තියෙනව මේ බ්ලොගෙන්. ප්‍රතිචාර තරඟයක් වත් යනවද? මෙහෙම ගිහින් බකුසු වම්හ, රියල් බකුස්. බකුස් නංගි ලා හෙම එයිද දන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. මගේ හර්දයාංගම සංවේගය. පොඩි උපදෙසක්: ඩ්‍රැකී ගැන්සිය බැහැපු තැනකට "Notify me" එබුවොත් සොරි ඩොට් කොම් තමා.😂

      Delete
  10. සෑනගේ රූමගෙ (ඇත්තටම ඒ ඔහෙමද?) ඇණ වැදිච්චිකතාව ඇහුවම මතක් උනේ. අනූ ගණන්වල අග UN සංවිධානෙන් ලංකාවට එව්වා ළමා සොල්දාදුවො ගැන සොයා බලා ලොකුතැනට වාර්තකරන්ඩ කෙනෙක් 'ඔලාරා ඔටුනු' කියල. එයාගේ කවුන්ටර්පාට් හිටියේ අපේ ඔපීසියේ. නමින් 'මකාලා හූරු' මැති තුමා. ඇණ ගසා මරුපා වෙන්ඩ උපන් හපනා.

    ජයවේවා!


    ReplyDelete
    Replies
    1. නෑ, නෑ ඇණ වැදුනෙ වෙනින් හාදයෙකුට. සෑනගෙ රූමා බස්සෙක්. ඌට නං රට්ටු එක, එක නං පටබඳිනවා. පියාඹන ආඳා, නරිමොටා වගේ.

      හෙහ්,හෙහ් 'මකාලා හූරූ" ආන්න නියම ආඳො.😂

      Delete
    2. මකවිලා හීරු ?

      Delete
    3. මේක දිනන්න බැරි යුද්ධයක්. මේ, එහෙම නෙමෙයි තලි-බාං, අපි මේක සාම සාකච්චාවකින් විසඳගමුද? ඔහොම ඉමු, මම ගිහින් දෙකක් ලඟ නමා ගෙන එඤ්ඤං.😊

      අඩේ දැන්නෙ මතක්වුනේ? අර තේ කඩේ මුදලාලිගෙ නමත් ජයසේන. සරං කොටේ විතරයි අඳින්නෙ. වලහෙක්ගෙ වගේ ඇඟ පුරාම ලොං තිබ්බත් එක්ක. ඒත් ඔලුව නං හරි පැත්තට තමා හයිවෙලා තිබුනෙ.🤔

      Delete
    4. පිරිමි හෝමෝන වැඩියෙන් වවෑස්සෙනකොටයි ඔහොම ඇඟ පුරාම ලොම් එන්නෙ...

      Delete
    5. ඕං ඇහුන නේද ජයසේන? බොක් ස්' ගෙ හෝමෝන වෑස්සෙනව කියන්නෙ?

      Delete
    6. හ්ම්ම්
      හීනෙනුත් හගුරන්කෙත බෝල පේන හේතුව ඒකයි එහෙනං

      Delete
    7. ලෝම වැඩි උනොත් බෝල හොයාගන්න අමාරුවෙයි.

      Delete
    8. මේ නයෝ, බොට තේරෙනවද අර ජයසේන උඩින් ලියල තියෙන හරුපෙ? ගෙදර ඉන්න හෝතම්බුව පල්ලා මං හගුරන්කෙත දැකලම නෑ. හ්ම්....දාපු "ලෝම" ඇඩ් එකේ හැටියට නිදිත් ලොං සහිත සත්ත්වයෙක් පාටයි. නේද?

      Delete
    9. එයැයිත් ඔය බෝලෙ හොයන්න නිදි එක්ක හඟුරංකෙත ගියානෙ. එහෙදි වෙච්ච මොකක් හරි අලකලංචියක් හින්ද පොඩ්ඩක් අවුල් වෙලා වෙන්න ඇති. අර රවියගෙන් තමයි ඕව ගැන අහන්න වෙන්නෙ. හැක්..

      Delete
  11. අයිසේ බස්සෝ, කොයි කාලේද ඔය අඹතලේ පැත්තේ හිටියේ ? මම ඒ කාලේ වැඩට ගියේ වැඩිහරියක් ඔය පරණ පාරේ ... බයික් එකේ අම්මත් එක්ක ... අපරාදේ කියන්න බෑ මගෙත් කැමති පාරක් ඕක..

    ඔය දිය සෙද්ද ගලවල ඇඳ ගන්න එක ට්‍රික් එකක් මාත් හිතන්නේ ... මොකද කිව්වොත් ඒ දවස් වල අපේ ගෙට උඩහ ගෙදර බෝඩිමේ කෙල්ලොත් ඔය වැඩේ කරනවා ... ඒවා දැකපු සමහර අපේ යාලුවෝ ඒ රෙද්ද අස්සටම බින්න බැස්ස ... අපි ඉතින් අහිම්සක ළමයි හින්ද ඒ රෙදි අස්සේ රිංගන්න ගියේ නෑ ... හෙහ් හෙහ් ..

    ReplyDelete
  12. ඕං බලන්නකො ඉතිං මේ ලෙඩේ හැටි? කමෙන්ට් එක කියෝල ඉවර වෙනකොට, මුල මතක නෑ. අප්පද බොල, එහෙමත් එකක්ද? එතකොට දියරෙදි ට්‍රික් එක උගුලක්, ඈ? හප්පේ, ඇති යාංතන් ඔයින් ගියා.අහුවුනා නං, මේ වෙනකොට බස්සා අඹතලේ කුඹුරක් හානව.🤔

    ReplyDelete
  13. ඈ බං බස්සො, ඔය කියන ප්‍රනාන්දු අන්කල්ගෙ කෙල්ල බොලාට බත් ඇද්ද කතාව මං කියන්නද? තනියම නේද කෙලී ආවෙ ගියේ? එතකොට අර " හා කිව්වොත්, ප්‍රනාන්දු අන්කල් ඔහේ ගාවට ඔලුවෙන් ඇවිදන් එයි" ....කතාව.

    මේ ...මස්කටු නැහ්ද මස්කටු? අඩුගානේ පාං කාලක්වත්?

    ReplyDelete
    Replies
    1. දුප් පරයා, ආපු දිහාකටම.හහ්, ආවා මෙතන මගේ සායං අරින්න.

      බඩජාරියා, ඉඳා පාං ගෙඩියක්ම, යනගමන් හංදියෙ මස් කඩේටත් හොම්බ ඔබාගෙනම පල, එහෙන් හම්බවෙයි මස්කටු පාර.

      Delete
    2. බෑහ්,බෑහ්,බහූඌඌ....ඇයි ඕයි පාං ගෙඩියෙන් ගැහැව්වෙ? බලු අයිතිවාසිකං වලට ගරු කරනවකො. ආං, ඒකටත් එක්ක අර බොක්සරයට රෝස් කරපු තාරා කටුත් දෙනවලු, ටිකිලා ෂොට් එකකුත් එක්ක. අපිට තමා පුෂ්,පුෂ්.

      Delete
    3. තාරා කටු නෙමෙයි බොට හම්බවෙයි ටෝච් පාරක්. ඔය නයෙකුත් ලිස්සල ගියේ පෙනෙත් බාගෙනම.

      Delete
    4. දොරකඩ ගහේ බස්සෙකු හුම් කියන විට
      හූ හඬ නගයි නරියෙකු වෙල පහළ සිට
      ටොමියා උඩුබුරයි වද මල් පඳුර යට
      හෙට තව මොකුන් එයිදෝ කිව නොහැක මට

      Delete
    5. අර ඩ්‍රැකී ෙසට්ෙටක ගැන බස්සට තියෙන සාධාරණ සැකය ම, ටොමියයි බස්සයි ගැනත් හිතෙන්නෙ මට විතරද?

      Delete
    6. බොගේ කවිකාර කම සෑහෙන්න දියුණුයි නෙව? විස්වාකරයිද මන්දා, ඇත්තටම මෙහෙ නරි ඉන්නවා. රෑ 10 වෙනකොට පටං ගන්නවා සිංදුව. මෙහෙ දඩාවතේ යන බල්ලො නෑ, වල් හාවො ඉන්නවා, උන්ව අල්ලන්න එන්නෙ. නගරෙ වුනත්, සෑහෙන්න ගස්, පඳුරු පොඩි ලඳු කැලෑ තියෙන නිසා වෙන්ටෑ?

      Delete
    7. අපොයි, ඕකා මගේ පරණ මිත්‍රයෙක්. බොක්සරයා වගේ ඉහල වංසෙ එකෙක් නෙමෙයි, ලෝකල් පරයා-ඩෝග්, හැබැයි හිත හොඳ එකා.මම දැන්නෙ 2012 ඉඳලා.

      Delete
    8. ටොමියයි බස්සයි යාළුවො දෙන්නා
      හූ හඬ ඇහිලා පිඹගෙන එන්නා
      ගහ යට නරියෙකු සිටියා දැක්කා
      හනිකට දුවලා හැපුවා කෙටුවා

      ඉස්සර අලි මොටෙකුත් මෙහි ආවා
      දැන් නං නෑ ඌ මක්කද වීලා
      අලි මඩුවේ තිබු රා ටික බීලා
      ඉන්නව ඇති දෝ පැත්ත වැටීලා

      Delete
    9. අලි මොටාව රී-සයිකල් කෙරුවා
      ඔය හැටි ඊ-මේල් ඇඩ්‍රස් නැතුවා
      ඊට පස්සෙ නරියෙක් මෙහි ආවා
      බ්ලොග්-මේල්,නරි-බලු දෙපලට බෙදුවා

      Delete
    10. ඊමේල් ඇඩ්ඩස් නිකං නෙ ගත්තේ
      හැටහුටමාරක් බ්‍රවුසර් ඇත්තේ
      එකා බැගින් ලොග් කරලා මුත්තේ
      පොපයිල් හදයි ඕසෙට මේ පැත්තේ

      Delete
    11. නිකංම දෙන හැම ලබ්බම ගන්නා
      මඤ්ඤංදැයි කව්දෝ මට බැන්නා
      තිබුනට භාවිතයට නොම ගන්නා
      අලින් පොල්-කිතුල් හුඟක් ගිලින්නා

      Delete
    12. සබ්බ සකල මනා
      සේරම දේ අනා
      අන්න ඩ්රැකී ලියා
      තව කොටසක් දෙනා

      Delete
    13. ගිහින් කමෙන්ට් එකක් දැම්මා. ආයෙ පස්සෙ යනවා, දෙවෙනි මුරේට.

      Delete
  14. හුකා කෝ තොප්පි කිව්වලු!

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා!
      හෑ, ඒක තවත් කතාවක් වෙන්ටෑ?😊

      Delete
    2. ඕඕ යේස් අපේ ගමේ ඇත්තම ඉස්ටෝරියක්. පස්සේ වෙලාවක කියන්නං.
      මගේ hattorvittor@gmail.com කියල එහෙකුත් තියෙනවා හිටං.

      ජයවේවා!

      Delete
    3. ජයවේවා!

      සුරුස්.....(ලිස්සපු සද්දෙ)😊

      Delete
  15. බකුසු වරෙත්තුවා කියලා, බනින්න නං එපා රජෝ. චිත්‍ර අඳින්න ලැබුනෙ අදයි. සිත්තරෙයි, කවියකුයි විතරමයි, අලුතෙන් එල්ලුවෙ.

    ReplyDelete
    Replies
    1. හෑ? දැන් ඉතිං තෝරහංකො තුන් තේරවිලි. මෙන්න එහෙනං මගෙනුත් ටිකක්:
      1. අඟුටු පිට
      2. ආරණ්‍ය ප්‍රමාද
      3. කුපාඩි පර්වතේ

      Delete
    2. ප්‍රසන්නගේ කෙටි කිරීම 'බස්සා තමා හොඳටම කළේ' නේද?

      බස්සා මහත්තයෝ, තුන්වෙනි එක නං කල්පනාවට ආවා. කුපාඩි නම් වල්, පර්වතේ නම් ගල -> වල්+ගල= ගල්වල . හරිද?

      Delete
    3. ඇර සොයිසා! බතහොක.😂
      තුන්වෙනි එක හරියටම හරි.

      Delete
    4. අර තේරවිලි තුන ම බැරි උනා තෝරන්ඩ.

      මාත් තේරවිලි තුනක් දාන්නං.

      4. ජන සවිය
      5. සුනඛ අසිපත
      6. වැටකේ වෛද්‍ය නොන්ඩියා

      Delete
    5. සුනඛ අසිපත-බලු කඩුව-කලු බඩුව, අනික් දෙක බෑ.
      අඟුටු පිට- කොට පිටුව - පිටකොටුව
      ආරණ්‍ය ප්‍රමාද - අරණ පරක්කු - පරණ අරක්කු

      Delete
    6. ජන නං පවුල් - සවිය නං?

      වැටකේ වෛද්‍ය නොන්ඩියා
      පං දොස්‌තර කොරයා- කොන්දොස්තර පරයා

      Delete
  16. මේ අලුත් එකක් ලියන්ඩ කාලයයි...

    ReplyDelete
    Replies
    1. ඔව්වොව් වොව්! විභාග වැඩත් ඉවරයිනෙ...

      Delete
    2. ඔව්වොව් වොව් බහූඌඌ! උඹවත් ලියහං. මූ නයා මැරිච්ච අහිකුණ්ථිකයා වගේ ඉන්නෙ, ලියන පාටක් නෑ. ඇමරිකන් ආමි එක දාලා දුවපු බඩු තියනව කියන්නෙ, ඊබේ එකේ විකුණන්න. ඕං දැන් කුරුමානං අල්ලනවා බ්ලැක්-හෝක් එකක් ගෙන්න ගන්න, කෑලි ගලවන්න.

      මේ මස්කටු නැද්ද, මස්කටු. පාං කාලක් වුනත් කාරි නෑ.

      Delete
    3. බ්ලැක් හෝක් එකක් වැඩි නැද්ද බස්සට.

      ඔන්න ටොමියො මං එකක් ලිව්ව. බෝ කැමති වෙයිද දන්නෑ.

      මස් රාත්තලක් උනත් දෙන්නං බොට. මං ඔය බස්ස වගේ ලෝබයෙක් නෙමෙයි.

      Delete
  17. බස්සටත් උස්ස උස්ස ඉන්න කිබ්බ
    කාට හරි ඩෑෂ් ගහන්ට
    අර දිය රෙදි ෂෝ එකට වහ වැටුණ නං

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code