Dec 17, 2023

මගේ අසල්වැසි, මිත්‍රශීලී මිනීමරුවා

පසුබිමේ ඇති අහස සූරන උස් ගොඩනැගිලි පෙල එලි දක්වමින්,  ඈත සිතිජයෙන් ටෝ-නුවර හිරු නැග එන විට, මහලු මිනිසෙක් ඔහුගේ තුන්-වන මහලේ, මහල් නිවාස බැල්කනියට පැමිනේ. බැල්කනිය පුරාවට ඇති මිළ අධික , ඒත් සරුවට සහ ලස්සනට වැවුනු මල් පැල ගොන්න ඔහුගේ පැහැදිලි දසුනක් දැකීමේ අවස්ථාව මුවා කරයි.

මේ වඩා නො-උස් මහල් නිවාසය,හරිත වර්ණයෙන් හැඩවුන, බටහිර ටෝ-නුවර  ප්‍රදේශය පුරා පැතුරුනු, පහල මැද පන්ති මහල් නිවාස ගොන්නෙන් කිසිම විශේෂත්වයක් නැති, තවත් එක ගොඩනැගිල්ලක් පමණි. මේ හිමිදිරි පින්න වැටෙන සරත් සෘතු උදෑසන, පරිස්සමින් සහ උනන්දුවෙන් තමන්ගේ මල්-පැල වලට සාත්තු කරන මහලු මිනිසාද, එසේම මේ පරිසරයේ සාමාන්‍ය දසුනකි.

වයස අවු 70 පමණ පෙනුනද, ඔහු ජවසම්පන්නය. නිල්පැහැ දිගටම බොත්තම් පියවූ කමිසයක් සහ ඩෙනිමක් බඳ පටියකින් ඇඟට තදවී ඇත. අවසාන වරට, මෙයින් දශක 3කට පෙර ප්‍රසිද්ධ චායාරූපයකට පෙනී සිටින විට ඝණව තිබූ ඔහුගේ හිසේ තට්ටය මතුවී, කෙස් සුදු වී ඇත. මේ කතාවේ "සාමාන්‍ය" කම නවතින්නේ මෙතැනනි.

මේ ප්‍රියමනාප, සාමකාමී  මහලු මිනිසා, පසුගිය වසර 27 පුරා මූකලං බස්සෙකු මෙන් අප්‍රකට ජීවිතයක් ගත කලේය.  ඔහුගේ නම නූර් චෞද්‍රීය. බංගලාදේශයට අනුව ඔහු 1975 දී ජාතියේ පියා - මුජිබර් රහ්මාන් සහ ඔහුගේ (බර-පතල) පවුලේ සාමාජිකයින් 21 ක්ද, දස වියැති පුත්‍රයාද  අමු අමුවේ ඝාතනය කල,  මිලිටරි කැරැල්ලේ චූදිතයෙකි. 

2006 දී අනුමත වුන පිටුවහල් කිරීමේ නියෝගයක් තිබුණද, ඔහු සහ පවුලේ අයට තවදුරට රටේ රැදීමට ඉඩදීමත්, ඒ ගැන ආණ්ඩුව මුනිවත රැකීමත් නිසා, මේ රට, බංග්ලාදේශය සමඟ තිබූ දීර්ඝ මිත්‍රත්වය පලුදු වීමේ අවධානමක් මතු වෙනි පවතී. 
"අප කතා කල යුතුය. අපට සාකච්චාවක් ඇවසිය" එසේ කියන්නේ, "ඕ-නුවර" ඉන්නා බංගලි මහ කොමසාරිස් Khalilur Rahman ය. මහ කොමසාරිස්ද "රහ්මාන්" කෙනෙකු වන අතර, දැනට රට කරවන්නේ ඝාතනය වූ ඇගමැති ගේ දියණිය Sheikh Hasina ය. 

තඹ යුගයේ සිට පැවත එන ඉතිහාසයකට උරුමකම් කිව්වද, 1972 ට පෙර බංගලාදේශය  නිදහස් රටක් වී  තිබුනේ  නැත. තිබුනේ පකිස්ථාන අතවැසියෙක් වූ නැගෙනහිර පකිස්ථානයි. පකිස්තානුවෝ, බංගලියන්ට නොසෑහෙන්න කුඩුකේඩුකම් කලහ. 1971 දී කැති, උදලු, මුල්ලු අතින් ගත්  බංගලියෝ, "පක්කෝ ගෝ හෝම්" කියා ගෝල්-ෆේස් ගියහ. 

පකිස්ථානය "Operation Searchlight" නමින් ඉස්පැෂල්-මිලිටරි ඔපරේෂන් එකක් දියත් කලේය.සුපුරුද පරිදිම, පකිස්තානයේ ජම්මාන්ත හතුරා -  ඉන්දියාව බංගලියන්ට සයිඩ්-සපෝට් එක දුන්නේය. බංගාලි නිදහස් සටන අවසාන වන විට, බංගාලියෝ 300,000 සහ 3,000,000 අතර ප්‍රමාණයක් මරාදමා තිබින. බංගාලි කාන්තාවන් 200,000 සහ 400,000 අතර ප්‍රමාණයක් දූෂණය කර තිබින. බංගාලින් 30,000,000කට උන්-හිටි තැන් නැති විය. 

අවවාදය: කුරිරු දසුනකි. අකමැති අය බැලීමෙන් වළකින්න.
Rayerbazar killing fields in Bangladesh, 1971 (බුද්ධිමතුන් මරා දැමීම) 

මුජිබර් රහ්මාන් කැරැල්ලට නායකත්වය දී, ජාතියේ පියා බවට පත් විය. පසුව ජාතියේ පියා "බංගා-බන්දු" නමින් පිදුම් ලබා , ජාතියේ අගමැති වි කැරැල්ලේ සමූල ඝාතණයේ  ඵල නෙලා ගත්තේය. බරපතල පවුලක් සමඟ විශාල මන්දිරයක, කුලී හමුදාවක් තබාගෙන ජීවත් වූ බවත් කියැවේ.  1975 දී මිලිටරි කැරැල්ලකින් ඝාතනය වීමට, මක්කා හරි හුණු,  ජාතියේ පියාගේ කිල්ලොටයෙත් තිබුණා විය හැක.

බෲනෙයි වලදී අපට හමුවූ බංගලියන්ට අපි කීවේ "බාප්පලා" කියාය. ඔවුන් එතරම්ම අපේ පෙනුමට සමානය. මා සමඟ ඉගෙන ගත් බංගාලි ජාතික "සැම්සුල්" සමඟ මම ඔහුගේ කුලී නිවසට ගොස් තිබේ. ඔහුගේ කරුණාවන්ත, සුරූපී බිරිඳ මට උයාදුන් රසවත් ආහාර අතරින්, බත්වලට කිරි, හකුරු දමා සෑදූ රසකැවිල්ලක දිවිය ලෝක රස අදටත් මතකය. ඔවුන් කිසිසේත්ම කම්මැලි ජාතියක් නොවේ. අපේ- බංගලි සමානකම් ඔප්පු කිරීමට, බංගලි පොලෝසියේ මේ පිංතූරය ඉදිරිපත් කරමි.

1970 Bhola cyclone

කුණාටු, ගංවතුර, සාගත,දුප්පත්කම සහ දූෂණයෙන් බැට කා, ලෝකයෙන් එවන අනාත ආධාර ගසා කමින් ජීවත් වූ පිං-වත් බත් දේසපාලන නඩයක් ලැබීමට වාසනාවන්ත වු බංගලියෝ, අද වන විට සිටින්නේ ලාංකිකයන්ට වඩා ගව් ගණනක් ඉදිරියෙනි. 

ඒ අනුව, මේ කතාවේ  වීරයා නූර් චෞද්‍රීද,  "බංගා-බන්දු" ජාතියේ පියාද කියා මා දන්නේ නැත. කවදාහරි නූර් චෞද්‍රී වීරයා ලෙස මතුව ආවොත් ඔහුව "සොට් එක දුන් පියා"ලෙස බෞතීස්ම කල හැක. නූර් චෞද්‍රී මගේ අසල්වැසියෙක් වීම ගැන අකමැත්තක්වත් මගේ හිතේ නැත්තේ, ඔහු සමාජයට තර්ජණයක් නොවන බැවිනි. හිටපු ගමන් ඇවිත් වටේටම සොට් එක දෙන, බොහෝ තද කාළවර්ණ පුරවැසියන්ට වඩා ඔහු සාමකාමී නිසාය. ඒත් මදි නං ඔබට අපේ සරණාගත කැහ්, කැහ්ලාගේ  සාමකාමී හැසිරීම මෙතනින් ඉදිරිපත් කරමි.


අපි පොතට කලින් හැමදාමත් 
පිට කවරෙම බැලුවේ!

අරගලයේ මානසික අසහනකාරයෝ වස බීලා  - මුජිබර් කොමිස්තුංග

බකමූණු නගරය: - Not All Heroes Wear Capes



පිදුම : ලින්ක් දෙකම දුන්නු ,  කවුන්ට් - "මී" ඉන්, සුමිතුරු ඩ්‍රැකියාට

ටෝ-නුවර@ප්‍රා-ජේ මැතිඳා

ලිපියේ මූලාශ්‍රය : The assassin next door


(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)




107 comments:

  1. හම්මේ එකනං චිතපටියක් වගේ ලියලා .. අර ගෝල්ෆේස් කෑල්ල පට්ට උදාහරනේ

    ReplyDelete
    Replies
    1. බොලාගෙ සපෝට් එක නිසා තමයි මෙහෙමවත් ලියන්න හිතෙන්නෙ ඉතිං.👌🙏😁

      Delete
  2. Replies
    1. එකෙන්ම, පස්සෙ නිවාඩු පාඩු වෙලාවක වරෙන්. වලියෙ තිත්ත රස යන්නයි ලිව්වෙ.😂😁

      Delete
  3. හේතුනම් ගොඩක් තියනව. ජාතිය රැකීමේ හමුදාව කියල එකක් හදල එයාගේ පවුල රකිම කිරීම එකක්, නෑදෑයෝ පෝෂණය කිරීම අනිත් එක. හමුදවට නොසැලකීම නිසා කියලත් කියනවා. ඕව මොනවාද බාලසිංහම් හිටියේ මෙහේනේ. 😀

    ReplyDelete
    Replies
    1. අහා ඔය තියෙන්නෙ. ඔබතුමා නං ඇවිදින දේශපාලන පුස්තකාලයක්, ඔය ඉඳලා හිටලා තට්ටයාට, නිදියට කෙටුවට.🤣
      Must protect you at all costs 🙏👌

      Delete
    2. තට්ටයා ට මම පෞද්ගලිකවම පැහැදිලි කළා ඇයි එච්චර දිගට ලීවෙ කියල. බන්ගලියන්ගේ පියා කීවට මොන බංගලියද කැමැති ඒ පවුලට , හසිනා නම් ඇත්තටම හොඳයි. රට බේරගත්තට එක කාබාසිනියා කරන්නත් අවසර තියනව කියල හිතපු පොරක්නේ මුජිබර් රහමන්. ඔබතුමා කීවහම නිකන් මන්තිරි කෙනෙක් වගේ ෆිලින් එක්ක නේ එන්නේ බසු තුමා 😀

      Delete
    3. ඔබතුමා කියන්න එපාම කියනව, නං එහෙම නොකිය ඉන්නං. 😁

      Delete
    4. විහිළුවට කියන නිසා අවුලක් නැහැ ශ්‍රේෂ්ඨ බසු තුමනි, තුමනි

      Delete
  4. සිදුවීම් අහලා තිබුනට නම් ගම් සහිතව ඔලුවට වැටුනෙ අදයි.

    ReplyDelete
    Replies
    1. 1.ඔවුන් ගෙ ඉතිහාසය පටන් ගන්නෙ ක්‍රිපූ ගණන්වල තඹ (Chalcolithic era)යුගයෙන්. වරින් වර හින්දු, බෞද්ධ ආධිපත්‍යයට යටතේ ඉඳලා තියනවා.
      2. 8 වෙනි සියවසේ(AD) තමයි ඉස්ලාම් ඇවිත් තියෙන්නෙ.
      3. 14 වන සියවසේ සිට සුල්තාන් Fakhruddin Mubarak Shah යටතෙත්, Mughal Empire යටතේ පලාතෙම තිබ්බ ධනවත්ම ප්‍රාදේශය වුනා.
      4. 1757 දී British East India Company ඇවිත් දුන්න සොට් එක Battle of Plassey සටනෙදි. බංගලියොගෙ බහින කලාව පටන් ගත්තෙ,එදා ඉඳන් තමයිලු.
      5. 1947, භාරතය බෙදීමේදී සුද්දො බංගලියන්ව, පකිස්ථානෙට ලියල දුන්නා නැගෙනහිර පකිස්ථානෙ ලෙස.

      Delete
    2. බංගලි දේසේ කියන්නේ උන්ට. තාගෝර් ඉපදුනේ එහෙ. මුලින් හින්දු, පස්සේ බෞද්ධ , පස්සේ හින්දු, පස්සේ මුස්ලිම්. වැදගත්ම කාරණේ බුදුන් ගේ කාලේ ලාට රට තිබ්බේ ඔය හරියේ ලු .ලාට රටෙන්ලු විජය කියල එකෙක් පිය රජතුමා එලවපු නිසා ඇවිත් තම්බපන්නියට වැටුනේ. පොර තමා බැන්ද කෙල්ලේගේ සනුහරේ කැති ගාල , කෙල්ලවත් එලෙව්වේ. කතාව අහල ඇතිනේ

      Delete
    3. අහා ඒ ටික වැදගත්. මම දැණගෙන හිටියෙ නෑ.🙏👌

      Delete
  5. ෂැහ්, අති ටැක්නිකල් බ්ලොග් පියා අද ලේසියෙන් පහසුවෙන් කියවන්න පුලුවන් එකක් ලියල. පාඨකයො කැරලි ගැහුවද?

    බංගලියොන්ගෙන් කවුරුවත් වගේ තද කාලවර්ණ අන්තයට නොයන්න හේතුව මොකක්ද? රටේ දියුණුවට එක හේතුවක් ඒක වෙන්න ඇති. ඒත් පිටරටදි රැඩිකලයිස් වෙන්නෙත් නැද්ද?

    ReplyDelete
    Replies
    1. //රැඩිකලයිස් වෙන්නෙත් නැද්ද?//
      මම දන්න අය නං එහෙම නෑ. බංගලියො හිත හොඳ ජාතියක්. ආගම කරේ තියාගෙන නෑ. සෑහෙන්න ලිබරල්. සැම්සුල් එල කොල්ලා, හරිම හිත හොඳයි. ඒත් හිටිය ඉන්දියන් මුසල්මානුව ගල් ආඳා. ආගම් කනෙක්ෂන් දාලා, සැම්සුල්ව බාගන්නමයි බැලුවෙ. ඌ අහුවුනේ නෑ, හිටියෙම අපේ ගැන්සියෙ.

      කෙල්ලො පට්ට ලස්සනයි, ඒක අමුතුම ලස්සනක්.ස්ත්‍රී ලාලිත්වය කියන්නෙ ඒකද මන්දා? සැම්සුල්ගෙ බිරිඳ මටයි, සැමියටයි උයල දීලා, ගැබ්බර බඩ ගෙඩියත් උස්සන්, කොපි ෂොප් එකේ වැඩට ගියා. ආන්න ගෑණු!

      //අති ටැක්නිකල් බ්ලොග් පියා අද ලේසියෙන් පහසුවෙන් කියවන්න පුලුවන්...//
      ඔහෙට කිව්වම මොකද ආයිබෝවන්ඩ, ඇනෝ සැට් එක ඇවිත් නෙලුව උන්ගා-බන්ගා වෙන්නම? වැම්පයර් ඇවිත් මීයොන්ගෙ පුපට පයින් ගැහැව්වා. තව පොඩ්ඩෙන් බස්සෙක් නෑ. අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු.

      //බංගලියොන්ගෙන් කවුරුවත් වගේ තද කාලවර්ණ අන්තයට නොයන්න..//

      ඒක නං දන්නෙ නෑ. මගේ අනුමානය ඔවුන් ආර්‍යයන් කියලයි. දකුණු ඉන්දියාවෙ කාළවර්ණ අය, ආදීවාසී යක්ෂ ගෝත්‍රය විය හැකියි. අනුමානයක් සහ යාන්තං කොහේදී හරි කියවපු දෙයක් විතරයි.

      ඇයි සෑර් අපි කලුද?

      Delete
    2. මට ඔය බන්ගලියෝ හොඳම කියන එක නම් වැඩිය දිරවන් කටහ්වක් නෙමේ. හොඳ එවුන් ඉන්නව. අපි රුස්යාවේ හිටි කාලේ හින්දු බන්ගලියෝ ටිකක් හිටිය. තාගෝර් කියවන එවුන් . උන්නම් හොඳයි. ලන්ඩන් ආවහම අපි නතර වුනේ බංගලි ගෙවල් වල ගණන් අඩු නිසා. ළමයි පෝලින් ගහල ඉන්නේ. ආණ්ඩුවේ සල්ලි ගන්න. පලවෙනි ජෙනරේෂන් එක ඉංග්‍රීසි වත් කතා කරන්නේ නැහැ. ගෑනු සහ මිනිස්සු අතර වයස පරතරය ඉතාම වැඩියි. ගැහැණු ලස්සනයි. ටිකක් ඉගෙන ගත්ත එවුන් ඇරුනහම අනිත් එවුන් පට්ට ගෝත්‍රිකයි.

      Delete
    3. බසු මගේ සියාමා කතාව හෙම කියවල තියනවද

      Delete
    4. මෙච්චරම නරක නරකයි කියල හිතනවද? දැන් අපේ තද කාළවර්ණ අයට කම්පිටිෂන් එකක් තියනවා.

      මම උඹව අඩි හයක් යට වලලමි

      Delete
    5. මම පිලිගන්නවා. මම ටිකක් බංගලින්ගෙ පැත්තට බයස් කියල. ඒ උන් "අර" අන්තවාදී ආගම කරේ තියා නෙගත්ත නිසා සහ මගේ ඒ ආගම ගැන සහජ අකමැත්ත නිසයි. වැරදි හෝ අසාධාරණ වෙන්නත් ඇති,
      ඒත් කරන්න දෙයක් නෑ , ඒ මගේ හැටි. මෙහෙ නැති වුනත්, ඔහේ සිස්ටම් එක අවභාවිකා කරන බංගලි ඉන්න බව අහල තියනවා.

      නෑ , මම "සියාමා" කියවල නෑ. ඒකෙ මේකට මොකක් හරි සම්බන්ධයක් තියේද?

      Delete
    6. ඒ රටට සම්බන්ධයි. පොතේ පිටපත් නැහැ . නැත්නම් එවන්ව. //ඒ උන් "අර" අන්තවාදී ආගම කරේ තියා නෙගත්ත නිසා // ඔයාගේ දෙන්න එහෙම නැතිව ඇති. ඒත් වැඩිය ඉන්නේ කර ගහ ගත්ත උන්. මට අපේ කම්පැනි එක එකෙක් වරක් කීව උඹල වගේ අන්‍යාගමිකයන්ට අපි කියන්නේ කෆීර් ල කියල. උඹල එක්ක අපට කවදාවත් යාලු කම් තියා ගන්න බැහැ අපේ ආගමේ හැටියට . අඳුරනවා විතරයි කියල. මම ඌ ට කිව්වා මගේ ඉන්දියන් මුස්ලිම් යාළුවෙක් ඉන්න වග සහ තුර්කි යාලුවෝ දෙන්න ගැන. පොර කියනවා තුර්කි එවුන් නියම උන්ගේ ආගමිකයෝ කියල සලකන්නේ නැතිලු. වයින් බොන නිසා, හලාල් නොවන මස් කන නිසා කියල. මගේ අනිත් යාලුව ආගම අදහන්නේ නැතිව ඇතිලු. දෙකම් හරි හැබැයි.

      Delete
    7. අර "කෆීර්" කතාව හරි. ඕක මමත් අහල තියනවා.යුදෙව්වොගෙ "කෆීර්" කියල යුධ ගුවන් යානයක් තියනව නේද? එතන තියෙන්නෙ තියනව කියල හිතාගෙන ඉන්න "බ්‍රදර්හුඩ්" සඃකල්පය. ඔය මැදපෙරදිග අනාතයො, සව්දියට, වටේ තියන මුස්ලිම් රටවලට ගන්නවද? උන්ටත් එන්න ඕනෙ යුරෝපයට, බටහිරට. ඇවිත් සිස්ටම් එක උලා කන්න.ජරා ජාතියක්.

      අපට, අරාබි, පකිස්ථානි සරණාගත අවුල තිබ්බට බංගලිංන් ගෙන් එහෙම කරදරයක් නෑ.
      "බන්ගලියෝ තමයි හොඳම" කියනවට වැඩිය මෙහෙම කියන්නම්. 1971 දී ජන සංහාරයකට ලක් වෙලා, ස්වභාවික විපත් වලින් හැඳි ගෑවිලා, වටේම බලවත් රටවලින් බැටකාලා, ඔය කියන රැඩිකල් අන්තවාදී මුසල්මානුවොත් බැලන්ස් කරගෙන, අද ලංකාව වගේ ගව්ගාණක් ඉදිරියෙන් ඉන්න බංගලි දීපු ගේම අදහන්න වටිනවා. ඒ නිසා උන් ටිපිකල් පලස්තීන මෙන්ටැලිටියෙ ඉන්න රටක් කියල හිතන්න අමාරුයි කියල තිතෙන්නෙ නැද්ද?

      Delete
    8. https://en.wikipedia.org/wiki/Sri_Lanka_Kaffirs#:~:text=8%20External%20links-,Etymology,Arabic%20kafir%2C%20%22unbeliever%22.

      Delete
    9. අහා උන්ට එතකොට අපි ඔක්කොම කාපෙරි. හ්ම්....දැන් මට ඒ අන්තවාදී හැසිරීම, මානසිකත්වය තවදුරටත් පැහැදිලියි. 🤔

      Delete
    10. ඔව්. කෆීර් ගේ ගෑනු භාවිතයට ගන්න වහල් කමේ තබා ගන්න සහ ඕන දෙයක් කරන්න ඉඩ දෙනවා ඔවුන්ගේ නීතියට අනුව

      Delete
    11. 'සියාමා ' කටහ්වේ 1-5 කොටස් ටික දැම්ම බසුට. කියවල ඉවර වුනහම අයින් කරන්නම්. https://kolambagamaya.blogspot.com/2015/07/5.html

      Delete
    12. තව දාහක් වටිනවා. තෑන්ක්ස්.
      මම ඒ ටික සේව් කර ගත්තා කමෙන්ට් එක්ක. දැන් අයින් කරන්න. පලවෙනි කොටසෙ ලින්ක් එක වැඩ කලේ නෑ, අවුලක් නෑ. මම ගහෙන් ඒක හොයාගත්තා.
      අත්තම න්කිව්වොත්, ඒක කියවන්න සෑහෙන දවසක් යාවි හේතු කීපයක් නිසා. පේන විදිහට හොරර් මූවි එකක් වගේ දරුණුයි. මට ඒව ඔලුවෙන් අයින් වෙන්න කාලයක් යනවා. රෑට හීනෙනුත් පේනවා. මම කියවල කොහොමත් තියා ගන්නෙ නැහැ එහෙම ඒව. හේතුව වැරදිලාවත් ආයෙ දැක්කොත්, ආයෙත් අර මානසික වදදීම පටන් ගන්නවා.

      Delete
    13. අනිත් කොටස් ටික දාල නැහැ . අද දාන්නම් . ඇත්තම කියනවනම් කියවන්නත් එපා. ටිකක් දරුණුයි. හැබැයි හුඟක් කට්ටිය දැන් කියන එකක් නැහැ දරුණු කියල. බංගලි අය හැබැයි හොඳයි අපිත් එක්ක සාමාන්‍යයෙන් ගත්තම. අපි රුසියාවේ ඉන්දන වහාම මුල් කාලේ නතර වුනේ බංගලි ගෙවල් වල.

      Delete
    14. මේකත් බලන්නෝ. බංගලි ගමයා ගේ සෝවියට් නංගි https://kolambagamaya.blogspot.com/2018/02/blog-post_23.html

      Delete
    15. ඒ කතාව මගේ ෆේවරිට්. මට කට පාඩ්ම් ඒක.🤣😁
      ස්වේතා නේද? ක්ලැසික් "බේබි ට්‍රැප්" ගැටේ.

      වැරදුන යම් තැනක දැන් මට හැඟෙන්නේ....

      මේකත් ඔබට......

      Delete
  6. බසු මහත්තයා. කතාව ඇතුලේ දේශපාලනය හරි සීරුවෙන් කතා කරලා තියෙනවා. දැන් ලේබල් කරලා වෙන වෙන සටහන් විදිහට මේ වගේ කතා ටිකකුත් ලියන්න . ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. රොම්බ තෑනක්ස්, අනුරුද්ධ විච්චේදනටය. මට ඒක දාහක් වටිනවා. මට ලව්පූසලට වගේ නිර්මාණාත්මක හැකියාවක් නෑ. උන්ගා-බුන්ගා වෙන්න කාලා, මොලේ කචල් වුනාම තමයි මෙහෙම එව්වා ලිය වෙන්නෙ. 🤣😁

      Delete
  7. යාන්තං තේරෙන බාසාවෙන් එකක් ලියලා..තට්ටය මතුවී ඇත කියන තැනට එනකොට හිතුනේ තට්ටයා ගැන ලියනවා කියල...😃 ලිපිය මරු..මං වැඩියම ආස මිත්‍රශීලී මිනීමරුවා කියන එකට ..කයියකට දාන්නත් ඒක හොදා වගේ..

    ReplyDelete
    Replies
    1. මගේ මිත්‍රශීලී මිනීමරුවා..........තට්ටයා. කොහොමද ඒක?🤣
      දැන්නව නං තට්ට මහතා දිව විකාගෙන මැරෙනවා...😁🤣🤭😜

      දාන්න, දාන්න. දාලා අපටත් අදහසක් ගන්න හොඳ කවියක් ලියන්න. අපිත් මේවා ඔය අනුන්ගෙන් අහුලගන්න ඒවා තමයි. ඔරිජිනල් නිව්ස් ආටිකල් එක පහලම තියනවා, ඒකෙන් ටිකක් ගත්තා. ඉතිහාසගත කරුණු chatGPTයට කියල හොයා ගත්තා. සමහර ඒව විකියෙන් ගත්තා. මම කලේ මගේ අත්දැකීම් ටිකකුයි, අරගලයයි මේකට හාමු කරන එක විතරයිමයි.

      Delete
  8. මෙව්වා හොඳ ලිපි ඈ
    ඔක්කෝම කියෙව්වා
    වෙනදට දෙවෙනි පේලියේ ඉඳන් තේරෙන්නේ නැහැ නොව

    ReplyDelete
    Replies
    1. යකඩෝ ඉතිං බලමුකො, මට කාමරේ උන්න අලියව පෙනිලා නෑ නෙව? ස්තූතියි, වැරැද්ද කියා දුන්නට.👌🙏

      Delete
    2. ඇත්තටම මම අදහස් කලේ අර technical හුටපට ගැන
      එව්වා තමයි මෙලෝ අලබෝලයක් තේරෙන්නේ නැත්තේ
      කතන්දර නම් නියමයි

      Delete
    3. මට ඒක තේරුනා. මම අදහස් කලෙත් ඒකම තමයි. මම කමෙන්ට් එක ලියපු විදිහෙන් එන්නෙ වෙනස් අදහස්ක් වෙන්ටෑ?

      Delete
  9. මීන්වයිල් ඉන් නෝවෙයා..
    අවුරුදු පහක් තිස්සේ රට ඉන්නා බංගලියා කැවිලි බන්දේසියක් උස්සාගෙන එයි.

    Le බසු - ඇයි මචං.
    Le බංගලියා - wifeට බබෙක් හම්බෙලානෙ මචං. දෙයියෝ දුන්න බබා.
    Le බසු - හම්මට එළ එළ. දෙයියෝ මොන පාටද දන්නෑ නේ මචං.
    Le බංගලියා - පල පෙත්ත යන්න

    ( ඌ ලංකාවෙන් ආව මූකලං බස්සෙක්ය කියන්නෙ)

    (විහිළුවට පමණි. අමනාප ගෙන නොලියන්න. )

    ReplyDelete
    Replies
    1. හත්තික්කෙ! අර බඩ දරු අම්මණ්ඩිට කිව්ව කතාවට, ටෝව දීයාම කාපිය. 😂🤣
      සැම්සුව මට වඩා තරුණයි, ඒවගේම කඩවසම්. කෙල්ලත් ඌට පණ ඇරලා.මට පෙන්නපු පිංතූර ඇල්බම් වල මම දැක්කෙ නෑ, ඔලුවවත් වහගෙන ඉන්නව. සමහර බංගලියො හින්දු. ඒ නිසා වෙන්ටෑ උන් එච්චර ලිබරල්. අර Operation Searchlight එකේ ටාගට් එක වුනේ හින්දු බංගලියන්ව සමූල ඝාතණය කරන එක. පක්කො ඒකෙ අනිත් පැත්ත. ගෙදරකට එක්ක යනවා තියා, ගෑණුන්ගෙ පිංතූරයක්වත් පෙන්නන්නෙ නෑ. මට හමුවෙච්ච පක්කො අතරින්, එකෙක් ගාව විතරයි යන්තං හරි සාධාරණත්වය ගෑවිලා තිබුනෙ.

      Delete
  10. ඇත්තම කියනවනං
    තේරුනේ පොඩ්ඩ තමයි.

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න නයෝ, මටත් ඕක ටිකක් තේරිලයි තිබුනෙ. අපේ අනිත් මිත්‍රයො, ඇත්ත කියන්නෙ නෑනෙ හිත රිදෙයි කියල බයට? ඇනෝ මී සැට් එකම ඕක කිව්වා කියහංකො. මගේ කල් ඉකුත්වෙලා දැන් බොහොම කල්.🤔

      අර ඇත්තම කිව්ව එක දාහක් වටිනවා, ඈ?👌🙏

      හරි, 2024 සිට මමත් පූර්ණ කාලීන කමෙන්ට් කරුවෙක් ලෙස බොලාට එකතු වෙනවා.

      Delete
    2. ඌට ඇති ඇති පිස්සෞවක් නෑ බොල. ටිකාක් ඒවගේ තිව්න බ්ලොග් එක ලියන කාලෙ නං, මහිතේ. ඈ, බම් , නයෙකුට පිස්සු හැදුනාම රිවස් එකටද යන්නෙ?🤔

      Delete
    3. හෑ. ගැහුව වංගුවක් 😁
      මං ඇහැව්වෙ බොට පිස්සුය... නොලිය ඉන්ට කියල.

      බාබි කිලර් වැඩේ මාරයි. ඒ ගෑනු උන්දත් මරැ. මං කිව්වෙ... ඒ වායෙ කෙනෙක් මටත් කන්නියාවියො 😁🙈 see more

      Delete
    4. තමන්ගෙ බාල බොලඳ අහිංසක නඟාව රවටලා, මත් කරවල, අරූ අහවල් වැඩේ කරන කොට වීඩියො කලේ මේකිලු. යකෝ මනුස්පයෙක් නෙමෙයි, ඒකි යස්සනියක්. තොගෙ පරම්පරා කුට්ටමට මෙන්න මේකයි ඕකි කොරන්නෙ:
      https://youtu.be/j4eYyBML4-M?t=29

      Delete
  11. ඔලිඳ තිබෙන්නෙ කොය් කොය් දෙසෙ... බෞන්ගලි දේසෙ 😂🤭

    ඔය අල්ලපු වැටේ කැරලි පොරගෙ කාමරේට පයින්ට. උ නැති වෙලෙේ. හොද හොද දේවල් හොයා ගන්ට ඇහැක් වෙයි 😉

    ReplyDelete
    Replies
    1. ඔය ඔලිඳ කෙලියෙ කිව්වට, ගෙනත් තනන්නේ හිංගල දේසෙ කියලා, මෝගල් පාලන කාලෙ තාක්ෂණෙන් දියුණුව ඉඳලා තියෙන්නෙ බංගලියොයි.මම ඔය "හා, හා බලාගෙන සුද්දො හොරකම් කරගෙන යාවි" යක්ඛ්පුත්‍ර මීම් එකට මනාප නැති වුනත් සුද්දා බංගලි මෝගල් තාක්ෂණේට නං බැස්ටිය දුන්න පාටයි.

      Bengal Subah

      Delete
    2. පොරගෙ කාමරේට පැනලා මාට්ටු වුනොත් උන්දෑ මාව තනි තට්ටෙන් බාල්කෙ එල්ලලා බොක්සිං ගහවි, යකෝ. උන්දෑ හිටපු ආමි ඔපිසර කෙනෙක්. අපට අපේම කියලා ආඩම්බරෙන් කියන්න ඇහැකි "දාම මිනීමරුවො" ඉන්නවා. මේ ඉන්නෙ "‘Barbie’ Killer" ජෝඩුව.

      ‘Barbie’ Killers

      හොඳ ඇහැට-කනට පේන ජෝඩුව. මැරුවෙම ඉස්කෝලෙ යන කෙල්ලොන්ව. කෙල්ල බඳින්න කලින් සල්ලං වෙලා හිටියෙ කියලා අරූ කියලා. ඒකට හිලව්වට,ගෑණි තමයි පොඩි කෙල්ලොන්ව ගෙනැත් දුන්නෙ, හබියට "ටීක් ලන්න". මතක විදිහට කන්‍යාවියො. ගෑනිගෙම නංගිවත් ගෙනත් දුන්නා. ආන්න අදහන්න වටින ගෑණු. 😵‍💫😨

      ගෑණි හිරේදී "යහපත් හැසිරීම" පාට් එක දාල කලින් නිදහස් වුනා. කොහොමත් ඔය manipulative psychopathලා හරිම බුද්ධිමත්.
      නඩුවෙ ලෝයර්ගෙ මල්ලිට කොක්ක ගැහැව්වෙ හිරේ යන්නත් කලින්. ඒ වෘෂභයා, ගෑණි නිදහස් වෙනකං "කුමර බඹසර" රැකලා, ආපු ගමන් බැඳගත්තා. ටික කලක් "කිව්-නුවර" හිටියා. ලමයි දෙන්නයියි, ඒත් අසල්වැසියොන්ට ආරංචිය ආවා. දැන් නම නොදන්නා රටක යස අගේට ඉන්නවා.
      දැන් Barbie’ Killer පිරිමියා -Paul Bernardoවත් නිදහස් කරන්න නිර්දේශ කරලලු. ආන්න එහෙමයි අපේ "ජස්ටිස් සිස්ටම්" එක. අපේ මේයර් ඌට ඉංග්‍රිසියෙන් "පම්කයා මහතා" කියලා ආදරෙන් ඇමතලා "We will not forget nor forgive" කියල ප්‍රාදේශීය පාර්ලිමන්ට් එකේ ප්‍රසිද්ධියෙම කිව්වා.පම්කයා මහතා එලියට ආවොත් අපට "බැස්ටිය දුන් පියා"ගෙ සේවය අවශ්‍ය වෙන්නත් බැරි කමකුත් නෑ.

      ඔන්න පෝස්ට් එකක් ලියන්න ඕනෙ කතාවක්, කමෙන්ට් එකකින් කෙටුව.කොහොමද මං "පූර්ණ කාලික කමෙන්ට් කරුවන් ගේ සංගමයට" සුදුසුයි නේද? නයා නේද ඕකෙ සබාපති? මීයොන් ගෙ ඩබොල් ඒජන්ට් කෙනෙක්ද මන්දා? මට ටෝ හොඳ ඉස්පිරිතාලෙ තුවාල වලට බේත් දාන්න කියලත් බැන්නා. ඕකා අංචිය අදීවිද?

      Delete
  12. ලේකං තුමාට දැම්ම ටැලිගිරං කඩදාසියක් යවනව කාට දුන්නත් ඔහෙට නං මැම්බර්ෂිප් එක දෙන්ඩේපා කියල.
    හංදියෙ කොමිනිකේෂන් එකෙං සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව ටැලෙක්ස් පණිවුඩේකුත් යවනව ආයුබොවන්ඩ.

    ReplyDelete
    Replies
    1. මට හිතෙනවා, මීයෝ බිත්ත්‍ර දීලා ලේකමාව බාගෙන කියලා. මී, නයි දෙගොල්ලොම බිම දිගේ ගාටන එවුන් නෙව? ඕකා මට කිව්වා, මම හොඳ ඉස්පිරිතාලෙ බෙහෙත් දාන්න මිසක් ටැක්නිකල් වැඩට නෙමෙයි කියලත්.🤔

      Delete
    2. චිකන් රන් එකේ මීයන්ට තමා බිත්තර දෙන්නෙ.
      මේ ඒක නෙවේ තමුන්නැහැ Ghibli එකේ අලුත් පිචෑස් එක බැලුවැයි.
      The Boy and the Heron

      Delete
    3. පට්ට ඇනිම ලොක්කා. තාම හෝල් එකේනෙ? මම කෝවිඩ් වලින් පස්සෙ හෝල් වලට තාම ගියේ නෑ, යන එකකුත් නෑ, අර යක්කු ඇවිත් මොනවද ස්ප්‍රේ කරපු නිව්ස් එකෙන් පස්සෙ.

      Delete
    4. පිචෑස් එක බැලුව හෝල් එකේ. ඇනිමෙ මරු.
      පරණ එව්වගෙ වගේ මටනං කතාව තේරුනේ නෑ.
      අපේ කෙල්ලො පස්සෙ ඒකෙ තේරුම හොයල කිව්වම තමා චොම්ප්ලිට් උනේ.
      බියුටිෆුල්

      Delete
    5. මා ගාව Ghibli කලෙක්ෂන් එකක්ම තියනවා. ඒ ආට් ස්ටැයිල් එක තමා පට්ට
      Howl's Moving Castle
      Kiki's Delivery Service
      Whisper of the Heart
      Arrietty

      එව්වා නිදන් ගෙයි ගබඩා කරලා තියෙන්නෙ. The Boy and the Heronට ඉඩ හදලා තියෙන්නෙ.😏
      Arrietty බලනකොට ඇස්වලට කඳුලුත් එනවා. බස්සො එහෙම ලේසියට අඩන ජාතියක් නෙමෙයි. එතන platonic love සීන්කෝන් එකක් තියෙන්නෙ, මගේ නොවන මගේම ආදරයක් වගේ උලව්වක්. කිනිසි පාර වගේ පපුවටම බහිනවා. අපෙත් ඔය ඒක පාර්ෂික( කෙල්ල දන්නෙවත් නෑ) හුටප්පර තිබ්බා නෙව, හැටරේ?

      Delete
    6. නැතුව. නැතුව.
      ඇප්රෝච් කරන්ඩ බයේ පටි රෝල් වෙයි කියල.
      ඒ කාලේ එහෙම එකක් උනොත් ඉස්කෝලෙ 'පත්තර' වලත් යනවනේ.

      Delete
    7. ආන්න ඒ නම්බු නාමෙ තමයි අපිව කෑවෙ, හිටං!
      ඔය අන්සෙ කප් ගහපු ඇන්ටා ගෙන් ඇහැව්වාම "ඈ බම් , කෙල්ලො බැහ් කියල නැහ්ද?" කියල මූ කියපි
      "මොකෑ නැත්තෙ? ඉසේ කෙස් ගාණට, එතකොට කෙල්ලගෙ යාලුවගෙන් අහනවෙනෙ" කියලා. ආන්න ධනාත්මක බුවාල.

      Delete
    8. ඔක්කොම ඇනිමේ ටික තියනව. ඒවා පට්ට තමා. ඔත්තුවට ස්තූතියි

      Delete
    9. My Roommate Is A Cat
      Zero no Tsukaima
      Steins;Gate
      The Devil is a Part-Timer
      Horimiya

      Few more recomendations from my collection. The rest may be........errr, little too spicy for your taste.

      Delete
    10. නෞසිකා අමතක වුනාද , ක්ලයිමෙට් චේන්ජ් එක නිසා විනාශ වෙච්ච ලෝකේ කෘමින් එක්ක හොඳින් ඉන්න කුමාරි

      Delete
    11. මම ඒක අහලවත් තිබ්බෙ නෑ.😮 සමහරවිට මගේ ටේස්ට් එක නෙමෙයි නිසාද දන්නෙත් නෑ.🤔
      මට ඇනිමේ ග්‍රැෆික්ස් එක කොලිටියකට තියෙන්නෙ ඕනෙ. කතාවත් ඒවගේම ඒකාකාරී නොවෙන්නෙ ඕනෙ.
      Restaurant to Another World වගේ Isekai ජොන්‍-රා ඕකේ.
      The classroom of the elite වගේ Psychological thriller ඕකේ.
      My teen romantic comedy snafu වගේ romcom ඕකේ

      මගේ රසවින්ඳනය ටිකක් අමුතුයි. මම සාමාන්‍යයෙන් ඇනිමෙ බලන්නෙ සබ් දාගෙන ඔරිජිනල් ජැපනීස් ඕඩියෝ අහන ගමන්. ජැප්පොන්ගෙ කැඩිච්ච ඉංග්‍රීසි වල, ඇක්සන්ට් එකේ අමුතුම ලස්සනක් තියනවා. මම ඒක උපරිම රස විඳිනවා. මෙන්න උදාහරණයක්:
      love is hard for otaku

      Delete
  13. නොදත් කරුණු ගොඩක් කියවූයෙමි.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආවට දුමී. අපිට කවි නැතෙයි?😞

      ඔය උතුරෙ යුද්දෙ කාලෙ ආමි එකට ගත්තෙ හෝල් සේල් නෙව. දකුණෙත් එහෙම හෝල්සේල් ඉන්ස්වීව් එකක් තිබ්බලු ඉස්කෝල පිට්ටැන්නෙ. දැන් කස්ටිය උදේ ඉඳන් දාඩිය පොල්ල දාගෙන ඉන්නවලු පෝලිමේ. පස්සෙ බැරිම තැන, එක කොල්ලෙක් ආමි සාජන් කෙනෙකුට කිට්ටු කරල මෙහෙම ඇහැව්වලු.

      "සෑර්, අපිට දොඩං නැතෙයි"
      ඉතුරු ටික හැට්ටර් හරි ඩැකියා හරි කියාවි.😁

      Delete
    2. අපි ඇහැක් විදියට කණ ඇඳපු කොල්ලො හිටං!

      Delete
    3. ගාමිණිත් ඉන්නවැයි, මාලිනිත් ඉන්නවැයි, මේ දෑස මක්කටැයි.

      පොල් ඔයන්න දැන්නෙ නෑ මුදලාලි , අඹ "බ" යන්න නං දන්නවා.😁

      Delete
    4. මගෙ මිත්‍රයෙක් 'ඇඹෙව්ව' කොළඹ බඩු කෑල්ලක් පස්සෙ.
      කෙල්ලගෙං ඌ ඇහැව්වෙ 'ඔහේ මට මනාපයි ද' කියල

      Delete
    5. ටක්කෙටම කෙල්ල හිතන්න ඇති මූ නං පලා බබෙක් කියලා.🤣😂

      Delete
    6. ඔහෙලා දන්නවැයි අර හන්තානේ ගිහින් නැටි වෙච්චි උන්දැල වැඩ හරියක් මාතරින්ලු

      Delete
    7. ඒහෙම කතාවක් අහලම නෑ.🤔

      Delete
    8. මෙතන ලියන්ඩ කතා කීපයක් ම හිතට ආව. ඒ් ටික ලියල මං පෝස්ට් එකක් ම දානව ඔන්නෙහෙ...

      Delete
    9. ආන්න ජංසොන්. ඔව්, එහෙම තමයි හොඳ. නැහ්නං කමෙන්ට් ගහ දෙගේ ඉඩට පහලට බඩ ගාලා කකුල් කඩෙත්තුව හැදෙනවා.🤭

      Delete
    10. https://drackey.blogspot.com/2023/12/blog-post_19.html

      Delete
  14. 1975 දී සිද්ධ වෙච්සි හමුදා කුමන්ත්‍රණයෙන් පස්සෙ 1990 ගනන් වෙනකං බංගලිදේසේ තිබ්බේ මිල්ටරි පාලන නේද?ඔය හමුදා කුමන්ත්‍රනයෙදී මුජිබර් ගේ පවුල විතරක් නෙමේ මිල්ටරි හමුදාවට විරුද්ධ සාමාන්‍ය උගත් මිනිස්සුත් ගොඩ දෙනෙක් ඝාතනය උනා.

    මටත් බංගලි එවුන් එච්චර දිරවන්නෙ නෑ....ඒත් මාත් එක්ක ඉගෙන ගෙන තියෙන බංගලියෙක් ඉන්නවා..ඌ බෞද්ධයෙක්...ඌ උන්ට වෙන ආසාධාරණකම් ගැන නම් මාත් එක්ක කියලා තියෙනවා . ඌ නම් බංගලියෙක් උනාට පට්ට අවංක පොරක් -MAYYA

    ReplyDelete
    Replies
    1. හ්ම්....ඔය කතාවම කොළඹ ගමයත් කියල තියනවා. මම බංගලිදේසෙ ඉඳලාවත්, බංගලියො රොත්තක් අශ්‍රය කරලාවත් නෑ. මම බංගලාදේස ඉතිහාසය ගැන විශේෂඥයෙකුත් නෙමෙයි. ඔබලා නිවැරදි විය හැකියි. ඒත් ඒකෙන්, මේ සියලු බාධක මැද්දෙ බංගලියො ආ ගමනත්, අද ඉන්න තැනත්, ඔය අතරේ ණයට කමින් ආතල්ගත් අපි අද ඉන්න තැනත් අතර අතර ඇති පැහැදිලි වෙනස මැකෙන්නෙ නෑ.

      Fun facts
      මුජිබර් රහ්මාන්ගේ මරණය අලුතින් ස්වාධීන වූ බංග්ලාදේශ දේශ්ස්පාලනයේ රික්තයක් ඇති කළේය
      අගෝස්තු 15 කුමන්ත්‍රණය:
      1975 අගෝස්තු 15 වන දින මධ්‍යම මට්ටමේ හමුදා නිලධාරීන් විසින් මෙහෙයවන ලද හමුදා කුමන්ත්‍රණයක් බංග්ලාදේශයේ ආරම්භක පියා වන ෂෙයික් මුජිබර් රහ්මාන් ඝාතනය කර ඛන්ඩකර් මුෂ්ටාක් අහමඩ්ගේ නායකත්වයෙන් යුත් රජයක් පිහිටුවන ලදී.
      නොවැම්බර් 3 කුමන්ත්‍රණය:
      බ්‍රිගේඩියර් කලීඩ් මොෂාරෆ් 1975 නොවැම්බර් 3 වන දින ඛන්ඩකර් මුෂ්ටාක් අහමඩ් නෙරපා හරින ලද නමුත් දින කිහිපයකට පසු ප්‍රති-කුමන්ත‍්‍රණයකින් මිය ගියේය.
      නොවැම්බර් 7 කුමන්ත්‍රණය:
      වාමාංශික හමුදා නිලධාරීන් සහ දේශපාලනඥයන් 1975 නොවැම්බර් 7 වන දින කුමන්ත්‍රණයක් දියත් කළ අතර, මේජර් ජෙනරාල් සියුර් රහ්මාන් නිවාස අඩස්සියේ සිට නිදහස් කර ඔහුට බලය අල්ලා නීමට මග පෑදුවේය.
      හමුදා රීතිය සහ වන්දි ආඥාපනත:
      සමූල ඝාතනයෙන් පසුව, ඝාතනයට සම්බන්ධ නොවූ ජෙනරාල් සියුර් රහ්මාන් බලය අල්ලාගෙන යුද නීතිය ප්‍රකාශ කළේය.ඔහු ඉදිරි වසර නවය සඳහා බංග්ලාදේශය පාලනය කළ මිලිටරි පිටුබලය සහිත රජයක් ස්ථාපිත කළේය.ජාතියේ පියාගේ ස්වයං ප්‍රකාශිත ඝාතකයින් ආරක්ෂා කිරීම සඳහා, ජෙනරාල් සියුර් රහ්මාන් වන්දි ආඥාපනත ප්‍රකාශයට පත් කළේය.

      Delete
    2. ස්තූතියි බස්සො මේ ඉතිහාස පාඩමට.ඔය කුමන්ත්‍රණයට සහභාගී වූ අයව නිදහස් කරන ඉන්ඩෙමිනිටි ඇක්ට් එකක් පාස් වෙලා තියෙනවා 1975 දී.ඒක හින්දා කුමන්ත්‍රනයට සහභාගී ඌ අයට විරුද්ධව නීතීය ක්‍රියාත්මක වීම කෙරී නෑ නේද?- Mayya

      Delete
    3. හරියට හරි.
      ජෙනරාල් සියුර් රහ්මාන්, මුජිබර් රහ්මාන්ගේ පවුලම සමූල ඝාතණය කල කුමන්ත්‍රණයට සහභාගි වුනේ නෑ කියල තමයි කියන්නෙ. ඒකට මූලිකත්වය දුන්නෙ "middle-ranking" හමුදා නිලධාරීන්ලු. නමුත්, යුද නීතිය යටතේ අවු 9ක මිලිටරි පාලනයක් ගෙන ගිය ජෙනරාල් තමයි, කුමන්ත්‍රනයට සහභාගී ඌ අය ආරක්ෂා කරන්න පනත ගෙනාවෙ. ?🤔 මගේ අනුමානය, මගේ අසල්වාසී මිනීමරුවා අයත්වෙන්නෙ අර "middle-ranking" හමුදා නිලධාරීන් අතරට( ඔහු ඉතෙතෙක් පමණක්‍ කියලත්) කියලයි. කුමන්ත්‍රණයේ මහ-මොළ කරුවන් බංගලිදේසෙක යෙහෙන් වැජඹෙනවත් ඇති. ඔව්, මේක බකුසු කොන්පිරසි තියරියක් තමා. කෝටුවේ ගිය ඉබ්බාසේ අයින හපාගෙන, කට නෑර ඉන්නා, මගේ මගේ අසල්වාසී මිනීමරුවාත්, දූෂිත බංගලි දේශපාලනයත් නිසා ඇත්ත කවදාවත් හෙලි නොවෙන්න පුළුවනි.

      ඒත් ඝාතණ සහ ලේ වලට සෑහෙන දේශපාලන මාකටින් වටිනාකමක් නං තියනවා.

      එහෙත් අපේ වගේම තමයි

      Delete
  15. කොයි දේසෙත් වගෙ කොයි කොයි ජාතියෙ වුණත් ඉන්නවා අපත සිපයි
    බොරු නැත ඒ වාගේම ඉන්නවා දඹ රන් කඳවල් 'හැබැයි ටිකයි'
    කවුරු කොහොම වුව මනුස්සකම් ඇති නං, උන් මිතුරන් වෙන්න හොඳයි
    'හිලක්' luck එකේ නැති අය කාටත් 'මිතරු පල ලැබෙයි' මේ සත්තයි!

    ReplyDelete
    Replies
    1. නිවැරදි කිරීමක් කරන්න ඕනැනේ. පාපිල්ලක් හැලිලා.

      කොයි දේසෙත් වගෙ කොයි කොයි ජාතියෙ වුණත් ඉන්නවා අපත සිපයි
      බොරු නැත ඒ වාගේම ඉන්නවා දඹ රන් කඳවල් 'හැබැයි ටිකයි'
      කවුරු කොහොම වුව මනුස්සකම් ඇති නං, උන් මිතුරන් වෙන්න හොඳයි
      'හිලක්' luck එකේ නැති අය කාටත් 'මිතුරු පල ලැබෙයි' මේ සත්තයි!

      Delete
    2. //කොයි දේසෙත් වගෙ කොයි කොයි ජාතියෙ වුණත් ඉන්නවා අපත සිපයි//
      මසුරං කියමන.🙏👌

      Delete
  16. මේක දැන් දාල දවසක් දෙකක් යද්දි, මාත් නැතුව, ඇනොවත් නැතුව ම, කමෙන්ට් 69 යි. අරූගෙ සාපෙ වැඩ කරල තියෙන්නෙ කණපිට...

    ReplyDelete
    Replies
    1. සාපෙ එලකිරි.කොම් වගේ වැඩ, බාං. මේක ස්පෑම් එකේ වැලලිලා තිබිල මේ දැන් හාරලා තමයි ගොඩ ගත්තෙ.😂🙏😁

      Delete
    2. ස්පෑම් නං මොනව ද අනේ? මෙහෙම කමෙන්ට් වහිනවනං, මොනව කරගන්ඩ බැරි ද? පෝස්ට් එකත් එක්ක සෑහෙන පරාසයක දැනුම රැස් කරගන්ඩැහැකි, රස විඳින්ඩැහැකි, මෙව්වයෙං තමයි අපි පෝෂණය වෙන්නෙ.

      Delete
    3. කකා කියපු කතාව හරි කමෙන්ට්ස් සහ සාකච්චාව තමයි වැදගත්.

      අර උඹේ "වර්ණපාල" තියරි කමෙන්ට් මැතඩ් එකත් පට්ට ඈ. අත් ටැට්ටරේ වීඩියෝවට තාම හිනා වෙනවා. කොහෙන්දෑ බාං උඹ ඕව හොයා ගන්නෙ? ඇයි අපිට ඒවා ගූගලයා වැරදිලාවත් දෙන්නෙ නැත්තෙ?

      ගූගල් සර්ච් සහ රෙකම්න්ඩේෂන් ඇල්ගොරිතම් එක localized. ඒක එක අතකින් ආශිර්වාදයක් වගේම සාපයක්.

      Delete
  17. බස්නායක සේර්ට ලේසියෙන් ගැලවෙන්ඩ දෙන්නෙ නෑ.

    සියාඋර් රහ්මන් උන්නැහෙ රැවුල කප කපා ඉන්නකොට මුජිබර් ලොක්ක මරලා කියල කිව්වම ආ කොල්ලො උප ජනාධිපති ඉන්නවනේ කිව්වලු. විනාඩි 3:47 ඉඳලා
    https://www.youtube.com/watch?v=wO4Pe-AMR3U &t=227

    කල්කටා සහ ධකා යුනිවසිටි බ්‍රිතාන්‍ය කාලෙ තිබ්බ හොඳම යුනිවසිටි.
    හිග්ස් බෝසෝන්, බෝසේ- අයින්ස්ටයින් න්‍යාය ඔක්කොම සත්යේන්ද්‍ර නාත් බෝසේ (Satyendra Nath Bose) නමින් තියෙන්නේ, එව්වාට ධකා යුනිවසිටිය තමා මුල. බැලුවම තව ඔය ලෙවල් එකේ උගත්තු මේ යුනිවසිටි දෙකෙන් බිහිවෙලා තියෙනවා.

    බංගලියොන්ගෙයි අපෙයි සමානකම, විජේ ලොක්ක පටවල තියෙන්නේ ඔරිස්සා වලින්. ඊට නැගෙනහිරින් වෙස්ට් බෙන්ගෝල් නෙක්ස්ට් බංගලාදේශ්.
    තවේකක් මෙහෙ බේරුවල ගැහුවා වගේ එහෙ චිතගොං හිල් ඒරියා එකේ බුද්ධාගං කාරයොන්ට ගහන කේස් එකක් කාලෙක ඉඳල තියෙනවා.


    මේ අද , අපේ වගේමයි
    https://www.msn.com/en-us/news/world/bangladesh-protesters-set-train-on-fire-amid-opposition-strike/ar-AA1lIPIr

    ReplyDelete
    Replies
    1. ඇර මාටින්. මම දැනන් හිටියෙ නෑනෙ හැට්ටරේ මේ ගැන උනන්දු වෙන, දැණුම් සාගරයක් කියලා? 😮

      ඩ්‍රැකියා, ප්‍රාජේ එහෙමත් උනන්දුයි මේ සබ්ජෙක්ට් එකට. ප්‍රාජේ නං Middle Ages,Viking history, Norse mythology පැත්තට වඩා බරයි. අජිත්ට නං history - ඕන පුපප්. වැඩේ කියන්නෙ මේ අය සෙට් වෙන්නෙ, ඊට අදාල හරි පෝස්ට් එකක් වැටුනොත් විතරයි

      Delete
    2. නෑදෑයෝ නෙ. අපි නැතුව වෙන කවුරු හොයන්ඩද ඉතිං.

      Delete
    3. ඩ්‍රැකියට කමෙන්ට් ගහේ රූටන්න බෑ කියල, විහිලු කතා ටිකේ එක්ස්ටෙන්ෂන් එක පෝස්ට් එකක් දැම්මා

      යුද්ධ කතා සහ ප්‍රේම කතා

      ඇනිමෙ ලිස්ට් එක අප්ඩේට් කලා

      තවත් ඇනිමේ ටිකක්

      Delete
  18. පසුව ඇවිත් කියවන්නම්!

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ. ආපු එකම ලොකු දෙයක්. 👌🙏😊

      Delete
  19. අනුරුද්ධ වැලිගමගේ මහතාගේ අදහසක් අනුව පරණ (ටැක්නිකල් නොවන) පෝස්ට් ටිකක්, වෙන වෙන කැටගරි වලට දැම්මා. හෙඩිම යට ඇති මෙනු බාර් එකෙන් ඒ පෝස්ට් වලට පිවිසිය හැක. ඉතිරි පෝස්ට් ටික යථා කාළයේදී යවත්කාළීන කිරීම බලාපොරොත්තු වෙමි.🤔

    ReplyDelete
    Replies
    1. ඒක නම් මරු
      දැන් හොයා බලා කියවඥ්ඥා
      thanks අප්පා

      Delete
    2. කීප දෙනෙක් හරි කියවනව නං, මගේ වෑයම සාර්ථකයි.😊

      Delete
  20. https://apeisawwa.blogspot.com/2023/09/blog-post.html?m=0

    ReplyDelete
    Replies
    1. හරි ගිහින් අත්සන් කරල ආවා.🤭

      Delete

  21. https://www.facebook.com/share/v/CPYfp8e69RDbcNPj/?mibextid=xfxF2i

    ReplyDelete
    Replies
    1. තව දාහක් වටිනවා. මේකත් අමුනන්න ඕනෙ පෝස්ට් එකේ අගට.👌🙏🤭

      Delete
  22. https://parikalpanaonline.blogspot.com/2024/01/blog-post.html?m=1

    ReplyDelete
    Replies
    1. ගිහින් වැටක් ගහල ආවා.🤭

      Delete
  23. 100 මේං
    https://www.facebook.com/100003011179472/videos/426706053016384/

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ් නියමයි. 🤭😊👌💐🙏

      Delete
  24. ඇනොවරුන්ගේ පුරෝකථන නිවැරදි බව ඔප්පු කරමින් මෙම බ්ලොග් අඩවිය මාස දෙකකට කිට්ටු වන තෙක් කිසිදු පොස්ටුවක් පවා දමා නොමැත.

    ReplyDelete
    Replies
    1. පුරෝකථන? අම්මට හුඩු දැන් බොලා ඒ බිස්නස් එකක් කරනවද?🤭 ලියන්නෙ කොහොමද උපාලි, බොලා සින්ඩි වලින් වාරණය කරවලා, කමෙන්ට් නැතුව කරෝල වගේ වේලලා දුන්න කොට.🤭
      අම්මපා ඇත්තමයි කියන්නෙ, බොලා නැතුව ටිකක් පාලුයි වගේ නං තමයි. ඉඳලා හිටලාවත් ඇවිත් පලයල්ලා.🙏

      Delete
    2. 👌.
      වේතාලය තාම ඇට්ටේරියා ගහේ නේද? නිවාඩුවක් ලැබුනාම ගහෙන් බාමු නේද?😉

      Delete
  25. http://kolompure.blogspot.com/2024/03/deck-machineries.html?m=1

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code