Sep 12, 2025

වීදි චිත්‍ර - Banksy

 Banksy

Banksy on Reddit






54 comments:

  1. බැන්ක්සි ගේ චිත්‍ර මාරයි . මුලදී කවුරුත් දැනන් හිටියේ නැහැ කවුදකියල . දැන් වුනත් ෂුවර් නැහැ රොබට් කියල . මෙකලියන්නේ ඕලු ඉඳන් හමෙලිනා යන දුම්රියේ (පින්ලන්තයේ ). ඓතිහාසික කමෙන්ටුවක් . මිට්‍රෝපා එකේ ඉඳගෙන

    ReplyDelete
    Replies
    1. මම දසයා ලිව්ව සඳුන් හමු වුනා ඕලු වලදී

      Delete
    2. අහා! අර කිව්වැහේ ඓතිහාසික කමෙන්ටුවක්ම තමා . සුභ ගමන්!. ස්තූතියි කලින්ම කමෙන්ට් කලාට. ස්ටේෂන්, කෝච්චි පොටෝ අල්ලන්න, ඈ? අපටත් බලා ගන්න. "මම දසයා" අහල තියනව වගේ මතකයි, හොයන්න ඕනෙ.

      බැන්ක්සි වෙනස් විදිහේ කලාකාරයෙක්. ඔහුගේ සමහර චිත්‍ර, මිලියන් ගණන් වලට සල්ලිකාරයො අතර විකිනෙනවා කියල සමහරු බණිනවා. මට නං අවුලක් නෑ. ඇයි දෙයියනේ උන්දැට කන්න දෙන්නෙ අපිද? පොදුවේ සමාජයට යමක් දෙනවා නං ඒකම මඳෑ?

      Delete
    3. හොයන අයට: https://iamdasaya.blogspot.com/2014/12/blog-post_5.html
      3h
      Reply

      Delete
    4. බැන්ක්ස් ගේ අර සල්ලි වලට ගත්තට පස්සේ ඉරා දාපු චිත්‍රය

      Delete
    5. ඉරා දාපු චිත්‍රය? ඒ කොයි එකද? අර නඩු කාරයෙක් විරෝධිතාකරුවාට බිම දාගෙන නෙලන එක නං හෝදලා මකනවා දැක්කා. ඒක අධිකරණ තාප්පෙ නිසා, ඒක තේරෙනවා.
      https://www.bbc.com/news/articles/cm2z30p033ro

      මම ඉස්සෙල්ලාම මේ චිත්‍රයක් දැක්කෙ චාමිගෙ "RearGate".බ්ලොග් එකේ. ඒත් ඒක බැන්ක්සිගෙ කියලවත්, බැන්ක්සි ගැනවත් දැණගෙන හිටියෙ නෑ. චාමිව බුකිය ගිල්ලා.😞

      Delete
    6. ගේරා බෝයි.September 12, 2025 at 6:59 PM

      දසයා තුමාගේ බ්ලොග් එක නම් ටිකක් ඉක්මනට කියවලා ඉවර කරන්න පුළුවන් බ්ලොග් එකක් වගේ.

      2010න් පස්සේ 2014. ආයි 2018න් පස්සේ 2020. එතනින් ඉවරයි. :D

      Delete
    7. @ගේරා බෝයි
      හෙහ්, හෙහ් ෂෝර්ට්ස් & ස්වීට්. දසයා තුමා, දැන් ට්‍රෙන්ඩ් වෙන "ෂෝර්ට්ස්" හොයාගෙන තියෙන්නෙ 2010 දී. 😁

      Delete
    8. සොරි ෆින්ලන්ත ප්‍රශ්නය නිසා එන්න බැරි වුනා . ඉරා දාපු චිත්‍රය තම අර ගැහැණු ළමයෙක් බැලුම් බෝලයක් අරින එක . ඒක මිලියන 1.02 කට වෙන්දේසි වුනා . බැන්ක්සි හොරෙන් මිකනිස්ම් එකක් දාල තිබ්බ මිලියන් 1.02 ට තුන් ඈවරයි කියපු ගමන් මුළු චිත්රයම ඉරාල වැටෙන්න . shredding මිනිස්සු හුස්ම ගන්නේ නැතිව බලා ඉන්නව . ඊට පස්සේ එකට වෙන නමක් දැම්ම . සාමාන්‍ය චිත්‍ර පර්ෆෝමන්ස් ආර්ට් එකක් වුනා . යකෝ මේක හෙන ෆෙමස් සීන් එකක් නේ , අර ඒක මිලදී ගත්ත එකා චිත්‍ර කෑලි ටික වටිනා මංජුසාවක දාල ටිහ්යන් ඉන්නවලු .

      Delete
    9. හත්තිලව්වට ගහපු කලාබරේ වගේ වැඩක් නෙව ඒක? බලාගෙන ගියාම අජිත් බැන්ක්සි ගැන පෝස්ට් එකක් ලියන්න තරම් විස්තර දන්නව නෙව?👌🙏💐

      පීඩිත පන්තියේ නැති බැරි අරගලය
      දැන් යන්නේ කොයි පාරෙද මට සැකය
      වටයක් කැරකැවී මුලටම ආ සැටිය
      සම-සමාජ නිවනට නං බෝ දුරය

      Delete
    10. පොර අපේ එකානේ . පිඩිත පන්තියේ නැති බැරි අරගලය ඒ ගොල්ලෝ අත ඇරලා ගොඩක් කල්නේ බසු . ඔයතේ මේ සජබ ගොයියෝ වගේනේ . ඔය පරණ කතා දැන් වැඩක් නැහැ . අලුත් ගමනක් යන්නේ . අපිත් සපෝර්ට් . පිඩිත අරගල වලට ආවොත් මම ලෙෆ්ට් හේ හේ

      Delete
    11. හ්ම්... වැරදි අදහසක් මගේ කවියෙන් දෙන්නෙ. එහෙම දෙයක් නෙමෙයි මම අදහස් කලේ. මෙච්චර කල් අන්ටචබල් වෙච්ච ප්‍රභූ පන්තියටත් නීතිය ක්‍රියාත්මක කිරීම, දේශපාලක වරප්‍රසාද කප්පාදුව වගේ දේ හොඳයි. ඒත් අලුත් ගමනක් යනවා කිව්වට රටේ සංවර්ධනයට තාම කිසිම ටැන්ජිබල් දෙයක් කරලා නැහැ නේද?

      Delete
  2. සිත්තර හදක ඉපැදුණු චින්තාවලිය
    කාටත් හෙළි කරන සිත්තම් අපූරුය
    එයින් ඔබ ලැබූ මනහර වින්දනය
    අපටත් බෙදුවටයි බස්සෝ මේ තුතිය!

    ReplyDelete
    Replies
    1. ලෝකය රඟ මඞලකී
      අපි එහි නළුවෝ සකී
      මොන ඩ්‍රාමා රඟ පෑවත්
      හුචස් ගාලා යයි මැකී

      Delete
    2. මැරුණට කමක් නෑනේ යහතින් ඉඳලා
      හුචස් ගාල යැයි නෙව දවසක මැකිලා
      ඒ බව නොතකමින් බලු කෙළි හැම කෙළලා
      මොකටද රජ වුණත්, නමටත් කෙළ වැදිලා

      Delete
    3. රජ වෙන එවුන් ඒ ගැන නෑ සලකන්නේ
      පුම්බල දෙන්න අතවැසි බැලයෝ ඉන්නේ
      අවභාවිතය වරප්‍රසාද ලෙස ගන්නේ
      හත් මුතු පරපුරම ලෙසටම ගොඩ යන්නේ

      Delete
    4. සට්ටඹි බැලයො කොයි කවදත් හිටිය තමයි
      එහෙව් අයට මොළයක් නං නැති ගාණයි
      අරටුව නොමැති ගස් ඉක්-ඉක්මනට වැවෙයි
      කළුවර, සඳුන් හෙමින් වැඩෙයි; ඒත් ටිකයි!

      Delete
    5. හොරු තක්කඩි අද ලොව රජ වී ඉන්නේ
      නොබෙල් තෑග්ගත් උන්ටම ඉල්ලන්නේ
      දවසින් දවස ලෝකය රුයිතෙට යන්නේ
      පුපට පයින් එකක් අපිට ගහපන්නේ

      Delete
  3. හප්පේ පෝස්ට් එකේ දිග. පස්සෙ නිවීහැනහිල්ලෙ ඇවිල්ල කියවන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ආන්න ඔහෙට තේරුනා නාගසේන උපාසක,දැන් ට්‍රෙන්ඩ් එක.😋 මේව්ව ඇවිල්ලා, පෝස්ට් නෙමෙයි බ්ලොග් කොට කලසං. වැටමාර උන්නාන්සෙට ඉනි හිටවන්නයි, අනෙක් රෙගියුලර් කස්ටලාට පන්දු දාන්නයි පිටිය හැදුව විතරමයි.😁

      Delete
  4. විදී චිත්‍ර නම් හරි ම ආතල් කලාවක් ! සෑහෙන මහන්සි වෙලා ලියල තියෙන දේවල් කියෙව්වම අපිටත් චිත්‍ර අඳින්න හිතෙනවා බ්ලොග් වල

    ReplyDelete
    Replies
    1. //.......අපිටත් චිත්‍ර අඳින්න හිතෙනවා බ්ලොග් වල//
      අනේ ඉතිං ඇඳපල්ලකො. අපි නං එපා කියයි? 😋
      එහෙම කමෙන්ට් වල කුරුටු චිත්‍ර හරි අඳින්න පහසුකම් තිබ්බා නං මරු නේද?🤔

      මට හිතුනා, බොලා ඔහොම කියයි කියලා. ඉස්සෙල්ලා බැන්ස්කි කියලා විතරයි තිබ්බෙ, පස්සෙ ඒක වචන 4ක් දක්වා වැඩි දියුණු කලා. මොකටෑ නිකං හෑල්ලක් ලියන්නෙ, ලින්ක් තියෙද්දි, හා නැහ්ද? 😁

      Delete
  5. සිතට වදින තියුණු ඩිත්‍ර කලාවක්!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. හැම චිත්‍රයක්ම දිග කතාවක් කියනවා.

      Delete
  6. Bansky හදුන්වලා දුන්නන්ට ස්තුතියි. චිත්‍ර බලලා ලින්ක් එකෙන් ගිහින් හදුනාගත්තා.

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි. ආන්න ඒකයි අවයවය.👌

      Delete
  7. ඇත්තටම පෝස්ට් එක කොටද, ඈ?

    ඔන්න මඳි ඈයොන්ට අපි නොදන්න කෙං ගෙඩිය

    ReplyDelete
    Replies
    1. ගිහිං ඒ කෙංගෙඩියත් බලල කවියකුත් ලියලම ආවා.

      වවාගෙන සිටිමි මේවා අපෙ වත්තේ
      කොළ කැඳ හදන්නයි වැඩියෙන් අර ගත්තේ
      ගෙඩි උයලත් බැලුව ඇත්තනෙ, රහ තිත්තේ
      සීනි බහිනවා 'අත් දුටුවයි සත්තේ!'

      Delete
    2. අපිට කොයින්දැ වත්තෙන් එලවලු? සෙනග අඩු නිසා පාන්දරින් ෂොපින් ගියා. පාන්, බනිස් හරියෙදි අහක බලාගෙන ගියා. ඒත් පීසා, කේක් වලට අහුවුනා. අයිස්ක්‍රීම් ගත්තෙත් නෑ.

      හිතලම සීනී කෑම අඩු කරලයි තියෙන්නෙ. කෑම කන්නෙත් අඩුවෙන්. කඩචෝරු කන්නෙ ඉඳලා හිටලා. තෙල් අඩුවෙන් කන්නෙ. පේන විදිහට නං තාම අවුලක් නෑ.

      Delete
    3. දවසකට පැය 16ක් fasting ඉඳලා- කන දේවල් පැය අටක් තුළ කරලා බැලුවේ නැද්ද?

      Delete
    4. සීනි වැඩි නෑ, ඒත් ටයිප් 1 වලට එන්න ඉඩ තියන නිසයි පරිස්සම. සීනී, ප්‍රෙෂර් දෙකම ගෙදරදිම බලනවා.

      Delete
  8. විශ්ව කේත අක්ෂර සුකේතනයේදී
    මහා ඉන්දියානු
    කුඩා ඉන්දියානු යනුවෙන් බිටු පෙලගැසුම් ක්‍රම දෙකක් පාවිච්චි කරයි.
    වඩා සුදුසු කුමක්ද?

    ReplyDelete
    Replies
    1. The Universal Code alphabet uses two bit alignment methods: Great Indian and Little Indian
      ගූගල් බුදු වේවා!

      සුකේතනය නං තේරෙන බාසාවට ට්‍රාන්ස්ලේට් කලේ නෑ. ට්‍රාන්ස්ලේට් කලත් මට මේවා අණ්ඩර දෙමල වගේ අපේ හාංදුන්නේ. සොරි, මගේ දැණුම් සීමාවෙන් පිටයි. ඉලෙක්ට්‍රොනික්ස් නං යන්තන් ගොඩ ගියෑකි.

      Delete
    2. උඹට බැරි වුනාට ජෙමිනි කෘතිම බුද්ඡියට තේරෙනවා.

      විශ්ව කේත අක්ෂර සුකේතනය (Unicode Character Encoding)

      විශ්ව කේත අක්ෂර සුකේතනයේදී මහා ඉන්දියානු (Big-endian) සහ කුඩා ඉන්දියානු (Little-endian) යනුවෙන් බිටු පෙළගැස්වීමේ ක්‍රම දෙකක් භාවිතා කෙරෙනවා. මේවා අක්ෂර කේත ගබඩා කරන හෝ සම්ප්‍රේෂණය කරන ආකාරය විස්තර කරනවා.

      මහා ඉන්දියානු (Big-endian): මෙහිදී, අගයෙහි වඩාත්ම වැදගත් බයිටය (most significant byte) මුලින්ම ගබඩා කෙරෙනවා. සරලව කිව්වොත්, අපි ඉලක්කම් ලියන ආකාරයටම මෙය ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් ලෙස, 123416​ (හෙක්සාඩෙසිමල් අගයක්) ගබඩා කිරීමේදී, මුලින් 12 සහ පසුව 34 ගබඩා කරනවා.

      කුඩා ඉන්දියානු (Little-endian): මෙහිදී, අගයෙහි අඩුම වැදගත් බයිටය (least significant byte) මුලින්ම ගබඩා කෙරෙනවා. එම උදාහරණයම ගත්තොත්, 123416​ ගබඩා කිරීමේදී, මුලින් 34 සහ පසුව 12 ගබඩා කරනවා.

      වඩා සුදුසු කුමක්ද?

      "වඩා සුදුසු" ක්‍රමය තීරණය වන්නේ භාවිතය මතයි. මෙම ක්‍රම දෙකටම තමන්ගේම වාසි සහ අවාසි තිබෙනවා.

      වාසි:

      මහා ඉන්දියානු: මිනිසුන් කියවන සහ ලියන ආකාරයට සමාන බැවින්, දත්ත විශ්ලේෂණය පහසුයි. ජාල සම්ප්‍රේෂණය සඳහා මෙය පොදුවේ භාවිතා කෙරෙනවා.

      කුඩා ඉන්දියානු: පරිගණක දෘඩාංග (hardware) සහ ප්‍රොසෙසර (processors) බොහොමයක් (විශේෂයෙන් Intel සහ AMD) මෙම ක්‍රමය භාවිතා කරනවා. මෙහිදී අඩුම වැදගත් බයිටය මුලින්ම ගබඩා වන නිසා, බයිට කිහිපයක් පමණක් කියවීමට අවශ්‍ය වූ විට වේගවත් සහ කාර්යක්ෂම වෙනවා.

      නිගමනය:

      ඔබට විශ්ව කේත අක්ෂර ගබඩා කිරීමට හෝ දත්ත සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය නම්, වඩාත් සුදුසු ක්‍රමය තීරණය වන්නේ ඔබේ යෙදුම (application) අනුවයි.

      ජාලකරණය (Networking): මහා ඉන්දියානු ක්‍රමය පොදුවේ භාවිතා වෙනවා. ජාල ප්‍රොටොකෝලවල (network protocols) සම්මතයක් ලෙස මෙය පිළිගෙන තිබෙනවා.

      දේශීය ගබඩාකරණය (Local storage): බොහෝ පරිගණක පද්ධති කුඩා ඉන්දියානු ක්‍රමය භාවිතා කරන නිසා, දෘඪ තැටියක හෝ මතක ඒකකයක දත්ත ගබඩා කිරීමේදී මෙම ක්‍රමය වඩාත් කාර්යක්ෂමයි.

      එම නිසා, එක ක්‍රමයක් පමණක් "හොඳම" යැයි පැවසිය නොහැක. එය ඔබ භාවිතා කරන පරිසරය මත රඳා පවතිනවා.

      Delete
    3. බොහොම හොඳයි. කෘතිම බුද්ධියේ තවත් ප්‍රයෝජනයක්. තමන්ගෙම භාෂාවෙන් අවශ්‍ය තාක්ෂණික දැණුම ගේන එක හොඳ මූලාරම්භයක්.මම දැක්කා Prions - වැරදි අතට නැමෙන ප්‍රෝටීන ගැන පරීක්ෂණයටත්, කෘතිම බුද්ධිය යොදාගන්නවා.👌

      Delete
  9. මම බැන්ස්කි ගැන දැන හිටියේ නැහැ. ඒත් වීදි චිත්‍ර වලට මැරෙන්න ආසයි.වැඩියත්ම 3D චිත්‍ර වලට සමහර ඒවාට පිස්සු හැදෙනවා.
    https://www.boredpanda.com/incredible-street-art-3d-masterpieces/

    ReplyDelete
    Replies
    1. අඩේ 3D චිත්‍ර නියමයිනෙ අප්පා.👌
      බැන්ස්කිගෙ බොහෝ චිත්‍ර වල පොලිටිකල් මැසේජ් එකක් තියන එකයි වෙනස.

      Delete
    2. ඒවා මරු තමා . චයිනිස් ආටිස්ට් කෙනෙක් ඉන්නව . හොයා ගන්න බහ . පාරවල් වල 3d අඳිනවා . බල්ලොත් උඩින් පැනල යන්නේ

      Delete
    3. බාගදා Zhang Shixian වෙන්න ඇති.

      Delete
  10. හොද වෙලාවට කියවන්න මුකුත් නෑ.බලන්න විතරයි තියෙන්නෙ 🤭

    ReplyDelete
    Replies
    1. කෙං ගෙඩි ගහක් වවා ගං කැඳ බොන්න. සීනී වලට හොඳා

      Delete
    2. හතිලව්වයි ඕවා කනව කියල දැනගත්තොත් අපේ නැන්දම්ම දවස ගානෙ උයයි.අපේ ගෙදරත් කෝවක්කා තියෙනව.ගෙඩිත් තීනව ඔය වගේ.

      Delete
  11. Replies
    1. 1. ප්‍රාජේ තුමා චිත්‍ර වලට කැමති නැත.
      2. චිත්‍ර වලට කැමති වුනත් වීදී වල චිත්‍ර අඳිනවාට කැමති නැත.
      3. රෝයල් හයි-කෝට් තාප්පෙ ඇන්ඳ නිසා බැන්ක්සිට කැමති නැත.
      4. පහුගිය ටිකේ පේන්න නොහිටි නිසා, වැටමාර අතිරික්තයක් ඇත.

      🤔😵‍💫😋. . බැන්ක්සිගේ නම මට නිතරම බැන්ස්කි කියා පැටලෙන්නේ ඇයි කියා තේරෙන්නෙත් නැත.

      Delete
    2. ඔයා ගිය ආත්මේ පෝලිෂ්

      Delete
    3. හෙහ්,හෙහ් එහෙම වෙන්ටෑ.😋
      ඔය ඊස්ටන් බ්ලොක් එකේ කෂ්ටියගෙ නම් තමයි "ඉස්කි" කියලා ඉවර වෙන්නෙ.😁

      Delete
  12. හුම්: අපි නොදන්න චිත්තර 😁

    ReplyDelete
    Replies
    1. හම්මේ ඉතිං ඇවිත් ගිය එකම මඳෑ? අලුත් රස්සාවෙ රස කතා, තංගච්චිලා ගැන එහෙම පස්සෙ පොස්ට් එකක් ලියන්න, ඈ? ඔහෙලා ලියන, පොටෝ අල්ලන දෙයින් තමා අපටත් ඒවා රසවිඳින්න ඇහැකි වෙන්නෙ?🙏

      Delete
    2. හුස්ම ගන්නවත් ඉඩ නෑ බිසී මෙයා
      රස්සාවට දෙමළ ඉගෙන ගනියි කියා
      නිදි උන්නාන්සේ ඔත්තුව දීලා ගියා
      දෙමළ ණයත් මේ පැත්තේ ඇවිත් ගියා

      පර්ච් එකක් කෝටියක්ලු මහරගම
      කෝටිපතිලු එහෙ ඉන්නේ හැම තැනම
      කෝටිපතී යාචකයොත් ඇති එහෙම
      මොන මඟුලද මම කරන්නෙ කකා හිම

      Delete
    3. රහසෙන් රහස් තොරතුරු එළි කෙරුවාම
      හොඳ නෑ ඔත්තුකරුවා ගැන හෙළි කෙරුම
      එතකොට තවත් දේ දැනගන්නේ කොහොම
      ගණන් ගන්නෙපා නමියෝ දේ මෙහෙම

      Delete
  13. හරිම ලස්සනට ලියපු සංචාරක සටහනක්. ඒකටම ගැලපෙන වීඩියෝ එකකුත් තියනවා. පොද වැස්සේ බෙල්ලන්ගල කන්ද බහින ලස්සන වීඩියෝවකුත් තියනවා.මම නං ලෙසටම රසවින්ඳා. බොලාත් බලල, කමෙන්ට් එකක් කොටලා වරෙල්ලා.

    කල්තොටින් වැලිගෙපොලට

    බෙල්ලන්ගල කන්ද බහින වීඩියෝව

    ReplyDelete
    Replies
    1. අයස්මන්ත මහත්තයාට පිං සිදු වෙන්න සති දෙකකට කලිනුත් හම්බන්තොට ඉඳල අපි ඔය පාර දිගේ බලංගොඩට ආවා. රස කතා මතක් කරමින්. ඒ පාර මාරම ලස්සනයි.
      එදා නෙවිල්, මර්වින්, නමී තුන් දෙනාත් අපි එක්ක ආවා.

      Delete
    2. ඔව් නිදි ඒක නං පුදුම ලස්සන පාරක්. පාර දෙපැත්තෙම ඝණ තුරු වදුල. පොඩ්ඩක් අනතුරුදායකයි කියල හිතුනා පාර පටු නිසා. මම කුඩා කාලෙ රට සඟරාවක දැක්ක, කාර් ඇඩ් එකක තිබ්බ පාරක් මතක් වුනා. වාහනය තියනකොට මෙහෙ ඔහොම පාරවලුත් නෑ, දැන් ඩ්‍රයිව් කරන එකේ ආතල් එකකුත් නෑ.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code