May 19, 2011

Un-Romantic

Have you ever being in love with a princess? You know, what I mean, don't you? The type with "blue" blood. Ever since I saw this movie, I love this ogre, and he is a my kind of guy. As for the princess, they always want to know the name. Mind you! it is the full name, just the middle name or the nick names won't do, here.


May 18, 2011

Enjoy the Simple Things in Life









Cherries & Berries … mmmm

   




Lemon Cake in a lazy
Winter afternoon

පිංතූරය මෙතැනින්:
flickr-lemon birthday cake






Walking barefoot in grass.










  
Listening to slow instrumental music and relaxing 









Taking a long, relaxing shower 






 Romance, by the fire place













Uuummmaaa 






හුටා!, ඉතිරිය බලධරයාගේ කතුරට අසුවිය......
        

May 17, 2011

අපි නොදන්න..ලව්







Three passions, simple but overwhelmingly strong, have governed my life: the longing for love, the search for knowledge, and unbearable pity for the suffering of mankind. These passions, like great winds, have blown me hither and thither, in a wayward course, over a deep ocean of anguish, reaching to the very verge of despair... Love and knowledge, so far as they were possible, led upward toward the heavens. But always pity brought me back to earth. Echoes of cries of pain reverberate in my heart. Children in famine, victims tortured by oppressors, helpless old people a hated burden to their sons, and the whole world of loneliness, poverty, and pain make a mockery of what human life should be. I long to alleviate the evil, but I cannot, and I too suffer. 

- Bertrand Russell -

බස්සා මේ රටට එන්න ඉස්සෙල්ලා හිතාගෙන හිටියෙ , ඌ දන්න ඉංග්‍රිසිය හොඳටම ඇති කියලයි. කොහෙද මේ සුද්දොත් එක්ක බැහැනෙ, උන්ට වතුර වගෙ ඉංගිරිසි පුළුවන්නෙ. ඕං ඉතිං බස්සත් ගියේ නැතැයි අකුරට. අර හිම බැසියෙක්ව හම්බ උනෙත් එහෙදි තමා.

හා, හා, බස්සො කට(හොට), ඕක නිකං තියාගෙන ඉන්න බැරිනං උලාපිය, ගලක.
(එහෙම කිව්වෙ බකුසු කකුල්..ආයිබෝං.)

ඕං ඔහේදි තමා බස්සට ඌගේ ප්‍රියතම ගුරුවරිය හම්බ උනේ. එයා ග්‍රීක් නෝන කෙනෙක්. නම "විකී කෝෂ්," මාස තුනයි, ඉගැන්නුවෙ, ඒත් අවුරුදු ගානක දේවල් ඒ ටිකේදි ඉගෙනගත්තා. ඔය උඩින් තියෙන්නෙත්, එයා පොටෝ කොපි කරලා අපට ගෙනත් දීපු එකක්. ඕක පරිවර්තනය කරන්න ගිහිල්ලා එකෙ තියෙන ලස්සන කා දාන්නෙ නැතුව මං ඒක එහෙමම තියනවා.

මේ කියලා තියනදේ ගැන බස්සට වෙනම පෝස්ට් එකක් උනත් ලියන්න ඇහැකි. බලමුකො, හැබෑටම මේ බර්ටන් ගොය්යත් මාර කියුං නෙව කියල තියෙන්නෙ. හා, මං කියන්නෙ උන්දැගෙ කටෙත් හැලප දෙකක් ඔබන්න වටින්නෙ නැහ්ද? 

May 15, 2011

මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න..

Dream Angel 

Guarding your hopes and dreams...



Like Wisdom, or Serenity,our dreams serve a purpose. It's a good thing to dream, especially daydream; to give ourselves permission to just let our thoughts wander... it's sometimes where we get our best ideas. This might be a post topic for a writer, or simply a new hope for an average Joe like me...














අපි හැමෝම හීන දකිනවානෙ. මං නං දවල් හීනත් දකිනවා.කොහොමත් බස්සො බුදියන්නෙ දවල්ටනෙ. ඒත් මං කිව්වෙ ඇහැරිලා ඉන්න කොට දකින හීන ගැනයි. සමහර හීන හැබෑවෙනවා, සමහර හීන ඔහේ බොඳ වෙලා යනවා. ප්‍රශ්ණයක් නෑ, එතකොට අළුත් හීනයක් එතනට එනවා. හීන කියන්නෙ යථාර්තය නෙමෙයි. සමහර වෙලාවට හිතෙනවා නේද, මේ හීන දකින එක නවත්තලා දාන්න ඕනෙ කියලා? මටත් එහෙම හිතිලා තියෙනවා. ඒත් කියමනක් තියනවානෙ ලෝකෙ හිටපු හුඟක් වටින මිනිස්සු ඔක්කොම හීන දැකපු අය කියලා. එහෙම එකේ මේ අපි වගේ බස්සෝ හීන බැලුවම මොකද වෙන්නෙ? ඔන්න ඔහේ අපිත් හීන බලමු, රාළේ!


අපි දකින හීන කලු-සුදු කියලයි හැමෝම කියන්නෙ. ඇත්තටම මටත් දැකපු පාට-පාට හීන නං මතක නෑ. ඒත් මේ දවස්වල දකින හීන වලට සුරංගනාවියක් නං එනවා. එයා ඇවිත් මගේ ඔලුව අත ගාන ගමන් සිංදුත් කියනවා. පහල ඉන්න ඔක්කොම ගැරඬි කකුල් කඩාගෙන දුවනවා නං තමයි, ඒත් මට නං ඒ සිංදු වලට නින්ද යනවා.


මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න..
ඒ සිහිනෙන් මා මුදන්න..ලං නොවන්න..


මේ සිංදුව, ඔයාලත් අහල ඇතිනෙ. මටත් දැං එහෙම හිතෙනවා. මට මේ හීනෙම දකින්න ඉඩදෙන්න...




ප.ලි. - ඉල්ලීමක් ආවා, වීඩියෝ කෑලි වැඩිය දාන්නෙ නැතුව, වැඩියෙන් ලියන්න කියලා. ඕං එහෙම කලා, මහරජ! .ඔය උඩින් තියෙන ඉංගිරිස් කෑල්ල මං ලියපු එකක් නෙමෙයි. ඔය පිංතූරෙ හොයන කොට හම්බ උනා, පටස් ගාලා කොපි කරගෙන පොඩ්ඩක් කපල කොටලා මට හරියන විදිහට හදාගත්තා. නැහ්නං බස්සො දන්න ඉංගිරිස්....

May 8, 2011

Boy meets Girl

බස්සා පොඩිකාලෙ ටිකක් මේ කැලෑ කොලුව වගේ තමා. හැදුනෙ පුංචි ගම්මානයක. කොච්චෝරවත් ඉනෙන් හැලෙන කලිසං කොටයක් ගහගත්ත බස්සා කොලුව ගමේ ලඳු කැලෑ වල දං, බෝවිටියා; පාළු වතු වල කජු ගස්, හොර කුරුම්බා එකක්වත් ඇරියෙ නෑ. ඒ කාලෙ පහල වෙලේ කොක්කු, කොරවක්කුන්ගෙන් ඇහැව්වා නං බකුසු පැටියා ගැන හොඳ කැ‍රැක්ටර් සැටිපිකට් එකක් ගන්න තිබ්බා.

ඒ කාලෙ බස්සට කා‍ටුන් තිබ්බා නං කන්න, බොන්න ඕනෙත් නෑ. මේ බස්සගෙ කැමතිම කා‍ටුන් වලින් එකක්. ඒකාලෙ බකුසු පැටියාගෙ හිතේ තිබුණෙ මේං මේ වගේ කෙලි පොඩිත්තියෙක් හම්බවෙයි කියලයි. පස්සෙ තමයි දැන ගත්තෙ, එහෙම අය ඉන්නෙ කතාවල විතරයි කියලා...

As Baloo the bear said:
" Forget about them, nothing but trouble", heh.....heh...


May 7, 2011

Frozen

හීතල කියන්නෙ බස්සගෙ රටට අමුතු දෙයක් නෙමෙයි. අවුරුද්දෙ වැඩි හරියක් කන පැලෙන්න හීතයි. හැබයි, පුරුදු උනාම අවුලක් නෑ, හොඳට සීතට ගැලපෙන විදිහට අඳින්න විතරයි, තියන්නෙ. 


මේකෙන් කියන්නෙ එහෙම හීතලක් ගැන නෙමෙයි. ගල් වෙච්ච, සීතටම මිදිච්ච හදවතක් ගැනයි. එහෙම කිව්වට මේක නරක දෙයක් නෙමයි, ඔය හදවතක් එහෙම බිඳුනොත්, ඉරි තැලුවොත් කාරිය, පටස් ගාලා ෆීසර් එකේ දාන එකයි තියෙන්නෙ. අත්දු‍ටුවයි, ප්‍රත්‍යක්ෂයි!




Tell me lies, sweet little lies

මං මෙව්වට කැමති ඇයි කියල හිතන්න මං උත්සහ කරන්නෙ නෑ. පලවෙනි  එකනං හරිම ලේසියිනෙ, අද කාලෙ වැඩියක්ම අහන්න හම්බුවෙන්නෙ මෙව්වනෙ .











May 6, 2011

Love Sucks

I'm a Bassa in boots, and I thought I've learned my lesson, but seems I'm wrong. After my last roller-coaster ride, I promised to myself not to fell head over heels for someone , again. Then, for a while I was a free bird.Did what I wanted to do, went wherever I wanted to go and enjoyed my freedom , fully. Bam, Then it hit me again, when I was least expected. You think a brick-wall? Nope, I'm tellin' ya, brick walls are better, It's that damn love, again. Oh, yes, this time it came with a new out look, but we all know where it will end, don't we? Right now, I feel like, I'm heading for a nose dive, and let you guys know when I hit the rock bottom.  

I rest my case...

Baby I swear, I tell the truth

About all the things, you used to do

And if you thought, you had me fooled

I'm tellin' you now, objection overruled




බකුසු නැ‍ටුං

බස්සත් මෙහෙම හිටියට නටන්න කැමති සතා.
හැබැයි "නැ‍ටුං තෙල් " ටිකක් යහමින් දාගන්න ඕනෙ, නැත්නං ඌව නටවනවා බොරු.


බකුසු නැ‍ටුම කිසිම සම්මතයකට අයිති එකක් නෙමෙයි. ඒක උඩරට, පහත රට සහ කෝලං නැ‍ටුම් සම්ප්‍රදාවල සංකලනයක් කියලයි ඌට නං හිතෙන්නෙ. ඒක කොහොම වෙතත් හුදී ජන පහන් සංවේගය සඳහා , කාටත් කැත නැතිව බලන්න පුළුවන්, බස්සා කැමති මේ නැ‍ටුං ටික බලමුකො:


පුහ්! හිරිකිත් රොසාන් ගොයියත් හොඳ නැට්‍ටුවා

Dhoom again we gotta break the rules and party all the time
Dhoom again and hear the voices calling creatures of the night
Dhoom again,  have your way with me, you know that ain't no crime
Dhoom again and see your wildest dreams slowly come alive




බස්සාගෙ රස්සාව යකඩ එක්ක හැප්පෙන ජාතියෙ එකක්. දැං ඌ වැඩ කරන්නෙ අළුත් තැනක. අද පාන්දර ජාමෙ , කොම්පැනියෙ ලොක්කො සැට් එක්ක ආව නොවැ අපිව බලන්න. රොබෝ සිඤ්ඤොලා දෙන්නත් එක්ක බස්සත් හරි හරියට වැඩ. එක ලොක්කියෙක් කිට්‍ටු කලා බස්සට. මූණ නං හරි ලස්සනයි, ඒත් සයිස් ඒක ගල් තලන රෝලක් වගේ. "ජිම්" එහෙම යනවත් ඇති, මයෙ හිතේ. බස්සගෙ මැස්සො බීපු ගොයං ගහ වගේ තියෙන සරීරෙ දිහා බලල කියාපි" කොහොමද අනේ, ඔයාල මෙහෙම කෙට්‍ටුවට ඉන්නෙ, බලන්න මං කොච්චර ට්‍රයි කරනවාද, හරියන්නෙ නෑනෙ" කියලා. ඌට හිතුනා කියන්න " උස්මුරුත්තාව හැදෙනකං කොටා බාලා, පු‍ටු රත් කරන කොට කොහොමද මහගෙ කෙට්‍ටු වෙන්නෙ?" කියලා, ඒත් ඌ කට පියාගෙන මෝඩ හිනාවක් දාලා නිකං හිටියා. ඊරිසියා කාරයො!

As cute as a button

සිංදුවක් රස විඳින්න ඒකෙ භාෂාව තේරෙන්න ඕනෙමයි කියලද ඔයාල හිතන්නෙ?

එහෙම නං මෙන්න මේක පොඩ්ඩක් අහල බලන්නකො.




අර වඳුරු මොටාටත් ප්‍රධාන චරිතයක් දීලා!
චෑ, බස්සෙකුටත් පොඩි පාට් එකක් දුන්න නං කොච්චර වටිනවද?
ඇයි අපට මෙහෙම කරන්නෙ? ඇයි අපි ඔ‍ටුවොද?