Aug 12, 2011

Summer Wine

ටික කාලෙකට ඉස්සර කාන්තාරයක් කිට්‍ටුවදි බස්සට ඉහින් කනින් දාඩිය පෙරා ගත්ත සුද්දෙක් හම්බ උනා. හිනා වෙවී ඉන්න බස්සව දැකලා, තද වෙච්චි සුද්දා " ඈ බොල , උඹලට දාඩිය කියල ජාතියක් දාන්නෙ නැත්ද? මං -50c උශ්ණත්වය තියෙන තැන්වලත් ඉඳලා තියනවා, ඒත් හොඳට උනුසුම් ඇඳුම් ඇන්දාම ඒක හොඳා, මේ උලව් රස්නෙට වැඩිය" කියලා කිව්වා. මට ඔය කතාව ඒ දවස් වල හරියට තේරුනේ නෑනෙ, ඕං දැං නං යස අගේට තේරෙනව :)))

දැං මෙහේට ගිම්හානය. කණ පැලෙන්න රස්නෙ අප්පා. ඝර්ම කලාපීය පක්ෂියෙක් වෙච්චි බස්සා ඉස්සර කලේ සීත කාලෙට බනින එකයි. දැං නං හීනෙනුත් හිම පේනවා.සීත කාලෙට පොරෝගෙන කුම්බකර්ණයා වගේ බුදිය ගත්ත හැටි තාමත් මැවිලා පේනවා. හුහ්, මට හේම ඔය "ගිම්හාන " කියලා නමක් දාලා තිබ්බ නං දනී, මං කරන දේ...

හා දැං බොන එක ගැන කතා කරමුකො. ඔය වයින් තියනවා නේද? සීත කාලෙට ඕකට ඔය කුළුබඩු දාලා උණු කරලා " හොට් වයින්" ඇදලා ඇරියෑකි. ගිම්හානෙටත්, පලතුරු දාලා සීත කරලා ඇදලා ඇරියෑකි නෙව..හෙහ්..හෙහ්..

මේ කියන්නෙත් එහෙම"චෙරිස්, බෙරීස්" දාලා හදපු වයින් එකක් ගැනයි. පේන විදිහට මේක හදලා තියෙන්නෙ මන්තර කාරියක්, බස්සෙකුට මේක පොවලා, උම්මා දීලා  උගේ "මේව්වා එක" හොරකං කරගෙන යන්ට..



Strawberries cherries and an angel's kiss in spring
My summer wine is really made from all these things
Take off your silver spurs and help me pass the time
And I will give to you summer wine
 

My eyes grew heavy and my lips they could not speak
I tried to get up but I couldn't find my feet
She reassured me with an unfamilliar line
And then she gave to me more summer wine
 

When I woke up the sun was shining in my eyes
My silver spurs were gone my head felt twice its size
She took my silver spurs a dollar and a dime
And left me cravin' for more summer w
ine 

              

Aug 9, 2011

My Sassy Girl

ඔයාල දෛවය කියලා එකක් තියනවා කියලා විස්වාස කරනවාද? නැහැ කිව්වා, හරි, මං කතාවක් කියන්නම්. බස්සා පොඩිකාලේ බස්සලයි ගෙදර "බ්ලැකී" කියලා බලු නකුටෙක් හිටියා. නෑ, නෑ ඌ "my sweet Milo" වගේ බූල් බෝනික්කෙක් නෙමෙයි, මේ නිකංම නිකං පරයා ඩෝග් කෙනෙක්. දන්නවානෙ, අර
හොම්බ නිකං නරියගෙ වගේ, වලිගෙ රිට වගේ කෙලින් කරන් දඩාවතේ යන ජාතිය, ආන්න ඒ වර්ගෙ තමා. බ්ලැකියා වස කම්මැලියා, ඔය කොහේ හරි වල් ‍ටුවර් එකක් ගහලා ඇවිත්, දවස තිස්සෙම බුදියන එකමයි කලේ. ඒ වගේම මහා නෝන්ජලයා, ඒ වැයික්කියෙ හිටිය කුක්කො පවා, ඌට හයිකාරං පෙන්නුවා. මූ අර රිට වගේ නකුට දෙප‍රැන්ද අස්සෙ ගහගෙන යනවා මිසක් කවදාවත් වලියට ගියේ නෑ. කිසි කෙනෙක්ව හපලා නෑ, ඕන කෙනකුට නකුට වනනවා.

බස්සට දවසක් හිතුනා මූ හපා කන්නෙම නැද්ද කියලා බලන්න. එහෙම හිතලා ඌ බත් කන වෙලාවක බකුසු මූණ කිට්‍ටු කරලා නියවලා ගෙරෙව්වා. අර කාවත් නොකන නොන්ජ්ල් බලු නකුටා, පැන්න ගමන් කෑව බස්සගෙ නහය. ආන්ට බලන්ට, ඒක තමයි දෛවය. බස්සට නියවන්න හිතුනෙත්, බ්ලැකියට හපා කන්ට හිතුනෙත් ඒකයි.

මේ වැල්වටාරම් කිව්වෙ, බල්ලෙක් ගැන නෙමෙයි කෙල්ලෙක් ගැන කියන්නයි. මූණ ලස්සන උනාට ‍රැවටෙන්න එපා, මේක කොච්චි කරලක්. ඒත් එයිට යටින් හරිම සුන්දර බවකුත්, ආදරණීය බවකුත් තියනවා. මේක කොරියන් චිත්‍රපටයක්, නම "My Sassy Girl" . බලන්ට හිනාවෙලා පණ යනවා. පස්සෙ හදපු ඉංග්‍රිසි එකකුත් තියනවා, ඒක නං ජරාවත්, කොරියන් එකේ අහලින්වත් තියන්ට බෑ, ඒ තියා හින්දි වලටත් මේක කොපි කරලා තියනවා.බයිස්කොප් අඩවියේ විස්තරේ තියනවා මෙන්න ලින්ක් එක
http://www.baiscopelk.com/?p=4214

මේක ඇත්තම ආදර කතාවත් කියලයි කියන්නෙ. කොලුවට කෙලීව අහම්බෙන් හම්බු වෙන්නෙ, කෙල්ල කරටි කැඩෙන්න ගහල ඉන්න වෙලාවක (ආන්න කෙල්ලො!). ඉතිං අර හිත හොඳ මෝඩ උලමා යනවා උදව් කරන්ට, හුහ්, ඉතිං කාපන්කො පරිප්පු...

මං බලපු හොඳම, හාස්‍යජනක ආදර කතාව කිව්වත් වැරදි නෑ. ඉංග්‍රිසි සබ් ටයිටල් ෆයිල් එකත් බාගන්ට. මම නං පාවිච්චි කරන්නේ KMP player එක. ඒකට නං ෆයිල් දෙකම drag & drop කරන්න විතරයි තියන්නෙ.



මේ ට්‍රේලර් එක නං සතපහකට වැඩක් නෑ, වෙන හොයාගන්ට එකක් නැති හින්දයි දැම්මෙ.
බස්සා මේකට මෙච්චරම කැමති , ඌත් දන්න කොච්චි කරලක් ඉන්න හින්දද මන්දා...

 
            

Aug 6, 2011

The Rules....

In this part of the world men travel far and wide in search of the promised land. This may be the story of   yours  or  mine  , which shows , how far we must travel to find the place where we belong.....


Aug 5, 2011

අළුත් නවාතැනක්........

බස්සා ඉතිං නිශාචර පක්ෂියා නෙව, බුදියන්නෙ දවල්ට. ඔහෙලට කියන්ට ලොක්කා, ඔය දවල් බුදිය ගනිල්ල තියනවා නෙවද, ඒක වෙනමම කෝස් එකක්. ඇයි ඉතිං අනිත් එවුන් දන්නවෑ අපි බුදියි කියලා, දැන ගත්තත් උන්ට ගානක් නෑ. කෑ ගහනවයි, සිංදු දානවයි, එක සෙල්ලමයි.

වැඩි දොහක් නෑ මේ ඊයෙ පෙරෙයිදා, මං ෂපාන් එකේ නියම හීනයකුත් දැක දැක බුදි. මාව උඩ විසිවෙලා ඇහැරුනා. හෙන ගහපිය , ගණන් බලාපිය, අල්ලපු ගෙදර එකා වඩු මඩුවක් දාලා, "ටෝන්, ටෝන්" ගාලා ලෑල්ලකට ඇණ ගහනවා. මං ඉතිං හිතිං උන්දැගෙ ආච්චිට පිං අනුමොදන් කරවලා, ඉයර් ෆෝන් කනේ ගහගෙන සංගීතයක් දාගත්තා.

ඔව්වා, මෙව්වා සහ තවත් එව්වා නිසා මං නිස්කලංක අළුත් බෙනයක් බලන්ට හිතේ තියනවා. මේං එහෙම තැනක් බලනකොට "ටැස්" කරලා බලන විදිහ


              

Aug 1, 2011

සම්භාව්‍ය සහ අසම්භාව්‍ය


   


















ඉන්ටනෙට් වලින් මට ලැබිච්ච වටිනාම දේවල් අතර එකක් තමා සිංහල බ්ලොග් අවකාශය. උපන් බිමෙන් ඈත්වෙලා ඉන්න අපට ඒක වටිනාකම බොහොම හොඳට තේරෙනවා. ඒ විතරද? ඇයි මෙච්චරකල් හැංඟිලා හිටිය කොච්චර නං ලේඛකයො මේ නිසා එලියට ආවද? මගේ නං කිසිම බේදයක් නෑ, පිං දිදී හි‍ටු කියලා කියවනවා, ඉඩක් ලැබිච්ච ගමන්.

ඉතිං, ඔහොම කියව ගෙන යන කොට තේරිච්ච දෙයක් තමා, මේ ලිපි සම්භාව්‍ය සහ අසම්භාව්‍ය කියලා වර්ග වෙලා තියනවා කියන එක. අර පොත් ගුල්ලා කිව්වා වගේ" එක එක්කෙනාගෙ රුචිකත්වය වෙනස්" මාත් ඒ පෞද්ගලිකත්වයට ගරු කරනවා. නමුත් ප්‍රශ්ණෙ මේකයි, එහෙම කියලා අපි එක වර්ගයක් පහත් කියලා සලකන්න ඕනෙද කියන එකයි?

ඕනෙම දෙයක "හොඳ" දකින්න එයට ප්‍රතිවිරුද්ධ දේ තියෙන්න ඕනෙ. " ඉර-හඳ පායන ලෝකේ, ආලෝකය අතරේ, සැප-දුක සමබර වේ" කියලා කියන්නෙ ඒකනෙ. දුකක් නැත්නම් එතන සැපක් නෑ. හොඳට බඩගින්නෙ හිටියාම තමයි , කෑමවේලක නියම රසය දැනෙන්නෙ. මම මේ ලිපි කියවන්නෙ දැනුම ලබාගන්න, බැරෑරුම් කාරනා සාකච්චා කරන්නම විතරක් නෙමයි. දවස තිස්සේ මහන්සිවෙලා ගෙදර එන අපි වගේ සාමාන්‍ය බස්සොන්ට සැහැල්ලුවෙන් කියවලා දවසේ වෙහෙස මහන්සිය නිවා ගන්නත් දේවල් තියෙන්න ඕනෙනෙ.

මේ ලෝකෙ ලස්සන වෙලා තියෙන්නෙ, රසවත් වෙලා තියෙන්නෙ විවිධත්වය නිසා කියලයි , මගේ බකුසු මොලේට නං තේරෙන්නෙ. ලෝකය විවිධයි, විෂමයි, ගෝලාකාරයි කියන්නෙ ඒක වෙන්න ඇති.

මෙන්න "වම්බො‍ටු" සිංදුව. වා, පිත්, සෙම් කෝප නොකරන කෑම විතරක් හෙව්වොත් ජීවිතේ මෙලෝ රහක් නැති වේවිද?


                

Jul 30, 2011

ආයිත් වලි....බස්සා නෙමෙයි, මූ උලමා


පින්සර ඔබ හැර පිළිබද සිතුවිලි වෙනතක දළුලාදෝ...
ඔබ ගැන මා ගැන මතකය අමතක කරන්න පුළුවන්දෝ...

සිහිනෙන් ගෑ මුදු සුවදක් වාගේ මිහිරි අතීතය හැගුනේ...
ඔබට මේ තරම් මා පෙම් කල බව වෙන් වන තුරු නෑ දැනුණේ...


ඔයාල අහල තියනවද, හුඟක් පිංබර අයට යම් අසාධාරණයක් කලොත් -ඒ කියන්නෙ , නිකං හිත රිදවනවා වගේ එකක්- , ඒක ඒ වෙලාවෙම පරිසං දෙනවා කියලා. මාත් ඔය කතාව අහල තිබුනා, ඒත් මේ වෙනතුරු විස්වාස කලේ නම් නෑ. දැං ඔයාල කියයි, ඒ සැරේ මුගේ ඔලුවෙ නට් එකක් බුරුල් වෙලා කියලා. විස්වාස කරන්ට, ආයිබෝං, මේක එක දවසක්, දෙකක් වෙච්චි අහඹු සිදුවීමක් නෙවෙයි. මං වලියක් ඇද්දොත්, අනිවා ඩෙෆා, මට එදාම කෙලවෙනවා - දිථ්ට දම්ම වේදනීය කර්මද මන්දා?

එක්කෝ මුන්දෑ පිං කඳක්, නැත්නම් මට කෙලවෙයන් කියලා වූඩූ කරන මන්තර කාරියක්.

 ඇයි රාළේ, මාත් ආස නැද්ද අර මුතු කැට වගේ ලස්සන කඳුළු බිංදුවක් දෙකක් ඉඳලා හිටලා හරි දකින්න? දැං බලාන්ට, එතකොට මට කෙලවෙනවා. ඒක නිසා ගොනා සේ කරබාගෙන ඉන්නවා කියන්නෙත් ,ඒත් මට කෙලවෙනවා කියන එකනෙ. බලාගෙන ගියාම අන්තිමට මට කෙලවෙලා තමයි ඉවරවෙන්නෙ.අද දවසෙම හරියට නිදාගත්තෙ නෑ, දැං ඉතිං ඇදපල්ලකො නිඳිමරගාතෙ නයිට් ශිෆ්ට් එක. අදත් බඩුම තමා.

 
කොහෙන් කැපුවත් රාත්තලයි නෙව. 

අන්තෝ ජටා -බහී ජටා



අනේ අසරණ බස්සා පවූඌඌඋ..නේද?

                  

Jul 28, 2011

සුදට සුදේ සුදු රෙදි පොරවාගත්, සැදහැතියන් .....


හා, ඇගියො ආරංචිද?
කළු එතනගෙ කෙලී මැණිකගෙ පලහිලව්ව
සිදාදියෙන් ආපු බෑනා , යන්නම ගිහින් කියන්නෙ
මැණිකගෙයි, මුදලාලියගෙයි හුටප්පරේ ආරංචිවෙලා

ඕකිට හොඳ වැඩේ, මහ නැට්‍ටුක්කාරි
ඉන්නෙ දෙකට ගනින්න බෑ වගේ
අනේ අනිච්චං ගමට ගිය කලක්
මහ අම්මණ්ඩිත් හරිම මාන්නක්කාරි

රං බණ්ඩ ඉන්නෙ ඉන්නෙ උඹලගෙ ගේ ගාව නේද
මොකද, ඇසිලියො බිසෝ පේන්ට නැත්තෙ
හැබෑටම, අර අල්ලපු ගෙදර එකා එක්ක?
හප්පුච්චේ අර කොලු පැටියට යන කල දසාව

සොපියගෙ කෙලී දැං පන්සලේමයි
කොච්චෝරවත් ආවාසෙ අස්සෙ රිංගන්නෙ
අනේ මයෙ කට, උන්දැගෙ සර්දාව
පොඩි හාමදුරුවොත් වටේ කැරකෙනව නෙව

ඔන්න , බොලවු ලොකු හාමදුරුවො එනවා
මේ උන්නාන්සෙටත් ඕන නැති කෙං ගෙඩියක් නෑ
ගනින්, ගනින් ඔය නවගුණ වැල මෙහාට
සබ්බේ සත්තා භවන්තු සුඛි තත්තා


බුදු හාමදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ.....
නිවන් දකින්නට පිං මඳි වෙන්නැති
ඒකයි තවමත්, සංසාරේ.........

Jul 27, 2011

හැලපෙට, දෙ-හැලපයක් කාපිය, මයෙ මොකද?

මටත් හිතුනා ආයිබෝං, ඔන්න ඔහේ හුරතලේටත් එක්කලා පෝස්ට් එකක් ලියලම දාන්ට. ඔහෙලා දන්නව නෙව, බස්සා දුක් මහන්සිවෙලා, රෑ පැල් ‍රැකලා, චෙරි-බෙරි කොටාබාන පක්ෂියා වග. එහෙම සතෙකුට, බෙනේටම කූඩුවෙලා ඉන්ට පුළුවනෑ. ඒ වංගියෙ ඌ කතා පොජ්ජ දැම්මා , ඔය හුස්ම ගන්න පොඩි ඉඩක්, අනික් බෙනයකට දෙකකට හොට දාලා, හැලපයක් දෙකක් කොටාබෑමේ මූලික බකුසු අයිතිවාසිකං ලබාගන්ට. හුටා, ඔය උඩිංම දාලා තියෙන්නෙ ලැබිච්චි බිබික්කම තමා!

මේක ඔරිජිනල් කවියේ කතාව මෙන්න මෙහෙමයි:

 ඉස්සර කාලෙ හිටියලු author unknown කියල කවියෙක්. මුන්දෑ හොඳ රජ වංසෙ කුකුලෙක්ලු, හොර කො‍ටු පනින්න දෙයියලු. ඔහොම කො‍ටුවක් පනින්න මානපු වෙලාවක තමයි, මේ කවිය කියල තියෙන්නෙ.

මිනි මිනි පොදේ ගණ අඳුරේ කෑ මදුරු
බල්ලෙක්‌ ඉඳ බුරයි ඌගේ ගති නපුරු
කෙල්ලක්‌ ඉඳන් දොර නාරියි ඇගෙ නපුරු
මල්ලක්‌ කදුරු කන්නෙමි විගස දොර අරු

එදා පොටේ නං උන්දැට කෙලවෙලා, කොට්ටෝරුව වගේ කොටාගෙන, කොටාගෙන ගිහින් කෙහෙල් ගහට කෙ‍ටුව වගේ. මෙන්න ලැබිච්ච උත්තරේ:

අට පහ නො දන්නා තෝ කාගේ කවුද
බසක්‌ නැතුව එන්නට කීවේ කවුද
ගහක්‌ නැතුව දළු ලියලන්නේ කොහෙද
මල්ලට දෙමල්ලක්‌ කාපිය මට මොකද

දැං මේක පටලවාගෙන , හිතනව එහෙම නෙමෙයි, බස්සා හොරකො‍ටු පනින්න ගිහින් කෙලෝගෙන කියලා. බස්සො එහෙම නෑ, ඉල්ලුවෙ ඉඳලා හිටලා හැලපයක් කොටාබාලා එන්ට චෑන්ස් එකක් විතරමයි. හා, දැං ඔහෙලම කියන්ට බලන්ට ඒක අසාධාරණද? ( හා, මට පේනවා, අපේ සාධාරණ මුදියන්සේලාගේ ලෙංචිනා දත, කට මැදගෙන ඉන්නවා, උත්තර දෙන්ට). මේ අලකලංචිය උනාම මට මතක් වුනේ තව කවියක්:

පායන්නේ තරිඳු ලොව එළි කරන මෙනී
රෑ එන්නේ ළඳේ නුඹ වෙත ලොල් වෙමිනි
නාරින්නේ මෙමා පූරුවෙ කළ පවෙනි
ගෑනුන්නේ අරුමෙ දැනුනේ මට නුඹෙනි


මං මේ කවි සැට් එක ඉස්සුවෙ මේං මෙතනින් -  සිංහල ජන කවියේ ශෘංගාර රසය


http://www.chitranandaabeysekera.org/ArticlesonSinhalaPoetry.html

බලාන්ට වටින ලිපියක්...


ප:ලි: මේ මොන කයි-කතන්දර කිව්වත් මට අන්තිමට කියන්න තියෙන්නෙ:

"මෙවන් කීවත් ලඳේ මෙසේ - සුපුන් සඳ ඔබ තමයි මගේ" කියල තමයි. ඔය Ricky Martin කියල ගොයියෙක් ඕක ඉංගිරිස් වලට පරිවර්තනය කලා නෙව , මේං මෙහෙම:

She never drinks the water, makes you order French champagne
Once you've had a taste of her, you'll never be the same
But she'll take away your pain
Like a bullet to your brain

-livin la vida loca (living on the wild side)- 

Jul 25, 2011

බස්සෙක්..ආදරය සහ ‍ෆිල්ම්ස් දෙකක්..

දවසක් අපේ ලෙංචිනා මට කෝචෝක් පාරක් දාලා තිබුනා, "හුහ්, බස්සෝ බලන ‍ෆිල්ම්ස්" කියලා.  මං හිතාගත්තා "හිටපංකො, දෙන්නම් ජම්බු" කියලා , ඒත් මේ වැඩ රාජකාරි අස්සෙ ඒක මඟ ඇරිලා ගියා. පොඩ්ඩිගෙ "ඇත්තම ඇත්ත ආදරේ" පොස්ට් එකට අර සොඳුරු සිතක් තියෙන ලමයා ලියපු කොමෙන්ට් එක දැක්කාම , ඕන්න ආයෙත් ඒක මතක් වුනා.

සමහරු කියනවා, ආදරේ හරිම පිවිතුරුයි, ඒකට දුප්පත්,පෝසත් බේදයක් නෑ කියලා. උන්දලා දන්න කෙංගෙඩිය. අපි අහලා තියෙන ඔක්කොම ආදර කතාවල් , දෙන්නා එකතු වෙන තැනින් ඉවර වෙනවා. කවුරුවත් ඊට පස්සෙ වෙන දේවල් ගැන කියන්නෙ නෑනෙ. මං නං කියන්නෙ, ආදරයක පැවැත්මක් තියෙන්න, ඒකට අවශ්‍යය පරිසරයත් ගැලපෙන්න ඕනෙ කියලයි. අර " ඊට පස්සෙ, සියල්ලෝම සතුටින් ජීවත් විය" කියලා තියෙන්නෙ සුරංගනා කථාවල විතරයි. ඒ ජාතියෙ, "සම්බෝල-බත්" ආදරය ගැන මට කියන්න තියෙන දේ නන්දා මාලනී මෙහෙම කියලා තියනවා.
 


                     


හරි, දැං චිත්තර පටි ගැන කියමුකෝ. මේක ටිකක් පරණ එකක්, ඒත් මේකෙන් දෙන පණිවිඩය හැමදාටම ගැලපෙනවා. අපි හැමෝම සැබෑ ආදරේ හොයනවනෙ. ඕං ඉතිං හොයාගෙන , හොයාගෙන යනකොට හම්බ වෙනවා. "හහ්,හොයන්නාට සම්බ වේ" කියලා පටස් ගාලා අල්ල ගන්නවා. හුටා, ටිකක් දුර යනකොට තමා තේරෙන්නෙ මේක ඩුප්ලිකේට් ආදරේ නෙ කියලා. කෙලිය නේද, පාත්තරේට, ඉතිං මොකේදෑ දං වලඳන්නෙ? අපේ ගතානුගතික සමාජෙ නං, ඉතිං බැඳගත්ත බෙරේ ගහන්න එපැයි, සදා දුක තමා.




එහෙම එක පාරක් වැරදිච්ච අවාසනාවන්තයොන්ට "සෙකන්ඩ් චෑන්ස්" එකක් නැද්ද? මේ කතාවෙ කියන්නෙ එහෙම ආදරයක්. බලාන්ට..හරිම ලස්සනයි. කෙල්ල පෝසත්..කොල්ලා දුප්පත්..කෙල්ලගෙ පප්පා තමා දුෂ්ටයා, හැබැයි අත්තම්මා සීයා බුදු සපෝට් එකක් දෙනවා. පන යනකං හිනා වෙන්න පුළුවනි, ඒත් හිතන්න එපා මේකත් අර සරුවපිත්තල හින්දි පිච්ච්ර් වගේ කියලා..


              


මට බුදි මතා....යි, ඉතුරු එක ගැන පස්සෙ දාන්නං..

Jul 24, 2011

IF

If you can keep your head when all about you
Are losing theirs and blaming it on you;
If you can trust yourself when all men doubt you,
But make allowance for their doubting too;
If you can wait and not be tired by waiting,
Or, being lied about, don't deal in lies,
Or, being hated, don't give way to hating,
And yet don't look too good, nor talk too wise;


If you can dream - and not make dreams your master;
If you can think - and not make thoughts your aim;
If you can meet with triumph and disaster
And treat those two imposters just the same;
If you can bear to hear the truth you've spoken
Twisted by knaves to make a trap for fools,
Or watch the things you gave your life to broken,
And stoop and build 'em up with wornout tools;


If you can make one heap of all your winnings
And risk it on one turn of pitch-and-toss,
And lose, and start again at your beginnings
And never breath a word about your loss;
If you can force your heart and nerve and sinew
To serve your turn long after they are gone,
And so hold on when there is nothing in you
Except the Will which says to them: "Hold on";


If you can talk with crowds and keep your virtue,
Or walk with kings - nor lose the common touch;
If neither foes nor loving friends can hurt you;
If all men count with you, but none too much;
If you can fill the unforgiving minute
With sixty seconds' worth of distance run -
Yours is the Earth and everything that's in it,
And - which is more - you'll be a Man my son!

මේක ලිව්වෙ Rudyard Kipling , බස්සාගෙ නගරෙ එක subway එකක අන්තිම ඉස්ටේසමත් Kipling. අප්පුච්චේ, ඌ අකුරට ගිය කාලෙ කොච්චියෙ නිඳිකිරා වැ‍ටුනාම ඇහැරෙන්නෙ එතනනෙ.

එව්වා ඇරිච්චාවෙකො, මේ Kipling ගොය්යා තමා අර අපූරු කතාව, Jungle Book ලියලා තියන්නෙ. මගේ පෝටබල් බැස්සියේ, කලකිරෙන්න නං එපා පනේ, මං චෙරි ගෙනත් දෙඤ්ඤං, කරේ තියං රවුමක් ගෙනියන්නං, ගස්ලබු
දෙඤ්ඤං , උම්මත් දෙඤ්ඤං .