Feb 9, 2014

මගේ නොවන මගේම අහවල් එක


www.thesaleslion.com/wp-content/uploads
/2013/02/blogging-employees1.jpg
අපි දැං මේ  තනි ඇඟිල්ලෙන් සිංග්ලිෂ් කොට, කොට  දුකසේ බ්ලොග් ලියනව නේද? එතකොට ඔහෙලා හිතන්නෙ මේව්ව අපේ කියලද?

බ්ලොගේ අපේ කියල කිව්වට , මේක අපේ නොවන අපේම දෙයක්. මොකද මේකෙ අයිතිය තියෙන්නෙ ගුගල්ට, තියෙන්නෙ එයැයිගෙ  ඉඩමෙ. මේ තිත්ත ඇත්ත මට මතක් කලේ ගුගල්ම තමා. අද උදේ බ්ලොගෙට ගොඩ වෙන්න ගිය මාව, මේකා කණෙන් තට්ටකින්  අල්ලලාම එලියට දැම්ම නෙව, මෙන්න මෙහෙම:


Feb 2, 2014

‍ටු මී or නොට් ‍ටු මී

ජර්මන් නාගසලං වාදකයෙක්
සුපුරුදු පරිදි මං ගියා නෙව හැලප ගිලින්න. කොහෙද? කීප පොලකම " කමෙන්ට් මොඩරේෂන්" දාලා, ආයෙත් මේ ඇනෝ මි කරදරේ.

ඔය මීය ඉන්නව නේද ආයිබෝං, ඇතුවත් බැරි, නැතුවත් බැරි සතා. මට ඔය කතාව කිව්වෙ රා මුට්ටියකට වැටිච්ච හික් මීයෙක්.

Jan 31, 2014

පිංතූර පොත


ආයෙ බොරු කියන්නෙ මොකටෑ, මේක නං අලි වංචාවක් :)

කව්රු ගත්ත පිංතූරද මන්දා, මට ඊ-මේල් එකකින් ආවෙ. සමහරවිට ඔහෙලා දැකලත් ඇති. ලියන්න වස කම්මැලියි අප්පා. 



බර නං ඉහිලුවෑකි.. හප්පා ඒකටත් එක්ක බොගේ පස්චාත් බාගෙ  සුවඳ...?

Jan 26, 2014

ලෙලදෙන කොට පැනල ඇවිත් අපිව කයිද

ස්ථානය: කඩ මණ්ඩියෙ එළවළු ලෑල්ල යට...


එහි සැතපී සිටියේ, ලෝක ඉතිහාසයේ, එක්තරා කාලයක,එක්තරා අන්දමක කිසිම විප්ලවයක් නොකල, නිකම්ම නිකං, පරයා ඩෝග් වර්ගයේ, අයාලේ යන සුනඛයෙකි.. බල්ලා ඉඳහිට කන්පට ගසයි, හීනෙන් බුරයි. සමහරවිට  ඌ හීනෙන් පූසෙක් හෝ මීයෙක් පස්සේ පන්නනවා විය හැක. 

මේ සනිදා හිමිදිරි උදෑසනයි. කඩ  මණ්ඩිය පාලුවට ගොස්ය, තවම පෙරදා නිදාගත් නගරය අවදි වී නැත. මේ  පරිසරයේ නිසලබව බිඳුනේ, හංදියේ බේකරියේ පස්සා දොරින් මතුවූ බඩ තඩි පුද්ගලයෙකු, කාටදෝ බැණ වදින හඬකිනි.

Jan 20, 2014

නයි සහ හොරා කයි

ඕං මේ ඊයෙ පෙරෙයිදා උදේක , මං සුපුරුදු පරිදි , හීල සප්පායම් වෙලා ත‍ටු දෙකත් පොරෝගෙන හොඳ නිදි වඩියකට ලක ලෑස්ති වුනා. මට ඇහෙනවා කව්දෝ පිඹිනවා - සුපුරුදු සද්දයක් , ෂූ..ෂූ.... බැලින්නං මෙන්න බොලේ අපේ කොබෝ නයි උන්නාන්සෙ, ආයෙත් අත්ත උඩට වැඩලා.

" අප්පට සිරි ගජ. මේ අපේ ඒජන්ට් කොබා නාග රාජෝත්තමය නොවැ. ඉතිං, ඉතිං , කොහොමද සැප සනීප?  අර එදා හොට බිම ඇනිච්ච එකට තාම පත්තු බඳිනවද? මං නං හිතුවෙ නෑ ඒ වෙච්ච අලකලංචියෙන් පස්සෙ ඔබතුමා ආයෙ මෙහාට සැපත් වෙයි කියලා"

Jan 17, 2014

හිම




ඉස්සර කාලෙ දවසක
ඇසුව දින හිම කුමාරිගෙ කතාව
පෙරුම් පිරුවෙ නුඹ දකින්නයි
සුදෝ සුදු සුපිරිසිදු ..හිම

ගිණියම් වූ කතරක
කහවනු සොයනා විට
සිහින මැව්වේ නුඹ දකින්නයි
සුදෝ සුදු සුපිරිසිදු ..හිම

Jan 8, 2014

බුක් මාර්ක්ස්

බුක් මාර්ක්ස් කියන්නෙ හැමෝම පාවිච්චි කරන පහසුකමක්නෙ. වැඩේ තියන්නෙ, තමන්ගෙ බුක් මාර්ක් ලිස්ට් එක දවසින් දවස දික්වෙන කොට , ඒක නඩත්තු කරන්න තියෙන අමාරුවයි.

Jan 2, 2014

Take the Bull by the Horns

http://i.imgur.com/qCQYZhg.jpg



 http://stupid-ideas.blogspot.ca
ඉන්ටනෙට් කියන්නෙ හරකා වගේ සතා. යාප්පුවෙන් තියාගත්තොත් බොහොම ප්‍රයෝජනයි. හැබැයි අනවශ්‍ය වැඩ කරන්න ගියොත් මෙන්න මෙහෙම වෙන්නත් බැරි නෑ

Dec 31, 2013

සුභ අලුත් අවුරුද්දක්

 

සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

 newyear-1

අවුරුදු තෑග්ග:

Dec 21, 2013

බස්සා සහ කොබෝ නයෙක්



කණ පැලෙන්න සීතල. කාල- ගුණේ අයියා මේ සැරේ නං දෙනව අපිට ඇස්ටි හැලෙන්න. ඕං මේ හීතල උදේක, මං බෙනේ අස්සට රිංගලා හොඳට හරි බරි ගැහිලා, දෙයියනේ කියලා ඇහැ පොඩ්ඩක් පියා ගන්ට ලෑස්ති වුනා.

මට ඇහෙනවා කව්දෝ "ෂූ..., ෂූ" ගානව. මාත් කම්මැලි කමට , තවත් හොඳට පිහා‍ටු පුම්බගෙන, නෑහුනා වගේ හිටියා. මෙන්න බොලේ ඒ වංගියෙ මයෙ කණ ගාවින්ම සද්දෙ ආපි. මං එක ඇහැක් ඇරල බැලුවා

හුටා, නයි කයිද රෝස් පාං කිව්වලු! , මෙන්න බොල නයි තඩියෙක් බෙනේ ලඟ අත්තෙ එතිලා මට පෙනේ කරනවා. මට හීං දාඩිය දැම්මා.