Oct 9, 2016

අපි කන හැටි ලිපා දනී



මේ සිංදුවෙ  ජාඩි ගැන ඇහෙන කොට මට ජාඩි හොද්දෙ රහ ගැන මෙන්න මෙහෙම කියැවෙනවා:

හෙරලි පොලොස්
දෙල් , අ‍ටුකොස්
ජාඩි හොදිත්
එක්ක ගුඩුස්

Sep 9, 2016

What's going on?



"තොට මහසෝන ගැහුවද බොල, මේ  පාන්දර ජාමේ  මරහත තියන්න තිබා ගත්තෙ? "

අල්ලපු ගහේ බෙනෙන් හොට එලියට දාපු , මයෙ අසල්වාසි පොලොස් කොට්ටෝරුවා  එහෙම ඇහුව්වෙ, මම උදේ පාන්දරම අත්ත උඩට වෙලා , පිහා‍ටු , පුම්බලා, හොඳට ‍රැල් බුරුල් ඇරලා,, මෙන්න මෙහෙම කිව්වහමයි:
http://www.advalvas.vu.nl/sites/default/files/styles/large/public/nieuws/inspectie.jpeg?itok=k-22psu-

And I say, hey yeah yeah, hey yeah yeah
I said hey, 

what's going on?

Jul 31, 2016

සියා සහ බරකා

නෑ, නෑ සීයා සහ හරකා නෙමෙයි. Sia සහ Baraka.

Sia කිව්වෙ  Sia Furler. අර කොච්චෝරවත්, මේට්, මේට් කියන ඩවුන් -අන්ඩ(ර්) දේශ වාසියෙක්.




දැන් මගෙන් අහන්න එපා , ඇයි එයා මූණ වහන් ඉන්නෙ, අර  ඔලුව උඩ තියෙන්නෙ මොකක්ද වගේ ප්‍රශ්ණ . ඔහෙල දන්නව නෙව මං  නිකම්ම නිකං කොට්ටෝරුවෙක් වග?  සින්දුවෙ නම  cheap thrills. බීට් එකට නං අපේ වගෙ කොට්ටෝරු ඔලුගෙඩිත් හෙලවෙනවා.

Jul 25, 2016

මුට්ටිය දමා බැලීම



ඔහෙල දන්නව නෙව ඉස්සර මේකෙ බ්ලොග් ලියපු බකුසු තඩියා. උන්ද මලා නෙව. මේ හොඳට  හිටියා. ඔන්න එක දවසක් නයිට් එක ඇදලා ඇවිත්  අත්ත උඩ වෙනදා වගේම තනි අණ්ඩෙන් නිදි කිර,කිර ඉඳලා තියනවා.  වැ‍ටුනා අත්තෙන් පහලට, ඔලුව පහලට හිටින්න. ඔන් ද ස්පොට්.

Dec 26, 2015

හිරු නොබසින ලෝකය

http://68.media.tumblr.com/tumblr_mcabbhj11Z1qezj1no1_1280.jpg
ප්‍රථමයෙන්, මම ඔබ මේ කතාව විශ්වාස කරාවි යැයි බලාපොරොත්තු නොවෙමි. එසේම  මගේ  සම්පූර්ණ නොසැලකිල්ල සහ සහ
 මෝඩකම නිසා,  හෝතම්බුවාට මේ කතාව කීවිට, බෝක්කුවක් තරමට කටත් ඇරගෙන උන්දෑ මා දෙස  බලාගෙන සිටි සුන්දර දසුන ඔබ දු‍ටුවා නම්, ඔබ ඒ ගැන පුදුම නොවන බවත් මා  දනිමි.බස්සන් කට ඇරියොත් කියන්නේ අලි කෙබර යැයි නොසන්ඩාල  රට්‍ටු කියන කතා පයිසෙකට මායිම් නොකර මම මේ කතාව ඔබට කියමි.

දැන්  නියත වශයෙන්ම ඔබ, මා එක්කෝ නත්තල් පප්පාගේ  සෙල්ලම් බඩු මල්ල හොරකම් කලා යැයි හෝ නැහ්නම් කෞතුකාගාරයෙන් රජ ඔ‍ටුන්න පන්නාගෙන යන්න ඇති වැනි නසරානී වැඩක් කරන්න ඇතියැයි සිතනවා වෙන්න පුළුවන.


Nov 28, 2015

කෙටි චිත්‍රපට

මෙන්න මොලේ කොලොප්පං වෙන්න කතා දෙකක්. මොනවද හිතෙන්නෙ? 



ලිව්වත් ඔ‍ටුවා, නොලිව්වත් ඔ‍ටුවා එකේ , ඔන්න ඔහේ  අනුන්ගෙ දෙකක් ඔබල දැම්මා :)
මේ සිත්තරපටි කෑලි දෙක ගැන තම, තමන්ට හිතෙන ආකාරයට  විචාරයක් දෙන්න, ඈ ?

Nov 22, 2015

ඇයි අපි ඔ‍ටුවොද?

https://c2.staticflickr.com/4/3441/5814508221_1920da9229_b.jpg
කවදාවත් කමෙන්ට් කරල නැති වුනාට , නිතරම කියවන බ්ලොග් එකක් උඩුවාගේ සටහන්.ඒකෙ අලුත්ම පෝස්ට් එකෙන් කියවෙන්නෙ සමාජයේ පහල ස්ථරයක් ගැන කතාවක් - වීදි සරන ලඳුන් ගැන.

වීදි සරන ලඳුන් නැත්නම් නූතන යුගයේ අම්බපාලිලා ගැන ගීත කීපයක් ලියැවිලා තිබුණත් එයින් හොඳම එක ජොලි සීයගෙ "බජාර් එකේ ලලක්කා" කියලයි මට හිතෙන්නෙ.  ටිකක් අමුවෙන්ම කිව්වත් තිත්ත ඇත්ත ඒක තමා.

Sep 23, 2015

ගිම්හානයේ ආ අමුත්තා

එදත් වෙනදා වගේම පට්ට රස්නෙ දවසක්. මං හිටියෙ රාත්‍රී වැඩමුරයට යන්න ලෑස්ති වෙමින්. ගෙදර ඉන්න හෝතම්බුව , මට කතා කලා.

" බස්සො, උඹ දැන්නව නේද ටොලාව? අන්න බුවා, ආපහු ඇවිත්. මං හිතන්නෙ මිනිහට ඉන්න තැනක් නෑ"
"හෑ, ඉන්න තැනක් නෑ? එතකොට කොහෙද අද රෑ ඉන්නෙ?"
" මිනිහට මෙහෙ එන්නද අහන්න ඕනෙකම තියනවා. ඒත් කෙලින්ම මට කිව්වෙ නෑ. ඇහුවම කිව්වෙ, ඔ‍ෆිස් එකේ නිදාගන්නව කියලයි. මං ගිහින් තියනවා ඒකට. ඒක මේ හුංඩුවක් වගේ තැනක්, පු‍ටුව උඩ දපා තියල ඇති, පව් වැඩේ"

" ඔන්න ඔහෙ එන්න කියපං, අපේ එක්ස්ට්‍රා ඇඳ තියනවනෙ"


තිබ්බ ඔක්කොම සබ්බ සකලමනාවම පොඩි ට්‍රොලි බෑග් එකක දාගෙන ගිටාර් දෙකකුත් කරේ දාගෙන, පහුවදා ටොලා අපේ ගෙදරට සැපත් වුනා. ඔහෙලා දැකලා තියනව නෙව කව්බෝයිලා, අර බුදියන පැදුරයි, පොරෝනයයි රොල් කරලා අස්පයගෙ පස්සෙ බැඳගෙන යන්නෙ. නැහ්නම්, අර බයිකර්ලා, සියලු සබ්බ සකලමනාවම බයිසිමොටෝවෙ දාගෙන , ලෝකෙ පෙරලුනත් ගාණක් නෑ වගේ යන්නෙ. මට ටොලාව පෙනුනෙ , අන්න ඒ නූතන කව්බෝයි කෙනෙක්ගෙ සිරි ලංකන් වර්ශන් එක වගේ.

Sep 13, 2015

කො‍ටු පැනපු දස්කොන් සහ රට පැනපු සිමියොන්

http://www.tayafinchonline.com/media/blogs/visit-kandy-the-ancient-capital-of-sri-lanka--1492510980.jpg
අර කලින් පෝස්ට් එකේ  සිංදු කියපු ගෑල්ලමයා ගැන විස්තරේ  හොයා ගත්තා.එයා ඉන්නෙ නවසීලන්තයෙ, කන්නෙ චෙරි, බෙරි වෙන්ටෑ? කොහොමත් ඔය පිටරට හැදිච්ච අපේ ගෑල්ලමයි ගැන මයෙ පොඩි ගවුරවයක් තියනවා. දැං බලන්න මේ කෙලීට හරියට සිංහල කතාකරන්න බෑ, බොහෝ විට ජීවිතේම ගතකලේ නවසීලන්තෙ වෙන්ටෑ?ඒත් නියමෙට සිංහල සිංදු  කියනවා. කිසිම ඇක්සන්ට් එකක් නෑ, ඔරිජිනල් සිංහල. ඒකටත් එක්ක අපේ සමහර සක්කර වට්ටං?  උපන්දා ඉඳලා ලංකාවෙ හිටලත්, සිංහල "බේ."


Sep 7, 2015

මාතෘකාවක් නැත

http://i.imgur.com/7rdT2.jpg
කාගෙද conspiracy theory එකක් තියනවා, බ්ලොග් එකක ආයු කාලය අවුරුදු තුනයි කියලා.  මටත් හිතෙනවා මේක ඇත්තක් තියනවා කියලා. ඊට වඩා කල්  පවත්වාගෙන යන බ්ලොග් තියනවා තමයි, ඒත්  පහුවෙන කොට පැහැදිලිවම පේනවා , එව්වා අර " උපන්නාට මේ ලොව  වැනෙනවා විනා" ස්ටයිල් එකට යන්නෙ කියලා. දැං අපි බලමු, කවදාවත්ම මාතෘකා හිඟ නොවෙච්ච කකා. ඉස්සරහට  " වෙන්ඩ පෝස්ට්" සීයක් තියාගෙනම , ඔය යස අගේට මලේ.