Jan 2, 2019
Dec 14, 2018
ඔටුව, පිටඔටුව, හොර්ටන් තැන්න සහ ගූගල් අර්ත්VR
- පිටකොටු ගිය බස්සා
පිටකොටු හරස් වීදි දිගේ වටපිට බල, බල ඇවිදින්න චෑන්ස් එකක්හම්බවුනොත් බස්සා නෙමෙයි මඟෑරියෙ. ඔය හරස් වීදි අතර තිබුණා ලූණු, අල වගේ තොග ආහාර විකුණන වීදියක්. ඒක එක්තරා විදිහක ඩෙඩ් එන්ඩ් එකක්. පිටකොටුවෙ වංකගිරියෙ හිටපු ගමන් අතරමං වෙන බස්සා, සමහර වෙලාවට ඔය පාරට වැටෙනවා. ඔය පාර හදලා තියෙන්නෙ තාර දාලා නෙමෙයි : ලූණුයි, අලයි දාලා. කල්පාන්තයක් තැම්පත් වෙච්ච් ලූණු කොල තට්‍ටුවකින් තාර වැහිලයි තියෙන්නෙ. පොඩි වැස්සක් තියෙන දවසට ඔය පාරෙ අතරමං වෙන්න තරම් ඔබ වාසනාවන්ත වුනොත් හොඳ අත්දැකීමක් ලබා ගන්න චෑන්ස් එකක් ලැබෙනවා.ඒක වෙනම ආතල් එකක්.
එදාට අර ලූණු කොල තට්‍ටුව බුරුල් වෙනවා. කකුල තියන කොට චිරිස් ගානවා, ඒකටම ගැලපෙන අපූරු සුවඳක් පරිසරයම වෙලා ගන්නවා. ඔය මොනවත්, පිටකොටුවට තිබ්බ බකුසු ආදරේ අඩු කලේ නෑ. මුස්ලිම් පල්ලිය ගාව විකුණපු පොල් වෙරලු අච්චාරු, ෆ්ලුඩා, ඉස්සො වඩේ, උම්බලකඩ වඩේ එක්ක පිටකොටුව ගැන බස්සගෙ තිබ්බ ලව් එෆයාර් එකේ, සුන්දර මතකය අදටත් අඩුවක් නැතුවම තියෙනවා.
Dec 10, 2018
බස්සා, නත්තල සහ උම්බලකඩ
නත්තල අතලඟ. වින්ටරේ හොට ලඟ. නත්තල කිව්වාම ඔහෙලට මතක් වෙන්නෙ නත්තල් පප්පව නේද? නත්තලට කව්ද අපි වගේ දෙකයි පනහෙ බස්සොන්ට තෑගි දෙන්නෙ? ඒක නිසා මං කරන්නෙ , නත්තලට මං, මටම තෑගි තැපැල් කරගන්නවා. ඒ කරලා, තැපැලා එනතුරු මග රැකගෙන ඉන්නවා. බලන්න එපෑයැ, තැපලා අර ලියුම් මල්ලයි, පාර්සලුයි කරගහගෙන එන ලස්සන, නත්තල් පප්පා පරාදයි. වැඩේ කියන්නෙ අපේ නත්තල් පප්පල සැට් එකම මේ දවස්වල ඉස්ට්‍රැයික්. මං හිතන්නෙ ආණ්ඩුවත් එක්ක වලි, වැඩි පඩි ඉල්ලලා. මුංව දීයා කන්න, හරියටම ඉස්ට්‍රැයික් පටන් ගත්තෙ නත්තල් උත්සව සමය අල්ලල නෙව.Nov 24, 2018
So long
You could be singin' this song
Long after I'm gone
Someone will be singin' this song
Long after you're gone
‘Cause we're all on some kind of journey
Tomorrow I could be leaving too
But where I end up going
I'll take a little piece of you
Jul 30, 2018
Feb 19, 2018
බස්සා සහ අලිබබා
චන්දෙන් පස්සෙ විස්තර බලාකියා ගන්නත් එක්ක මං මැද මූකලාන දිහාවට පියෑඹුව නෙව, ඊයෙ හැන්දෑකොරේ.අම්මට හුඩු ඔය ඉන්නෙ, මැද මූකලානෙ සිංහරාජ හතර ගාතෙන් දපා තියලා. පොල් කට්ටෙන් චංද ජයපැන් බීලා, සලු වෙලා.
සිංහයා: ආ, වරෙන්, වරෙන් බෂ්ෂො. උම්බලට ඉතිං අපිව මතක් වෙන්න චංදයක් තියෙන්නම ඕන නේද?
බස්සා: අනේ එහෙම නෑ බොස්. මේ දවස්වල බිසී
සිංහයා: අනේ පලයං යන්න. මං නොදන්නවද බොගේ හැටි.
බස්සා: එහෙම නෙවෙයිනෙ බොස්. දැන් අලි වංසෙ වැඩ පෙන්නන කාලෙ. ආරංචි ඇති නෙව, අර මියන් කුමාර. මේං මෙච්චර පැටියා. අපවත් කලේ නැතෑ නායක උන්නාන්සෙ කෙනෙක්ව. මං මේ අහිංසක පක්සියා , හොඬ වැලෙන් දෙකක් පත බෑවොත්, කම්මුතුයි නෙව?
Jan 26, 2018
බස්සා සහ බොහිමියානුවා
හෝතම්බුවා: බස්සො බොහිමියානුවෙක් කියන්නෙ කව්ද?
බස්සා: : බොහිමියානුවෙක් කියන්නෙ තෝ වගේ එකෙකුට. හම්බුවෙනකොට පාටි දාලා, කාක්කොන්ට ආප්ප අරං දීලා, දැන් කෙලවුනාම, ගලේ පහරපු බලලා වගේ, විරිත්ත,විරිත්ත ඉන්න එකෙකුට.
හෝතම්බුවා: : අනේ විහිලු නැතුව කියපංකො බං
බස්සා: නෑ මම කිව්වෙ බාගෙට ඇත්ත. අර්ථදැක්වීම අනුව, බොහිමියානුවෙක් කියන්නෙ අසම්මත/ අමුතු ජීවන රටාවක් ගතකරන, බැඳීම් අඩු, "හෙට මැරුණත් හිතට සැපයි , අද ජොලි කරලා" තියරියට ජීවත් වෙන, හැපී ගෝ ලකී පොරවල් වලට.සංගීතෙ තමා උන්දලාගෙ ආහාරෙ. බයිට් එක තමා ආදරේ.ආදරේ කිව්වෙ
අර අහවල් වැඩේට.
හෝතම්බුවා: : එහෙම බලාගෙන ගියා ටොලාත් බොහිමියානුවෙක් නෙ? බැන්ජො, ගිටාර්, ගෑණු හුටපට , ඔක්කොම තිබ්බ නෙව?
බස්සා : හෑ, ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙමත් නෑ. හැබැයි, ටොලා පාර්ට්- ටයිම් බොහිමියානුවෙක් කියලයි මට හිතෙන්නෙ?

Jan 7, 2018
කුරුමිට්ටන් සමඟ සුභ අලුත් අවුරුද්දක්!
ලියන්න කියල එහෙමට දෙයක් නම් තාම නෑ. මේ මකුලු දැල් කඩන්න ආපු ගමන්. එහෙම කියල පුළුවනෑ? ඔන්න ඔහේ ඕන පාං බාගයක් දෙකයි පණහයි කියලා කොටලම දානවා.
මේ දවස් වල පට්ට හීතල. ගිය සැරේ ආවෙ ඇල්බර්ටා වලින්, මේ වංගියෙ සයිබීරියාවෙන්. ඔය කියන්නෙ ඇන්ටාක්ටිකාවට වඩා හීතලයි කියලා.

මේ වගේ හීතල වෙලාවක, උණුහුම්,සනීප,සැපපහසු පුංචි උනත් පිලිවෙලට තියන හුරුබුහුටි ගෙයක් දකින එකත් සැපක් නෙමෙයිද? මේ ඒ වගේ කතාවක්:
ඔහෙලත් මං වගේ ෆැන්ටසි කතාවලට කැමති නං, මෙන්න මේක මං දැකපු සුපිරිම ඇනිමේශන් ෆිල්ම් එකක්.

Nov 5, 2017
Feb 5, 2017
හෝතම්බුවෙක්, ඔරලෝසුවක්, බස්සෙක් සහ බෝට්‍ටුවක්
බස්සාට වතුරෙන් අපලයි කියලා,බස්සාගෙ පොඩි කාලෙ, බසු මෑණියෝ උන්දැගෙ ජල ව්‍යාපෘති වැඩි හරියක් කඩා කප්පල් කලා. ඒකෙත් ඇත්තක් නැත්තෙමත් නෑ. බස්සා පොඩි කාලෙ වැටිලා නැති නාන පොකුණක් අහල පහල තිබ්බෙ නෑ. ඒත් ඌ නෙමෙයි එව්වයෙන් සැලුනෙ. අපලෙ ගෙවෙන්නත් එක්ක, බස්සා අසල්වාසී මානකොකෙක්ගෙන් ස්විමින් ටියුෂන් ගත්තා. අපේ ගම තිබ්බෙ "නිව්ඩාව" කිට්‍ටුව. නම නිකන් පොෂ් වගේ වුනාට අපේ ගම් පට්ට ඩොටේ.
මඟුලක් අහනවා, එහෙ කොහෙද ස්විමින් පූල්.?
පහල වෙලේ ඇල කාටත් පරවේණී
මට තනි නැත , උඹ නාඬන් උලලේනී
මඟුලක් අහනවා, එහෙ කොහෙද ස්විමින් පූල්.?
පහල වෙලේ ඇල කාටත් පරවේණී
මට තනි නැත , උඹ නාඬන් උලලේනී
Subscribe to:
Posts (Atom)