සොරි වෙන්න ඕනෙ, අපේ මැණිකෙ, මම ඔයාල ඔක්කෝම මතක් කරලම ඇදලා අරිනවා ලොකු සයිස් එකක්ම. ඔය කඩේ ඉන්නෙත් හරිම හිත හොඳ කෙල්ලො ටිකක්, මයෙ හිතේ බස්සගෙ අහිංසක මූණ දැක්කාම උන්ට දුක හිතෙනව ඇති, ඔය ෆ්‍රී ඩෝනට්ස් පාර්සලයක් එහෙමත් එනවා නෙව. බස්සා කවමදාවත් අනුන්ගෙ පිනට දහමට අකුල් හෙලන සතෙක් නෙමෙයිනෙ, ඉතිං අහිංසක හිනවක් දාලා ඒකත් අරන් එනව....May 31, 2011
Mid-Summer Night's Dream....
නෑ, නෑ මේ අර එන්ග....ලාන්තයෙ ගොයියගෙ නාට්ටිය නෙමෙයි. මෙහේ සීත කාලෙ ඉවරයි. දැං ඕං ටික රත් වේගන එනවා. බස්සො ඉතිං කොහොමත් වැඩ රෑට නෙව. බස්සත් පාන්දර ජාමෙ 3.00 විතර යනවා ලඟ කෝපි කඩේකට , මේං මෙව්වා බොන්න:
සොරි වෙන්න ඕනෙ, අපේ මැණිකෙ, මම ඔයාල ඔක්කෝම මතක් කරලම ඇදලා අරිනවා ලොකු සයිස් එකක්ම. ඔය කඩේ ඉන්නෙත් හරිම හිත හොඳ කෙල්ලො ටිකක්, මයෙ හිතේ බස්සගෙ අහිංසක මූණ දැක්කාම උන්ට දුක හිතෙනව ඇති, ඔය ෆ්‍රී ඩෝනට්ස් පාර්සලයක් එහෙමත් එනවා නෙව. බස්සා කවමදාවත් අනුන්ගෙ පිනට දහමට අකුල් හෙලන සතෙක් නෙමෙයිනෙ, ඉතිං අහිංසක හිනවක් දාලා ඒකත් අරන් එනව....
සොරි වෙන්න ඕනෙ, අපේ මැණිකෙ, මම ඔයාල ඔක්කෝම මතක් කරලම ඇදලා අරිනවා ලොකු සයිස් එකක්ම. ඔය කඩේ ඉන්නෙත් හරිම හිත හොඳ කෙල්ලො ටිකක්, මයෙ හිතේ බස්සගෙ අහිංසක මූණ දැක්කාම උන්ට දුක හිතෙනව ඇති, ඔය ෆ්‍රී ඩෝනට්ස් පාර්සලයක් එහෙමත් එනවා නෙව. බස්සා කවමදාවත් අනුන්ගෙ පිනට දහමට අකුල් හෙලන සතෙක් නෙමෙයිනෙ, ඉතිං අහිංසක හිනවක් දාලා ඒකත් අරන් එනව....In a Bar in Toledo
පහුගිය දෙසැම්බරේ බස්සා පලවෙනි සැරේට ගියා යැංකිංගෙ රටට, තවත් බස්සෙක්ව හම්බු වෙන්න. ඔව්, ඔව් අර "church-going gun lovers " ලගෙ රටට තමයි.
හප්පේ ඔය කාලෙ සීත කාලෙ නොවැ, ඉතිං බස්සො දෙන්නා මඟදි කෝපි හේම බීලා i75 එක දිගේ මංගච්චන කොට දැක්කා මේ "Toledo" බොඩ් එක. බස්සට පටස් ගාලා මතක් වුනේ, ඌ කැමතිම සිංදුවක්. මේ පහල තියෙන්නෙ ඒක. ඉතිං බස්සො දෙන්නා, සිංදුවත් දාගෙන , තාලෙට ඔලුත් වන, වන ගියා.
කලිං පෝස්ට් එකෙන් අපේ පුරුෂ පක්ෂයට යම් මඳි පාඩුවක් වුනා නං මේ ඒ පාඩුව පිරි මැහෙන්නත් එක්කලා.....

May 30, 2011
ඔබේ දෑස දැක ගත්තෙමි.. සැඳෑ කලෙක ලඳුනේ...
මට මේ කතාව ආවෙ යාළුවෙකුගෙ ඊ-මේල් එකකින්. මං හිතන්නෙ නෑ, මට කියන්න දෙයක් ඉතිරිවෙලා තියෙනව කියලා. කියවල, අහලම දැනගන්නකො.
May 28, 2011
සරල සැහැල්ලු ජීවිතයක්.....
අපි කවුරුත් කැමතියි මෙහෙම ජීවත් වෙන්න, නමුත් ඇත්ත තත්ත්වෙ අපි කාගෙත් ජීවිත එච්චරම සරල නෑ කියන එකයි. කොච්චර ඕනෙකම තිබ්බත් අපි ජීවත්වන පරිසරයත් මේකට බලපානවා. නිකං හිතන්නකො හයියෙන් ඉදිරියට යන සෙනඟක් මැද ඉන්න කෙනෙක් හෙමීට යන්න හැදුවොත් මොකද වෙන්නෙ කියලා, අනිත් අය නිසා එයාවත් තල්ලුවෙලා යනවා.
මං අද ඉන්න රටේ සමාජ රටාව එක්ක මේ පරස්පරතාවය මටත් බලපානවා. මේ ජනප්‍රිය සමාජ රැල්ලට ගහගෙන යන්නෙ නැතුව, මං පොඩිකාලෙ ගමේදි පුරුදු පුහුණු කරපු පුරුදුත් ආදේශ කරගෙන ජීවිතේ ගනියන්න තමා බලාපොරොත්තුව. ඒත් එහෙම කියලා, මේ සමාජයට සම්පූර්ණ පිටස්තරයෙක් විදිහට ජීවත් වෙන්න හදන එකත් ප්‍රායෝගික නෑ කියලා මං දන්නවා.
සරලයි කියලා පෙනුනාට, මේක ලේසි සෙල්ලමක් නෙමෙයි. ඇයි රැව්ලයි, කැඳයි දෙකම බේරගන්න එපැයි. මධ්‍යම ප්‍රතිපදාව කියන්නෙ මං ඉතාමත් අගේ කරන සංකල්පයක්, සමහර විට බුදුදහම කියන්නෙ මොකක්ද කියලා නොදන්න කවුරුහරි ඇහැව්වොත් මං පැහැදිලි කරන්නෙ මැද පිලිවෙත ගැන.
හැමතිස්සෙම කරන්න පුළුවනි කියලා සහතික වෙන්න බැරි වුනත් මං රකින්න උත්සහ කරන සමහර දේවල් මෙන්න:
වැඩිපුර ලොකු බලාපොත්තු ඇතිකර නොගැනීම
ලැබෙන දෙයින් සතුටු වීම
"වැස්ස කාලෙට" ගන්න යමක් ඉතුරු කර ගැනීම
ජීවත්වීම සඳහා පමණක් කෑම ගැනීම ( කෑම සඳහා ජීවත් වීම නොවේ)
ජීවිතේ සරල දේවල් රස විඳීම
මහන්සි වී වැඩකිරීමෙන් පසු ලැබෙන විවේකය සුව විඳීම
ලොකු අනාගත සැලසුම් නැතත්, අනාගතය ගැන පොඩි කටු සටහනක් හිතේ ඇඳ ගැනීම
අද ගමේ මේ කියන සරල ජීවිතේ නැතිබව මං දන්නවා. ඒත් මගේ හීන ලෝකෙ ගමේ ජීවිතේ මෙන්න මේ වගේ:
බස්සා ඕං ඔහොම සැහැල්ලුවෙන්, සෙමින් , දැහැමින් ජීවත්වෙනකොට තමා බැස්සි පිංතූරෙට ආවෙ. හුටා......

May 26, 2011
මකබාස්
බස්සා පොඩිකාලෙත් හරිම මකබාස්. ඌට අළුතින් යම්ක් ලැබුනොත් ඒක ගලවලා බලන තුරු සිහියක් නෑ. වැඩි හරියක් කලේ කබාසීනියා කරන එකතමා.ගෙදර කස්ටිය ඔය නම ඌට බෞතීස්ම කලේ ඒකයි. අර හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියනවනෙ...
උගේ ඔය කැත පුරුද්ද මේ මෑතක් වෙනකං තිබ්බා. ඇමරිකන් කාරයා "If it is working, Don't fix it " කිව්වට එහෙම කොහොමද? හුහ්, අපි අහුවෙයි ඕවට...
මේ කියන්න යන්නෙත්, අර අගේට තියෙන"Blogger template" එක කාබාසීනියා කරන්න අවශය අඩුමකුඩුම ටිකක් ගැනයි:
අවශය දේවල්:
Fire Fox browser
Firebug add-on for fire Fox
YSlow for firebug
ColorZilla add-on
හැම template එකකම අපට ඕනෙ විදිහට පාට, font size එහෙම වෙනස් කරන්න දෙන්නෙ නෑ. යාන්තං HTML, CSS දැණුමක් තියනවා නං , මේවා install කරලා පොඩි මන්කි බිස්නස් පාරක් දැම්මාම තමන්ට අවශ්‍ය දේ කරගන්න එච්චරම අමාරු නෑ. මොනව කරන්නත් ඉස්සෙල්ලා, template එක backup කරගන්න අමතක කරන්න එපා. නැත්නං කෙල උනාට පස්සෙ මාව අල්ලනව එහෙම නෙමෙයි.
ඔය තියෙන්නෙ firebug. අර වම්පැත්තෙ උඩ තියන නිල් පාට ඇරෝ එකට කොටල, තමන්ට වෙනස් කරන්න ඕනෙ බ්ලොග් එකේ තැනට කෙටුවාම ඒකට අදාල codes ටික පෙන්නනවා. මේකෙම එව්ව වෙනස් කරලා ටෙස්ට් කරන්න පුළුවනි. වෙනස් පෙන්නුවාට ඒක ඇත්ත template එකට save වෙන්නෙ නෑ.
එහෙනං .. තම තමන්ගෙ බ්ලොග් වලට කෙලෝගෙන ..මටත් කියන එකයි ඇත්තෙ..
එහෙම කිව්වට ඔය මකබාස් චරියාවෙ හොඳ පැත්තකුත් තියනවා. තමන්ගෙ වැඩ තමන්ම කරගන්න මේ රට වලදි , බස්සගෙ පයිප්ප වැඩ සිට වඩු වැඩ දක්වා ගෙදර ඕනම දෙයක් කිරීමේ හැකියාවට ඒක උදව් නොවෙන්නෙමත් නෑ.
I Know..Something about Love..
මේ පිංතූරෙ නම් කරලා තියෙන්නෙ "Umbrella Sky" කියලා. පියාඹන මාලු සැට් එකක් නං ඉන්නව තමා - පියා මැස්සො කියන්නෙ මුන්ට වෙන්ටෑ. එව්ව ඇරිච්චාවෙකො, අපි පිංතූරෙ ගැන කතා කරමු. සමහරු කියනවානෙ වචන දාහකින් කියන එව්වා එක පිංතූරෙකි කියන්න පුළුවනි කියලා, මේක දැක්කාම එහෙම හිතෙනව නේද?
එයා කව්ද එනකං බලාගෙන ඉන්න පාටයි. ඒ මූණෙ බලාපොරොත්තුවක සේයාවක් තියෙනව කියල මට හිතෙනව.
May 25, 2011
සුදු මැණික
නුවර කෙල්ලො කොහොමත් ලස්සනයි. ඒත් මේකෙ ඉන්න "මැනිකෙ" නං කොළඹ මැනිකෙ කෙනෙක් වගේ...
මං මේ සිංදුවට කොහොමත් කැමතියි, ඒත් ඇයි කියන්න දන්නෙ නෑ.
අර ගොයියා ඇඳං ඉන්නෙ කොට්ට උරයක්වත්ද හැබෑට?
මං මේ සිංදුවට කොහොමත් කැමතියි, ඒත් ඇයි කියන්න දන්නෙ නෑ.
අර ගොයියා ඇඳං ඉන්නෙ කොට්ට උරයක්වත්ද හැබෑට?
May 24, 2011
In the Beginning There was the Word
යාළු මිත්‍රකම්, සම්බන්ධකම් නගර, රටවල් වල සීමා වැටකොටු ඉක්මවා ගිය මේ යුගේ, අපගේ සමහර අතීසාර මිත්‍රයෝ සම්බන්ධ වෙන්නෙ වචන හරහායි. ඒ කිව්වෙ, මේ අය පිළිබඳව අපි මවාගන්න චිත්ත රූපෙ
සම්පූර්ණයෙන්ම අපි ගොඩනගාගන්නෙ එයාල කියන ලියන දේ අනුවයි. ප්‍රශ්ණෙ තියෙන්නෙ , මේ ප්‍රතිරූපය කොච්චර යථාර්තයට සමීපද කියන එකයි. දැං , කෙනෙකුට බෝලෙ අනිත් පැත්තට පාස් කරන්නත් පුළුවනි, " කව්ද කිව්වෙ ඔයාට එහෙම මං ගැන හිතාගන්න" කියලා. ඊ-මේල්, චැට්, බ්ලොග් හරහා එන "අංකිත ලෝකයේදි" මේ ප්‍රති රූපය " online identity " කියලා හඳුන්වනවා.
මං හැමදාම විස්වාස කරන දෙයක් තමා, "online identity" සහ "real identity " අතර වෙනසක් තියෙන බව, ඒත් ප්‍රශ්ණෙ වෙන්නෙ මේ වෙනස සෑහෙන්න වැඩි උනාමයි.ඔන්න එතකොට තමා අපේ තාත්වික සහ අතාත්වික සීමාව බොඳ වෙන්න පටන් ගන්නෙ. හරියට හීනයක් වගේ.
දැං ඔයාල කියයි , මේ බකුසු තඩියගෙ වැඩේම හීන බලන එකයි කියලා. හුහ්, එතකොට කියමු බලන්න අර රෙනේ’ ඩෙ'කාර්ට්(René Descartes ) ගොයියට අපි මේ ජීවත්වෙන්නෙ හැබෑ ලෝකෙද, හීන ලෝකෙද කියලා පුරස්නයක් ආවෙ කොහොමද කියලා? උන්දැ ප්‍රංශ කාරයා වෙච්චි, ටක්කෙටම බැස්සියෙක් එක්ක පැටලැවිල්ලක් තියෙන්න ඇති. එයා නං කිව්වෙ "I think, therefore I am," කියලයි. ඒක නං නරක වැඩක් නෙමෙයි -මං මෙ කිව්වෙ, හිතන එක.
ඔය වචන ගැන මටනං කියන්න තියෙන්නෙ මෙච්චරයි, ආයිබෝං!
(සොරි වෙන්න ඕනෙ , අගරජානෙනි!, ඔබතුමාගේ ඉන්ටනෙට් කෝටා එකට)
May 23, 2011
Forget Me Not
මේ පින්තූරෙ නම් කරලා තිබුනෙ"High-Hopes " කියලා.පැල්මක් අතරින් ඉහලට යන්න හදන මලක්. ඇත්ත එකක් නොවන්න ඇති, ඒත් මං ඒ අදහසට කැමතියි. අපෙත් ඉතිං ඔහොම බකුසු බලාපොරොත්තු තියනව නෙව. මොනවද, ඇහැව්වා? ඇයි මං කලිං කිව්වෙ? අර ජීවිතේ පොඩි පොඩි දේවල් රස විඳින්න, චෙරීස් , බෙරීස් වගේ..හෙහ්..හෙහ්..
මට කව්ද ඊරිසියාකාරයෙක් කියල තිබුනා, " හුහ්, බස්සො දන්න චෙරීස්" කියලා. මෙන්න බස්සා චෙරිකන විදිහ:
හැමදාම කන්නෙ නෑ, වාරෙට පෙට්ටියක්ම අරගෙන ඇවිල්ලා එපා වෙන කං කනවා. අවුරුද්ද පුරාටම අපට නැත්නං, ලඟ තියෙන ඝර්ම කලාපීය දුපත්වලට හරි ඔය මොකක් හරි පලතුරක වාරයක් එනවා. ඉතිං බස්සටත් පලතුරු හිඟයක් නෑ.
බ්ලැක්/බ්ලු බෙරි ජෑම් හරිම රසයි. මං කියන්නෙ කෘතිම එක නෙමේ, අර ගෙඩි එහෙමම තියෙන එක. දිවුල් ජෑම් වගේම රස එකක්, හැබැයි වෙනස්.
දැං මේක කමු-බොමු එක වගේ වීගෙන එන නිසා ආයිත් මාතෘකාවට. Forget-Me-Not සහ බලාපොරොත්තු ගැන.
මේ සිංදුව මං කැමති එකක්. ගමේ තාලෙ සුන්දර ආදර කතාවක්. මේ කොන්ක්‍රීට් වනාන්තරය සහ මෙහි ඇති පහසුකම් තමයි මගේ යථාර්තය. ඒත් හිතිං ගමට යන්න, ගැමි සුවඳ විදින්න ඒක බාධාවක් වෙන්නෙ නෑ. මං හීන බැලිල්ල ගැන මෙච්චර කතා කරන්නෙ ඒකයි, මොකද මං දන්නවා හැබෑටම ගමේ පදිංචි වෙන්න ගියොත් වැඩේ වරදින බව. හැම දෙයක්ම වෙනස් වෙන ලෝකෙ , ගමත් වෙනස් වෙලා ඇති. මං ගම කියන්නෙ මගේ හීන ලෝකෙ තියෙන "Utopia" එකකට. ඇස්දෙක පියාගත්තාම , වියදමක් නැතුවම නිවාඩු ගන්න යන්න පුළුවන් තැනකට.
මොකද කියන්නෙ, ඉබ්බි, යමුද මාත් එක්ක ගමට?
Subscribe to:
Posts (Atom)