Jul 23, 2021

හිතේ ඇඳුනු කෙටි කතාවක්

කාලෙක හිටන් හොය, හොයා හිටිය කෙටි කතාවක් හම්බ වුනා. නම "තනිකම", ලියල තියෙන්නෙ "කේයස්" යන අන්වර්ථ නමින් ලියපු සාගර පළන්සූරිය මහත්තයා. චායානුවාද කියන කැටගරියට අයිති මේ කතා වලට, මම කොහොමත් මනාපයි. ඔරිජිනල් කතාවෙ අදහස අරගෙන, ඒක දේශීයකරණය කරලා, තව ආරලු-බූරලු දාලා තමා ලියන්නෙ. ඔරිජිනල් බෙංගාලි සිත්තර පටියට, කොච්චර ධනාත්මක විචාර තිබුනත්, මේ කතාවෙන් මං ලබපු රසය, මට නං ලැබුනෙ නෑ.

Jul 21, 2021

බස්සාගේ පස්සා පැත්තේ අමාරුව

Colon cancer කියන්නෙ, මේ සාවියෙ බොහොම සුලභ දෙයක්. ඇයි කියල නං දන්නෙ නෑ, ඒත් ප්‍රතිශතයක් වශයෙන් සුද්දොන්ට වඩා කල්ලො අතර වැඩියි. එහෙමයි කිව්වට colon cancer සාධාරණ හාදයා, බොහොම ධනවත්, බලවත් අයටත් සුදු, කලු බේදයකින් තොරව සලකල තියනවා. බොහොම හෙමින් වර්ධනය වන කැන්සර් එකක් නිසා, නොදැනීම අන්තිම අදියරට වර්ධනය වෙන්න ඉඩකඩ තියනවා. එහෙම වුනොත්, බඩු බනිස්ම තමා.

Jul 7, 2021

ඇයි අපිටම මෙහෙම වෙන්නෙ?

හෝතම්බුවා පාවිච්චි කරන්නේ රජකාලෙ කම්පූටරයක්. දුවන්නෙ වින්ඩෝස් 7, එක දවසක්, ඉන්ටනෙට් සම්බන්ධ වෙන්නෙ නෑ  කියල කිව්වා. මම පාස් වර්ඩ් වෙනස් කරල කියලත් චෝදනා කල නිසා, මම ගියා උන්දැගෙ කම්පූටරේ බලන්න. ඕං ඉතිං, ගිහින් රී-ස්ටාර්ට් කරල එහෙම වින්ඩෝස් ලෝඩ් වෙනකං හිටියා. පස්සෙ මං කිව්වා "ගිහින් තේකක් බිලා එඤ්ඤං, ලෝඩ් වුනාම කියපං" කියලා. ඒක එහෙම වුනාට , ඒ  හෝතම්බු කම්පූටරේට වෙන ඉහෙන් බහින ලෙඩක් නෑ. ඩෙස්ක්ටොප් එකේ පැත්තක "This copy of Windows is not activated" කියන වෝටමාක් එක පවා තියනවා.

Jul 5, 2021

මැකෑනිකල් කී-බෝඩ්

දැන් කම්පියුටර් කස්ටියගේ අළුත්ම විනෝදාංශය කී බෝඩ්ය. කී බෝඩ් කීවාට මෙව්වා නේක වර්ග සුවිච් තියෙන මැකෑනිකල් කී බෝඩ්ය. බොහොම වියදම් සහිත විනෝදාංශයක් නිසා, බස්සා කාලෙක සිටම කුරුමාණන් අල්ලමින් සිටියා පමණය.

Jun 30, 2021

වින්ඩෝස් 10 නැතුවම බැරි ආවුද

වින්ඩෝස් 11 bandwagon එකට පනින්න කුරුමානං අල්ලන්න ඉස්සෙල්ලා, මට හිතුනා දැනට තියෙන අටමඟුල(Windows 10) වඩා සුසර කරගත්තොත් නරකද කියලා? Windows 10 වල සමහර ප්‍රශ්ණ, උපන්ගෙයි දෝෂ. එව්වා අපට තියා, පැන්සොං ගිය ගේට්ටුවා මහතාටවත් හදන්න බෑ. ඒත් මං මේ කියන්න යන්නෙ, සැහැල්ලු ඒත් ප්‍රයෝජනවත් යුටිලිටි ඇප්ස් ගැන.

මේක එක්තරා ආකාරයක බෙදා-හදා ගැනිල්ලක්. මා ගාව තියන ඒවා මං කියඤ්ඤා, ඔහෙල ගාව තියෙන සැට් එක කොමෙන්ට් වල දාන්න ඈ? 

Jun 28, 2021

කරුමෙට කකුල් 8 යි, ජනේල 11 යි

මේ සවස්වල, මයික්‍රොසොෆ්ට් කස්ටිය, වින්ඩෝස් 11 ගැන හරිම පුරාජේරුව. හතරැස් බෝඩරේ රවුං කරනවලු, තොරොම් බෝල කරත්තෙ වගේ සුකුරුතං එල්ලනවලු, එක විකාරයයි. හා, හොඳයි, ඔහෙලම හිතල බලාන්ට... ඉත්තෑ අමාරුවක් තියන බස්සෙකුට, අහගෙන ඉන්න පුළුවන් කතාද මෙව්වා?

Jun 17, 2021

මලබාරි නයිට්ස් සහ ආඩතෝඩ එළුවා

ආඩතෝඩ කියන එකේ තේරුම "එළුවන් නොකන" කියලා අහල තියනවා. මේක දෙමල වචනයක්ලු. ඇත්ත නැත්ත බලන්න, එලුවෙක්ගෙන්  ඇහැව්වාම, ඌ කියාපි එහෙම ගහක් දැකලා තියා අහලවත් නෑ කියලා. අද බේතකට ගන්නවත් අඩාතෝඩ ගහක් නැතුව ඇති තමා. හැල-යක්ඛ බාසාවෙන් පාවට්ටා , අගල් ආධාර කියලත් කියනව වුනාට, මූකලං බස්සොන්ට එව්වා ආඩතෝඩම තමා.

Jun 12, 2021

බස්සාගේ දේව ඇදහිල්ල

දැන් ඔහෙල දෙයියො දැකලා තියෙනවද? හරි, හරි කාලි, නාථ වගේ දෙවිවරු දැකපු විශේෂ වරප්‍රසාද ලත් අය ගැන නෙමෙයි මං මේ අහන්නෙ. දෙයියො දැකපු හුදී-ජනයා ගැන. නෑ නේද? දැන් බලාන්ට, අයියනායක දෙයියොන්ට වැඩ හිටින්න දේවාලයක්වත් නෑ කියනව නේද? මටත් හිතුනා  අලුත් දෙයියෙක් පත් කර ගන්න, ඇයි බැරි? එතකොට කොරෝනා දේවි හොඳයිද? හුහ්, අපිට තමා පුෂ්, පුෂ්. ඔය පහල ඉන්නෙ, ඒ අලුත් දෙයියා තමා: වැඩ ඉන්නෙ, කැලිෆෝනියාවෙ. 

කොරන්ටයින් කවි

මරදානට පායන සඳ
ලස්සනදැයි කියන්න
මා නොදකින ඒ පුරසඳ
ඔබට හැකිය දකින්න

අදුරු ලලා වහිනා කල
මහරගමම තෙමෙන්න
බැරියර් යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න...

Jun 10, 2021

ලිස්සපු කමෙන්ටුව නිසා වුනු දික්කසාදය

ක්‍රිස්තු වරුස 2014 දී "මගේම නොවන අහවල් එක" පෝස්ට් එකට, අපේ  ප්‍රාජේ මැතිතුමා මෙහෙම කමෙන්ට් එකක් දාලා තිබුණා:

DGMB, when u are free could u pl let me know how to keep track of my comments? I regularly read several blogs (including yours - don't start preening ur feathers yet- read till end) and when I have time I read additional ones occasionally. But, I forget whether I had commented and if so, where.
I'm exhibiting my ignorance in a lonely blog (see ! :-))))
Seriously, I thought you'd be the best guy to ask bcoz of some of ur technical posts. Thanx.

කරුමෙට කකුල් අටයි කියැන්නැහෙ, ඔය කමෙන්ටුව මගේ "ස්පෑම්" එකට වැටිලා. රට්ටු මට "ගල් ආඳා" කියන එක සැබෑ නමුත්, මං ඉන්තේරුවෙන්ම කියා හිටිනවා, මම මේ කමෙන්ට් එක දැක්කෙ නෑ කියලා. හරි, හරි දැකලා දැන් ටික දවසක් වෙනවා තමා, ඒත් නොදැක්කා වගේ හිටියෙ, නොදන්න නිසයි. ඇයි දෙයි හාංදුරුවනේ, මා ගාව ඔය ඔක්කොටම උත්තර තියනවා කියල හිතන එක, මගේ වැරැද්ද වෙන්නෙ කොහොමද?