Nov 19, 2021

අපි නොදන්න රාග තාල


බස්සගෙ ජීවිතේ වෙනස් වෙන්න, බලපාපු එක සිංදුවක් තමයි ඔය. ඔය තියෙන්නෙ,You got mail සිත්තර පටියෙ, මම කැමතිම කොටසක්. හප්පේ ඔය කොටස ආයෙ, ආයෙ බලාපු වාර ගාණ මෙච්චරයි කියන්න බෑ. නිව්‍-යෝක් නගරෙ, උදෑසන අවදිවෙන හැටි, ස්‍ටා'බක් කොෆී කල්චර් එක එහෙම ලස්සනට පෙන්නනවා. ඒ කාලෙ කාන්තාරෙක වේලි, වේලි හිටිය බස්සෙකුට, ඔය පෙන්නන්නෙ ග්ලෝරිෆයිඩ් කරපු වෙස්ටන් ලයිෆ් ඉට්ටැයිල් එක කියල තේරුන එකක්‍ යෑ? අනිත් සිත්තර පටියෙ කැමතිම කොටස තමා, ඩයල්-අප් මොඩම් එක " ඤෑ....ඈක්, ඤුක්, ඤී....ඊක්, හුචැක්" කියල AOL මේල් කනෙක්ට් වෙන කොටස.

Nov 11, 2021

අටවන මාටිංගේ ජනෙල් අළුත්වැඩියාව

  වින්-ඩිවෝස් වෙච්චි අටවන මාටියා, මේ දිනවල ඉන්නෙ, ටෝච් පාරක් කාලා, නයා මැරිච්ච අහිකුංටිකයා වගෙයි. ඉවසන්නම බැරි වැඩේ, වින්ඩෝස් 10 යස අගේට තිබ්බ, ස්ටාර්ට් ඇප් ගෘප්ස් නැති වෙච්චි එකයි. ඔහෙලට මේකෙ බරපතලකම තේරෙනවද මන්දා? හරි, මං කියන්නන්කො කතන්දරේ මුල ඉඳලම.

Oct 30, 2021

ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි, වින්-ඩිවෝස්


ඔහෙලා දන්නව නෙව, මම වින්ඩෝස් 11 පාවිච්චි කරන එක කල්  දැම්ම බව. ඒත් බැකප්  SSD එකේ, උන්දැ හිටියා. මමත් ඔය සුමානෙකට දෙපාරක් විතර ගිහින්, සැප-දුක අහලත් ආවා. වැඩියම අහන්න ලැබුනෙ, දුකම තමා. ඔය ටික දොහට ජනේල ගෙදර වාහෙලා, මහිතේ එක විසි-තිස් පාරක්වත් අප්ඩේට් එවන්න ඇති. ඕං ඔහොම දුකසේ ඉන්නකොට තමා, එක පාරටම ස්ටාර්ට් බටන් එකයි, සර්ච් එකයි වැඩ කරන්න ගත්තෙ. තව මට මල පීදිලා හිටිය, "ඉස්කෝල පොත" පුරස්නෙත් හරි ගියා. අකුරුත් ලස්සනයි, ඇහැටත් ප්‍රියයි. 

Oct 7, 2021

මැකී ගිය බකුසු දඩමං 0 - රටඉඳි මතක

ගමරාළගෙ කූබිච්චි පෝස්ට් එක කියෙව්වා. බොහෝ කළකට පෙර බස්සෙක් මැදපෙරදිග රස්සාවක් කලා. රස්සාවට ගියේ, පස්සා දොරෙන්. දෑවැන්ත කම්හලක් වෙච්ච එතන හිටිය, ලංකාවෙ, රජ වැඩකාර හාදයෙක්ගෙ  රෙකමදාරුව මත. ටෙස්ට් එකට ආපු, සමහර විශයට අදාල ප්‍රශ්ණ පවා, රජ වැඩකාරයා බස්සට කලින්ම ඉගැන්නුවා. ඉන්ජිනේරු අරාබි ලොක්කා,ආව සහයට-ඩැනී අරාබියෙක් එක්ක සම්මුඛ සාකච්චාවට. ඔක්කොම බලලා, ඩැනී මෙහෙම කිව්වා" දිස් ඉස් අ ඩිෆරන්ට් බෝල් ගේම්, ඩූ යූ තිංක් යූ කැන් හැන්ඩල් දිස්?" කියලා.

Oct 6, 2021

වින්ඩෝස් 11- අවසාන අදියර

වින්ඩෝස් 11 නිකුත් වෙන්න තිබ්බ අද වුනාට ඊයෙම එලියට දැම්මා. අදියර කීපෙකින් කොටස් වශයෙන් දීගෙන යනවා, පෝලිමෙ ඉන්න ඕනෙ කියල තමයි කියන්නෙ. අප්ඩේස් බලන කොට "සුභ පැතුම්. උඹ පාස්" කියල මැසේජ් එකක් ආවට, අප්ඩේට් එක තාම නෑ. ඉතිං මම නං ලෙසටම පෝලිම පැන්නා. මෙතැනට ගියාම ඔහෙලටත් ඕනෙම නම් ගත්තෑකි.

Oct 3, 2021

අටවන මාටිංගේ බ්ලොග් එක

රට්ටු හිතාගෙන ඉන්නෙ, මට ඉත්තෑ අමාරුවක් තියෙනවා කියල නෙව? ඇත්ත, කාලෙකට ඉස්සර තිබ්බා, දැන් නෑ . අපි නං ඒවගෙන් පාඩම් ඉගෙන ගත්තා. මම දැන් සිම්පල් බකමූණා. ඒත් මේ බ්ලොග් කෙරුවාව පටන් ගත්ත කාලෙ, ඔය උණ තදේටම තිබ්බා. මාසෙකට සැරයක්වත් බ්ලොග් එකට අලුත් ඇඳුමක් අන්දවනවා. Image credit  , අටවන මාටින් - අනුග්‍රහය නිදි 

Sep 30, 2021

මැකී ගිය බකුසු දඩමං 2 - ප්‍රංශ ගම්මානයක්

කලින්  කොටස

ටිකට් කවුන්ටරේ හිටිය ප්‍රංසුවාට පේන්න, බස්සා දාගන්න පුලුවන් උපරිම අසරණ මූණ දැම්මා. ප්‍රංසුවා ප්‍රශ්ණ වැලක් ඇහැව්වා. ඊට පස්සෙ ටිකට් එක හදලා දුන්නා. කෝච්චිය TGV , මේක ඒ කාලෙ තිබ්බ බුලට් ට්‍රේන් එක. යනවා බබා වගේ.  හැන්දෑවෙන කොට ගමනාන්තයට ලඟා වුනා. ප්‍රංසෙ ඇතුලෙ තිබ්බ ගමක්. නැවතුන පොඩි හෝටලයක. නම Ibis, නම දැක්ක ගමන් මගෙ හිතට ඇල්ලුවා. බස්සා- බකුස්, ඉබ්බා-ඉබිස්. පොඩි වුනාට නියමයි. මතක උදේ හෝටලයෙන් ලැබිච්ච ඔරිජිනල් කෑම වේල ගැන තමයි.

Sep 29, 2021

මැකී ගිය බකුසු දඩමං 1 - පැරීසිය

එක්තරා යුගයක  අරාබිකරයේ රටඉඳි ගහක හිටපු බස්සෙකුට, මරු කතරින් චුත වෙන්න අවස්ථාව ලැබුනා. ඌට හිතුනා ලෝකෙ අනිත් පැත්තටම යන එකේ, යුරෝපයෙත් බස්සො ඉන්නවද බලන්න. අහවල් රටේ අරාධනාව තිබ්බ නිසා, ඉල්ලන පරක්කුවෙන් "ෂෙන්ගන්" ද මොකක්ද වීසා එක ලැබුනා, ඇයි ඉතිං බුදු ෂුවර් නෙව, යුරෝපයේ ගල් වෙන්නෙ නෑ කියලා?

අරාබිකරයේ හිටිය මිත්‍රයෙක් මෙහෙම කිව්වා. " බස්සො, ඔය යන ගමන් ඇම්ස්ටඩෑම් පලයන්කො. අපේ අයියා එහෙ. එයා ආස මේ පෝට් වයින් බෝතලෙත් දීහං. මම එහෙ නවතින්න සෙට් කරන්නම්" කියලා. එයා අයියත් එක්ක සෑහෙන කාලෙකින් කතා කරල නෑ. පොර කප්පාදු කරලා කතාව කෙටියෙන් කිව්වා.

Sep 26, 2021

බස්සාගේ වින්ඩෝස් ආයුධ පෙට්ටියෙන්

කාලෙකින් ටැක්නිකල් පෝස්ට් එකක් ලියන්නත් බැරි වුනා. ටැක්නිකල් පෝස්ට්වල හොඳේ තියෙන්නෙ, මැකී ගිය දඩමං වල අඩි සළකුණු මකන්න හිතන්න ඕනෙ නැති එකයි. එච්චර දෙයක් නෑ. පොඩි යුටිලිටි ඇප්ස් දෙකක් ගැනයි කතාව. මේක ලියන තව හේතුවක් තමා, අනිත් අය දන්න මෙයිට වඩා හොඳ විකල්ප තියනවද කියල දැණගන්න එක.