Mar 24, 2023
වැඩේ කැතද මන්දා ඒත් හිනා යනවනෙ?
මේ තියෙන්නෙ, කාලෙකට ඉස්සර, ස්පෙෂල් ඉෆෙක්ට්ස් එච්චර දියුණු නැති යුගයක, බජට් ෆිල්ම්ස්වල සුපිරි වීරයෝ නිරූපණය කරපු හැටි. හැබැයි මට නං මේ ටික හොඳට හිතට ඇල්ලුවා. ඒ කාලෙ මේ කස්ටිය, ලෝකෙ ගලවා ගන්න ආපු වීරයො නෙව? දැන් ඉතිං අහන්න එපා, ඇයි ගලවාගන්නෙ, ඇලවිලාද තිබ්බෙ වගේ අනවශ්‍ය ප්‍රශ්ණ. ඒත් අදටත් මේක හොඳම කොමඩියක් විදිහට හොඳ සේවයක් කරන්නෙ නැත්ද?
Feb 11, 2023
කෘතීම බුද්ධිය සමඟ පිළිසඳරක්.........
Does your answers biased or hindered, anyway?
යම් හෙයකින්, ඔබේ පිළිතුරු වලට පක්ෂග්‍රාහී හෝ නිදහස් අදහස් ප්‍රකාශ කිරීම සීමාකිරීම් කෙරෙනවාද ?
As an AI language model, I strive to provide objective, accurate, and neutral information. However, it's important to note that I am a machine learning model created and trained by OpenAI, and my training data includes examples of text from the internet. This means that my training data may include biases and inaccuracies that are present in the online sources that were used to train me.Jul 13, 2022
පිස්සු හැදෙන මොබයිල් කැමරා තාක්ෂණය
| හොම්බ දිග කැමරාවක් |
මිල අධික කැමරාවක් හිමි අයෙක් වුනත්, හොඳ චායාරූපයකට අවස්ථාව ලැබුන හැමවිටම ඒ කැමරාව අතේ තිබ්බෙ නැත. ඒත් මොබයිල් ෆෝන් එක හැමවිටම, හැමෝම ලඟ තිබුනි. නූතන මොබයිල් ෆෝන් කැමරාව, තවදුරටත් අප දැණ සිටි බාල ෆෝන් කැමරාව නොවේ. පොල් ගහකට බඩගෑවත්, අපේ අතේ තියන මේ ෆෝන් කැමරාව ගැන, පොඩ්ඩක් දැණ ගන්න වටින්නේ එබැවිනි.
Jun 11, 2022
සුසිනිඳු සුදු යටිබඩ
මේ ඉන්නෙ මාර්ක් ලෙයිටා - වෘතීය චායාරූප ශිල්පියෙක්. , එයාට හිතුනලු, මෙච්චර කල් එයා කරල තියෙන්නෙ, ඇති හැකි බලවත් කොම්පැණි තවත් පෝසත් කරන්න උදව් කරන එක කියලා. ඒ නිසා, මාර්ක් පටන් ගන්නවා යූ-ටියුබ් චැනල් එකක් "Soft White Underbelly". මේකෙ කතාකරන්නෙ "ටැබූ සබ්ජෙක්ට්" ගැන. අර අපි දැක්කා, නොදැක්කා ගානට ඉන්නෙ, ආන්න ඒවා ගැන. ආ, මාක් ඉන්නෙ ඔරුමත්තු නාඩුවෙ. මාර්ක්ගෙ කතාව, කැමති නං මෙතනින් බලන්න. Soft White Underbelly Intro Video
Jun 7, 2022
කැකිල්ලේ තීන්දු
මල්වානේ, අරුම පුදුම ඉබේ හැදුන නිවස. විත්තිකරුවන් නිදොස් කර නිදහස් -පුවතක්
කපුටා: හී, හී. කොමිස් තියෙන ගහට ටමා ගල් වදින්නෙ.
විත්තියේ අබ්බගාත්: අපේ Praසන්ன ඇමටිතුමා, චූට්ටං මිලියන 65ක කොමිස් කෑල්ලක් ගන්න තර්ජනය කලා තමයි. ඒත් එතුමාගේ දුවට විසාදිය. අනික රට බංකොලොත් කරන්න දායක වෙච්ච, මේ වගේ ඇමටියෙක් හිරේ යැව්වොත්, අපේ රටේ නම තමයි කැත වෙන්නෙ. ඈ?
May 13, 2022
Apr 27, 2022
කපුටු සැමරුම් දිනය
![]() |
| කොමිස්, කොමිස් |
Mar 29, 2022
ටුරෙට් සින්ඩ්‍රෝමය සහ අවංක කතාව
මේ සුරූපී කාන්තාවගෙ නම ඇනිටා. ලස්සනයි වගේම උගත් ඇයට, දෙයියො දෙන්න ඕනෙ ඔක්කොම දීලා තියනවා. බාගදා, ටිකක් වැඩියත් එක්කම. ලස්සනට කතා කරගෙන යන අතරෙ, හිටපු ගමන් අමුතුම සද්ද දානවා, විසිල් ගහනවා. සද්ද විතරක් නං මොකෑ, එක වංගියක් අහවල් කරුමාන්තෙ කොර, කොර ඉන්න කොට පාට්නර්ගෙ රංඩිංගටත් පාරක් කෙලල ඇරියා කියලත් කිව්වා.ඇගේ මේ අවංක ජීවන කතාවට සවන් දුන්නොත්, ඔබට තේරේවි "ටුරෙට් සින්ඩ්‍රෝමය" කියන්නෙ මොකක්ද කියලා.
Mar 11, 2022
කතිපයාධිකාරීන් - Oligarchs
" මේකත් ලෝකයක්ද මරතේලිස්" කියලා, ලොකු හාමදුරුවො ඇහුවා කියල කතාවක් තියනවා. අද ලෝකෙ එකම අවුල් ජාලයක්. හෙට පුටියා, බර අවි වලින් කෙලල අරින්නත් බැරි නෑ. අපි මේ පඹගාලෙ පැටලුනේ කොහොමද? පුටින්, ෂී-ජින්-පින්, බින්-ලාඩින් හැදුවෙ කව්ද? දුටු ගැමුණු රජ්ජුරුවන්ගෙ දුන්න ගත්තෙ කව්ද? මේ ප්‍රශ්ණ වලට උත්තර, විදුහල්පතිත් දන්නෙ නෑ කියලයි පොතේ ලියල තිව්නෙ.
Mar 5, 2022
නිෂ්පාදිත ඇත්ත, බාග ඇත්ත, ඔබේ ඇත්ත සහ මගේ ඇත්ත
Beauty is in the eye of the beholder කියන එක අනුව ලස්සන, බලන්නාට සාපේක්ෂය කියන්න ඇහැකි. ලස්සන විතරක් නෙමෙයි ආචාර ධර්ම, යුක්තිය වගේ දේවල් පවා බලන්නාට සාපේක්ෂයි.
Subscribe to:
Posts (Atom)



