Dec 21, 2024

වින්ඩෝස්11 24H2 අප්ඩේට් එක

වින්ඩෝස්11  24H2 අප්ඩේට් එයි කියල බලාගෙන හිටියට ආවෙ නෑ. මගේ තියෙන්නෙ ක්ලීන් වින්ඩෝස් ඉන්ස්ටෝල් එකක් නෙමෙයි. මදර් බෝඩ් වර්ග තුන හතරක් මාරු කරලා, ඒ මදිවට "free apps"ඉන්ස්ටෝල් කරලා අනවශ්‍ය ප්‍රොසෙස් එහෙමත් තියෙන සිස්ටම් එකක්. සැරින් සැරේ ඔව්වා, සුද්ද බුද්ද කරලා සිස්ටම් එක සෑහෙන ස්මූත් ලෙස රන් වෙන්න හදාගත්තට, ඉඳහිට ඇක්සිඩන්ට් නොවෙනවමත් නෙමෙයි. ෆයිල් එක්ස්ප්ලෝරර් එකේ iso ෆයිල්ස් මවුන්ට් වෙන්නෙ නැතුව ගියා. 24H2 අප්ඩේට් එක බාගෙන, බලෙන්ම ඉන්ස්ටෝල් කලාම හරි ගියා.

Dec 14, 2024

ගාමිනී හෝල් හන්දිය

හඳවල් ගාණකට ඉස්සර පෙර කාලේ
ගාමිනී හෝල් හන්දියෙ බැඳි මගෙ ආලේ
බස්-තියං පයින් ගියෙ අත-මිට හිඟ වේලේ
සුන්දර මතක හිත සනසයි මගෙ බාලේ

Dec 5, 2024

ඉන්ෂූරන්ස් කඩේක මරණයක්

දෙසැ. 4 වෙනිදා , නිව්‍ යෝක්,  මෑන්හැටන් හී හිල්ටන්-මිඩ්ල් ටවුන් හෝටලය වෙත  බ්‍රයන් තොම්සන් නැමැත්තෙක්  පා ගමනින් යමින් සිටියා. ඔහු කුප්‍රකට යුනයිටඩ් හෙල්ත්-කෙයාර් සමාගමේ ඉන්ෂූරන්ස් අංශ ප්‍රධානියා. දැනටමත් නඩු කීපයක පැටලැවී ඇති,  යුනයිටඩ්ට හෙල්ත් මිලියන 50 ඇමරිකන් දායකත්වයක් ඇති දෑවැන්ත සමාගමක්. යටිකූට්ටු ලෙස Delay, Deny, Defend  ක්‍රමවේද භාවිතය මත වැඩිම ලාබ උපයන ඉන්ෂූරන්ස් සමාගම අතර යුනයිටඩ් හෙල්ත් ඉදිරියෙන්ම ඉන්නවා.

Dec 3, 2024

AliExpress හරහා ආ චීන ප්‍රඥාව

නමියා කිව්වා ගත්ත AliExpress බඩු ගැන පෝස්ට් එකක් දාන්න කියලා. හාඩ්-කෝර් බුරුස් ලී රසිකයෙක් වෙච්ච නමියා, කියන්නෙ බෲස් ලී වීදී සටන්කරුවෙක් වඩා දාර්ශණිකයෙක් කියලයි. මට ඒ දාර්ශණික කෑල්ල ගැන තිබුණ සැකය අද දුරුවුනා.

Nov 21, 2024

ගරු කථානායක තුමනි, අයි නෝ මයි ඉංග්ලිෂ්

මේ මෑතක් වෙනතෙක්, මට ටැක්නිකල් වීඩීයෝ තේරුම්ගන්න ඒ හැටිම අපහසුවක් වුනේ නෑ. ඒත් දැන් දැන් ඒකත් අමාරු වේගනයි එන්නෙ. හේතුව නව පරපුරේ ස්ලෑංග්ස්. අවුල, Gen Z විතරක් නෙමෙයි Gen Y හාදයොත් දැන් මෝස්තරයකට වගේ ඒව භාවිතා කරන්න අරගෙන. Idk, tbh වගේ එව්ව නං දැන් අවුලක් නෑ, ඒත් යෝලෝ(yolo) කිව්වම නං කැරකියා ගියා කියහංකො.

yolo - You only live once

Nov 3, 2024

Choices - තෝරාගැනීමේ නිදහස

හයයි පනහට පුප ඉරාගන්නෙ මොකටද?
 Aliexpress වල සේල් එකක් යනවා දැන්. නම "Choices" . ඒත් ලොකුම සේල් එක පටන් ගන්නෙ නොවැ. 11. එහෙමයි කියල පුළුවනැයි, කෙටුව? මෙන්න මගේ තේරීම :

අර අන්තිමට තියෙන dashcam එක ඕනෙ ඇයි කියල වීඩියෝව බැලුවාම තේරෙයි.

Sep 25, 2024

ග්‍රන්ථ ලෝලියෙකුගේ නපුරුම සිහිනය

පාඨකයා: මහත්මයා, " ????" පොත තියනවද?

සේවකයා : තියනවා. අයිලය 21, තුන් වැනි තට්ටුව, 6 වෙනි රාක්කය, වමේ සිට 7  වැනි පොත.

පාඨකයා: එලිවේටර් එක කොහේද?

සේවකයා : එලිවේටර්??? ඒ මොකක්ද?


Old Cincinnati library, 1874-1955

Jul 9, 2024

අනේ අපි කවදාක පීනමුද ඒ ගඟේ...

 




ඔන්න ඕකයි ඉතිම් අපේ තත්තෙ, අපේ හාංදුරුවනේ!

Sinhala TTS ( Text to Speech) , Microsoft Edge browser, Read Aloud 

Voice: Microsoft Brian Multilingual online (Natural) Voice

Dec 17, 2023

මගේ අසල්වැසි, මිත්‍රශීලී මිනීමරුවා

පසුබිමේ ඇති අහස සූරන උස් ගොඩනැගිලි පෙල එලි දක්වමින්,  ඈත සිතිජයෙන් ටෝ-නුවර හිරු නැග එන විට, මහලු මිනිසෙක් ඔහුගේ තුන්-වන මහලේ, මහල් නිවාස බැල්කනියට පැමිනේ. බැල්කනිය පුරාවට ඇති මිළ අධික , ඒත් සරුවට සහ ලස්සනට වැවුනු මල් පැල ගොන්න ඔහුගේ පැහැදිලි දසුනක් දැකීමේ අවස්ථාව මුවා කරයි.

මේ වඩා නො-උස් මහල් නිවාසය,හරිත වර්ණයෙන් හැඩවුන, බටහිර ටෝ-නුවර  ප්‍රදේශය පුරා පැතුරුනු, පහල මැද පන්ති මහල් නිවාස ගොන්නෙන් කිසිම විශේෂත්වයක් නැති, තවත් එක ගොඩනැගිල්ලක් පමණි. මේ හිමිදිරි පින්න වැටෙන සරත් සෘතු උදෑසන, පරිස්සමින් සහ උනන්දුවෙන් තමන්ගේ මල්-පැල වලට සාත්තු කරන මහලු මිනිසාද, එසේම මේ පරිසරයේ සාමාන්‍ය දසුනකි.

Dec 15, 2023

Death + RoboVac

අපේ ගම්වල කතාවක් තියනවා, ගමේ කෙනෙක් මලොත් තව හය දෙනෙක් මැරෙනවා කියල. මේක සමහරවිට මිත්‍යා විස්වාසයක් වෙනත් ඇහැකි, ඒත් මගේ රොබෝවැක් එකත් මලා. ඒක තමයි මගේ කාමරේ වැකුම් කලේ, මම නාන්න යන වෙලාවට. 

මම කාමරේ පුටුවයි, ස්ටූල් එකයි එලියට දාලා,  කාමරේ වැකුම් කරන්න  දාලා, නාන්න ගියා. එනකොට, කාමරේ මැද්දෑවෙ දපා තියල උන්නා . බොරුවක් මුසාවක් නං, පාරෙ යන එකෙකුට හෙන ගහන්න ඕනෙ. මේක වෙලා දැන් දවස් දෙකක් වෙනවා. කියන්න විදිහක් නැතුව හිටියෙ, එක ලඟ පෝස්ට් ලියනවා කියල නමියා බයින නිසා.