May 26, 2011

මකබාස්


බස්සා පොඩිකාලෙත් හරිම මකබාස්. ඌට අළුතින් යම්ක් ලැබුනොත් ඒක ගලවලා බලන තුරු සිහියක් නෑ. වැඩි හරියක් කලේ කබාසීනියා කරන එකතමා.ගෙදර කස්ටිය ඔය නම ඌට බෞතීස්ම කලේ ඒකයි. අර හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියනවනෙ...


උගේ ඔය කැත පුරුද්ද මේ මෑතක් වෙනකං තිබ්බා. ඇමරිකන් කාරයා "If it is working, Don't fix it " කිව්වට එහෙම කොහොමද? හුහ්, අපි අහුවෙයි ඕවට...


මේ කියන්න යන්නෙත්, අර අගේට තියෙන"Blogger template" එක කාබාසීනියා කරන්න අවශය අඩුමකුඩුම ටිකක් ගැනයි:


අවශය දේවල්:
Fire Fox browser
Firebug add-on for fire Fox
YSlow  for firebug
ColorZilla add-on


හැම template  එකකම අපට ඕනෙ විදිහට පාට, font size එහෙම වෙනස් කරන්න දෙන්නෙ නෑ. යාන්තං HTML, CSS දැණුමක් තියනවා නං , මේවා install කරලා පොඩි මන්කි බිස්නස් පාරක් දැම්මාම තමන්ට අවශ්‍ය දේ කරගන්න එච්චරම අමාරු නෑ. මොනව කරන්නත් ඉස්සෙල්ලා, template එක backup කරගන්න අමතක කරන්න එපා. නැත්නං කෙල උනාට පස්සෙ මාව අල්ලනව එහෙම නෙමෙයි.




ඔය තියෙන්නෙ firebug. අර වම්පැත්තෙ උඩ තියන නිල් පාට ඇරෝ එකට කොටල, තමන්ට වෙනස් කරන්න ඕනෙ බ්ලොග් එකේ තැනට කෙ‍ටුවාම ඒකට අදාල codes ටික පෙන්නනවා. මේකෙම එව්ව වෙනස් කරලා ටෙස්ට් කරන්න පුළුවනි. වෙනස් පෙන්නුවාට ඒක ඇත්ත template එකට save වෙන්නෙ නෑ.


එහෙනං .. තම තමන්ගෙ බ්ලොග් වලට කෙලෝගෙන ..මටත් කියන එකයි ඇත්තෙ..


එහෙම කිව්වට ඔය මකබාස් චරියාවෙ  හොඳ පැත්තකුත් තියනවා. තමන්ගෙ වැඩ තමන්ම කරගන්න මේ රට වලදි , බස්සගෙ පයිප්ප වැඩ සිට වඩු වැඩ දක්වා ගෙදර ඕනම දෙයක් කිරීමේ හැකියාවට ඒක උදව් නොවෙන්නෙමත් නෑ.

2 comments:

  1. හික් හික්.. ‍මේ මටත් ඔය ලෙඩේම තියෙනවනෙ බං.. පුංචිකාලෙ සෙල්ලං බඩුවක් ලැබුනත් ඒකත් ගලවලා බලනකං ඉවසුමක් නෑ.. හැබැයි වැඩේ කියන්නෙ ආපහු හයිකලාම වැඩිපුර කෑලි ටිකක් ඉතිරිවෙනවා.. :)

    ටෙම්ප්ලේට් එකේ කෝඩිං ටික බලාගන්න එකනං මං කොරන්නෙ ක්‍රෝම්වලින්.. රයිට් ක්ලික්කරලා Inspect element ගියාම ඔක්කොම විච්චූරණ ටික පෙන්නනවා sub-titles එක්කම.. හැබැයි ඉතිං ඔය වගේ එඩිට් කොරන්ටනං දෙන්නෙ නෑ.. මං කොහොමත් fire-fox පාවිච්චියක් නෑ වැඩිය..

    ReplyDelete
  2. සන්තෝසෙ බෑ, ඒකනෙ කියන්නෙ මකබාසෙකුට මකබාසෙක් බ්ලොග් වලදී හම්බු වෙනවා කියලා.
    අර හයි කලාම කෑලි ඉතුරු වෙන එක මකබාස්ලගෙ හැටියක්ම තමා, හෙහ්..හෙහ්.

    දැං බලන්න , මං කියන්නෙ බොරුද කියලා. මේ දැං යස අගේට හිටියා ෆලෝවර්ස්ලා සැට් එක. දැං කො‍ටුව තියෙනවා, උන්දලා සැට් එකම එර්දි වෙලා නෙව....

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code