May 24, 2011

In the Beginning There was the Word



යාළු මිත්‍රකම්, සම්බන්ධකම් නගර, රටවල් වල සීමා වැටකො‍ටු ඉක්මවා ගිය මේ යුගේ, අපගේ සමහර අතීසාර මිත්‍රයෝ සම්බන්ධ වෙන්නෙ වචන හරහායි. ඒ කිව්වෙ, මේ අය පිළිබඳව අපි මවාගන්න චිත්ත රූපෙ
සම්පූර්ණයෙන්ම අපි ගොඩනගාගන්නෙ  එයාල කියන ලියන දේ අනුවයි. ප්‍රශ්ණෙ තියෙන්නෙ , මේ ප්‍රතිරූපය කොච්චර යථාර්තයට සමීපද  කියන එකයි. දැං , කෙනෙකුට බෝලෙ අනිත් පැත්තට පාස් කරන්නත් පුළුවනි, " කව්ද කිව්වෙ ඔයාට එහෙම මං ගැන හිතාගන්න" කියලා. ඊ-මේල්, චැට්, බ්ලොග් හරහා එන "අංකිත ලෝකයේදි" මේ  ප්‍රති රූපය " online identity " කියලා හඳුන්වනවා.


මං හැමදාම විස්වාස කරන දෙයක් තමා, "online identity" සහ "real identity " අතර වෙනසක් තියෙන බව, ඒත් ප්‍රශ්ණෙ වෙන්නෙ මේ වෙනස සෑහෙන්න වැඩි උනාමයි.ඔන්න එතකොට තමා අපේ තාත්වික සහ අතාත්වික සීමාව බොඳ වෙන්න පටන් ගන්නෙ. හරියට හීනයක් වගේ.

දැං ඔයාල කියයි , මේ බකුසු තඩියගෙ වැඩේම හීන බලන එකයි කියලා. හුහ්, එතකොට කියමු බලන්න අර රෙනේ’ ඩෙ'කාර්ට්(René Descartes ) ගොයියට අපි මේ ජීවත්වෙන්නෙ හැබෑ ලෝකෙද, හීන ලෝකෙද කියලා පුරස්නයක් ආවෙ කොහොමද කියලා?  උන්දැ ප්‍රංශ කාරයා වෙච්චි, ටක්කෙටම  බැස්සියෙක් එක්ක පැටලැවිල්ලක් තියෙන්න ඇති. එයා නං කිව්වෙ "I think, therefore I am," කියලයි. ඒක නං නරක වැඩක් නෙමෙයි -මං මෙ කිව්වෙ, හිතන එක. 

ඔය වචන ගැන මටනං කියන්න තියෙන්නෙ මෙච්චරයි, ආයිබෝං!
 
(සොරි වෙන්න ඕනෙ , අගරජානෙනි!, ඔබතුමාගේ ඉන්ටනෙට් කෝටා එකට)

13 comments:

  1. බස්සාගෙන් හොඳ පොස්ට් එකක්. ඒත් ඔය කියන දේ හැම විටම සාධාරණද?
    මම වෙන කෙනෙක් ගැන කියන්න දන්නේ නෑ. ඒත් මා ගැන කියනවනම් මම ලියන දෙයින් කෙනෙක් දකින මමම තමා මම.

    ReplyDelete
  2. අලුත් ටෙම්ප්ලේට් එක චොර.. කලින් තිබ්බ එක හොදයි, මේකනං චොරම චොර, මාරු කරපිය..

    ReplyDelete
  3. @බුරා

    එහෙමයි, එහෙමයි මුදලිතුමා. මේං මාරු කලා. අපොයි මගේ විජ්ට් සැට් එකට කෙල උනා, අද නං බැස්සි මාව කනෝ...ෆැමිලි ෆොටෝ එකට කෙලෙව්වාට

    @ ප්‍රියන්ත

    නෑ, නෑ, මේක ඔබතුමාට කියපු එකක් නෙමෙයි. මට නිකං හිතුනා, ඕං ඔහේ කියලම දැම්මා. මහේ මේ හොට තියෙනව නේද, ඕකට නිකං ඉන්න බෑනෙ, අනුන්ගෙ කතාවකට එබෙන්නමයි හදන්නෙ.

    ReplyDelete
  4. නෑ එහෙම දෙයක් නෙවේ කීවේ. මට කීවා කියා මම හිතන්නේ නෑ. මම කීවේ උදාහරණයක්. මම දන්න ඇත්ත චරිතයම පෝස්ට් ඇතුලේ ලියවෙන බ්ලොග් කාරයෝ කීප දෙනෙක් ඉන්නවා.

    ReplyDelete
  5. එක එක විජට් ඔබලා පේජ් එක හෙවි කොරන්ට එපා.. හැමෝටම බ්‍රෝඩ්බෑන්ඩ් නෑ බොල බස්සො..

    ReplyDelete
  6. හුටා! මට ඒක අමතක උනා නෙව. ඔන්න ඔක්කොම විජ්ට් ගැලෙව්වා, ෆීඩ්ජිට් හැන්ගුවා.

    මං firebug/YSlow දාලා බැලුව,external JScript,CSS, BG අවුලක් තියනවා, ඒත් මං ඕකත් එක්ක මන්කි බිස්නස් කලොත්, අනිවා කෙලෝ ගන්නවා..හී..හී..

    ReplyDelete
  7. හොඳ පෝස්ට් එකක් බස්සෝ...එකම ප්‍රශ්නේ බස්සාගෙත් "online identity" සහ "real identity " වෙනස්ද දන්නේ නෑ. අපි කොහොමද දන්නේ ඇත්තට බස්සා බස්සෙක්ද නැත්නම් උලමෙක්ද කියලා.

    ReplyDelete
  8. @ පොඩ්ඩි.
    ++++++++++U

    ReplyDelete
  9. උලම කියන්නෙත් බස්සෙක්. ප්‍රියන්ත සෑරුයි කිව්වෙ.

    ReplyDelete
  10. බස්සො,

    අපේ අත්තම්මා නිතරම කියන කතාවක් මට මතක් උනා ,

    " ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට"

    හරියට නොතේරුනොත් හොඳට දන්න කෙනෙක්ගෙන් අහගන්න හොඳේ .

    ReplyDelete
  11. සමහරු නම් දැන් බස්සලෑ ගෙදරම පදිංචිවෙලා වගේ නේ?

    ReplyDelete
  12. අම්මප ඒකනං ඇත්තමයි.. ඔය පොඩ්ඩි දැන් මෙහෙමයි පදිංචිය.. :p

    ReplyDelete
  13. කොහෙද ලෙංචිනෝ, මං මේකෙ උපදෙස් දීලා තියෙන්නෙ? මට හිතුනා, මං ලිව්වා, එච්චරයි. හුහ්, එක වංගියක් මයෙ ත‍ටු ගලවන්න ලෑස්ති වුනා, දැං එනව මෙතන ක‍ටු අත්ත වගේ පැටලෙන්න.අනික, දන්න කියන කට්ටිය වෙච්චි, අපෙ මැනිකෙ මෙහෙ ආව ගියාම මොකද වෙන්නෙ?

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code