පින්සර ඔබ හැර පිළිබද සිතුවිලි වෙනතක දළුලාදෝ...   අන්තෝ ජටා -බහී ජටා අනේ අසරණ බස්සා පවූඌඌඋ..නේද?  
 
 
 
            
        
          
        
          
        
බුදු හාමදුරුවො අපිත් දකින්නැති 
 
 
 
            
        
          
        
          
        
මටත් හිතුනා ආයිබෝං, ඔන්න ඔහේ හුරතලේටත් එක්කලා පෝස්ට් එකක් ලියලම දාන්ට. ඔහෙලා දන්නව නෙව, බස්සා දුක් මහන්සිවෙලා, රෑ පැල් රැකලා, චෙරි-බෙරි කොටාබාන පක්ෂියා වග. එහෙම සතෙකුට, බෙනේටම කූඩුවෙලා ඉන්ට පුළුවනෑ. ඒ වංගියෙ ඌ කතා පොජ්ජ දැම්මා , ඔය හුස්ම ගන්න පොඩි ඉඩක්, අනික් බෙනයකට දෙකකට හොට දාලා, හැලපයක් දෙකක් කොටාබෑමේ මූලික බකුසු අයිතිවාසිකං ලබාගන්ට. හුටා, ඔය උඩිංම දාලා තියෙන්නෙ ලැබිච්චි බිබික්කම තමා! මං මේ කවි සැට් එක ඉස්සුවෙ මේං මෙතනින් -  සිංහල ජන කවියේ ශෘංගාර රසය http://www.chitranandaabeysekera.org/ArticlesonSinhalaPoetry.html   බලාන්ට වටින ලිපියක්... ප:ලි:  මේ මොන කයි-කතන්දර කිව්වත්  මට අන්තිමට කියන්න තියෙන්නෙ:   "මෙවන් කීවත් ලඳේ මෙසේ - සුපුන් සඳ ඔබ තමයි මගේ" කියල තමයි. ඔය Ricky Martin කියල ගොයියෙක් ඕක ඉංගිරිස් වලට පරිවර්තනය කලා නෙව , මේං මෙහෙම:   She never drinks the water, makes you order French champagne Once you've had a taste of her, you'll never be the same But she'll take away your pain Like a bullet to your brain -livin la vida loca (living on the wild side)-  
 
 
 
            
        
          
        
          
        
දවසක් අපේ ලෙංචිනා මට කෝචෝක් පාරක් දාලා තිබුනා, "හුහ්, බස්සෝ බලන ෆිල්ම්ස්" කියලා.   මං හිතාගත්තා "හිටපංකො, දෙන්නම් ජම්බු" කියලා , ඒත් මේ  වැඩ රාජකාරි අස්සෙ ඒක මඟ ඇරිලා ගියා. පොඩ්ඩිගෙ "ඇත්තම ඇත්ත ආදරේ" පොස්ට් එකට අර සොඳුරු සිතක් තියෙන ලමයා ලියපු කොමෙන්ට් එක දැක්කාම , ඕන්න ආයෙත් ඒක මතක් වුනා. සමහරු කියනවා, ආදරේ හරිම පිවිතුරුයි, ඒකට දුප්පත්,පෝසත් බේදයක් නෑ කියලා. උන්දලා දන්න කෙංගෙඩිය. අපි අහලා තියෙන ඔක්කොම ආදර කතාවල් , දෙන්නා එකතු වෙන තැනින් ඉවර වෙනවා. කවුරුවත් ඊට පස්සෙ වෙන දේවල් ගැන කියන්නෙ නෑනෙ. මං නං කියන්නෙ, ආදරයක පැවැත්මක් තියෙන්න, ඒකට අවශ්‍යය පරිසරයත් ගැලපෙන්න ඕනෙ කියලයි. අර " ඊට පස්සෙ, සියල්ලෝම සතුටින් ජීවත් විය" කියලා තියෙන්නෙ සුරංගනා කථාවල විතරයි. ඒ ජාතියෙ, "සම්බෝල-බත්" ආදරය ගැන මට කියන්න තියෙන දේ නන්දා මාලනී මෙහෙම කියලා තියනවා.   හරි, දැං චිත්තර පටි ගැන කියමුකෝ. මේක ටිකක් පරණ එකක්, ඒත්  මේකෙන් දෙන පණිවිඩය හැමදාටම ගැලපෙනවා. අපි හැමෝම සැබෑ ආදරේ හොයනවනෙ. ඕං ඉතිං හොයාගෙන , හොයාගෙන යනකොට හම්බ වෙනවා. "හහ්,හොයන්නාට සම්බ වේ" කියලා පටස් ගාලා අල්ල ගන්නවා. හුටා, ටිකක් දුර යනකොට තමා තේරෙන්නෙ මේක  ඩුප්ලිකේට් ආදරේ නෙ කියලා.  කෙලිය නේද, පාත්තරේට, ඉතිං මොකේදෑ දං වලඳන්නෙ? අපේ ගතානුගතික සමාජෙ නං, ඉතිං බැඳගත්ත බෙරේ ගහන්න එපැයි, සදා දුක තමා.  එහෙම එක පාරක් වැරදිච්ච අවාසනාවන්තයොන්ට "සෙකන්ඩ් චෑන්ස්" එකක් නැද්ද? මේ කතාවෙ කියන්නෙ එහෙම ආදරයක්. බලාන්ට..හරිම ලස්සනයි. කෙල්ල පෝසත්..කොල්ලා දුප්පත්..කෙල්ලගෙ පප්පා තමා දුෂ්ටයා, හැබැයි අත්තම්මා  සීයා බුදු සපෝට් එකක් දෙනවා. පන යනකං හිනා වෙන්න පුළුවනි, ඒත් හිතන්න එපා මේකත් අර සරුවපිත්තල හින්දි පිච්ච්ර් වගේ කියලා..                  මට බුදි මතා....යි, ඉතුරු එක ගැන පස්සෙ දාන්නං.. 
 
 
 
            
        
          
        
          
        
If you can keep your head when all about you  Are losing theirs and blaming it on you;  If you can trust yourself when all men doubt you,  But make allowance for their doubting too;  If you can wait and not be tired by waiting,  Or, being lied about, don't deal in lies,  Or, being hated, don't give way to hating,  And yet don't look too good, nor talk too wise;  If you can dream - and not make dreams your master;  If you can think - and not make thoughts your aim;  If you can meet with triumph and disaster  And treat those two imposters just the same;  If you can bear to hear the truth you've spoken  Twisted by knaves to make a trap for fools,  Or watch the things you gave your life to broken,  And stoop and build 'em up with wornout tools;  If you can make one heap of all your winnings  And risk it on one turn of pitch-and-toss,  And lose, and start again at your beginnings  And never breath a word about your loss;  If you can force your heart and nerve and sinew  To serve your turn long after they are gone,  And so hold on when there is nothing in you  Except the Will which says to them: "Hold on";  If you can talk with crowds and keep your virtue,  Or walk with kings - nor lose the common touch;  If neither foes nor loving friends can hurt you;  If all men count with you, but none too much;  If you can fill the unforgiving minute  With sixty seconds' worth of distance run -  Yours is the Earth and everything that's in it,  And - which is more - you'll be a Man my  son ! මේක ලිව්වෙ Rudyard Kipling , බස්සාගෙ නගරෙ එක subway එකක අන්තිම ඉස්ටේසමත් Kipling. අප්පුච්චේ, ඌ අකුරට ගිය කාලෙ කොච්චියෙ නිඳිකිරා වැටුනාම  ඇහැරෙන්නෙ එතනනෙ. දෙඤ්ඤං , උම්මත්  දෙඤ්ඤං .   
 
 
 
            
        
          
        
          
        
බස්සා ඉපදිලා තියෙන්නෙ නොවැම්බර් මාසේ. අර හෝ ගාලා වහින්නෙ, ආන්න ඒ මාසෙ තමා. ඌ වතුරට හරිම කැමති සතා, පීනන්නත් දන්නවා. වැස්සට හරීම කැමතියි. ඌට මේ වැස්ස මතක්වෙලා තියෙන්නෙ, මේ දවස්වල තියෙන ගිරීස්මෙ නිසා. අද සැන්ටිගෙරේට්ම 37 යි. 47 වගේ දැනේවිලු. කෙලිය නේද? බඩුම තමා. 
 
 
 
            
        
          
        
          
        
අලි මඩුවේදී රා පොල්කට්ටක් පෑගිලා බස්සා නටපු හැටි.....      මේ ඒ නැටුම දැක්ක වෙන බස්සෙක් හිනාවෙන හැටි....   වෙල් ෆැන්ටා ගහපු අලිමොටා .... 
 
 
 
            
        
          
        
          
        
මේ දවස්වල මගේ ලෝකෙට පායපු සඳත් බැහැල ගිහින්. හරියටම කියනවා නං, කලු වලාවකින් වැහිලා. සමහර වෙලාවට අපිට තියෙන දේවල අගය තේරෙන්නෙ, ඒවා තවදුරටත් අපි ලඟ නැති උනහම නේ. හැමදාම ආදරේ ගැන, නැත්නම් විරහා ගීත ගැන කියන හින්දා, අද මට හිතුනා වෙනස් දෙයක් ගැන ලියන්න.කවදාවත්ම නිදා නොගන්න මේ කාර්මික නගරයේ රෑ වැඩ මුරය කියන්නෙ , මට අමුතු දෙයක් නෙමෙයි. ඒත් මේ මගේ පැල් රැකිල්ල ගැන කතාවක් නෙමෙයි.      අහන්න මහතුනි, අපේ කාලයේ කුමාරිකාවන්ගේ කඳුළු කතාව.... 
 
 
 
            
        
          
        
          
        
බස්සා බෙනේ තනිවෙලා හඳවල් කාලක් විතර උනා නෙව. ඒ මදිවට මෙහේ කණ පැලෙන්නෙ රස්නෙ. ඒ අවුවස්සෙ හෙම්බත් ගහපි. ඔහෙලට කියන්න, ලොක්කා, ජීවිතේ මෙලෝ රහක් නෑ, ඕං. බස්සා Iced Capp බීලා බැලුවා, කිරි කෝපි , milk Chocolate එක්ක ගහලා බැලුවා , මොන? ඒ තියා සුමිහිරි පානේට චෙරි ගෙඩි දෙකක් දාලා ගහලත් බැලුවා, ම්හු..ඒත් වැඩක් වුනේ නෑනෙ? ජීවිතේ මොකක්දෝ අඩුවක් දැනෙනවා. මොකක්ද මන්දා? Oceans apart, day after day And I slowly go insane I hear your voice on the line But it doesn't stop the pain Wherever you go, whatever you do I will be right here waiting for you Whatever it takes or how my heart breaks I will be right here waiting for you I wonder how we can survive,  this romance But in the end if I'm with you,  I'll take the chance 
 
 
 
            
        
          
        
          
        
    
අරලිය ලන්ඳට..සඳ පායන කොට  ඔබ ගැන සිහිවෙනවා..  එතකොට.. ගී පද.. ලියැවෙනවා... සිතිවිලි ඉගිලෙනවා....   
 
 
 
            
        
          
        
          
        
    ඊයෙ අපේ ජාතික දිනය. බස්සටත් නිවාඩු. ඌ ජාතික දිනේ සමරන්න කියලා උදේම ගැහැව්වා සුමිහිරිපානේ. ටික වෙලාවකින් හචිස් දෙකකුත් ගියා, ඇඟටත් වෙනදට වැඩිය වෙනසක් දැනුනා. ඌ ඔය කිසිමදෙයක් ගණන් ගන්න සතෙක් නෙමයි නිසා. කෙලින්ම පැන්නා ඇඳට, බල්ලට පොල්ලෙන් ගැහැව්වා වගේ බුදි. රෑ-ජාමේ  මද්දහනේ එනවා SMS එකක්, බස්සා නිදිමරගාතේ බැලී නං අසෝකමාලා. එදා රැ උයපු තම්පලා මාළුව නොකෑවට හේතු අහනවා. දැං බස්සට, නිදි මතයි, වයින් මතයි, ඒ මදිවට කෙලින් ඉන්න පන නෑ, හෙම්බා ගහලා. " මෙයා මේ මඟුලක් අහනවා" බස්සට එහෙම හිතුනා, ඒත් අතේ සාස් පානක් ඇති කියලා හිතුන හින්දා, ඌ උගේ හොඳම පෝකර්-ෆේස් එක දාගෙන මොන මොනවද කිව්වා,නිඳි මරගාතෙම. හුටා, පත්තු වුනේ නැතැයි චීන පටස් එක.... මා ඔබෙයි ඔබම කියයි  ඔබ සඳක් වගේ හැඩයි බස්සෝ කියන්නෙ අමුතු සත්තු ජාතියක්. වැඩිය කිය වන්නෙ නෑ, උන්ගේ ආදරේ තියන්නෙ හිතේ.සැකේට හරි, බයට හරි එව්වා හිතේ තියාගෙන විඳවනවා. ඒකනෙ උන්ට බස්සො කියන්නෙ ගිරව් නොකියා. ඇයි අහල නැද්ද , සමහරු කියන්නෙ, " හුහ්, ඉන්න හැටි විතරක් බස්සෙක් වගේ බුකවා ගෙන.." කියලා.