Jul 2, 2011

බස්සෙක්..හෙම්බා..සහ පෝට්-වයින්



  
ඊයෙ අපේ ජාතික දිනය. බස්සටත් නිවාඩු. ඌ ජාතික දිනේ සමරන්න කියලා උදේම ගැහැව්වා සුමිහිරිපානේ. ටික වෙලාවකින් හචිස් දෙකකුත් ගියා, ඇඟටත් වෙනදට වැඩිය වෙනසක් දැනුනා. ඌ ඔය කිසිමදෙයක් ගණන් ගන්න සතෙක් නෙමයි නිසා. කෙලින්ම පැන්නා ඇඳට, බල්ලට පොල්ලෙන් ගැහැව්වා වගේ බුදි.

ඕන්න රෑ-ජාමේ මද්දහනේ එනවා SMS එකක්, බස්සා නිදිමරගාතේ බැලී නං අසෝකමාලා. එදා ‍රැ උයපු තම්පලා මාළුව නොකෑවට හේතු අහනවා. දැං බස්සට, නිදි මතයි, වයින් මතයි, ඒ මදිවට කෙලින් ඉන්න පන නෑ, හෙම්බා ගහලා. " මෙයා මේ මඟුලක් අහනවා" බස්සට එහෙම හිතුනා, ඒත් අතේ සාස් පානක් ඇති කියලා හිතුන හින්දා, ඌ උගේ හොඳම පෝකර්-ෆේස් එක දාගෙන මොන මොනවද කිව්වා,නිඳි මරගාතෙම. හුටා, පත්තු වුනේ නැතැයි චීන පටස් එක....


මා ඔබෙයි ඔබම කියයි
ඔබ මගෙද මටම බයයි

ඔබ සඳක් වගේ හැඩයි
හෙට අමාවක ද සැකයි..


බස්සෝ කියන්නෙ අමුතු සත්තු ජාතියක්. වැඩිය කිය වන්නෙ නෑ, උන්ගේ ආදරේ තියන්නෙ හිතේ.සැකේට හරි, බයට හරි එව්වා හිතේ තියාගෙන විඳවනවා. ඒකනෙ උන්ට බස්සො කියන්නෙ ගිරව් නොකියා. ඇයි අහල නැද්ද , සමහරු කියන්නෙ, " හුහ්, ඉන්න හැටි විතරක් බස්සෙක් වගේ බුකවා ගෙන.." කියලා.
 

මටත් අමාවක ලබන්නයි යන්නෙ, ආයිබෝං, එන සුමානෙ...
 


                           

4 comments:

  1. බස්සෝ ජාතික දිනේ සමරන්ට උදේ පාන්දරම ගහන්නේ සුමිහිරි පානෙද? බැස්සියෝ කන්නේ චෙරීස් සහ බෙරීස්ද? පුදුම සල්ලිකාර බස්සෝ තමයි ඔය පැත්තෙත් ඉන්නේ.

    අනෙක අශෝකමාලලාට කොහෙන්ද අනේ මොබයිල් ෆෝන්ස් රෑ තිස්සේ SMS එවන්ට. බස්සට ඉතින් තම්පලා කාලා බලන්ට තිබුනනේ. වලව්වේ කෙහෙල්මුහ කාලා ඇතිවෙලානේ ඉන්නවා ඇත්තේ? කොහොමද මේ දවස්වල හැලප කාරිය කන්ට ගියේ නැද්ද?

    //මටත් අමාවක ලබන්නයි යන්නෙ, ආයිබෝං, එන සුමානෙ...//

    බස්සන් සාමාන්‍යයෙන් කලුවරට කැමති කොටසක් හන්දා ඉතින් අමාවක ලැබුවට ගානක් නැතුව ඇති...:D

    ReplyDelete
  2. හුහ්,
    එදා සන්සුන් ගමනින් වැඩිය බුදුහාමදුරුවො දැක්කාම කිසා ගෝතමී කිව්වෙ නිබ්බුත් පද
    අද තමන්ගෙ පාඩුවෙ චෙරි ගෙඩියකට කොටා ගෙන ඉන්න අහිංසක බස්සෙක් දැක්කාම කුමාරිහාමිලට කියවෙන්නෙ ඇනුම්පද,

    මං නං නිකං ඉන්නෙ නෑ, මාත් කොටනවා ඔලු ගෙඩියටම...

    ReplyDelete
  3. නිවී සැනසුන බස්සෙක් දැක්ක හැටියේ කුමාරිහාමිට නිබ්බුත පද කියවෙයි.

    දැන් නිවී සැනසිලාද ඉන්නේ?...:)

    //මං නං නිකං ඉන්නෙ නෑ, මාත් කොටනවා ඔලු ගෙඩියටම...//

    අනේ පව් නැද්ද?...:D

    ReplyDelete
  4. උඹෙ හෙම්බා දැන් හොඳද බං..

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code