කන්ද උඩින් අටවක සඳ හිනා වෙනව මෝදුවෙන්ඩ…
රෑන් පිටින් පාත්තයන් පියාඹනව කූඩුවෙන්ඩ…
අඬති ළමා බසුපැටියෝ උණුහුමකට ගාල්වෙන්ඩ…
එන්ඩ පිළට සැනසිල්ලේ ඇහැ ඩිංගක් පියාගන්ඩ..
මිඳුල පුරා රැස් මාලා අටවක දා හීන් හඳේ…
බැඳුම් සුවඳ සෙමින්,සෙමින් පැතිරෙනවා මුළුතැන්ගේ…
ගොපළුන් පිඹින නළාවේ
සුමිහිරි සත්සර පාවේ...
පිදුරු පියස්සේ තැවරෙන කළාමැදිරි කාන්තියේ…
නිවී පහන්වී දුරු වෙයි සෝක තැවුල් කාන්සියේ…
හිම කැට මිදෙන හීතලේ
හීතළ නොමැත රෑ පැලේ…
ප.ලි: හිම කැට මිදෙන හීතලේ..,හීතළ නොමැත රෑ පැලේ. හෙහ්..හෙහ්..[][], [][]
Jun 29, 2011
6 comments :
ඔබට කමෙන්ට් ලෙස පිංතූරයක්/ ලින්ක් එකක් / වෙබ් පිටුවක් දැමීමට අවශ්‍ය නම් පහත කෝඩ් එක කොපිකර ගන්න.
link to the code
Subscribe to:
Post Comments
(
Atom
)
මොකද මේ සිංදුවේ සමහර තැන් වෙනස් වෙලා තියෙන්නේ?
ReplyDelete//බැඳුම් සුවඳ සෙමින්,සෙමින් පැතිරෙනවා මුළුතැන්ගේ…//
බැස්සි මොනවා හරි රොස් කරනවද දන්නේ නෑ...:D
//හිම කැට මිදෙන හීතලේ..,හීතළ නොමැත රෑ පැලේ. හෙහ්..හෙහ්..[][], [][]//
අනිවාර්යයෙන්ම මේ කියන්නේ හිම බස්සන් ගැන...:D
වෙනස් කලේ දේශීයකරණය කරන්න නෙ.
ReplyDeleteනෑ, එයා බැල්කනියට ආවා. ඒ අල්ලපු ගෙදර මුළුතැන්ගේ වෙන්ටෑ.
මෙහෙදි ඔය හැම බස්සම, හිම බස්සො වෙනවනෙ.
මට හරියටම තේරුනේ නෑ.. මේක "මෙලෝ රහක් නැති බස්සෙකුගේ, ගීතය" ද නැත්තං "මෙලෝ රහක් නැති, බස්සෙකුගේ ගීතය" ද..??
ReplyDelete@බූරා,
ReplyDeleteදෙකම එකයි බූරෝ...
බස්සෙකුගේ මෙලෝ රහක් නැති ගීතය කීවත් කමක් නෑ...:D
වවුලන් හා බක මූණන්ගේ - නාදය ඉඳ හිට මටද ඇසේ
ReplyDeleteකිරි වෙනුවට ගොම සොයමින් යන්නේ
බැබලෙන හඳ පානේ
ආන්න, දැක්කා නේද . ගමේ වෙල් ඉපනැල්ලෙ දුව පැනලා, ගඟේ, දොලේ පැනලා නාලා, පාළු වත්තෙ හොර කුරුම්බා බීපු එකෙකුට විතරයි මේ වගේ සිංදුවක් රස විඳින්න පුලුවන්. පොත් ගුල්ලෙකුටවත් ඒක තෙරුනා මඳෑ?
ReplyDelete