- 'අව්‍යාජ' සර්ප තෙල් බෝතලයක ලේබලය-
සියවස් ගණනාවක් තිස්සේ, දේශීය චීන වෛද්‍ය විද්‍යාවේ පිළියමක් ලෙස හන්දිපත් රුදාව වැනි වේදනාවන්ට ප්‍රතිකාර කිරීම සඳහා, සර්ප තෙල් භාවිතා විය.ට්‍රාන්ස් කොන්ටිනෙන්ටල් දුම්රිය මාර්ගයේ වැඩ කිරීම සඳහා එක්සත් ජනපදයට පැමිණි දහස් ගණන් චීන කම්කරුවන් සර්ප තෙල් ඇතුළු ඔවුන්ගේ සාම්ප්‍රදායික ඖෂධ ඔවුන් සමඟ ගෙන ආහ. දැවිල්ල අඩු කිරීමට උපකාරී වන ඔමේගා-3 අම්ල වලින් පොහොසත් චීන ජල සර්පයාගේ(දියබරියා විය හැක) තෙල් වලින් සාදන ලද, එහි මුල් ස්වරූපයෙන් සර්ප තෙල් සැබවින්ම ප්‍රතිඵලදායක විය. විශේෂයෙන් හන්දිපත් රුදාව සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කළ විට. දිගු වෙහෙසකර දිනක් වැඩ කිරීමෙන් පසු, සන්ධිවල තෙල් ආලේප කළ කම්කරුවන්ට,සැබවින්ම යම් සහනයක් අත්විඳීමට හැකි විය.
19 වන සියවසේ ඇමරිකාවේදී, සර්ප තෙල් සාමාන්‍යයෙන් "සර්ව විශාධී තෛලයක්" ලෙස සැලකුනි. ඒ යුගයේ හුදීජනයා අත මුදල් හිඟ විය. රටේ වෛද්‍යවරුන් හිඟ විය, ලෙඩින් දුකින් පෙලුන පුද්ගලයින් බොහෝ විට මේ "නවතම ප්‍රතිකාරය' මිලදී ගැනීමේ අවස්ථාව ලබා ගත්හ.
තමන්ගේම ව්‍යාජ අමෘතයක් සාදා ගැනීමෙන් ඉක්මනින් පොහොසත් වී "ගේමක් ගසා ගොඩයෑමට", ඇමරිකන් අයියලා දියබරියා වෙනුවට රැට්ල්ස්නේක් ආදේශ කලහ. රැට්ල්ස්නේක් සර්පයාට, දියබරියන්ගේ ඖෂධීය ගුණ නොතිබීම වැදගත් නොවීය. සාර්ථකත්වය සහතික කරන ලද්දේ මුඛරි කතාවෙන් ගනුදෙනුකරුවන් වශී කර ගැනීමෙනි.
බොහෝ සර්ප තෙල්වල ඊයම්, රසදිය හෝ ආසනික් වැනි විෂ අඩංගු වූ අතර සමහර විට ඒ තුනම අඩංගු විය. අනෙක් ඒවාට අබ තෙල්, පයින් තෙල්, වින්ටර්ග්‍රීන් තෙල්, කපුරු හෝ පෙට්‍රෝලියම් යොදා ගෙන තිබුණි. මෙම මිශ්‍රණ සෑම එකක්ම අප්‍රසන්න රසයක් ඇති බව උපකල්පනය කල හැක. එසේ වුවද, ඒවායේ රසය බොහෝ විට අබිං, කොකේන් හෝ ධාන්‍ය මධ්‍යසාරවලින් යටපත් කරවන ලදී." වෑම්,බෑම් තැන්ක් යූ මෑම්" සහ "ඩිෂුම්, ඩිෂුම් හුචස්" ජීවන රටාවක් අනුගමනය කල, "ඇමරිකන් වයිල්ඩ් වෙස්ට්" පුරවැසියන්ගේ කෙටි ජීවිත වලට, මේ විෂ ඒ හැටි බලපෑමක් කලාද යන්නත් විස්වාස නැත.
අද වහරේ හැටියට "සර්ප තෙල් වෙළෙන්දා" යනු බොහෝ විට, රැවටිලිකාර, අලෙවිකරණය අතිශයෝක්තියට නැංවූ , වටිනාකමක් නැති හෝ වංචනික නිෂ්පාදන ප්‍රවර්ධනය කරන කෙනෙකුට කියන අපහාසාත්මක යෙදුමක් වුවද, නූතන "සර්ප තෙල් වෙළෙන්දා" අදද වෙනත් අයුරකින් යෙහෙන් වැජඹේ.
බැකිසි බකුසානේ
කරවැල් මහ කොකානේ
දිය ගැරඞියානේ
රකිව් දුම්බර අල විදානේ
(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)
ඉස්සර පොළ දවසට ටවුන් වලට ආව ඔය වගේ තෙල්, සර්ප ගල් විකුණන පොරවල්. දැන්නං උං පේන්න නෑ. දැං ඉන්නෙ පොෂ් තෙල් බෙහෙත් කාරයොනෙ.
ReplyDeleteපොළ දවසට ආව තෙල් බේත් සැට් එක තමයි, අපේ මේ බ්ලොග් කතන්දර කලාවේ ආදී වාසීන්,හීනියට තෙලක් බෙදලා, කුප්පියක් විකුණ ගත්තාට. ඩ්බ්ලිව්. ඒ. සිල්වා මහත්තයගෙ හිඟන කොල්ලා කතාවෙ, සයියා තෙල් බේත් වික්ක හැටි වයියා කියනවා. ඔය නිදියා නං දන්නව ඇති තෙල් බේත් කාරයොන්ගෙ කතා ඕසෙට.
Deleteඅම්මපා ඕයි, තෙල් බේත් කාරයො එකෙක් දෙන්නෙක්, දියවන්නාවෙ ගවගාලට යවන්නයි තිබුනෙ? හෑ, එහෙට යවලයි තියෙන්නෙ කිව්වා?😮 අර ජපන් දන්න හාදයද?
දන්නවා දන්නවා. අවුරුදු හතරක් තිස්සෙ පේව්මන්ට් එකේ රජ වෙවී උන්නු කාලෙ දේවල් blog එකට ලිව්වත් එක්කනේ.
Deletehttp://nidigepanchathanthare.blogspot.com/2018/06/blog-post_18.html
පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
තෙල් බේත් කතා රසවිඳින්න කියල හිතාගෙන ගියාට, ආවෙ නම් කණගාටුවක්. අර පේව්මන්ට් සෑස්තරේ කියා දීපු සිරිපාලයි, නිදිගෙ සීයායි නම් හොඳ මිනිස්සු කියල හිතුනා.
Deleteපංච තන්තරේ තිබුනද, කලු නයෙක් සහ තව අඩුම-කුඩුම දාලා විෂ තෙලක් හිඳින කතාවක්?
එහෙම එකක් යන්තමට මතකයි. ෂුවර් නෑ. පොතෙන් බලන්න විදිහක් නෑ- හොඳ යාලුවෙක් අවුරුද්දකට විතර කලින් පොත ගෙනිහින් තවම ගෙනත් නොදුන්න හින්දා.
Deleteඅපොයි තාම අවුරුද්දෙනෙ? යාලුවගෙ ඊළඟ පරම්පරාව ගෙනත් දෙයි.😋
Deleteපුස්ථකාලයෙන් "ණයට" ගත් ඇල්බම් එක, අවුරුදු 40කට පසු බාර දෙයි
chrome-extension://efaidnbmnnnibpcajpcglclefindmkaj/https://www.banyantree.in/jagdishpur/wp-content/uploads/2020/06/Panchatantra-.pdf
Deletemore easier version- chrome-extension://efaidnbmnnnibpcajpcglclefindmkaj/https://www.arshavidyacenter.org/new/children/panchtantra.pdf
Deleteඅර chrome-extension කෑල්ල අයින් කරලා https://www කොටසෙන් පටන් ගත්තාම ලින්ක් දෙකම වැඩ කරනවා. නියමයි. තෑන්ක්ස්👌
Deleteனයි තෙල් හදාගත්ත දවසට තමයි බොලාලට කෙලවෙන්නෙ කොනක ඉඳල හිටගෙන.
ReplyDeleteසෑස්තරේ දන්නව නං னයි තෙල් හිඳ ගත්තෑකි, னයාගෙ විස තියෙන්නෙ ඔලුවෙ. නමෝ විත්තියෙන්ම දෙන්න ඕනෙ, ඔලුව ජපන් කඳ ජර්මන් වෙන්න. එහෙම කොරලා හක්කෙලා, ගිණි ගොඩක් ගහලා නැට්ටෙන් එල්ලනවා. ආන්න එතකොට, ඔය බේරෙන්නෙ னයි තෙල්.😋
Deleteබීප්, බීප් සුරුස්
සර්ප තෙල් . ඔව්වා ආයුර්වේදයේ නෑ නේද? ඒ කාලෙත් චීනා මොන මොනවහරි හදලා ඇමෙරිකන්කාරයට විකුණලා
ReplyDeleteඉන්දියන් වේද ග්රන්ථ ආශ්රිත පාරාම්පරික වෛද්‍ය ක්‍රමයක් වූ ආයුර්වේදයේ, සර්ප තෙල් තියනවද මන්දා? ඒත් පාරම්පරික චීන සර්ප තෙල්, ඇත්තටම හොඳයි කියලා ඔප්පු වෙලා තියනවලු. අවුල තියෙන්නෙ, ඇමරිකන් කාරයො හදාගත්ත "හොර" සර්ප තෙල් වල බවයි පේන්නෙ.🤔
Deleteසර්ප තෙල් නෙවෙයි තෙලක් තිබෙනව හැදිය යුතු
ReplyDeleteඅහලා ඇතැයි හිතෙනව එව්වගේ තතු
රට කෑ හොරුන්ටයි ඒ තෙල කැවිය යුතු
හදමුද 'කබර තෙල්' අපි හැම වී එකතු
කබර රාල උගෙ හොබි එක නයි ගිලීම
Deleteඑහෙව් සතා වල්ගෙන් එල්ලන්නේ කොහොම
හොරකම සයිඩ් බිස්නස් වී ඇති අරුම
පුදුම රටක ඉපදුන එක නෙව කරුම
කබරුන්ටත් වැඩිය නරකයි මෙහෙ ලොක්කන්
Deleteජරාව කාලා තියෙන්නෙ කරේ බැඳන්
රෙදි ඇඳගෙන වුණත් උන් ඉන්නේ හෙලුවෙන්
සමහරු නං වීලා වාගෙයි සල්ලන්
ට්රෑෂ් පැන්ඩා, උරුලෑවා ඇත අපෙ කුණු බක්කියේ
Deleteඉඳ හිට එන කපුටො සිසිරෙ "කාක්" කියලයි ගියේ
කබරගොයා, තලගොයා මෙහි නැත කොක් පන්තියේ
පාත්තයෝ හරි නරකයි,උන් බකුස්ව පන්නනවා උංගියේ
කබර ගොයා උගෙ පාඩුවෙ යන කලට
ෂූස්, ෆූස් ගාමින් බාව වනවන්ට
කර ඇත නපුරුකම්, නොහිතම කොලු කමට
දැන් තේරෙනවා ඒ කල දේ වරද මට
උරුලෑවෝ හිටිය සිල් රෙදි හැඳ පැළඳ
Deleteගහලා තියෙන යටිමඩි ගොඩ පෙනෙනවද
කැතයි- කැතයි අද රටටම ගහයි ගඳ
උන් දැන් ඉන්නෙ රෙදි ඇඳලද හෙලුවෙන්ද
නොදැන කරන වරදට නම් හිමිය සමා
දැන දැන කරන වරදට කළ යුත්තෙ කිමා
xකේ තාර ගාලා හංවඩුත් දමා
දිවි තෙක් හිරේ යැව්වත් උන් මදියි තමා
බන්ධනාගාර පාලනේ ඉන්නවා හොරූ
Deleteඇතුලට යන ලොකූ ජීවිත පහසු කෙරූ
කුඩු මුදලාලිලා පාස්පෝට් දෙකක් දැරූ
එලියේ හොරූ, පුප පෙන්නන අයුරූ
දැන්නං ඔහොම වෙළෙන්දෝ වැඩිපුරම එන්නේ ෆේස්බුක් නැතිනම් යූටියුබ් හරහා. ගජමදාරා කොළ තම්බලා බීලා තරුණයෙක් මැරුනා මතකයි කලකට ඉස්සර.
ReplyDeleteඇයි අපේ හිටපු මහරජාණන්ගෙ "රාජකීය" වෛද්‍යවරයාත් ඔහොම ස්නෙක් ඔයිල් වෙදකං කලා නේද? උන්දැගෙ නං "රාජකීය" වෛද්‍යවරයාත්, දෛවඥයාත් දෙන්නම එක වල්ලෙ බඩු.🤣
Deleteදැන් පිය, පුතු දෙපලගෙම වශී බෝල මිරිකිල්ලත් කෙරෙන්නෙ නෑ වගෙයි නේද?
https://owlsoil.eu/?srsltid=AfmBOooDCAA86f6ZF1pwLHxTwy6pZXma8VYGy6LHhteUKLc9_sB73QZn
ReplyDeletePremium dispensary-grade cannabis
https://owlsoil.eu/pages/about-us?srsltid=AfmBOoqq11LkjdVE7AalZL6YSIvvCLklwj3W8w6arbudLuv6kVlvkzgw
අම්මපා ලොක්කා මටත් වෙලාවකට හිතෙනවා රොකට් එකක් ගහලා ගුවන් ගත වෙලා බලන්න.
Deleteඅර ඊලොන් මස්කුත් ගහන්නෙ කරටි පාත් වෙන්න.🤔
https://www.livescience.com/61403-marijuana-farms-dying-owls.html
Deletehttps://www.amazon.com/Marijuana-Smoking-Weed-Cannabis-Love/dp/B08PDCJ6XR
https://www.abebooks.com/9780906053942/Little-Owl-Weed-Constance-Boyle-0906053943/plp
https://www.newsweek.com/marijuana-growers-california-are-killing-owls-and-disrupting-food-web-780553
හුටා! හත්තිලව්වට ගහපි කලාබරේ කිව්වලු. ඒක හරි යන්නෙ නෑ.🤔
Deleteමෙහ වාහෙල කැනබීස් ලීගලයිස් කරලා, දැන් එහෙන් මෙහෙන් ඇරපු ෂොප්ස් හිටන් තියනවා. 😮
https://www.startribune.com/birds-get-high-on-cannabis-black-capped-chickadees-hummingbirds-migration-feeders/600323379
Deletehttps://pmc.ncbi.nlm.nih.gov/articles/PMC7071081/
https://sttiggywinkles.org.uk/animal-factsheet/owls/
https://www.reddit.com/r/Owls/comments/1cj9wgo/barred_owl_getting_a_drink/
https://www.intechopen.com/chapters/85023
Six interviewed witch doctors admitted that they had used owls for bewitching and even killing people often combining owl parts with poisonous plants and a lot of magic. Now, some of them said that owls should not be used for killing, because the victim suffers too much when death can take four weeks or more. By using lion, leopard, or even snakes and crocodiles, death is instant
https://thumbs.dreamstime.com/b/owl-witch-s-hat-table-wise-perches-adorned-385063720.jpg
Deleteකැනබිස් ඔයිල් ලොකු අවුලක් නැහැ . මාත් බීල තියෙනව . හැබැයි ලොකුවට දැනුනේ නම් නැහැ
Deleteකැනබිස් කුකීස්, කේක් එහෙම කෑවම, මත්වීම එන්නෙ තැපෑලෙන් කියල තමා කියන්නෙ. ඕවර් ඩෝස් වෙයි කියන එක තමා ලොකුම බය.
Deleteමං වහන්සේ තව කට්ටියකුත් එක්ක 'හර්බල් කේක්' කාලා වෙච්ච හරිය අවුරුදු දෙකහමාරකට කලින් ලිව්වා මතකයි නේද?
Deleteඅබ්ලික් snack - පළමුවෙනි කොටස
https://nidigepanchathanthare.blogspot.com/2022/12/snack.html
එදා නං අපි එක එක්කෙනාට ඒක වැඩ කළේ එක එක විදිහට.
එකයි, දෙකයි පෝස්ට් දෙකම කියෙව්වා. ඔය මත් රසකැවිලි වල අවුල ඕක තමා. හැලොවීන් කාලෙ ගෙවල් ගානෙ යන ලමයින්ටත් දෙනවා කියලා, දෙමාපියන්ට අනතුරු හඟවලා තිබ්බද කොහෙදත් එක්ක.
Deleteආහා! ස්තුතියි බකුසාණෙනි.
Deleteතෙල් බේත් වලින් ගොඩ දාන්න බෑ දැන් තියෙන ලෙඩ . ගැජට් වලින් තමා මොනවා හරි කරගත්තොත්
ReplyDeleteදැන් තියෙන ලෙඩ වලට තෙල් බේත් එතරම් ප්‍රතිඵලදායක නෑ කියල තේරෙනවා. ඒත් ගැජට් ගැන කිව්ව එක නං තේරුනේ නෑ.🤔
Deleteදැන් ඔය කැඩෙන බිඳෙන කෑලි වලට ඉස්සර වගේ ඔපරේෂන් කර කර අටවන්න දෙයක් නෑ ... තව වැඩිම උනොත් අවුරුදු 5-10ක් යද්දී ඇහැට ඇහැක් , කකුලට කකුලක් , හාට් එකට පිත්තල හාට් එකක් ආදී වශයෙන් කෑලි එයි .. හෙහ් හෙහ්
Deleteඅම්මට සිරි ගජ -නැන්දට කජු මද 🤣😋👌
Deleteයකඩ හදවතක්
Deleteසහිත බස්සෙක්
ඉතින් මොකටද
කැනබිස් කුකීස්
ෂොක්-ඇබ් ඇත ආතරයිටිස් නැති වෙන්න
Deleteදවල්-විෂන් එක ඇහැකට හරි ඔන්න
බූස්ටරේ පස්සට හයි කර ගන්න
තටු නොගසාම හැක හරි උඩිනුත් යන්න
කලින් පෝස්ට් එකේ අහපු උපදේසෙට ලැබුන දායකත්වයට කෘතගුණ සැලකීමට පළකල ලිපියක්.
ReplyDeleteඅඩුපාඩු තිබ්බත්, මගේ ජීවිතෙන් වැඩි කොටසක් ඇමරිකාවට කැමැත්තෙන් හිටියා. නූතන තාක්ෂණය නිදහස් චින්තන, කලාව සහ සිනමාව , අද අපි භුක්ති විඳින වරප්‍රසාද වැඩි හරියක් ඇමරිකන් නිෂ්පාදන. අද ඒ ඇමරිකාව අඳුරු පැත්තට ගමනක් යනවා. කෝවිඩ් මුල් කාලෙ, ලන්කාවෙ ආර්ථිකේ බංකොලෙත් වෙන්න ගත්ත මුල් කාලෙ වගේ, අපි ඉන්න "ඩිනයල් ෆේස්" එකේ.
Elon Musk - chief architect of a dictator
Revenge on White House whistleblower
Broligarchs, AI, and a Techno-Authoritarian Surveillance State
තෙල් බේත් කියද්දී මතක් උනෙ, කාලෙකට කලින් ඉන්දියාවෙන් එන සන්දිසුදා තෙලක් බෙදාහරින shop එහෙක ගෑනු ළමයෙක් කිව්වා ගත්තු ඈයො කාලෙකින් ආවලු මේක හොඳ නැතිය කියල. මේවා ටිකක් ගණන්. tv add දාල ප්‍රචාරය කරන්නෙත් මහපරිමානෙන්. දැන් තවත් එකක් යනවා දැක්ක ඒ වගෙම එකක්.
ReplyDeleteතෙල් බේත් විතරක් නෙමෙයි, සදා කාලිකව හොඳටම මාකට් වෙන "ෆෙයාර් ඇන්ඩ් ලව්ලි" වගේ එව්වත් ඒ වගෙයි නේද? කලු අය සුදු වුනා කියල දන්නෙ මයිකල් ජැක්සන් විතරයි. ඒත් කලින්ම මලා.
Deleteටිකක් කපටි මනුස්පයෙකුට ගමනක් ගිහින් එද්දී සල්ලි මදිවුනා බස් එකට. කලබල නැතුව තිබ්බ කාසිවලින් තලගුලියක් අරන් කෑල්ලක් කාල අනික්වයෙන් බෝල කීයපයක් හදල තිව්න කොලේ කෑලි ඉරල එතුව. බස් එහෙකට මේවත් ඇන්න ගිහින් 'මහත්තුරුන් බොන එක නවත්තන දිවිය අවුසදයක්' කියල විකුණලා මග වියදම හොයාගත්තලු 😁
ReplyDeleteඒ කාලෙත් කතාවෙන්ම තමයි ගේම දුන්නෙ. අද ඉතිං tv add එකෙන් කරන්නෙත් ඒකම තමයි මහිතේ?
Delete