නිමිත්ත: කොරෝනා, ස්වයං නිරෝධනය, මඤ්ඤං සහ Cabin Fever
May 10, 2020
May 3, 2020
බස්සා සහ අවුල් ජීවිතේ
ඔහෙල දන්නව නෙව, ට්‍රම්පුච්චගෙ සුප්‍රකට It may get bigger, ......we are totally prepared කතාව? තව එතකොට එන්ගලාන්තෙ ජොන්සන්ගෙ " පට්ටි ප්‍රතිශක්තිකරණ " සංකල්පය සහ ඉස්පිරිතාලෙ කොරෝනා ලෙඩ්ඩුන්ට අතට අත දීගෙන, දීගෙන ගිහිල්ලා , කොරෝනා හැදුනට පස්සෙ , ලාවුලු කාපු රිලවා වගේ හිටිය කතාව.
සමහරු නං අහනවා " අරහෙ චීනෙ වහගෙන වහගෙන් යනකොට US,UK නිදාගෙනද හිටියෙ කියලා?" එහෙම බලාගෙන යනකොට, එයාල විතරක් නෙමෙයි, තව කොච්චර බටහිර රටවල් ඔය ටිකම කලාද?
ට්‍රම්පුච්චගෙ වැඩ වලට හිනා වුනාට , එයැයිගෙ සමහර කෙලින් වැඩ වලට මං කැමතියි. WHO එකේ දොස්තර කැතහිතගෙයි, CCP එකෙයි වැඩ වලට කෙලින්ම විරුද්ධව කතා කලේ ට්රම්පුච්ච විතරයි.
කොච්චර උනත් ජොන්සන් බ්‍රිටිෂ් ඇක්සන්ට් එකෙන් කතා කරන විදිහ නං අහං ඉන්න ආසයි.
Apr 11, 2020
Jan 17, 2020
ජහුටා පොල
දෙසැම්බරෙත් ඉවර වුනා. වෙනද වගෙම මෙදා සැරෙත් බඩු අරගෙනම නැති වුනා. දැන් ඕකට ලෝකයා එක එක කතා කියනවා. හෝතම්බුවා නං කිව්වෙ " හයියෝ ෂල්ලි" කියලයි. එතකොට අර ඉන්දියන් පොලොස් කොට්ටෝරුවා, ඌත් මොනවදෝ කිව්වා. ඔහෙලට කියන්න ඒ තියා අල්ලපු ගෙදර සුදු නෝනගෙ පූසා, ඌත් මොකද්ද කිව්වා කියහංකො. මං හිතන්නෙ ඌ නං කිව්වෙ "ඤාව්" කියලයි. ඔය මොකා මොනවා කිව්වත්, අපි සැලෙයි ඕවට? ඔහෙලට සැක නං ඔය ඕන බස්සෙකුගෙන් අහල බලන්න " සේල් දාලා තියනව මේක , ගන්නද?" කියල. කෙලින්ම කියයි "හූම්" කියල.
Mar 30, 2019
ඇෆ්ගන් ජෙලබි
මේ දවස්ල රබර් ඇහැ දාන එකා නැති නිසා, දෙයියනේ කියල අතපය දිගෑරලා ගන්න ඕන දෙයක් ගන්නවා. මට වෙලාවකට හිතෙනවා , මේකත් එක්තරා ඇබ්බැහිවීමක්ද කියලත්. හරි, හරි ඔය ගන්න හැම එකම අත්‍යාවශය භාණ්ඩ ගණයට වැටෙන්නෙ නෑ තමා. එකාක්, දෙකක් "හයියෝ, ෂල්ලි" කෑටගරියටත් වැටෙනවා තමා. ඒත් බලාන්ට, දැන් බසු කුස්සියෙ පාන් පිච්චෙනවා, කේක් හැදෙනවා. ඒ තියා කඩලත් තැම්බෙනවා. එහෙම බැලුවාම , සමස්තයක් වශයෙන් මේ ව්‍යාපාරයෙන් ලාබයි කියල ඔහෙලට හිතෙන්නෙ නැද්ද?
අනික මේ ප්‍රශ්ණයෙදි මම තනිවෙලා නෑ කියලා ඔය උඩ පිංතූරෙන්ම ඔප්පු වෙනව නේද?
අනික මේ ප්‍රශ්ණයෙදි මම තනිවෙලා නෑ කියලා ඔය උඩ පිංතූරෙන්ම ඔප්පු වෙනව නේද?
Feb 26, 2019
අගක් මුලක් නැති කතා
ඉඳි ගහයට වාඩිවෙලා විකුණාලා වතුර කනක්කූ
අරාබියේ මරු කතරේ මගියන්ගේ පවස වැලැක්කූ..ඌ...ඌ....
අම්මට උඩු බස්සෙක්. ලංකාවෙ නේද? නෑ කියන්න නං එපා රජෝ, මට හොට දැක්කාම කිව්වෑකි. ආ .. මම මාකඳුරේ බකුෂ්. මේ දවස් වල බර්-ඩුබායි බෝඩිමේ ඉන්නෙ. ඉතිං , ඉතිං කෝමද වාසෙ, දේසෙ?
බස්සා: වරදක් නෑ. ඒක නෙමෙයි පාටිදාලා පොලිසියට මාට්ටු වුනාලු නේද?
බකුෂ්: :ඒක මේමනෙ බොෂ්. පොඩි බිෂ්නස් එකක් කලා පක්කො එක්ක. පස්ෂෙ තිබ්බා පොල්ලක්. පක්කො දුන්නා අරාබි පොලිසියට ඔත්තුව. අවුලක් නෑ, දැන් කෑම ආණ්ඩුව ගානෙ. සිකුරාදාට බුරියානිත් දෙනවා.
බස්සා: එතකොට ඇයි අරහෙ සිරා රෙද්ද කරට අරං උඩ පනින්නෙ?
අරාබියේ මරු කතරේ මගියන්ගේ පවස වැලැක්කූ..ඌ...ඌ....
අම්මට උඩු බස්සෙක්. ලංකාවෙ නේද? නෑ කියන්න නං එපා රජෝ, මට හොට දැක්කාම කිව්වෑකි. ආ .. මම මාකඳුරේ බකුෂ්. මේ දවස් වල බර්-ඩුබායි බෝඩිමේ ඉන්නෙ. ඉතිං , ඉතිං කෝමද වාසෙ, දේසෙ?
බස්සා: වරදක් නෑ. ඒක නෙමෙයි පාටිදාලා පොලිසියට මාට්ටු වුනාලු නේද?
බකුෂ්: :ඒක මේමනෙ බොෂ්. පොඩි බිෂ්නස් එකක් කලා පක්කො එක්ක. පස්ෂෙ තිබ්බා පොල්ලක්. පක්කො දුන්නා අරාබි පොලිසියට ඔත්තුව. අවුලක් නෑ, දැන් කෑම ආණ්ඩුව ගානෙ. සිකුරාදාට බුරියානිත් දෙනවා.
බස්සා: එතකොට ඇයි අරහෙ සිරා රෙද්ද කරට අරං උඩ පනින්නෙ?
Jan 2, 2019
Dec 14, 2018
ඔටුව, පිටඔටුව, හොර්ටන් තැන්න සහ ගූගල් අර්ත්VR
- පිටකොටු ගිය බස්සා
පිටකොටු හරස් වීදි දිගේ වටපිට බල, බල ඇවිදින්න චෑන්ස් එකක්හම්බවුනොත් බස්සා නෙමෙයි මඟෑරියෙ. ඔය හරස් වීදි අතර තිබුණා ලූණු, අල වගේ තොග ආහාර විකුණන වීදියක්. ඒක එක්තරා විදිහක ඩෙඩ් එන්ඩ් එකක්. පිටකොටුවෙ වංකගිරියෙ හිටපු ගමන් අතරමං වෙන බස්සා, සමහර වෙලාවට ඔය පාරට වැටෙනවා. ඔය පාර හදලා තියෙන්නෙ තාර දාලා නෙමෙයි : ලූණුයි, අලයි දාලා. කල්පාන්තයක් තැම්පත් වෙච්ච් ලූණු කොල තට්ටුවකින් තාර වැහිලයි තියෙන්නෙ. පොඩි වැස්සක් තියෙන දවසට ඔය පාරෙ අතරමං වෙන්න තරම් ඔබ වාසනාවන්ත වුනොත් හොඳ අත්දැකීමක් ලබා ගන්න චෑන්ස් එකක් ලැබෙනවා.ඒක වෙනම ආතල් එකක්.
එදාට අර ලූණු කොල තට්ටුව බුරුල් වෙනවා. කකුල තියන කොට චිරිස් ගානවා, ඒකටම ගැලපෙන අපූරු සුවඳක් පරිසරයම වෙලා ගන්නවා. ඔය මොනවත්, පිටකොටුවට තිබ්බ බකුසු ආදරේ අඩු කලේ නෑ. මුස්ලිම් පල්ලිය ගාව විකුණපු පොල් වෙරලු අච්චාරු, ෆ්ලුඩා, ඉස්සො වඩේ, උම්බලකඩ වඩේ එක්ක පිටකොටුව ගැන බස්සගෙ තිබ්බ ලව් එෆයාර් එකේ, සුන්දර මතකය අදටත් අඩුවක් නැතුවම තියෙනවා.
Dec 10, 2018
බස්සා, නත්තල සහ උම්බලකඩ
නත්තල අතලඟ. වින්ටරේ හොට ලඟ. නත්තල කිව්වාම ඔහෙලට මතක් වෙන්නෙ නත්තල් පප්පව නේද? නත්තලට කව්ද අපි වගේ දෙකයි පනහෙ බස්සොන්ට තෑගි දෙන්නෙ? ඒක නිසා මං කරන්නෙ , නත්තලට මං, මටම තෑගි තැපැල් කරගන්නවා. ඒ කරලා, තැපැලා එනතුරු මග රැකගෙන ඉන්නවා. බලන්න එපෑයැ, තැපලා අර ලියුම් මල්ලයි, පාර්සලුයි කරගහගෙන එන ලස්සන, නත්තල් පප්පා පරාදයි. වැඩේ කියන්නෙ අපේ නත්තල් පප්පල සැට් එකම මේ දවස්වල ඉස්ට්‍රැයික්. මං හිතන්නෙ ආණ්ඩුවත් එක්ක වලි, වැඩි පඩි ඉල්ලලා. මුංව දීයා කන්න, හරියටම ඉස්ට්‍රැයික් පටන් ගත්තෙ නත්තල් උත්සව සමය අල්ලල නෙව.Nov 24, 2018
So long
You could be singin' this song
Long after I'm gone
Someone will be singin' this song
Long after you're gone
‘Cause we're all on some kind of journey
Tomorrow I could be leaving too
But where I end up going
I'll take a little piece of you
Subscribe to:
Posts (Atom)




