වින්ඩෝස් 11 bandwagon එකට පනින්න කුරුමානං අල්ලන්න ඉස්සෙල්ලා, මට හිතුනා දැනට තියෙන අටමඟුල(Windows 10) වඩා සුසර කරගත්තොත් නරකද කියලා? Windows 10 වල සමහර ප්රශ්ණ, උපන්ගෙයි දෝෂ. එව්වා අපට තියා, පැන්සොං ගිය ගේට්ටුවා මහතාටවත් හදන්න බෑ. ඒත් මං මේ කියන්න යන්නෙ, සැහැල්ලු ඒත් ප්රයෝජනවත් යුටිලිටි ඇප්ස් ගැන.
මේක එක්තරා ආකාරයක බෙදා-හදා ගැනිල්ලක්. මා ගාව තියන ඒවා මං කියඤ්ඤා, ඔහෙල ගාව තියෙන සැට් එක කොමෙන්ට් වල දාන්න ඈ?