Jan 19, 2022
හාන්සි පුටු උපදේශකවරුන් ගේ පැතලිම පෘෂ්ඨය
මම "Buyer's remorse - පක්සියකුගේ පසුතැවිල්ල" පෝස්ට් එකේ කියාපු, සුපියල් 32 කට, ඊ-බේ එකෙන් ගත්ත, Vetroo V5 CPU cooler එක ආවා. ඒත් තාම පරණ එක හොඳට වැඩ කරන නිසා මාරුකලේ නෑ. කොන් දෙකක්, පොඩ්ඩක් තැලිලා තිබුණා. ලාබෙට දුන්නෙ ඒ නිසාද මන්දා? ඒත් ටැක්ස්වත් ගෙව්වෙ නැති නිසාත්, හානිය, කාර්යක්ෂමතාවට එතරම් බලපෑමක් නැති නිසාත්, මට නං අවුලක් නෑ. Direct touch heat pipes නිසා cold plate එකේ mirror finish එකක් නං නෑ. ඒ නිසා, මම මේ ලඟදී CPU cooler එකක cold plate එක පැතලි කරන විදිහ( lapping) ගැන වීඩියෝ එකක් බලමින් හිටියා.
Jan 10, 2022
තර්ජන ,ගර්ජන සහ ආරක්සාව
"මැරුං නොකා ලියපිය" කියලා චිට් එකක්, බෙල්ල හපන ආදිපාද එවල තිබුණා. මේ, ඒකෙන් ගැලවෙන්න ලියන, වංචා පෝස්ට් එකක්.
දැන් අපි බොහෝ දෙනෙක්, ආරක්සාවට කරන්නෙ බ්රව්සර්වල Incognito, Inprivate වගේ මෝඩ් පාවිච්චි කරන එකනෙ. මම නං කියන්නෙ, ඒවා වලින් සපයන ආරක්සාව "ප්රශ්ණාත්මකයි" කියලයි. ඉන්ටනෙට් හිස්ට්රි එක සහ ඇඩ්-ඔන් කප්පාදු කරනවට වඩා වැඩක්, එව්වා වලින් වෙනවයි කියන්න සාධක නෑ. එහෙම බලන් ගියාම, අපි ඔක්කොම පුම්ක එලියේ පැස්බරු තමයි.
Dec 16, 2021
නත්තල් තෑග්ගක්
හැමදාම ලියන, ගත්ත අලුත්ම නරිවාදං ගැන නොලියා, මට හිතුනා ඇත්තටම ඔහෙල වැඩිදෙනෙක් කැමති වෙයි කියල හිතෙන දෙයක් ගැන ලියන්න. ඒ තමයි "ඕප-දූප". හෑ, කැමති නෑ කිව්වා? මේ බොරු නං කියන්න එපා! සඟිස්කුරුතියෙන් අපේ ඇටමිදුලු වලටම කව්වලා තියෙනෙ දේට, කොහොමද අකමැති වෙන්නෙ? රාළේ මෙව්වා, ජාතියන්තර ඕපදූප.
Dec 13, 2021
අමුතු අදේවවාදියෙක් සහ බකුසු නොස්ටැල්ජියාව
හිංගල බවුද්දයෙක් ලෙස ඉපදිලා, ආගම් ගැන දෙයිය ගැන තියෙන විස්වාසය සීග්රයෙන් පල්ලම් බැහැපු මූකලං බකමූනෙක් ලෙස, මට අදේවවාදය ගැන වුනත් ආයෙ හිතන්න වෙන විදිහෙ වීඩියෝවක් හම්බවුනා.
Dec 5, 2021
ලොවෙන් අඩකට ඇති ලෙඩක්
ඉස්හොරි කිව්වාම කැතයි වගේ හින්දා, ගූගල්ගෙන් ඇහැව්වාම "හිසේ කැක්කුම" කියල තමයි කිව්වෙ. ලෝකෙන් බාගයකට වඩා දෙනෙකුට මේක තියනවා නං, ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ.
Dec 1, 2021
Buyer's remorse - පක්සියකුගේ පසුතැවිල්ල
තොට ලඟ තොරණ වගේ බලුප් පත්තුවෙයි කියලයි හිතුවෙ, ඒම වුනේ නෑ. තව ප්රශ්ණ තිබ්බත්, "ලාබ බඩුවේ හිල් ඇත" කියල හිත හදා ගත්තා.
Nov 19, 2021
අපි නොදන්න රාග තාල
බස්සගෙ ජීවිතේ වෙනස් වෙන්න, බලපාපු එක සිංදුවක් තමයි ඔය. ඔය තියෙන්නෙ,You got mail සිත්තර පටියෙ, මම කැමතිම කොටසක්. හප්පේ ඔය කොටස ආයෙ, ආයෙ බලාපු වාර ගාණ මෙච්චරයි කියන්න බෑ. නිව්-යෝක් නගරෙ, උදෑසන අවදිවෙන හැටි, ස්ටා'බක් කොෆී කල්චර් එක එහෙම ලස්සනට පෙන්නනවා. ඒ කාලෙ කාන්තාරෙක වේලි, වේලි හිටිය බස්සෙකුට, ඔය පෙන්නන්නෙ ග්ලෝරිෆයිඩ් කරපු වෙස්ටන් ලයිෆ් ඉට්ටැයිල් එක කියල තේරුන එකක් යෑ? අනිත් සිත්තර පටියෙ කැමතිම කොටස තමා, ඩයල්-අප් මොඩම් එක " ඤෑ....ඈක්, ඤුක්, ඤී....ඊක්, හුචැක්" කියල AOL මේල් කනෙක්ට් වෙන කොටස.
Nov 11, 2021
අටවන මාටිංගේ ජනෙල් අළුත්වැඩියාව
Oct 30, 2021
ප්රියයන්ගෙන් වෙන්වීම දුකකි, වින්-ඩිවෝස්
ඔහෙලා දන්නව නෙව, මම වින්ඩෝස් 11 පාවිච්චි කරන එක කල් දැම්ම බව. ඒත් බැකප් SSD එකේ, උන්දැ හිටියා. මමත් ඔය සුමානෙකට දෙපාරක් විතර ගිහින්, සැප-දුක අහලත් ආවා. වැඩියම අහන්න ලැබුනෙ, දුකම තමා. ඔය ටික දොහට ජනේල ගෙදර වාහෙලා, මහිතේ එක විසි-තිස් පාරක්වත් අප්ඩේට් එවන්න ඇති. ඕං ඔහොම දුකසේ ඉන්නකොට තමා, එක පාරටම ස්ටාර්ට් බටන් එකයි, සර්ච් එකයි වැඩ කරන්න ගත්තෙ. තව මට මල පීදිලා හිටිය, "ඉස්කෝල පොත" පුරස්නෙත් හරි ගියා. අකුරුත් ලස්සනයි, ඇහැටත් ප්රියයි.
Oct 7, 2021
මැකී ගිය බකුසු දඩමං 0 - රටඉඳි මතක
ගමරාළගෙ කූබිච්චි පෝස්ට් එක කියෙව්වා. බොහෝ කළකට පෙර බස්සෙක් මැදපෙරදිග රස්සාවක් කලා. රස්සාවට ගියේ, පස්සා දොරෙන්. දෑවැන්ත කම්හලක් වෙච්ච එතන හිටිය, ලංකාවෙ, රජ වැඩකාර හාදයෙක්ගෙ රෙකමදාරුව මත. ටෙස්ට් එකට ආපු, සමහර විශයට අදාල ප්රශ්ණ පවා, රජ වැඩකාරයා බස්සට කලින්ම ඉගැන්නුවා. ඉන්ජිනේරු අරාබි ලොක්කා,ආව සහයට-ඩැනී අරාබියෙක් එක්ක සම්මුඛ සාකච්චාවට. ඔක්කොම බලලා, ඩැනී මෙහෙම කිව්වා" දිස් ඉස් අ ඩිෆරන්ට් බෝල් ගේම්, ඩූ යූ තිංක් යූ කැන් හැන්ඩල් දිස්?" කියලා.
Subscribe to:
Posts (Atom)





