May 6, 2011

බකුසු නැ‍ටුං

බස්සත් මෙහෙම හිටියට නටන්න කැමති සතා.
හැබැයි "නැ‍ටුං තෙල් " ටිකක් යහමින් දාගන්න ඕනෙ, නැත්නං ඌව නටවනවා බොරු.


බකුසු නැ‍ටුම කිසිම සම්මතයකට අයිති එකක් නෙමෙයි. ඒක උඩරට, පහත රට සහ කෝලං නැ‍ටුම් සම්ප්‍රදාවල සංකලනයක් කියලයි ඌට නං හිතෙන්නෙ. ඒක කොහොම වෙතත් හුදී ජන පහන් සංවේගය සඳහා , කාටත් කැත නැතිව බලන්න පුළුවන්, බස්සා කැමති මේ නැ‍ටුං ටික බලමුකො:


පුහ්! හිරිකිත් රොසාන් ගොයියත් හොඳ නැට්‍ටුවා

Dhoom again we gotta break the rules and party all the time
Dhoom again and hear the voices calling creatures of the night
Dhoom again,  have your way with me, you know that ain't no crime
Dhoom again and see your wildest dreams slowly come alive




බස්සාගෙ රස්සාව යකඩ එක්ක හැප්පෙන ජාතියෙ එකක්. දැං ඌ වැඩ කරන්නෙ අළුත් තැනක. අද පාන්දර ජාමෙ , කොම්පැනියෙ ලොක්කො සැට් එක්ක ආව නොවැ අපිව බලන්න. රොබෝ සිඤ්ඤොලා දෙන්නත් එක්ක බස්සත් හරි හරියට වැඩ. එක ලොක්කියෙක් කිට්‍ටු කලා බස්සට. මූණ නං හරි ලස්සනයි, ඒත් සයිස් ඒක ගල් තලන රෝලක් වගේ. "ජිම්" එහෙම යනවත් ඇති, මයෙ හිතේ. බස්සගෙ මැස්සො බීපු ගොයං ගහ වගේ තියෙන සරීරෙ දිහා බලල කියාපි" කොහොමද අනේ, ඔයාල මෙහෙම කෙට්‍ටුවට ඉන්නෙ, බලන්න මං කොච්චර ට්‍රයි කරනවාද, හරියන්නෙ නෑනෙ" කියලා. ඌට හිතුනා කියන්න " උස්මුරුත්තාව හැදෙනකං කොටා බාලා, පු‍ටු රත් කරන කොට කොහොමද මහගෙ කෙට්‍ටු වෙන්නෙ?" කියලා, ඒත් ඌ කට පියාගෙන මෝඩ හිනාවක් දාලා නිකං හිටියා. ඊරිසියා කාරයො!

5 comments:

  1. එල බස්සෝ...
    හඳුනා ගතිමි..

    ReplyDelete
  2. හුටා! මහරජ. නෑ, නෑ මේ වෙන බස්සෙක්

    ReplyDelete
  3. වෙන බස්සාත් මේ බස්සාත් හැර තවත් බස්සන් සිටීද?..:D :D :D

    ReplyDelete
  4. එසේය , ස්වාමීනි ,හොර බස්සාය

    ReplyDelete
  5. ප්‍රශ්නය:නිකං බස්සකුගේ සහ හොර බස්සකුගේ ඇති සමානකම කුමක්ද? පිලිතුර:.....හොරකම.....

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code