May 15, 2011

මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න..

Dream Angel 

Guarding your hopes and dreams...



Like Wisdom, or Serenity,our dreams serve a purpose. It's a good thing to dream, especially daydream; to give ourselves permission to just let our thoughts wander... it's sometimes where we get our best ideas. This might be a post topic for a writer, or simply a new hope for an average Joe like me...














අපි හැමෝම හීන දකිනවානෙ. මං නං දවල් හීනත් දකිනවා.කොහොමත් බස්සො බුදියන්නෙ දවල්ටනෙ. ඒත් මං කිව්වෙ ඇහැරිලා ඉන්න කොට දකින හීන ගැනයි. සමහර හීන හැබෑවෙනවා, සමහර හීන ඔහේ බොඳ වෙලා යනවා. ප්‍රශ්ණයක් නෑ, එතකොට අළුත් හීනයක් එතනට එනවා. හීන කියන්නෙ යථාර්තය නෙමෙයි. සමහර වෙලාවට හිතෙනවා නේද, මේ හීන දකින එක නවත්තලා දාන්න ඕනෙ කියලා? මටත් එහෙම හිතිලා තියෙනවා. ඒත් කියමනක් තියනවානෙ ලෝකෙ හිටපු හුඟක් වටින මිනිස්සු ඔක්කොම හීන දැකපු අය කියලා. එහෙම එකේ මේ අපි වගේ බස්සෝ හීන බැලුවම මොකද වෙන්නෙ? ඔන්න ඔහේ අපිත් හීන බලමු, රාළේ!


අපි දකින හීන කලු-සුදු කියලයි හැමෝම කියන්නෙ. ඇත්තටම මටත් දැකපු පාට-පාට හීන නං මතක නෑ. ඒත් මේ දවස්වල දකින හීන වලට සුරංගනාවියක් නං එනවා. එයා ඇවිත් මගේ ඔලුව අත ගාන ගමන් සිංදුත් කියනවා. පහල ඉන්න ඔක්කොම ගැරඬි කකුල් කඩාගෙන දුවනවා නං තමයි, ඒත් මට නං ඒ සිංදු වලට නින්ද යනවා.


මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න..
ඒ සිහිනෙන් මා මුදන්න..ලං නොවන්න..


මේ සිංදුව, ඔයාලත් අහල ඇතිනෙ. මටත් දැං එහෙම හිතෙනවා. මට මේ හීනෙම දකින්න ඉඩදෙන්න...




ප.ලි. - ඉල්ලීමක් ආවා, වීඩියෝ කෑලි වැඩිය දාන්නෙ නැතුව, වැඩියෙන් ලියන්න කියලා. ඕං එහෙම කලා, මහරජ! .ඔය උඩින් තියෙන ඉංගිරිස් කෑල්ල මං ලියපු එකක් නෙමෙයි. ඔය පිංතූරෙ හොයන කොට හම්බ උනා, පටස් ගාලා කොපි කරගෙන පොඩ්ඩක් කපල කොටලා මට හරියන විදිහට හදාගත්තා. නැහ්නං බස්සො දන්න ඉංගිරිස්....

5 comments:

  1. ජීවිතය කියන්නේ එක අතකට හීනයක් තමයි. හීන දකින්ට අපි හැමෝටම අයිතිය තියනවා. හීන හැබෑවෙන්ට හීනෙන් එලියට ඇවිත් හරියන්නේ නෑ. හීනෙට ඉඩ දීලා බලන්ට ඕනි. ඉතින් බස්සෝ මම නම් හිතන්නේ (මම දන්නා විදියට ) ඔයාගේ ඔය හීනේ ජීවත්වෙන්ට. කවදා හරි නැගිටිනකොට ඒ හීනේ සැබෑ වෙලා තියෙයි.

    අනෙක හීනේ ලස්සන නම් ඒක බැලුවම මොකෝ??????

    ReplyDelete
  2. හීනේ අන්තිමට එනකල් බලන්නකෝ....

    ReplyDelete
  3. මම අහල තියෙන විදිහට සුරංගනාවියෝ එන්නෙ නම් රෑට , බස්සෝ නිදන්නේ දවල්ට. ඉතින් ඔය සුරංගනාවි ඔලුව අත ගගා සිංදුවක් කියනවා පේන්නේ දවල් හීනයක් නේද?

    ReplyDelete
  4. ඒ මොකද සුරංගනාවියො රෑට එන්නෙ? ඇයි ඒ ගොල්ලොත් බස්සා වගේ නිශාචරද? නැත්නම් නයිට් ෂිප්ට් එක කරනවාද?

    ReplyDelete
  5. //අනෙක හීනේ ලස්සන නම් ඒක බැලුවම මොකෝ??????//

    ඒකත් ඇත්ත තමයි. ඒත් හිටපු ගමන් අර සුරංගනාවි "හව්" ගාලා හපා කනවනෙ. කාලා "සොරි" කියලා, අතගානව නං තමා

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code