May 23, 2011

Forget Me Not

z122222222221මේ මල් ජාතියට කියන්නෙ "Forget-Me-Not” කියලලු. අනේ මන්දා ඇයි කියලා. ඒ කොහොම උනත් නිල් කියන්නෙ මං කැමතිම පාටක්. දැං ඉතිං කියන්න එපා, "අනේ බොලේ, බස්සො දන්න 'Forget-Me-Not '" කියලා. ඇත්තටම ක‍ටුරොළු මල් කීව නං බස්සා දන්නවා තමා.


මේ පින්තූරෙ නම් කරලා තිබුනෙ"High-Hopes " කියලා.පැල්මක් අතරින් ඉහලට යන්න හදන  මලක්. ඇත්ත එකක් නොවන්න ඇති, ඒත් මං ඒ අදහසට කැමතියි. අපෙත් ඉතිං ඔහොම බකුසු බලාපොරොත්තු තියනව නෙව. මොනවද, ඇහැව්වා? ඇයි මං කලිං කිව්වෙ? අර ජීවිතේ පොඩි පොඩි දේවල් රස විඳින්න,  චෙරීස් , බෙරීස් වගේ..හෙහ්..හෙහ්..


මට කව්ද ඊරිසියාකාරයෙක් කියල තිබුනා, " හුහ්, බස්සො දන්න චෙරීස්" කියලා. මෙන්න බස්සා චෙරිකන විදිහ:


හැමදාම කන්නෙ නෑ, වාරෙට පෙට්ටියක්ම අරගෙන ඇවිල්ලා එපා වෙන කං කනවා. අවුරුද්ද පුරාටම අපට නැත්නං, ලඟ තියෙන ඝර්ම කලාපීය දුපත්වලට හරි ඔය මොකක් හරි පලතුරක වාරයක් එනවා. ඉතිං බස්සටත් පලතුරු හිඟයක් නෑ.


බ්ලැක්/බ්ලු බෙරි ජෑම් හරිම රසයි. මං කියන්නෙ කෘතිම එක නෙමේ, අර ගෙඩි එහෙමම තියෙන එක. දිවුල් ජෑම් වගේම රස එකක්, හැබැයි වෙනස්.


දැං මේක කමු-බොමු එක වගේ වීගෙන එන නිසා ආයිත් මාතෘකාවට. Forget-Me-Not  සහ බලාපොරොත්තු ගැන.




මේ සිංදුව මං කැමති එකක්. ගමේ තාලෙ සුන්දර ආදර කතාවක්. මේ කොන්ක්‍රීට් වනාන්තරය සහ මෙහි ඇති පහසුකම් තමයි මගේ යථාර්තය. ඒත් හිතිං ගමට යන්න, ගැමි සුවඳ විදින්න ඒක බාධාවක් වෙන්නෙ නෑ. මං හීන බැලිල්ල ගැන මෙච්චර කතා කරන්නෙ ඒකයි, මොකද මං දන්නවා හැබෑටම ගමේ පදිංචි වෙන්න ගියොත්  වැඩේ වරදින බව. හැම දෙයක්ම වෙනස් වෙන ලෝකෙ , ගමත් වෙනස් වෙලා ඇති.  මං ගම කියන්නෙ මගේ හීන ලෝකෙ තියෙන "Utopia" එකකට. ඇස්දෙක පියාගත්තාම , වියදමක් නැතුවම නිවාඩු ගන්න යන්න පුළුවන් තැනකට.


මොකද කියන්නෙ, ඉබ්බි, යමුද මාත් එක්ක ගමට?




5 comments:

  1. ලස්සන සිංදුව මම නිදන්ට කලින් ඒක ඇහුවා.:DDD

    ReplyDelete
  2. මලත් ලස්සනයි. ඒකේ නිල් පාටත් ලස්සනයි.:DDD

    ReplyDelete
  3. ඔය forget-me-not මලට නම ලැබුන හැටි ගැන ලස්සන කතාවක් තියෙනවා.. මම ගොඩාක් කාලෙකට කලින් කොහේ හරි කියෙවුවා, මතක විදියට මෙන්න මෙහෙමයි.. එක්තරා නයිට්වරයෙක් යනවා ගමනක් එයාගෙ ladyත් එක්ක.. මේ දෙන්න ගංගාවක් අයිනෙන් යන අතරේ lady දකිනවා ලස්සන නිල් පාට මල් යායක් පිපිලා තියෙනවා ගංඉවුර අයිනෙ.. එයා ඉල්ලා හිටිනවා මේ මල් මිටියක් කඩලා දෙන්න කියලා.. ගංඉවුරේ මල් කඩන්න පහත්වෙන නයිට්වරයා වාරු නැතුව වැටෙනවා ගංගාවට.. එයාගෙ court armour එකේ බර නිසා (දන්නවනෙ නයිට්වරු හැමවෙලේම ගහගෙන ඉන්න අර යකඩ කිට් එක) එයාට පීනන්න බැරිවෙනවා.. ඉතිං ගිලෙන්න ඔන්න මෙන්න තියෙද්දි එයා අර මල්මිටිය වීසිකරනවා ladyට.. වීසිකරලා කියනවා forget-me-not කියලා.. ඕන්න ඔහොමලු ඒ නම ආවෙ.. ඇත්ත බොරු කෙසේවෙතත් හරි romantic නේද.. :)

    ReplyDelete
  4. ෂා, හරිම ලස්සන කතාවක් නෙ. අදමයි ඇහැව්වෙ. අපොයි දුප්පත් සුදු මුදලිතුමා(knight). ඔබතුමා එහෙම යකඩ සූට් එකක් ගහල නෙමෙයි නේද ඉන්නෙ? කොහොමත් ගංගාවල් අයිනෙ මල් කඩන්න යන්න එපා. ඔය ඊ-මේල්, චැට් වලින් නං මල් කැඩුවට කාරි නෑ..හී..හී..

    ReplyDelete
  5. ෆොර්ගෙට් මී නොට් මල් ගැන මම අහල තියෙන කතාව බූර කියන කතාවට වඩා ටිකක් වෙනස් .මේක තිබුනේ ඩිබෝර ජැක්සන් ගේ පොතක . ෆොර්ගෙට් මී නොට් මල් පිපෙන්නේ අකාලයේ මවු කුසෙන් බිහිවෙන්නේ නැතුව මියයන කලල දරුවන් සිහිවෙන්න කියලයි එයාගේ පොතේ තිබුණේ . මේක දරු උපත් ගැන ලෝකෙ පුරා එන ජනප්‍රවාද වලින් එකක් හැටියට කතුවරිය පෙන්වල දීල තියෙන්නෙ

    නයිට් තුමාගේ කතාව කියද්දී මතක්වුණේ . බ්‍රිජස් ඔෆ් මැඩිසන් කවුන්ටි ෆිල්ම් එකේ පාලම ගාවදී මර්ලි ස්ට්‍රීප්ට එයාගේ හදිසියෙන් හමුවුන පෙම්වතා කැලෑ මල් පොකුරු මිටක් දෙනකොට these flowers are poisionuse කියල මර්ලි කෑගහල පෙම්වතාව බය කරන විදිය හරි ලස්සනයි .

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code