Oct 18, 2011

අමාවක.......

ඝණ මූකලානෙ රාත්‍රිය නිසසලයි. හිරිගඩු පිපෙන හීතල හුලඟක් හමාගෙන ගියා. සර, සර ගාලා මොකෙක්ද පැනලා දිව්වා. රට උගුඩුවෙක්, ඔය කාගෙ හරි කුණු බාල්දියක් පෙරලන්න යනවා ඇති.අහසෙ ලස්සනට හඳපායලා තිබුනා, ඒත් බස්සගෙ ලෝකෙට නං හඳ පායලා තිබුනෙ නෑ.

බැස්සි ස්ට්‍රයික් කරලා. නෝ කතා, නෝ සිනා. එයා එහෙම තමා, අහිංසකයි කීවාට වෙඩි තියන්නෙ සයිලන්සර් හයිකරපු එකකින්, සද්දෙ නෑ, ඒත් බොක්කටම වදිනවා. හිනාවෙලා, සැහැල්ලුවෙන් හිටියට බස්සගෙ ජීවිතේ හැමදාම රෝසමල් යහනාවක් වුනේ නෑ. ඒත් අතාරින්න නරකයි, අර කෝ‍ටුවෙ ගිය ඉබ්බා වගේ අයින හපාගෙන ඉන්න ඕනෙ. මොකා බැන්නත් කාරි නෑ, කට අරින්න නං එපා.

බස්සා ඉන්න දිහා රාත්‍රිය නිසසල නෑ, තොර‍තෝංචියක් නැතිව යන වාහනවල සද්දෙ."මේ යක්කු කොහෙ යනවද මන්දා?" බස්සට හිතුනා. නිදි නැති මේ නගරයේ, මැදියම් ‍රැයේ මේ අය යන්නෙ ‍රැකියාවට. සමහර වෙලාවට ජීවිතේ කියන්නෙ සටනක්. ඔන්න ඕක තමයි යතාර්ථය.

අපි හැමෝගෙම හීන තියනවා, ඒත් හීන ලෝකෙ ඉඳලා සැබෑ ලෝකෙට ආවාම ක‍ටුක යතාර්ථයට මූණ දෙන්න වෙනවා. ජීවිතේ සැප, දුක එකසේ විඳගන්න ලෑස්තිනං විතරයි අපේ හීන හැබෑකරගන්න පුළුවන් වෙන්නෙ, අපේ හීන වලට පැවත්මක් තියෙන්නෙ. පැදුරෙ ඉන්න අපට නං ආයෙ වැටෙන්න බිමක් නෑ, ඒත් ඊට උඩින් ඉන්න අයට ඒක, ඔය කියන තරම් ලේසි වෙයිද?


    

5 comments:

  1. හරි නරක බැස්සියක්. ඉතින් ඔය බැස්සි රට බැස්සියක්ද? නැත්නම් ලෝකල් බැස්සියක්ද?...:D

    ReplyDelete
  2. ඔන්න බලන්න පොඩ්ඩි ගේ සමනල් හාදුව බලල ඇවිත් මේක බැලුවම වැටෙනවා නේද බිමට .

    ReplyDelete
  3. ජීවත් වෙනවා කියන්නේ සටනක් , ඒ වගේම යතාර්ථය හරිම කටුකයි. ඕනෑවට වඩා දේවල් ජීවිතෙන් බලාපොරොත්තු වෙන්න නරකයි. එන විදිහට මූණ දීලා , හිතට සතුටු දැනෙන දේවල් විතරක් මතක තියා ගන්න . දුක හිතෙන දේවල් මතක් නොකර ඉන්න කියන කතාව අහල නැද්ද?

    අනිත් එක බැස්සි ආදරේට කියන කරන දේවල් එච්චර ගනන් ගන්න එපා....

    ReplyDelete
  4. බැස්සි එක්ක ආයම රන්ඩු උනාද? ඔය දෙන්නා මේ දැන් යාලු උනු දෙන්නෙක් වගේනේ.

    ReplyDelete
  5. @පොකු
    මං අරින්නෙ නෑ කට
    එයා ඉන්නෙ රට :)
    @ බින්දි
    ඒකනෙ කියන්නෙ :) වැරද්ද ඒක බලලා ආපු එකනෙ.
    @නීතා
    නෑ, නෑ එහෙම ලොකු බලාපොරොත්තු නෑ.
    @ සමනලී
    ආයෙ කිව්වෙ? වැඩිය ලේසියි අද රංඩු වුනේ නැද්ද කියලා ඇහුව නං:)

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code