Dec 21, 2024

වින්ඩෝස්11 24H2 අප්ඩේට් එක

වින්ඩෝස්11  24H2 අප්ඩේට් එයි කියල බලාගෙන හිටියට ආවෙ නෑ. මගේ තියෙන්නෙ ක්ලීන් වින්ඩෝස් ඉන්ස්ටෝල් එකක් නෙමෙයි. මදර් බෝඩ් වර්ග තුන හතරක් මාරු කරලා, ඒ මදිවට "free apps"ඉන්ස්ටෝල් කරලා අනවශ්‍ය ප්‍රොසෙස් එහෙමත් තියෙන සිස්ටම් එකක්. සැරින් සැරේ ඔව්වා, සුද්ද බුද්ද කරලා සිස්ටම් එක සෑහෙන ස්මූත් ලෙස රන් වෙන්න හදාගත්තට, ඉඳහිට ඇක්සිඩන්ට් නොවෙනවමත් නෙමෙයි. ෆයිල් එක්ස්ප්ලෝරර් එකේ iso ෆයිල්ස් මවුන්ට් වෙන්නෙ නැතුව ගියා. 24H2 අප්ඩේට් එක බාගෙන, බලෙන්ම ඉන්ස්ටෝල් කලාම හරි ගියා.

Dec 14, 2024

ගාමිනී හෝල් හන්දිය

හඳවල් ගාණකට ඉස්සර පෙර කාලේ
ගාමිනී හෝල් හන්දියෙ බැඳි මගෙ ආලේ
බස්-තියං පයින් ගියෙ අත-මිට හිඟ වේලේ
සුන්දර මතක හිත සනසයි මගෙ බාලේ

Dec 5, 2024

ඉන්ෂූරන්ස් කඩේක මරණයක්

දෙසැ. 4 වෙනිදා , නිව්‍ යෝක්,  මෑන්හැටන් හී හිල්ටන්-මිඩ්ල් ටවුන් හෝටලය වෙත  බ්‍රයන් තොම්සන් නැමැත්තෙක්  පා ගමනින් යමින් සිටියා. ඔහු කුප්‍රකට යුනයිටඩ් හෙල්ත්-කෙයාර් සමාගමේ ඉන්ෂූරන්ස් අංශ ප්‍රධානියා. දැනටමත් නඩු කීපයක පැටලැවී ඇති,  යුනයිටඩ්ට හෙල්ත් මිලියන 50 ඇමරිකන් දායකත්වයක් ඇති දෑවැන්ත සමාගමක්. යටිකූට්ටු ලෙස Delay, Deny, Defend  ක්‍රමවේද භාවිතය මත වැඩිම ලාබ උපයන ඉන්ෂූරන්ස් සමාගම අතර යුනයිටඩ් හෙල්ත් ඉදිරියෙන්ම ඉන්නවා.

Dec 3, 2024

AliExpress හරහා ආ චීන ප්‍රඥාව

නමියා කිව්වා ගත්ත AliExpress බඩු ගැන පෝස්ට් එකක් දාන්න කියලා. හාඩ්-කෝර් බුරුස් ලී රසිකයෙක් වෙච්ච නමියා, කියන්නෙ බෲස් ලී වීදී සටන්කරුවෙක් වඩා දාර්ශණිකයෙක් කියලයි. මට ඒ දාර්ශණික කෑල්ල ගැන තිබුණ සැකය අද දුරුවුනා.