Apr 4, 2014
Apr 1, 2014
කඩචෝරු
බඩේ ගාය කියන්නෙ බස්සගෙ ප්‍රියතම අසනීපය. දැං බලාන්ට, ඔය උණ, හෙම්බිරිස්සාව වගේ අජූත ලෙඩ හැදුනාම ඇඟට පන නෑ, සති ගාණක් යනකං විඳවනව නෙව. ඒ වගේද බඩේ ගාය, හැදුනා නං, සැරට කලු කෝපි එකක් හැදුවා දෙහි බෑයක් මිරිකලා දැම්මා , ඇදල ඇරියා , අහවරයි නෙව. දරුණුම එකක් නං, බ්‍රැන්ඩි ටිකකුත් දානව, නැහ්නං අත්දුටු බේත තමා ක්‍රිම්රාජ කරල් ගුලි. ඉඟුරු ඉස්ම, දෙහි යුෂ, මීපැණි සම සමව ගෙන, ගුලි දෙකක් සමග ගිලිනු , පත්තියම් නෑ, ගුලි වල පුස් තිබුනාට නරක් වී නොමැත ( මයෙ හිතේ ඒ කියන්නෙ ඇක්ස්පයරි ඩේට් නෑ වෙන්ටෑ )
Mar 30, 2014
Mar 22, 2014
බස්සෙක්, බරවාහනයක් සහ කරත්තයක්
පහුගිය දොහක මං පාන්දර ජාමෙ වැඩ ඉවර වෙලා එලියට ආව, ගෙදර එන්න.පාන්දර වුනාට, තාමත් කළුවරයි. පොඩි හිරිපොදයකුත්, ඇඟ කිලිපොලන හීතලකුත් තිබුනා.
පැත්තක නවත්තල තිබුන තඩි කන්ටේනර් ට්‍රක් එකේ දොර ඇරුන. ඒකෙන් බැස්ස සුන්දර ලලනාව, කෝපි මල් හිනාවකුත් දාගෙන කෙලින්ම බස්ස ගාවට ආවා. මට පොඩි චකිතයක් ඇති නොවුනාමත් නෙමෙයි, ඒත් අතේ ලමයෙක් හිටියෙ නෑ, තිබ්බෙ ෆයිල් කවරයක් :) සාමාන්‍යයෙ ඔය තඩි ට්‍රක් එලවන්නෙ පිරිමි. ඉඳලා හිටලා මහත-දෙහත පිරිමි වගේ ගෑණුපරාණත් එලවනවා. ඒත් මේ වගේ මටසිලිටු ඉටි-කිරිස් කෑලි ට්‍රක් ඩ්‍රැයිවරියො අඩුයි.
Feb 26, 2014
රොමාගෙ වාසනාව සහ බස්සාගේ අවාසනාව
බස්සා කුඩා කල පොත් කියවීමට රුසියෙක් විය. අතට අසුවු ඕනෑම පොතක් , පත්තරයක් පමණක් නොව, කඩල ගොට්ටක් වුවද උගෙන් බේරුනේ නැත. මේ පොත් කියවීමේ පිස්සුව කොතරම් තදේට තිබුනාද කීවොත්, කවදා හරි ඌට පුස්තකාලාධිපති කෙනෙක් වීමට ඕනෑ විය. සියලු සංස්කාරක ධර්මයෝ නැසෙන සුළුය යන සිද්ධාන්තය නිසා හෝ පුස්තකාල වලට බස්සන් එපා වීම නිසා හෝ බස්සා පුස්තකාලාධිපති කෙනෙක් වූයේ නම් නැත.
Feb 23, 2014
අපේක්ෂාව සහ යතාර්ථය
ආං අරහෙ කස්ටිය ගජරාමෙට සිත්තර අදිනවා. කකා කාක්කො ක්ලෝන් කරනවා. බින්දිත් හිටු කියලා 'සපා,සපා' කියකිය අඳිනවා.
ඔය අව්වස්සෙ, Pra Jay පොඩි බිස්නස් එකකුත් කරන හදනවා - කකාට ඇඳක් විකුණන්න. ඒකට නං කකා , 'තියෙන ඇඳ හොඳා' කිව්වා. මේ වැඩේ නං ඉන්තේරුවෙන්ම වැරදියි. ඒ අහිංසකයා දන්න හිංගලෙන් " ඇඳ ගන්නවද' කියල ඇහුවම, 'ඇඳ එපා' කියනවා. හොඳ වෙලාවට 'ඇද ගන්නවද' කියල නෑහුවෙ, මුං කියයි ' ඇද ගත්ත නං, දැං නාගනින්' කියලා
ඇයි යකඩෝ, අපිට ඉතරක් මොකෝ සිත්තර අකැප? මෙව්ව දැකල මාත් ඇන්ඳා සිත්තරයක්. හොඳ සිත්තරෙක් වෙන්න නං , අනිත් අය ඇඳපු එව්වා වලින් ආදර්ශ්යක් ගන්න එපෑ? ඉස්සෙල්ලාම බාගත්තා එහෙම එව්වා දෙකතුනක්
ඔය අව්වස්සෙ, Pra Jay පොඩි බිස්නස් එකකුත් කරන හදනවා - කකාට ඇඳක් විකුණන්න. ඒකට නං කකා , 'තියෙන ඇඳ හොඳා' කිව්වා. මේ වැඩේ නං ඉන්තේරුවෙන්ම වැරදියි. ඒ අහිංසකයා දන්න හිංගලෙන් " ඇඳ ගන්නවද' කියල ඇහුවම, 'ඇඳ එපා' කියනවා. හොඳ වෙලාවට 'ඇද ගන්නවද' කියල නෑහුවෙ, මුං කියයි ' ඇද ගත්ත නං, දැං නාගනින්' කියලා
ඇයි යකඩෝ, අපිට ඉතරක් මොකෝ සිත්තර අකැප? මෙව්ව දැකල මාත් ඇන්ඳා සිත්තරයක්. හොඳ සිත්තරෙක් වෙන්න නං , අනිත් අය ඇඳපු එව්වා වලින් ආදර්ශ්යක් ගන්න එපෑ? ඉස්සෙල්ලාම බාගත්තා එහෙම එව්වා දෙකතුනක්
![]() |
| ඇයි මීට කලින් පාත්තයෙක් දැකල නැත්ද? http://img.xcitefun.net/users/2009/04/44072,xcitefun-26923746.jpg |
Feb 12, 2014
Blog to e-book
මම කාලෙක හිටං හොය හොය හිටිය දෙයක්, තමයි කොහොමද මුලු බ්ලොග් එකම පොතකට හරවන්නෙ කියලා. සෑහෙන ඇප්ස් අත්හදා බැලුව, හරියට හිතට ඇල්ලුවෙ නෑ. එක්කෝ පොස්ට් වටේ තියන ආරළු-බුරුළු ඔක්කොම එනවා, නැත්නම් සිංහල ෆොන්ට් පෙන්නන්නෙ නෑ.
ඔන්න අද හරියට හරියන එකක් හම්බ වුනා.
http://www.bloxp.com/
මෙන්න හදපු පොත
Feb 11, 2014
බම්බුම තමයි
| http://i.dailymail.co.uk/i/pix/2012/03/12/article-2 113801-1221262D000005DC-261_634x437.jpg |
පේනවනෙ වෙලා තියන සැන්තෑසිය. "typical industrial animal in a concrete jungle"
කාලීන අවශ්‍යතාවය අනුව, එහෙම උනාට , බස්සට ගස් බෙන, කන්ද, ලන්ද, හැලප, ලැවරිය එහෙම අමතක වෙලා නෑ.
මං මේ කියන්නෙ ගම හොඳයි, නගරෙ හොඳ නෑ කියල නෙමෙයි. මේ දෙක සංසන්දනය කරන්න බැරි දෙකක්. දෙකටම ආවේනික වෙච්ච හොඳ සහ නරක තියෙනවා. " ගම කනවා" කියල කියන්නෙ , කන තරමක් කන්නෙ ගමම නිසා වෙන්න ඇති. එහෙම කිව්වට, ගමත් වෙනස් වෙන එක නවත්වන්න බෑ.නගරෙ ඉන්න අපි ගම වෙනස් වෙනවට කැමති නෑ. ඇයි, එතකොට අපි පුළුවනි නෙව, නගරේ තියන පහසුකම් විඳින අතරම ගමට නිවාඩුවට ගිහින් ගම කන්න :)
Feb 9, 2014
මගේ නොවන මගේම අහවල් එක
![]() |
| www.thesaleslion.com/wp-content/uploads /2013/02/blogging-employees1.jpg |
බ්ලොගේ අපේ කියල කිව්වට , මේක අපේ නොවන අපේම දෙයක්. මොකද මේකෙ අයිතිය තියෙන්නෙ ගුගල්ට, තියෙන්නෙ එයැයිගෙ ඉඩමෙ. මේ තිත්ත ඇත්ත මට මතක් කලේ ගුගල්ම තමා. අද උදේ බ්ලොගෙට ගොඩ වෙන්න ගිය මාව, මේකා
Feb 2, 2014
Subscribe to:
Posts (Atom)



