Apr 28, 2015

කුකුළෙක් එකසිය පනහයි සහ කියුරියස් බස්සා

මේ වසන්තයක් හින්දා , මටත් වෙච්ච දෙයක්? හරි, ඔහෙල සමහර විට මේ කතාව අහලත් ඇති, ඒත් මට බුදු සුවර් කියුරියස් බස්සගෙ කතාව නං අහල නැතිබව, මොකද ඒක දන්නෙ ටික දෙනයි නිසා.

ඕන්න එකෝමත් එක ගමක හිටියලු කොල්ලෙක්. දැං ඉතිං අහන්න එපා කොයි ගමේද, ලංකාවෙද, නම මොකද්ද වගේ පුරස්න? මේකාත් අර එළදෙන විකුණන්න ගිය ජැක් වගේ එකෙක්. කොහෙද ගෙදරක වැඩ කර කර ඉඳලා කිව්වලු ගමේ ගිහින් එන්න ඕනෙ කියලා. කොලුවගෙ වැඩ හොඳ හින්දා, හාම්පුතා පඩියත් දීලා, බෝනස් විදිහට කුකුළෙකුත් තෑගි දුන්නලු.

දැං අපේ කොලුවා කුකුළත් කිහිල්ලෙ ගහගෙන ගමට එනවලු. දැං මේකා කල්පනා කරනවලු, කුකුල්ලු බිත්තර දාන්නේත් නෑ, ඒ හින්දා කුකුළව විකුණන්න. එහෙම හිතලා පටන් ගත්තලු " කුකුළෙක් එකසිය පනහයි,කුකුළෙක් එකසිය පනහයි" කියන්න. දැං ගෙදරටත් වැඩි දුරක් නෑලු. අහල පහල තිබ්බ ගම ගෙදරකට ගිහිල්ලා දොරට තඩි බෑවම, ගම මහගෙ දොර ඇරියලු.. කොලුවත් ජම්බෝලෙ වගේ, ගමරාළත් ගෙදර නැති නිසා කිව්වලු " ලමයා , ගේන්න බලන්න කුකුළ කියලා"

"ගන්න හාමිනේ, ලාබයි, කුකුළ එකසිය පනහයි" කිව්වම, ගම මහගෙ කිව්වලු " හා, හා වරෙන්කො මෙහෙ කාමරේටම" කියලා. කොලුව කෝකටත් කුකුළව අත්හැරියෙ නෑලු, ගියේ ඌවත් කිහිල්ලෙ ගහගෙනමලු. ගම මහගෙ ගෙදර දොරත් වහල දැම්මලු. කොළුව කාමරේට ගිය ගමන්, කව්ද ඉසරහ දොරට තඩි බාන්න ගත්තලු. ගමරාළ ඇවිත් කියල බයවෙච්ච ගම මහගෙ කොල්ලව විගහට අල්මාරියට දාලා දොර වැහුවලු. දැං කොලුව කරුවලේ, අල්මාරිය අස්සෙ, හැබැයි තාම කුකුළ කිහිල්ලෙ. කරුවලට ඇස් හුරු වුනාම , කොලුවට තේරුනලු, තව කවුරු හරි අල්මාරිය ඇතුලෙ ඉන්නවා, දැං කොලුව කල්පනා කරනවලු, තව කොච්චර වෙලා මේකෙ ඉන්න වෙයිද දන්නෙත් නෑ, කස්ටමර් කෙනෙකුත් ඉන්න එකේ බිසිනොස් එක කරගන්න ඕනෙයි කියලා. " හා,කුකුළෙක් එකසිය පනහයි,ගන්නවද"

අනිත් එකා කිව්වලු, " එකසිය පනහට ,ඉඳා තුන් සීයක්, කුකුළත් උඹම තියාගෙන , වහගනින් තොගේ කට" කියලා.
පස්සෙ ගම මහගෙ , කරුවල වැ‍ටුනට පස්සෙ එකා, එකා අල්මාරියෙන් එලියට ගත්තලු. දැං අපේ කොලුව ගෙදරට සැපත් වුනාම දැක්කලු, උගෙ බාප්පා පිල් කණ්ඩිය උඩ ඇණ තියාගෙන ඉන්නවා. කොලුව කිව්වලු " බාප්පෙ, මේ කුකුළ හරිම වාසනාවන්ත එකා බං, ගනින් එකසිය පණහයි" කියලා.

බාප්ප කිව්වලු " ‍තෝ මේ මඟුලක් කියනවා, මට කුකුළෙක් හින්දා , තුන්සීයකටම කෙල වෙලා ඉන්නෙ " කියල.

********************************
ඔය අහුමුළුවලට කො‍ටුවෙලා , කරන්න දෙයක් නැතුව ඉන්නව නේද, අම්මපා එතකොට එනව නෙව ඔය වගේ මරු අයිඩියාස්, බස්සා ඕක අද්දැකීමෙන්ම දන්නවා.

බස්සා ඇඹිටිල්ලං ඇටයා කාලෙ, කරපු සෙල්ලමක් තමා හැංගි මුත්තං. ඔන්න මේ කියන දෛවෝපගත දවසෙත්, බසු පැටියා අහල පහල කෙලි , කොලු කුරුට්ටොත් එක්ක පටන් ගත්තා හැංගි මුත්තං සෙල්ලම. කාවද හොයන එකාට තියලා, අනික් කට්ටිය හැංගුනා. බස්සා කෙලින්ම ගියේ උගේ ෆේවරිට් හයිඩින් ස්පොට් එක - ඉස්සරහ කාමරේ අල්මාරිය පිටි පස්සට. නැන්දලගෙ, අල්ලපු ගෙදරට නෑ ගම් ඇවිල්ල හිටිය, සුදු මාමගෙ කෙලි පොඩ්ඩි ආවෙ නැතෑ එතනටම ,මයෙ නැට්ට වගේ?

දැං ඔන්න පොඩි එව්වො දෙන්නා මූණට මූණ බලාගෙන සෑහෙන වෙලාවක් ඔහොම හිටියා. හොයන එකා ආවෙත් නෑ, දැං බස්සට කම්මැලියි. ඌටත් අර කුකුළ කිහිල්ලෙ ගහගත්ත කොල්ලට හිතුන දේම හිතුනා. කස්ටමර් කෙනකුත් ඉන්නවා, කරන්න වැඩකුත් නෑ....බස්සා දැම්මා බිසිනොස් ප්‍රපෝසල් එක" " ඔයා ඔයාගෙ එක පෙන්නන්න, මං මගෙ එක පෙන්නන්නං".කොහොමත් බස්සා ඉස්සර ඉඳලම ඔය නොදන්න එව්වා ගැන බොහොම කියුරියස්. විස්වාස කරන්න, මේ මෝඩ කෙල්ල "හා" කිව්ව නෙව? බස්සාගෙ විද්දියාත්මක ගවේෂණය ඉවර වුනාම, මේකි කිව්වෙ නැතෑ" හා, දැං ඔයාගෙ එක පෙන්නන්න" කියලා. ඇයි සීවරං දෙයියනේ, එහෙමත් ඇහැක? අනික මං ලජ්ජා බයට හැදිච්ච බකුසු පැටියා වෙච්චි. කලසං කොටේ දැතින්ම අල්ලා ගත්ත බස්සා " මට බෑ" කියලා පැනලා දී....ව්වා.
කෙල්ල අඬාගෙන ගිහින් අපේ සීයට පැමිණිලි කලා. සීයා නඩු විභාගෙට මාව කැ‍ඳෙව්වා. අපේ සීයා බොහොම දැණුම් තේරුම් තිබිච්ච මනුස්සයා. උන්දැ කොලේ මගෙ කණෙන් ඇදන් ගිහින් පස්සා පැත්තට, වේවැල් කසාය වඩියක් දීපු එකයි.

කොහොමින් හරි , පස්සෙ කාලෙක නැන්දලා අපි එක්ක අමනාප වුනා. කෝකටත් සූජානං සරීරෙ කියලා ,මම නෙමෙයි සුදු මාමලෑ ගෙවල් ලඟින්වත් ගියේ. ඇයි කියන්න බෑ නොවැ, ඇරියස් එකකුත් තියෙන එකේ, මොනවා කරයිද කියලා.

ලමයින්ට දඬුවම් කිරීම ගැන මට නං තියෙන්නෙ මිශ්‍ර හැඟීමක්. මම නං ඉසේ කෙස් ගාණට ගුටි කාලා තියනවා. ඒ ගැන මගේ වැඩිහිටියොන්ට, මං නං අදටත් පිං දෙනවා, මොකද මං වහේ ඇට්ටර බස්සෙක් හැදුනෙ ඒ නිසා. මම මොකද්ද විභාගයක් පාස් වෙච්චි වෙලාවෙ අපේ අම්මා බොහොම ආඩම්බරෙන් කාතෙක්කද මෙහෙම කිව්වා " ඔය මගේ අතේ වැරෙනුයි, කටේ බලේටයි තමා ". මං හිනාවෙලා නිස්සද්දව හිටියා.

මට සමහර වෙලාවට, මේ ටිකකට ඉස්සෙල්ලා කරපු දේ අමතක වෙනවා. ඒත් වැදිච්ච පාරෙ සැරටද මන්දා, මේ වගේ කල්පාන්තෙකට ඉස්සෙල්ල වෙච්ච දේවල් තාමත් මතකයි:) 

Karma is a bitch....

ඊට ටික කාලෙකට පස්සෙ අපේ ගමේ වෙදාගෙ කෙල්ලො සැට් එක ඉස්සරහ, බස්සගෙ කලිසම ගැලවුනා.ඔය හිටියෙ , හිකි, හිකි ගගා, නැට්ටිච්චියො ටික.මං අහන්නෙ උන් මොකටද එතන කැරකුනේ? තාත්ත නෙව වෙදා? ඒ මේ අසමහ්ජාති කූඩැල්ලෙක් නිසා. ඒ අවලමාට කන්න වෙන තැනක් තිබුනෙම නැත්ද මන්දා?

Apr 27, 2015

Apr 18, 2015

එදත් පක්සියා, අදත් පක්සියා


මට කතන්දර ලියන්න බෑ කියල හොඳටම තේරුනට පස්සෙ,  අත්ත උඩට වෙලා  බුම්ම ගෙන ඉන්න කොට , ආව නෙව මයෙ අසල්වාසී බ‍ටු මීයා.

" මොකද බොල නිකං නයා මැරිච්ච අහිකුණ්ටිකයා වගේ ඉන්නෙ"

" නෑ බං , බලාපං අනිත් එවුන්  අර වසන්තෙද මොකද්ද එකට එකසිය ගාණට ලියනවා,  මාත් ඉතිං දන්න තාලෙන් මොනවා හරි ලියන්න හැදුවා, හරියන්නෙම නෑ නෙව?"

ඔය මී කස්ටිය හොඳ ලේඛකයො.  පොත් ලියන්න ඔස්තාර්ල. ලියනවා නිකං  මැල්ලුම් ගාණට.

Apr 12, 2015

කාන්තාරයේ රෝස කුසුම සහ කතන්දර කියන පූසා

කතන්දර කියන පූසා:

"ඉතිං ඊට පස්සෙ සියල්ලෝම සතුටින් ජීවත් වුනා" පොත වැහුව පූසා කිව්වා.

"අනේ පලයං  පූසො යන්න. උඹ හැමදාම කතන්දරේ කියන්නෙ බාගෙට. දැන් බලාපං, ඔය පොතේ පහෙන් එකක්වත් ඉවර නෑ, උඹ කඩේ වැහුව නෙව", මෙච්චර වෙලා කතාවට හූමිටි තිය, තිය හිටිය බලු තඩියා කිව්වා.

Apr 5, 2015

ගොයම් මැස්සෝ සහ සිත්තරපටි බස්සෝ

බොහොම කාලෙකට ඉස්සර කියවපු කතාවක් කෙටි මතක් වුනා. කතාවෙ නම නං මතක නෑ, මයෙ හිතේ ඩබ්ලිව් ඒ සිල්වා මහත්තයා ලියපු කතාවක්ද කොහෙද:


Apr 3, 2015

නරි දඩයම

අර බ්ලොග් වසංගතයා ද මොකක්ද එකක් තියනවා නෙව? ඉතිං අපිත් මොකක් හරි වංචාවක් කරන්න එපෑ? 

මේක මේ කෙටි කතාවක්. 

http://wallpaperswa.com/thumbnails/detail/20120331/snow%20animals
%20fox%20jump%201920x1200%20wallpaper
_www.wallpaperhi.com_48.jpg



Mar 15, 2015

හිටවන කවි

සතියේ දිනවල බස්සා 
සරල අනුවර්තී චලිතයක
ජීවිතේට කිසිම අලුත්
ගැම්මක් නෑ බං

යංතං ඇති,අද ඉරිදා
වැඩට යන්නෙ හෙට සඳුදා
කඩල කකා දෙකක් නැමුවෙ
ඒක නිසයි බං

Feb 27, 2015

වඳුරු කතාවක් සහ සිංදුවක්

ඔහෙලා දන්නවද  බස්සො පැවත එන්නෙ වඳුරන්ගෙන් බව? කව්ද කිව්වෙ ඇහැව්වා? නෑ ,නෑ චාර්ලිස් ගොයියා නෙමෙයි. එයා කිව්වෙ  ඒ මිනිස්සු ගැන නෙව?  අපි පියාඹන වඳුරො ජාතියක්ලු, ඔව්වා ගැන හොඳට දන්න හාදයෙක් තමා කිව්වෙ.

මං ඒත් කල්පනා කලා ,මට ඔය නොදන්න යමක් හම්බ වුනාම , මන්කි බිසිනොස් කරලා එව්වා චකබ්ලාස් කරන්නම හිතෙන්නෙ ඇයි කියලා?  දැන් තේරෙනව නෙව? ඕක මයෙ නෙමෙයි, ජම්මෙ වැ‍රැද්ද බව?

Feb 9, 2015

කවුළු පියන්පත් වැසෙන වෙලාවට...

ටැක්නිකල් පෝස්ට් වලට අර නැට්ට නැති කස්ටිය කැමති නැති නිසා, හිතුන හයිබ්‍රිඩ් පෝස්ට් එකක් ලියන්න.එහෙමයි කියලා කතාවට හේතු වෙච්ච කාරණාව අමතක කරන එක හොඳ නෑ නෙව.

මම සිංදු අහන්නෙ වැඩට යන එන කොට තමයි. ඒත් අපේ  පරණ බරබාග වල තියෙන රේඩියෝ වල USB ඉන්පුට් එකක් නෑ.තියෙන එකම ඔෆ්ෂන් එක FM ට්‍රාන්ස්මීටර් එකක් තියෙන ගැජමැටික් එකක් අරගෙන රේඩියෝ එකේ  පාවිච්චි නොවන ස්ටේෂන් එකකට ටියුන් කරගන්න එකයි.
මේ වගේ ගැජමැටික් සෑහෙන ගණනක් ටැස්ට් කරලා (හයියෝ ෂල්ලි), අන්තිමට හිතට හරියන එකක් ලැබුණා. හොඳ භාණ්ඩෙ. බ්ලූටූත් එහෙමත් තියනවා.වැඩේ කෙලවුනේ දවසක් ෆෝන් එක කනෙක්ට් කරගෙන GPS දාගෙන නොදන්න තැනක් හොයාගෙන යන්න ගිය වෙලාවෙයි. මේ කියන ගැජමැටික් එක ඔන් කලාම , ගෑණු කටහඬකින් " පවර් ඔන්, කනෙක්ට් යුවර් ෆෝන්" වගේ මොකක්ද උලව්වක් කියනවා. ඒක කමක් නෑ කියමුකෝ.

Feb 2, 2015

කොළඹ යුගයේ කවි සහ අපේ ගමේ විත්ති

http://lankapura.com/wp-content/uploads/ 2009/04/banyan-tree-at-kalutara.jpg

කොළඹ යුගයේ කවින්ට , මම බොහොම කැමතියි. මට හිතෙන්නෙ  අපේ කවියේ ස්වර්ණමය යුගය කොළඹ යුගය කියලයි. ඒ කාළෙ කවි මඩු , තරග වගේ එව්වත් තිබිල තියනවා.ඒ ඇරුනම  මාසික කවි සඟරා පවා තිබිල තියනවා. අපේ මේ කවියො හිටිවන කවි කියන්න රුසියො. කවියෙක්ගෙ මඟුල් ගෙදරකට ගිය මාකඳුරේ කවියා සභාව මැද මෙහෙම කිව්වලු: