සුජීව කොකාවෙලගෙ The null device බ්ලොග් එකේ ඉන්ටරෙස්ටින් ලිපියක් කියවන්න ලැබුනා
අතීතයේ සිට වර්තමානය දක්වා ඉතිහාසගත වෙලා ඉන්න "වීරයො" ගැන අලුත් මානයකින් බලන ඔහු දර-දිය ඇදපු "ෆුට් සෝල්ජ්ර්ස්ලා" ට ලැබිච්ච තැන ගැන සාධාරණ තර්කයක් මතු කරනවා. මේ වීරයොන්ගෙ ඇසින් ලෝකය දැකීමේ නැත්නම් ටිකදෙනෙක් විසින් අපේ අනාගතය තීරණය කිරීමේ පොඩි අවුලක් තියනවා. ඇයි, අපි උපකල්පනය කරනවා "වීරයො" හැමතිස්සෙම චෝයි, බලන්නෙම ලෝකෙ හොඳ තැනක් කරන්න කියලා.
The New Corporation ඩොකියුමෙන්ට්‍රි එක කරපු කස්ටිය කියනවා ඒක එහෙම නෙමෙයි කියලා. සියට සීයක් එකඟ නූනත්, ඒ අය අහන ප්‍රශ්ණ එහෙම ලේසියෙන් මඟහරින්න බෑ.









