හිංගල බවුද්දයෙක් ලෙස ඉපදිලා, ආගම් ගැන දෙයිය ගැන තියෙන විස්වාසය සීග්රයෙන් පල්ලම් බැහැපු මූකලං බකමූනෙක් ලෙස, මට අදේවවාදය ගැන වුනත් ආයෙ හිතන්න වෙන විදිහෙ වීඩියෝවක් හම්බවුනා.
Dec 13, 2021
Dec 5, 2021
ලොවෙන් අඩකට ඇති ලෙඩක්
ඉස්හොරි කිව්වාම කැතයි වගේ හින්දා, ගූගල්ගෙන් ඇහැව්වාම "හිසේ කැක්කුම" කියල තමයි කිව්වෙ. ලෝකෙන් බාගයකට වඩා දෙනෙකුට මේක තියනවා නං, ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ.
Dec 1, 2021
Buyer's remorse - පක්සියකුගේ පසුතැවිල්ල
තොට ලඟ තොරණ වගේ බලුප් පත්තුවෙයි කියලයි හිතුවෙ, ඒම වුනේ නෑ. තව ප්රශ්ණ තිබ්බත්, "ලාබ බඩුවේ හිල් ඇත" කියල හිත හදා ගත්තා.
Nov 19, 2021
අපි නොදන්න රාග තාල
බස්සගෙ ජීවිතේ වෙනස් වෙන්න, බලපාපු එක සිංදුවක් තමයි ඔය. ඔය තියෙන්නෙ,You got mail සිත්තර පටියෙ, මම කැමතිම කොටසක්. හප්පේ ඔය කොටස ආයෙ, ආයෙ බලාපු වාර ගාණ මෙච්චරයි කියන්න බෑ. නිව්-යෝක් නගරෙ, උදෑසන අවදිවෙන හැටි, ස්ටා'බක් කොෆී කල්චර් එක එහෙම ලස්සනට පෙන්නනවා. ඒ කාලෙ කාන්තාරෙක වේලි, වේලි හිටිය බස්සෙකුට, ඔය පෙන්නන්නෙ ග්ලෝරිෆයිඩ් කරපු වෙස්ටන් ලයිෆ් ඉට්ටැයිල් එක කියල තේරුන එකක් යෑ? අනිත් සිත්තර පටියෙ කැමතිම කොටස තමා, ඩයල්-අප් මොඩම් එක " ඤෑ....ඈක්, ඤුක්, ඤී....ඊක්, හුචැක්" කියල AOL මේල් කනෙක්ට් වෙන කොටස.
Nov 11, 2021
අටවන මාටිංගේ ජනෙල් අළුත්වැඩියාව
Oct 30, 2021
ප්රියයන්ගෙන් වෙන්වීම දුකකි, වින්-ඩිවෝස්
ඔහෙලා දන්නව නෙව, මම වින්ඩෝස් 11 පාවිච්චි කරන එක කල් දැම්ම බව. ඒත් බැකප් SSD එකේ, උන්දැ හිටියා. මමත් ඔය සුමානෙකට දෙපාරක් විතර ගිහින්, සැප-දුක අහලත් ආවා. වැඩියම අහන්න ලැබුනෙ, දුකම තමා. ඔය ටික දොහට ජනේල ගෙදර වාහෙලා, මහිතේ එක විසි-තිස් පාරක්වත් අප්ඩේට් එවන්න ඇති. ඕං ඔහොම දුකසේ ඉන්නකොට තමා, එක පාරටම ස්ටාර්ට් බටන් එකයි, සර්ච් එකයි වැඩ කරන්න ගත්තෙ. තව මට මල පීදිලා හිටිය, "ඉස්කෝල පොත" පුරස්නෙත් හරි ගියා. අකුරුත් ලස්සනයි, ඇහැටත් ප්රියයි.
Oct 7, 2021
මැකී ගිය බකුසු දඩමං 0 - රටඉඳි මතක
ගමරාළගෙ කූබිච්චි පෝස්ට් එක කියෙව්වා. බොහෝ කළකට පෙර බස්සෙක් මැදපෙරදිග රස්සාවක් කලා. රස්සාවට ගියේ, පස්සා දොරෙන්. දෑවැන්ත කම්හලක් වෙච්ච එතන හිටිය, ලංකාවෙ, රජ වැඩකාර හාදයෙක්ගෙ රෙකමදාරුව මත. ටෙස්ට් එකට ආපු, සමහර විශයට අදාල ප්රශ්ණ පවා, රජ වැඩකාරයා බස්සට කලින්ම ඉගැන්නුවා. ඉන්ජිනේරු අරාබි ලොක්කා,ආව සහයට-ඩැනී අරාබියෙක් එක්ක සම්මුඛ සාකච්චාවට. ඔක්කොම බලලා, ඩැනී මෙහෙම කිව්වා" දිස් ඉස් අ ඩිෆරන්ට් බෝල් ගේම්, ඩූ යූ තිංක් යූ කැන් හැන්ඩල් දිස්?" කියලා.
Oct 6, 2021
වින්ඩෝස් 11- අවසාන අදියර
වින්ඩෝස් 11 නිකුත් වෙන්න තිබ්බ අද වුනාට ඊයෙම එලියට දැම්මා. අදියර කීපෙකින් කොටස් වශයෙන් දීගෙන යනවා, පෝලිමෙ ඉන්න ඕනෙ කියල තමයි කියන්නෙ. අප්ඩේස් බලන කොට "සුභ පැතුම්. උඹ පාස්" කියල මැසේජ් එකක් ආවට, අප්ඩේට් එක තාම නෑ. ඉතිං මම නං ලෙසටම පෝලිම පැන්නා. මෙතැනට ගියාම ඔහෙලටත් ඕනෙම නම් ගත්තෑකි.
Oct 3, 2021
අටවන මාටිංගේ බ්ලොග් එක
රට්ටු හිතාගෙන ඉන්නෙ, මට ඉත්තෑ අමාරුවක් තියෙනවා කියල නෙව? ඇත්ත, කාලෙකට ඉස්සර තිබ්බා, දැන් නෑ . අපි නං ඒවගෙන් පාඩම් ඉගෙන ගත්තා. මම දැන් සිම්පල් බකමූණා. ඒත් මේ බ්ලොග් කෙරුවාව පටන් ගත්ත කාලෙ, ඔය උණ තදේටම තිබ්බා. මාසෙකට සැරයක්වත් බ්ලොග් එකට අලුත් ඇඳුමක් අන්දවනවා. Image credit , අටවන මාටින් - අනුග්රහය නිදි
Subscribe to:
Posts (Atom)





