Jun 16, 2023

රැජිනගෙ ඉංග්‍රීසි සහ ටින්-ටින් සමඟ කෝපි සැඳෑවක්

පි නොදන්න Accent 


ඉංග්‍රීසි අපේ මව් භාෂාව නොවන නිසා, අපි බොහෝ දෙනෙකුට "ඇක්සන්ට්" එකක් තියනවා.ඒත් ඒ බව, යමෙක් අපට කිව්වොත්, අපි ඒකට එච්චරම කැමති නෑ. ඒක අපි හිතන තරම් අවුලක් කියල මට හිතෙන්නේ නැත්තෙ ලන්ඩන් නගරය ඇතුලතම, ඉංග්‍රීසි උපභාෂා කීපයක්ම තිබෙන බව අසා තිබෙන නිසයි. මේ භාෂාවල "ඇක්සන්ට්" එකට අමතරව, ඒවාටම ආවේනික යෙදුම්( Dialect) තිබෙන බවත් අසා තිබෙනවා.

Jun 8, 2023

ඇමරිකාවේ අවසාන නාසි යුධ සිරකරුවා

වර්ෂ 1985  දී ඇමරිකාවේ "most wanted" ලැයිස්තුවේ ඉන්න අපරාධකරුවෙක්, බලධාරීන්ට භාර වෙනවා. වැඩේ කියන්නෙ මේ හාදයා අවු 40 ක් FBI එකත් එක්ක කට්ටි පැනපු ගොබිලෙක්. කස්ටිය හතර වටේ, මෙයාගෙ පෝස්ටර් එහෙම අලවලත් තිබිලා තියනවා,  ඒත් භාර වුනාම, FBI එක මෙහෙම කියනවා. "දැන් අපි ඇයි මෙයාව හෙව්වෙ?" කියලා.

May 20, 2023

මීයා මලා


මගේ ප්‍රියතම නැට්ට සහිත මීයා  මලා. වසර දෙකහමාරක් කියන්නෙ මීයෙකුට ඒ හැටි වයසක් වෙන්න බෑ නේද? වම් කකුලෙ තමා ලෙඩේ ආවෙ. එකක් කෙටුවාම, දෙකක් වදින්න ගත්තා. මට මුලින් තේරුනේ නැහැ, ඇයි බ්‍රව්සරේ පිස්සු කෙලින්නෙ කියලා. පස්සෙ ඔන්ලයින් "ක්ලික් කවුන්ටර්" එකක් පිහිටෙන් ලෙඩා මවුසා කියල තහවුරු කර ගත්තා.

Mar 24, 2023

වැඩේ කැතද මන්දා ඒත් හිනා යනවනෙ?

මේ තියෙන්නෙ, කාලෙකට ඉස්සර, ස්පෙෂල් ඉෆෙක්ට්ස් එච්චර දියුණු නැති යුගයක, බජට් ෆිල්ම්ස්වල සුපිරි වීරයෝ නිරූපණය කරපු හැටි. හැබැයි මට නං මේ ටික හොඳට හිතට ඇල්ලුවා. ඒ කාලෙ මේ කස්ටිය, ලෝකෙ ගලවා ගන්න ආපු වීරයො නෙව? දැන් ඉතිං අහන්න එපා, ඇයි ගලවාගන්නෙ, ඇලවිලාද තිබ්බෙ වගේ අනවශ්‍ය ප්‍රශ්ණ. ඒත් අදටත් මේක හොඳම කොමඩියක් විදිහට හොඳ සේවයක් කරන්නෙ නැත්ද?

Feb 11, 2023

කෘතීම බුද්ධිය සමඟ පිළිසඳරක්.........

 Does your answers biased or hindered, anyway?

යම් හෙයකින්, ඔබේ පිළිතුරු වලට පක්ෂග්‍රාහී හෝ නිදහස් අදහස් ප්‍රකාශ කිරීම සීමාකිරීම් කෙරෙනවාද ?

As an AI language model, I strive to provide objective, accurate, and neutral information. However, it's important to note that I am a machine learning model created and trained by OpenAI, and my training data includes examples of text from the internet. This means that my training data may include biases and inaccuracies that are present in the online sources that were used to train me.

Jul 13, 2022

පිස්සු හැදෙන මොබයිල් කැමරා තාක්ෂණය

හොම්බ දිග කැමරාවක්
හොඳ ඩිජිටල් කැමරාවක් යනු "හොම්බේ" දිග සහ ඉමේජ් සෙන්සරයේ ධාරිතාව මතම තීරණය කල කාලයක් තිබුනි. ඒත් මොබයිල් කැමරා තාක්ෂණය නිසා, මේ හැම දෙයක්ම වෙනස් විය. 

මිල අධික කැමරාවක් හිමි අයෙක් වුනත්, හොඳ චායාරූපයකට අවස්ථාව ලැබුන හැමවිටම ඒ කැමරාව අතේ තිබ්බෙ නැත.  ඒත් මොබයිල් ෆෝන් එක හැමවිටම, හැමෝම ලඟ තිබුනි. නූතන මොබයිල් ෆෝන් කැමරාව, තවදුරටත් අප දැණ සිටි බාල ෆෝන් කැමරාව නොවේ. පොල් ගහකට බඩගෑවත්, අපේ අතේ තියන මේ ෆෝන් කැමරාව ගැන, පොඩ්ඩක් දැණ ගන්න වටින්නේ එබැවිනි.

Jun 11, 2022

සුසිනිඳු සුදු යටිබඩ

මේ ඉන්නෙ මාර්ක් ලෙයිටා - වෘතීය චායාරූප ශිල්පියෙක්. , එයාට හිතුනලු, මෙච්චර කල් එයා කරල තියෙන්නෙ, ඇති හැකි බලවත් කොම්පැණි තවත් පෝසත් කරන්න උදව් කරන එක කියලා. ඒ නිසා, මාර්ක් පටන් ගන්නවා යූ-ටියුබ් චැනල් එකක් "Soft White Underbelly". මේකෙ කතාකරන්නෙ "ටැබූ සබ්ජෙක්ට්" ගැන. අර අපි දැක්කා, නොදැක්කා ගානට ඉන්නෙ, ආන්න ඒවා ගැන. ආ, මාක් ඉන්නෙ ඔරුමත්තු නාඩුවෙ. මාර්ක්ගෙ කතාව, කැමති නං මෙතනින් බලන්න. Soft White Underbelly Intro Video

Jun 7, 2022

කැකිල්ලේ තීන්දු

මල්වානේ, අරුම පුදුම ඉබේ හැදුන නිවස. විත්තිකරුවන් නිදොස් කර නිදහස් -පුවතක්

කපුටා: හී, හී. කොමිස් තියෙන ගහට ටමා ගල් වදින්නෙ.

විත්තියේ අබ්බගාත්: අපේ Praසන්ன ඇමටිතුමා, චූට්ටං මිලියන 65ක කොමිස් කෑල්ලක් ගන්න තර්ජනය කලා තමයි. ඒත් එතුමාගේ දුවට විසාදිය. අනික රට බංකොලොත් කරන්න දායක වෙච්ච, මේ වගේ ඇමටියෙක් හිරේ යැව්වොත්, අපේ රටේ නම තමයි කැත වෙන්නෙ. ඈ?  

May 13, 2022

පොහොට්ටු කවි


වියත්මගේ උපදේසෙන්

ගොවිතැන් බත කෙල වුනාය

කපුටා, කබරා හිට් ද ප්ලේන්

ආර්ථිකෙත් හිඳවුනාය ///

Apr 27, 2022

කපුටු සැමරුම් දිනය

කොමිස්, කොමිස්
අන්තර්ජාතික කපුටන් සැමරීමේ දිනය අදයි.  පොඩි කාලෙ රචනාව ලියන්න " කපුටා ගොවියාගේ මිතුරෙකි" කියල තමයි ඉගැන්නුවෙ.  ඊට පස්සෙ කපුටො ඔහේ හිටියා, අපිත් මෙහේ හිටියා. ඊළඟට කපුටො වෙනුවෙන් යමක් කලේ අපේ අපේ නන්දිවිසාල මැතිතුමා තමයි. ඔය ජාතියේ පංචායුදේ, අප්පුච්චගෙ දෑත් සක්තිමත් කරපු කාලෙ,  නන්දිවිසාල මැතිතුමා, හැටනම දහසක ගැල් හමුදාවකට නායක වෙලා හිටියා, ආන්න ඒ කාලෙ හැටේ වත්ත, අටේ වත්ත වගේ   කොළඹ වටිනා ඉඩම්, කොළඹ පේමන්ට් කාක්කො අයිති කරගෙන හිටියා.