There is a whole sub-culture grew-up around Walmart and trailer parks - the rednecks. They are working class, not so educated, whites in north America, who belong to lower middle class. There are tons of jokes about them on the net, too.
I don't like rednecks, they are generally racist. Perhaps, it is not fair to stereotype them, as there may be something to learn from them, after all. And, I like this song, simply because of the free spirit and the independence, it shows.
Jun 14, 2011
Jun 13, 2011
Home..Sweet Home
There is a reason why they call it "Sweet Home ." So, what exactly, makes a home "Sweet Home?". I'm sure it takes just more than a roof and walls. Do you think, a sweet home is something own by the rich? listen to this , and you be the judge.
I believe, we can learn a lot just by looking around us, and listening to other people. Just think, what we have, which we take as granted, yet wanting more and make our lives miserable. In contrast, they don't have any luxury, but enjoy the little what they have.
So, what went wrong. why can't we be happy with what we have right now. Or, do we need to take a leap of faith to re-discover ourself?
Jonas Bendiksen is a photo journalist represented by Magnum Photos. You can find his work at the following address:
http://www.theplaceswelive.com

Jun 10, 2011
අපෙ හැඟුම්වලට ඉඩදී මොහොතක්......
අපෙ හැඟුම්වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබාගනිමු තරමින් වියතක්
හඳපානේ මඳ අඳූරේ
අත්පටලා යමු ආයේ
ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
මම මගෙ හෙවණැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුණා
හඳපානේ මඳ අඳූරේ
හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
හඳපානේ මඳ අඳූරේ
අත්පටලා යමු ආයේ
- වික්ටර් රත්නායක
ඉඩ ලබාගනිමු තරමින් වියතක්
හඳපානේ මඳ අඳූරේ
අත්පටලා යමු ආයේ
ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
මම මගෙ හෙවණැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුණා
හඳපානේ මඳ අඳූරේ
හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
හඳපානේ මඳ අඳූරේ
අත්පටලා යමු ආයේ
- වික්ටර් රත්නායක
Jun 8, 2011
සඳ පහන් රැයක ඇවිදින්..
මේ දවස්වල කණ පැලෙන්න රස්නෙ. බස්සා වැඩ කරන්නෙ, අයිස් වතුර බිබී තමා. ඕං ඔහොම රස්නෙ වෙලාවක ටිකක් හුලං වදින්න වැඩකරන තැනින් එලියට ආපු වෙලාවක, බස්සා දැක්කා ලස්සනට හඳ පායලා තියනවා. අනේ ඉතිං මේ හඳමනෙ බැස්සිටත් පායන්නෙ. බැස්සිනං මේ වෙලාවට
සඳ පහන් රැයක ඇවිදින්..
Esto es para ti, mi amor |
| Madu mala lesa MP3 Download |
Poker Face
ජීවිතේ කියන්නෙ සරල රේඛාවක් නෙමෙයි. ඕනැම කෙනෙක්ගෙ ජීවිතේ හොඳ, නරක කාල තියනවා. එක්තරා කාලයක බස්සත් වැටිලා හොම්බෙන් යනකොට ඌ නිතරම අහපු සිංදුවක් තමා මේ.
ජීවිතයක් එක්තරා සූදුවක්. ඒකයි මේ සිංදුවෙන් කියන දේ අපට අදාල වෙන්නෙ. සමහර වෙලාවට බය, සැක අත්හැරලා අපිටත් risk ගන්න වෙනවා (look, who is talking..hee.hee!). මේකෙ කියනවා වගේ "every hand is a winner,every hand is a looser" නැත්නම් "every dark cloud has a silver lining" කියලා හිතන එකයි තියෙන්නෙ. නැත්නම් " හැම කන්දකටම පස්සෙ පල්ලමක් තියනවා" කියල හිතමුකො.
pokerface කියන්නෙ කිසිම හැඟීමක් පිලිඹිඹු නොකරන මුහුණක්. සූදුවකදි පුරුදු කාරයො මේ මූණ දාගන්නවා,මොකද නැත්නම් අනිත් අයට තමන්ගෙ අත වාසිද, අවාසිද කියල හිතන්න පුළුවන් නිසා. සිංදුවෙ
"Son, I've made a life
Out of readin' people's faces
Knowin' what the cards were
By the way they held their eyes" කියන්නෙ ඒකයි.
එහෙනං රාළේ, අවශ්‍ය වෙලාවට pokerface දාගන්න අමතක කරන්න එපා....
La Isala Bonita
La Isala Bonita කියන්නෙ ලස්සන දිවයින කියන එකට. මගේ La Isala Bonita තමා අර කඳුලු බිංදුවක හැඩේ රට. මගේ සුන්දර ලමාකාලෙ මතකයන් සේරම තියන්නෙ එහෙ.
ඇලේ, දොලේ පැනලා නාපු අපට කවදාවත් "swimming class'" යන්න ඕනෙ උනේ නෑ.කවදාහරි ඉගෙන ගෙන ඉහල යන්න ඕනෙ කියන අදහස බස්සට ඉස්සෙල්ලම පහල උනේ, පාලුවත්තෙ හොර කුරුම්බා කඩන්න ගස් නගින කොටයි. ඒ වගේම ඉහල ගියොත් පහල එන්න ඕනෙ කියන සිද්ධාන්තය තේරුං ගියේ ආයෙ ගහ දිගේ පහලට රූටන කොටයි. ගමේ පරිසරය -ලඳු කැලෑ, වෙල් ඉපනැලි, ඇල-දොල, මේ කොයිවත් එක්කත් බස්සගෙ සමීප සම්බන්ධතාවයක් තිබ්බා. බස්සගෙ ගැන්සිය එනවා දකින කොටම එහේ හිටි කුරුලු රෑන් මරහඬ තලාගෙන පියෑඹුවෙ ඒකනෙ. ගඟ අද්දර වගුරු බිමේ හැදෙන "කිරල" කියන්නෙ හරිම රස පළතුරක්, ඒත් එව්වා කඩන්න සෑගෙන ගේමක් දෙන්න ඕනෙ. "කිරල" කිරි හදාගත්තාම , ඒකෙ රසත් , සුවඳත් ඒ මහන්සිය අමතක කරවනවා.
ඊට පස්සෙ කාලෙක, බස්ස ගැන්සි බැසීම අත්හැරලා පාඩම් වැඩවලට බැස්සා. බස්සගෙ අම්මා ඒකට කිව්වෙ" මයෙ, අතේ වැරෙන් තමා, මේකව මේ තත්ත්වෙට ගෙනාවෙ" කියලයි. බස්සා හිටියෙ ගමක නිසා ඌගෙ අම්මාට "කෝටු" වලින් කිසිම හිඟයක් තිබුනෙ නෑ. බස්සා පොත් කියවන්න පුරුදු වුනේ ඒ කාලෙ. කාලයක් ඌ මහජන පුස්තකාලෙ පදිංචිවෙලා හිටියා. ඌට ඒකාලෙ ඕනා වුනේ ලොකු උනාම පුස්තකාලෙක රස්සාවක් කරන්නයි. එක දවසක් ඉංග්‍රිසි මැගසින් එකක දැක්ක හිම කඳු, කේතුධර වනාන්තර ( සහ අර ලස්සන බෝනික්කො වගේ සුදු කෙල්ලොත්.හී..හී) දැකලා තමයි, බස්සට ඉස්සෙල්ලාම පිටරටකට ආස හිතුනෙ. වැඩේ කියන්නෙ, අපිට හැමදාම ඕනෙ අපට නැති දේවල් මයි. දැං ඌ හීන බලන්නෙ, ගමේ සුන්දරත්වය, " කිරල" , හැලප සහ ලැවරියා ගැන නෙව.
ඔන්න ඊට පස්සෙ ආවෙ අෂ්ඨලෝක ධර්මෙ අනුව බස්සටත් මනමාල විසේ ගහපු කාලෙ. මේ කාලෙ බස්සා බයිසිකල් පදිනවා. දවසක් ඔහොම ගමේ පාරක පැදගන යනකොට ඌට හම්බු උනා උදේම නාලා කොණ්ඩෙ කඩා දාලා එන ලස්සන කෙලි පොඩිත්තියක්. බස්සත් රබර් ඇහැ දාලා බැලුව , කව්ද බොලේ මේ ඇලිස් කියලා..කෙල්ලත් දාපි නේද අර කෝපි මල් හිනාවක්. බස්සගෙ හඳුන් පොත හිට්ටා. කෙල්ලත් හැරි හැරි බල බල යනවා, බස්සත් යන ගමන පැත්තක තියලා කෙලී පස්සෙන් යනවා. කෙල්ල ගෙදරකට ගියා. හුටා, පාර ඉවර වුනා එයාලගෙ මිදුලෙන්. හරවගෙන එන්නත් වෙලාවක් නෑ, ගෙදර කව්ද බස්සා ලඟට ආපි. බස්සට ගණදෙවි නුවණ පහල වුනා. ලඟ ඉන්න යාළුවෙක්ගෙ නමක් කියලා,ඌ කිව්වා ඒ ගෙදර හොයනවා කියලා. කෙල්ල ගෙදර ඇතුලෙ හිටන් ජනේලෙන් බල, බල හිනා වෙනවා. මයෙ හිතේ ඒකි බස්සව කඩේ ඇරියා.අර ආපු හොඳ මනුස්සයා බස්සව එක්කගෙන ගිහිල්ලා පාරත් පෙන්නුවා.
ඕං ඔහොමයි, කෙල්ලෙක් ඉස්සෙල්ලාම බස්සව කඩේ ඇරියෙ.
Jun 4, 2011
It's a Love Story.. Baby Just Say Yes
I got tired of waiting
Wondering if you were ever coming around
My faith in you is fading
When I met you on the outskirts of town, and I said
Romeo save me I've been feeling so alone
I keep waiting for you but you never come
Is this in my head? I don't know what to think
He knelt to the ground and pulled out a ring
And said, marry me Juliet
You'll never have to be alone
I love you and that's all I really know
I talked to your dad, go pick out a white dress
It's a love story baby just say yes
ලස්සනයි නේද? ඔව්, ඔව් " baby just say, yes" උන්දැ නං කියයි. හුහ්.හිතන්නෙ ඊලඟට " ඉන්පසු සියල්ලෝම සතුටින් ජීවත් විය" කියල නේද? සමාවෙන්ටෝන , ඔය පාට කන්නාඩිය ගලෝල වටපිට ටිකක් බැලුව නං. මං ආයෙ කියන්නෙ මොකටද ,බින්න , දීග විතරක් නෙමෙයි "එක ගෙයි කෑම" ගැනත් මේං මෙතන අපූරු විස්තරයක් තියනවා:
http://www.silumina.lk/2011/01/16/_art.asp?fn=af1101168
මට මොකක්ද හිතෙන්නෙ ඇහැව්වා? වෙන මොනවද, මේ ඉස්සර කාලේ බින්න බැහැපු බකමූනෙක් කියලා තියෙන්නෙ:
”අප්පගෙ පෙරැත්තේ බැරුවා නිසාවට
බින්න මඟුලකට බහදී මෙමා හට
අප්පා ලෙසට උන් අඹුවට එදා සිට
උපන් ගමට යාමට දැන් සිතෙයි මට”
මේ හැමෝම හිතාගෙන ඉන්නෙ, මං සල්ලි කාරයොත් එක්ක තරහයි කියලා. මං මොකටද අනුන්ගෙ පිනට තරහා වෙන්නෙ. හැබයි, මට සල්ලි කාරයෙක් වෙන්න කැමති නෑ, මොකද මං විස්වාස කරන දෙයක් තමා, එයාල නොදැනුවත්ව හරි ලෝකෙ තියන සීමිත සම්පත් වලින් " සිංහයාගේ පංගුව" ඇදලා අරිනවා කියන එක. දැං සමහරු කියයි , අනේ අපි නං එහෙම නෑ, මං නං හරිම "සිම්පල්" කියලා. පුරස්නෙ, එක්කෙනක් ගෙ "සිම්පල්" තව කෙනෙක්ගෙ " කැපිටල්" වෙන එකයි. එහෙම කීවාට සල්ලි වල වටිනාකම මං නොදන්නවා නොවේ. හැම දේටම මිලක් තියෙන මේ රටේ දි මං ඉගෙන ගත්ත පාඩමක් තමා ඒක. සතුට සල්ලි වලට ගන්න බෑ, හැබයි සල්ලි නැති නං සදා දුක තමා. මට හිතෙන්නෙ, මේකට උත්තරේ තියෙන්නෙ අපේ හිතේ කියලයි. ඒකට අපි, අපිවම සොයා ගත යුතුයි. මං නං තාම මාව හොයනවා, හම්බ වෙච්චි දාක, කියඤ්ඤං...

Jun 3, 2011
මචං
පුංචි කාලෙ මං හැදුනේ පුංචි ගමක මචං
ඉස්කෝලෙදි වැඩි දෙනෙක්ම කිව්වෙත් මට මචං
නම අමතක යාළුවොන්ට කියන්නෙ අපි මචං
හත් වලාමේ, බැස්සිත් මට දැං කියන්නෙ මචං
පනින්ට පෙර සිතා බලනු කිව්ව නේද මචං
"ටයිම් අවුට්" එකක් ගත්තෙ ඒක නිසයි මචං
කුඩම්මගේ සැලකිලි නෙව දැං ලැබෙන්නෙ මචං
ඉඳල හිටල උම්ම එකක් වත් දීපං........ මචං
Lemons and Lemonade
නපුරු කලට සත හට පැමිණෙත වෙහෙස
එදුරු නොවෙයි කළ පවු පල දෙවා මිස
තඹුරු වනය මුකුලිත වන බව සවස
කවුරු විසින් වැළකිය හැකි මෙ දිය කුස
- සුභාෂිතය -
when life gives you lemons make lemonade!
එදුරු නොවෙයි කළ පවු පල දෙවා මිස
තඹුරු වනය මුකුලිත වන බව සවස
කවුරු විසින් වැළකිය හැකි මෙ දිය කුස
- සුභාෂිතය -
when life gives you lemons make lemonade!
Jun 1, 2011
ඕලු කැලේ...හිටපු බඹරු, නහය විදපි ඉදිමෙනතුරු...
සමහර වෙලාවට අපි හැමෝටම හිතෙනව නේද, පොඩි නිවාඩුවක් ගත්තා නං හොඳයි කියලා. පොඩ්ඩක් "හුස්ම ගන්න ඉඩක්", නැත්නම් "පොඩ්ඩක් හිතන්න විවේකයක්" වගේ එකක්. ඒ කම තමයි මෙන්න මේ ලිපියෙත් කියලා තිබුනෙ.
අනේ ඉතිං බස්සත් ඒ ලැබිච්ච උපදෙස් අනුව, මේ යෝජනාව දැම්ම නෙව.
මේං වෙච්චි සැන්තෑසිය
Subscribe to:
Posts (Atom)