Jun 10, 2011

අපෙ හැඟුම්වලට ඉඩදී මොහොතක්......





අපෙ හැඟුම්වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබාගනිමු තරමින් වියතක්
හඳපානේ මඳ අඳූරේ
අත්පටලා යමු ආයේ

ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
මම මගෙ හෙවණැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුණා
හඳපානේ මඳ අඳූරේ

හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
හඳපානේ මඳ අඳූරේ
අත්පටලා යමු ආයේ

- වික්ටර් රත්නායක


               

5 comments:

  1. ඒක 'අපෙ හැඟුම්වලට ඉඩදී' නෙවෙයි 'අපි හැඟුම්වලට ඉඩදී' වෙන්ට ඕන නේද බොලං.. මං මේ සිංදුව අහන ගමන්, පාන්දර 2:00 යි වෙලාව.. පට්ටම පට්ටයි බං, වික්ටර්ගෙ වොයිස් එකට ගහන්න තරං හැඟීම්බර වොයිස් එකක් වෙන කාටද තියෙන්නෙ..

    පලි: මගෙ favම වික්ටර්ගෙ සිංදුවලින් එකක්, අනික තමා 'සඳ කැන් වැටිලා'..

    ReplyDelete
  2. හරිම ලස්සන සින්දුවක් බස්සෝ. ඔයා කාට හරි, හරියට ආදරේ කරන බව මේකෙන් පේනවා. කවුරු හරි වාසනාවන්ත කෙල්ලක් වෙන්ටැති. ඔය බැස්සි වෙන්ටැති අර සමනලියක් වගේ නිදාගන්නේ...:))))))

    එහෙම නැත්නම් අර හිම බැස්සිද දන්නෙත් නෑ. එයා අතින් අල්ලගෙන ඔයා හඳපානේ ඇවිදින්ට ඇති.

    අර හිම වලහාගේ පින්තූරෙත් හරිම කියුට්.

    ReplyDelete
  3. oops...පින්තූරේ ඉන්නේ Teddy කෙනෙක්නේ. කමක් නෑ. එයා ඔයා වගේම වෙන්ටැති. මම කීවේ සයිස් එක.:D

    ReplyDelete
  4. මොකද අනේ මේ ඔයාට බූට් එකක් වැදිලද මේ ඔච්චර දුක හිතෙන සිංදු අහන්නේ? ගනන් ගන්න එපා අපට යමක් ලැබෙන්න තියෙනවානම් කොහොමහරි ඒක අපට ලැබෙනවා. කාටවත් ඒක වලක් වන්න බැහැ , සතුටින් ඉන්න.

    මට මේ සිංදුවනම් එච්චර පුරුදු නැහැ , ඒ උනාට "සඳකැන් වැටිලා සිංදුවට නම් මමත් හරිම ආසයි.

    ReplyDelete
  5. @Neetha & Bura
    "සඳකැන් වැටිලා"ආයි අහලා, මගෙත් ආසම සිංදුවක් තමා.

    " මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල්වාසියෙකු සොයනු දැනේ" හෙහ්..හෙහ්.. පොඩ්ඩක් gender එක මාරු කරලා ගත්ත නං පංකාදුයි, බොලේ..

    @ පොකු
    ආයෙ වෙන කාටද, බැස්සිට තමා.
    හිම බැස්සිත් එක්ක හඳ පානෙ අත් අල්ලගෙන ගිහින් නෑ, ෂොපින් නං ගිහින් තියනවා

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code