Jun 4, 2011

It's a Love Story.. Baby Just Say Yes

I got tired of waiting
Wondering if you were ever coming around
My faith in you is fading
When I met you on the outskirts of town, and I said


Romeo save me I've been feeling so alone
I keep waiting for you but you never come
Is this in my head? I don't know what to think
He knelt to the ground and pulled out a ring


And said, marry me Juliet
You'll never have to be alone
I love you and that's all I really know
I talked to your dad, go pick out a white dress
It's a love story baby just say yes









ලස්සනයි නේද? ඔව්, ඔව් "  baby just say, yes" උන්දැ නං කියයි. හුහ්.හිතන්නෙ ඊලඟට " ඉන්පසු සියල්ලෝම සතුටින් ජීවත් විය" කියල නේද? සමාවෙන්ටෝන , ඔය පාට කන්නාඩිය ගලෝල වටපිට ටිකක් බැලුව නං. මං ආයෙ කියන්නෙ මොකටද ,බින්න , දීග විතරක් නෙමෙයි "එක ගෙයි කෑම" ගැනත් මේං මෙතන අපූරු විස්තරයක් තියනවා:


http://www.silumina.lk/2011/01/16/_art.asp?fn=af1101168


මට මොකක්ද හිතෙන්නෙ ඇහැව්වා? වෙන මොනවද, මේ ඉස්සර කාලේ බින්න බැහැපු බකමූනෙක් කියලා තියෙන්නෙ:


”අප්පගෙ පෙරැත්තේ බැරුවා නිසාවට
බින්න මඟුලකට බහදී මෙමා හට
අප්පා ලෙසට උන් අඹුවට එදා සිට
උපන් ගමට යාමට දැන් සිතෙයි මට”


මේ හැමෝම හිතාගෙන ඉන්නෙ, මං සල්ලි කාරයොත් එක්ක තරහයි කියලා. මං මොකටද අනුන්ගෙ පිනට තරහා වෙන්නෙ. හැබයි, මට සල්ලි කාරයෙක් වෙන්න කැමති නෑ, මොකද මං විස්වාස කරන දෙයක් තමා, එයාල නොදැනුවත්ව හරි ලෝකෙ තියන සීමිත සම්පත් වලින් " සිංහයාගේ පංගුව" ඇදලා අරිනවා කියන එක. දැං සමහරු කියයි , අනේ අපි නං එහෙම නෑ, මං නං හරිම "සිම්පල්" කියලා. පුරස්නෙ, එක්කෙනක් ගෙ "සිම්පල්" තව කෙනෙක්ගෙ " කැපිටල්" වෙන එකයි. එහෙම කීවාට සල්ලි වල වටිනාකම මං නොදන්නවා නොවේ. හැම දේටම මිලක් තියෙන මේ රටේ දි මං ඉගෙන ගත්ත පාඩමක් තමා ඒක. සතුට සල්ලි වලට ගන්න බෑ, හැබයි සල්ලි නැති නං සදා දුක තමා. මට හිතෙන්නෙ, මේකට උත්තරේ තියෙන්නෙ අපේ හිතේ කියලයි. ඒකට අපි, අපිවම සොයා ගත යුතුයි. මං නං තාම මාව හොයනවා, හම්බ වෙච්චි දාක, කියඤ්ඤං...  

13 comments:

  1. යකෝ මූ මාර දාර්සනික පොරක් වෙලානෙ.. තෝ මොනවැයි බිවුවෙ..??

    ReplyDelete
  2. පෝට් වයින්..හෙහ්..හෙහ්

    ReplyDelete
  3. හනේ මන්දා බස්සෝ ඇතුවත් බැරි නැතුවත් බැරි සල්ලි . ඒක නෙවෙයි අර You picked a fine time to leave me Lucille සින්දුව නම් මරු මරේ මරු .

    ReplyDelete
  4. මේ මොකෝ බස්සෝ ඉස්සල්ලාම සුදු මැනිකේ කෙනෙක් ගැන සින්දු කීවා. ඊට පස්සේ බැස්සියෙක් ගැන කීවා.

    බැස්සි ඉගිලිලා ගියාද?
    සුදු මැනිකේ කොළඹ ගියාද?

    සින්දුව නම් මරේ මරු තමා. හ්ම්ම්...හ්ම්ම්...

    :D

    ReplyDelete
  5. ඇයි බස්සෝ අලුත් ජාතියේ වැල් ෆැන්ටා බෝතලයක්වත් ගහලා ඇරියද?

    ReplyDelete
  6. "You'll never have to be alone"


    සින්දුව නම් මරේම මරු තමා හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...
    උදේ සිංදුව අහන්න විදිහක් නැතිව දැනුයි ඇහැව්වේ!

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. we want to talk to a certain BASSA.
    hoom...hoom...:D

    CHUTTI NO.1.

    get ready to for the interrogation
    hoom...hoom...:D

    CHUTTI NO. 2.

    ReplyDelete
  9. බුදු අම්මෝ!. අනේ පිං ඇති නෝනේ මං අහිංසක පක්ෂියා. මං ඔය ඉඳලා හිටලා මඩ පාරක් ගහල තියෙනවා ඇරුනාම වෙන කිසිම කිරිමිනල් ‍රැකෝඩ් එකක් නෑ. එයලා තමයි මගේ ත‍ටු කඩනවා, අඬු කඩනව කිව්වෙ. බොරු නං , ඔය අහල පහල ගහක ඉන්න වෙන බස්සෙකුට හෙන ගහන්ටෝනැ. හැබෑටම මට මේ එක නෝනෙව , දෙක වෙලා පේනව වත්ද, වයින් මතේට?

    අනේ අත්තම්මේ! මට නං බෑ.

    ReplyDelete
  10. කවුදෑ මචෝ 'කුට්ටි' කියන්නෙ..?? පූනා කුට්ටිද, චින්න කුට්ටිද..???

    ReplyDelete
  11. @බූරා,

    වලව්වට චුට්ටි කුමාරිලා දෙන්නෙක් ඇවිත්. කුට්ටි නෙමේ අනේ චූට්ටි. අපි ඒ හන්දා මේ දවස්වල හරිම බිසි.

    ReplyDelete
  12. @බුරා
    මෙයාල මේ කුට්ටි, කුට්ටි කිව්වට හරි නම කුට්ටිමණී. මට නං බුදු ෂුවර් නොම්බර දෙකටම සිංහල බෑ කියලා. ඒ නිසා අපි බය නැතුව අපේ මඩ ව්‍යාපාරෙ ගෙනියමු බොලේ.

    ReplyDelete
  13. @T.G.
    තවත් මං කැමති ඔය වගේ සිංදුවක් තියනවා, මං ඒකත් දාන්න තමයි ඉන්නෙ. ඉස්සර මට "four hungry children" ඇහුනෙ "400 children" කියල නෙ. මට හිතුනෙ, පුදුමයක්යෑ Lucille දාල ගිය එක, මේකාගෙන් ඒ මහගෙට නිවනක් නැතිවෙන්න ඇතිනෙ කියලයි.

    @Neetha
    වැල් වල කොහෙද ෆැන්ටා? වෙල් ෆැන්ටා බොලේ, වෙල් ෆැන්ටා.

    @පොකු
    බැස්සි සුමානෙකට සිල් ගන්න ගිහිල්ලා. මැණිකෙ නැව් නැග්ගෙ නං කොලොම් පුරෙන් තමා.

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code