Jun 8, 2011

La Isala Bonita


 

La Isala Bonita කියන්නෙ ලස්සන දිවයින කියන එකට. මගේ La Isala Bonita තමා අර කඳුලු බිංදුවක හැඩේ රට. මගේ සුන්දර ලමාකාලෙ මතකයන් සේරම තියන්නෙ එහෙ.
 

ලේ, දොලේ පැනලා නාපු අපට කවදාවත් "swimming class'" යන්න ඕනෙ උනේ නෑ.කවදාහරි ඉගෙන ගෙන ඉහල යන්න ඕනෙ කියන අදහස බස්සට ඉස්සෙල්ලම පහල උනේ, පාලුවත්තෙ හොර කුරුම්බා කඩන්න ගස් නගින කොටයි. ඒ වගේම ඉහල ගියොත් පහල එන්න ඕනෙ කියන සිද්ධාන්තය තේරුං ගියේ ආයෙ ගහ දිගේ පහලට රූටන කොටයි. ගමේ පරිසරය -ලඳු කැලෑ, වෙල් ඉපනැලි, ඇල-දොල, මේ කොයිවත් එක්කත් බස්සගෙ සමීප සම්බන්ධතාවයක් තිබ්බා. බස්සගෙ ගැන්සිය එනවා දකින කොටම එහේ හිටි කුරුලු රෑන් මරහඬ තලාගෙන පියෑඹුවෙ ඒකනෙ. ගඟ අද්දර වගුරු බිමේ හැදෙන "කිරල" කියන්නෙ හරිම රස පළතුරක්, ඒත් එව්වා කඩන්න සෑගෙන ගේමක් දෙන්න ඕනෙ. "කිරල" කිරි හදාගත්තාම , ඒකෙ රසත් , සුවඳත් ඒ මහන්සිය අමතක කරවනවා.

ඊට පස්සෙ කාලෙක, බස්ස ගැන්සි බැසීම අත්හැරලා පාඩම් වැඩවලට බැස්සා. බස්සගෙ අම්මා ඒකට කිව්වෙ" මයෙ, අතේ වැරෙන් තමා, මේකව මේ තත්ත්වෙට ගෙනාවෙ" කියලයි. බස්සා හිටියෙ ගමක නිසා ඌගෙ අම්මාට "කෝ‍ටු" වලින් කිසිම හිඟයක් තිබුනෙ නෑ. බස්සා පොත් කියවන්න පුරුදු වුනේ ඒ කාලෙ. කාලයක් ඌ මහජන පුස්තකාලෙ පදිංචිවෙලා හිටියා. ඌට ඒකාලෙ ඕනා වුනේ ලොකු උනාම පුස්තකාලෙක රස්සාවක් කරන්නයි. එක දවසක් ඉංග්‍රිසි මැගසින් එකක දැක්ක හිම කඳු, කේතුධර වනාන්තර ( සහ අර ලස්සන බෝනික්කො වගේ සුදු කෙල්ලොත්.හී..හී) දැකලා තමයි, බස්සට ඉස්සෙල්ලාම පිටරටකට ආස හිතුනෙ. වැඩේ කියන්නෙ, අපිට හැමදාම ඕනෙ අපට නැති දේවල් මයි. දැං ඌ හීන බලන්නෙ, ගමේ සුන්දරත්වය, " කිරල" , හැලප සහ ලැවරියා ගැන නෙව.

 ඔන්න ඊට පස්සෙ ආවෙ අෂ්ඨලෝක ධර්මෙ අනුව බස්සටත් මනමාල විසේ ගහපු කාලෙ. මේ කාලෙ බස්සා බයිසිකල් පදිනවා. දවසක් ඔහොම ගමේ පාරක පැදගන යනකොට ඌට හම්බු උනා උදේම නාලා කොණ්ඩෙ කඩා දාලා එන ලස්සන කෙලි පොඩිත්තියක්. බස්සත් රබර් ඇහැ දාලා බැලුව , කව්ද බොලේ මේ ඇලිස් කියලා..කෙල්ලත් දාපි නේද අර කෝපි මල් හිනාවක්. බස්සගෙ හඳුන් පොත හිට්ටා. කෙල්ලත් හැරි හැරි බල බල යනවා, බස්සත් යන ගමන පැත්තක තියලා කෙලී පස්සෙන් යනවා. කෙල්ල ගෙදරකට ගියා. හුටා, පාර ඉවර වුනා එයාලගෙ මිදුලෙන්. හරවගෙන එන්නත් වෙලාවක් නෑ, ගෙදර කව්ද බස්සා ලඟට ආපි. බස්සට ගණදෙවි නුවණ පහල වුනා. ලඟ ඉන්න යාළුවෙක්ගෙ නමක් කියලා,ඌ කිව්වා ඒ ගෙදර හොයනවා කියලා. කෙල්ල ගෙදර ඇතුලෙ හිටන් ජනේලෙන් බල, බල හිනා වෙනවා. මයෙ හිතේ ඒකි බස්සව කඩේ ඇරියා.අර ආපු හොඳ මනුස්සයා බස්සව එක්කගෙන ගිහිල්ලා පාරත් පෙන්නුවා.

ඕං ඔහොමයි, කෙල්ලෙක් ඉස්සෙල්ලාම බස්සව කඩේ ඇරියෙ.


                         

5 comments:

  1. la verdad esta en los ojos

    chutti kumaries

    ReplyDelete
  2. බස්සාට ලස්සන පොඩි කාලයක් තිබිලා තියෙන්නේ. ඒත් අහලා තියන සිංදු බලන්ට ලාකෝ....

    ReplyDelete
  3. @ Chutti Kumari(s)

    Pensé ese la belleza está en el ojo, no verdad.. lo que usted dice.. :)

    ReplyDelete
  4. decirle a la maldita cosa en Inglés, por favor

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code