බස්සා ඉපදිලා තියෙන්නෙ නොවැම්බර් මාසේ. අර හෝ ගාලා වහින්නෙ, ආන්න ඒ මාසෙ තමා. ඌ වතුරට හරිම කැමති සතා, පීනන්නත් දන්නවා. වැස්සට හරීම කැමතියි. ඌට මේ වැස්ස මතක්වෙලා තියෙන්නෙ, මේ දවස්වල තියෙන ගිරීස්මෙ නිසා. අද සැන්ටිගෙරේට්ම 37 යි. 47 වගේ දැනේවිලු. කෙලිය නේද? බඩුම තමා.
ඒ වගේද වැස්ස. ෂා, බෙනේට වෙලා , බූල් කෝට් එකක් පුම්බාගෙන, ෂපාන් එකේ බැස්සිට හේත්තුවක් දාලා, උණුසුම් කෝපි කෝප්පයක් "ෂෙයාර්" කරන්න තිබුන නෙව....
Jul 21, 2011
Jul 16, 2011
අලි මඩුවේ සාජ්ජෙ....
අලි මඩුවේදී රා පොල්කට්ටක් පෑගිලා බස්සා නටපු හැටි.....

මේ ඒ නැටුම දැක්ක වෙන බස්සෙක් හිනාවෙන හැටි....
වෙල් ෆැන්ටා ගහපු අලිමොටා ....
දෙකක් "නවා" ගත්ත හංදියෙ ටොමියගෙ "බ්‍රෙරේක් ඩාන්ස්" එක

මේ ඒ නැටුම දැක්ක වෙන බස්සෙක් හිනාවෙන හැටි....
වෙල් ෆැන්ටා ගහපු අලිමොටා ....
දෙකක් "නවා" ගත්ත හංදියෙ ටොමියගෙ "බ්‍රෙරේක් ඩාන්ස්" එක
Jul 14, 2011
රෑ වැඩමුරය අවසන් වන කනිසමට....
මේ දවස්වල මගේ ලෝකෙට පායපු සඳත් බැහැල ගිහින්. හරියටම කියනවා නං, කලු වලාවකින් වැහිලා. සමහර වෙලාවට අපිට තියෙන දේවල අගය තේරෙන්නෙ, ඒවා තවදුරටත් අපි ලඟ නැති උනහම නේ. හැමදාම ආදරේ ගැන, නැත්නම් විරහා ගීත ගැන කියන හින්දා, අද මට හිතුනා වෙනස් දෙයක් ගැන ලියන්න.කවදාවත්ම නිදා නොගන්න මේ කාර්මික නගරයේ රෑ වැඩ මුරය කියන්නෙ , මට අමුතු දෙයක් නෙමෙයි. ඒත් මේ මගේ පැල් රැකිල්ල ගැන කතාවක් නෙමෙයි.
මේ අපේ අයියලා "ගාමන්ට් කෑලි" කියලා "ආදරයෙන්" හඳුන්වන, ඉඳලා හිටලා පඩිය සොච්චමක් වැඩි කරලා ඉල්ලුවාම , පොලිස් බැටන් වලින් කෘතගුණ සලකවන, ඒත් රටේ විදේශ විනිමයෙන් වැඩිකොටසක් ලබාදෙන, සන්නාලියන්ගේ කතාවයි....
අහන්න මහතුනි, අපේ කාලයේ කුමාරිකාවන්ගේ කඳුළු කතාව....
මේ අපේ අයියලා "ගාමන්ට් කෑලි" කියලා "ආදරයෙන්" හඳුන්වන, ඉඳලා හිටලා පඩිය සොච්චමක් වැඩි කරලා ඉල්ලුවාම , පොලිස් බැටන් වලින් කෘතගුණ සලකවන, ඒත් රටේ විදේශ විනිමයෙන් වැඩිකොටසක් ලබාදෙන, සන්නාලියන්ගේ කතාවයි....
අහන්න මහතුනි, අපේ කාලයේ කුමාරිකාවන්ගේ කඳුළු කතාව....
Jul 10, 2011
Waiting For You.......
බස්සා බෙනේ තනිවෙලා හඳවල් කාලක් විතර උනා නෙව. ඒ මදිවට මෙහේ කණ පැලෙන්නෙ රස්නෙ. ඒ අවුවස්සෙ හෙම්බත් ගහපි. ඔහෙලට කියන්න, ලොක්කා, ජීවිතේ මෙලෝ රහක් නෑ, ඕං. බස්සා Iced Capp බීලා බැලුවා, කිරි කෝපි , milk Chocolate එක්ක ගහලා බැලුවා , මොන? ඒ තියා සුමිහිරි පානේට චෙරි ගෙඩි දෙකක් දාලා ගහලත් බැලුවා, ම්හු..ඒත් වැඩක් වුනේ නෑනෙ?
ජීවිතේ මොකක්දෝ අඩුවක් දැනෙනවා. මොකක්ද මන්දා?
Oceans apart, day after day
And I slowly go insane
I hear your voice on the line
But it doesn't stop the pain
Wherever you go, whatever you do
I will be right here waiting for you
Whatever it takes or how my heart breaks
I will be right here waiting for you
I wonder how we can survive, this romance
But in the end if I'm with you, I'll take the chance
ජීවිතේ මොකක්දෝ අඩුවක් දැනෙනවා. මොකක්ද මන්දා?
Oceans apart, day after day
And I slowly go insane
I hear your voice on the line
But it doesn't stop the pain
Wherever you go, whatever you do
I will be right here waiting for you
Whatever it takes or how my heart breaks
I will be right here waiting for you
I wonder how we can survive, this romance
But in the end if I'm with you, I'll take the chance
Jul 9, 2011
අරලිය ලන්ඳට..හඳ පායන කොට
Jul 2, 2011
බස්සෙක්..හෙම්බා..සහ පෝට්-වයින්
ඊයෙ අපේ ජාතික දිනය. බස්සටත් නිවාඩු. ඌ ජාතික දිනේ සමරන්න කියලා උදේම ගැහැව්වා සුමිහිරිපානේ. ටික වෙලාවකින් හචිස් දෙකකුත් ගියා, ඇඟටත් වෙනදට වැඩිය වෙනසක් දැනුනා. ඌ ඔය කිසිමදෙයක් ගණන් ගන්න සතෙක් නෙමයි නිසා. කෙලින්ම පැන්නා ඇඳට, බල්ලට පොල්ලෙන් ගැහැව්වා වගේ බුදි.
ඕන්න
මා ඔබෙයි ඔබම කියයි
ඔබ මගෙද මටම බයයි
ඔබ සඳක් වගේ හැඩයි
හෙට අමාවක ද සැකයි..
බස්සෝ කියන්නෙ අමුතු සත්තු ජාතියක්. වැඩිය කිය වන්නෙ නෑ, උන්ගේ ආදරේ තියන්නෙ හිතේ.සැකේට හරි, බයට හරි එව්වා හිතේ තියාගෙන විඳවනවා. ඒකනෙ උන්ට බස්සො කියන්නෙ ගිරව් නොකියා. ඇයි අහල නැද්ද , සමහරු කියන්නෙ, " හුහ්, ඉන්න හැටි විතරක් බස්සෙක් වගේ බුකවා ගෙන.." කියලා.
මටත් අමාවක ලබන්නයි යන්නෙ, ආයිබෝං, එන සුමානෙ...
Jun 29, 2011
මෙලෝ රහක් නැති බස්සෙකුගේ ගීතය....
කන්ද උඩින් අටවක සඳ හිනා වෙනව මෝදුවෙන්ඩ…
රෑන් පිටින් පාත්තයන් පියාඹනව කූඩුවෙන්ඩ…
අඬති ළමා බසුපැටියෝ උණුහුමකට ගාල්වෙන්ඩ…
එන්ඩ පිළට සැනසිල්ලේ ඇහැ ඩිංගක් පියාගන්ඩ..
මිඳුල පුරා රැස් මාලා අටවක දා හීන් හඳේ…
බැඳුම් සුවඳ සෙමින්,සෙමින් පැතිරෙනවා මුළුතැන්ගේ…
ගොපළුන් පිඹින නළාවේ
සුමිහිරි සත්සර පාවේ...
පිදුරු පියස්සේ තැවරෙන කළාමැදිරි කාන්තියේ…
නිවී පහන්වී දුරු වෙයි සෝක තැවුල් කාන්සියේ…
හිම කැට මිදෙන හීතලේ
හීතළ නොමැත රෑ පැලේ…
ප.ලි: හිම කැට මිදෙන හීතලේ..,හීතළ නොමැත රෑ පැලේ. හෙහ්..හෙහ්..[][], [][]
රෑන් පිටින් පාත්තයන් පියාඹනව කූඩුවෙන්ඩ…
අඬති ළමා බසුපැටියෝ උණුහුමකට ගාල්වෙන්ඩ…
එන්ඩ පිළට සැනසිල්ලේ ඇහැ ඩිංගක් පියාගන්ඩ..
මිඳුල පුරා රැස් මාලා අටවක දා හීන් හඳේ…
බැඳුම් සුවඳ සෙමින්,සෙමින් පැතිරෙනවා මුළුතැන්ගේ…
ගොපළුන් පිඹින නළාවේ
සුමිහිරි සත්සර පාවේ...
පිදුරු පියස්සේ තැවරෙන කළාමැදිරි කාන්තියේ…
නිවී පහන්වී දුරු වෙයි සෝක තැවුල් කාන්සියේ…
හිම කැට මිදෙන හීතලේ
හීතළ නොමැත රෑ පැලේ…
ප.ලි: හිම කැට මිදෙන හීතලේ..,හීතළ නොමැත රෑ පැලේ. හෙහ්..හෙහ්..[][], [][]
Jun 26, 2011
උතුරුකුරු දිවයින
අහලා තියනවා නෙව ආලකමන්දාව ගැන. ඔය කයි , සිංදු වල කියවෙන්නෙ. ආලකමන්දාව කියන්නෙ බොදු සාහිත්‍යයේ එන උතුරුකුරු දිවයිනේ අග නුවරයි.උතුරු කුරු දිවයින ඉතා දැකුම්කලු ය. මෙහි අධිපති වෛශ්‍රවණ නම් කෙනෙකි. ඔහු යක්‍ෂයෙක් පමණක් නොව යක්‍ෂාධිපතිවරයෙකි. මෙහි අමුතු ජනතාවක් සිටිති. මිනිස්සු ද යක්කු ද සිටිති. මහාමේරු පර්වතයට උතුරු දිශාවෙහි පිහිටා ඇති මෙහි, මමත්වය නැති, ස්ත්‍රීන් කෙරෙහි පිළිගැන්මක් නැති මිනිස්සු උපදිති(හෙහ්..හෙහ්..)
Jun 24, 2011
හුටා!..පැටලුනා..නොහොත් Tangled
| http://upload.wikimedia.org/ wikipedia/en/a/a8/Tangled_poster.jpg |
අනික් හැම කතාවකම වෙගේ මේකෙත් කොලුව පැටලෙනවා, හැබැයි පැටලෙන්නෙ කොන්ඩෙ.කුමාරිගෙ සපෝට් එකට ලඟින්ම ඉන්නෙ
ඔව්, ඔව් කුමාරිගෙ අතේ තියෙන්නෙ සාස් පානක් තමා. එයත් කෑම රොස් කරනව ඇති, ඔය පරිප්පු එහෙම.වරද්දගන්න එපා, මේක භයානක ආයුධයක්, එකක් කෑවොත්, සක බ්ලාස්.."ටෝං පටෝං."
He just pick the wrong princess to mess with.......
බලාන්ටෝ....ලස්සන කතාවක්
Jun 22, 2011
අත්තෝ ජටා, බහී ජටා
මේ දවස්වල බස්සට හරි ප්‍රශ්නයක්. ඔහෙලා දන්නවානෙ, අපි බස්සො ඔක්කොම එක පෙනුමයි කියලා. මගේ පස්සෙන් රහස් පරික්ෂකයෙක් පන්නනවා. මට කියනවා, ඔහේ මේ වෙලාවෙ,ලිඳ ලඟ කුඹුක් ගහේ මොකද කලේ? කියලා. මං කිව්වා, ඒ මම නෙමෙයි වෙන බස්සෙක් කියලා. එතකොට කියපි, "හුහ්, හිතුවද මාව තම්බන්න, ඒ ඔහෙම තමා, අර වෙන බෙනේකට රිංගනවා මං දැක්කෙ නෑ කියලද, හිතන්නෙ " කියලා. ඒ මදිවට උන්දෑ ගිහින් අර "වෙන" බස්සට සත්තමකුත් දාලා..හී..හී.
අපොයි, ඒ අසරණයා හිතන්න ඇති" බුදු අම්මෝ, කොහෙන්ද බොල, මේ හෙන ගෙඩිය පාත් වුනේ? වැස්සෙවත් නැතුව" කියලා..
මං මේ දවස්වල හොඳ නමක් හොයනවා, මාරුකර ගන්න. වාසගම නැති වුනත් අඬු සැට් එක බේරගන්න එපැයි. මෙන්න මගේ ඔලුවට ආපු නං:
හිකනලා
හෝතම්ඹුවා
උගුඩුවා
කොට්ටෝරුවා
ඔහෙලත් ඔය නමක් දෙකක් යෝජනා කලා නං?
Subscribe to:
Posts (Atom)




