Jun 24, 2011

හුටා!..පැටලුනා..නොහොත් Tangled


http://upload.wikimedia.org/
wikipedia/en/a/a8/Tangled_poster.jpg
මේ අපි පොඩිකාලේ අහල තියෙන සුරංගනා කතාවක්. අර එක්ටැම් ගෙයක හිටිය කොන්ඩෙ දිග කෙල්ලගෙයි, කුමාරයගෙයි කතාව. හැබැයි, මේකෙදි චරිත පොඩ්ඩක් මාරු කරලා. ඉන්නෙ, කවදාවත් පොලවෙ පය නොගහපු කුමාරියක්( ඔය කුමාරිල, එහෙමමනෙ!) සහ දුප්පත් කොලුවෙක්. කොලුව පස්සෙ පන්නනවා රහස් පරීක්ෂකයෙක් අස්සයෙක්.


අනික් හැම කතාවකම වෙගේ මේකෙත් කොලුව පැටලෙනවා, හැබැයි පැටලෙන්නෙ කොන්ඩෙ.කුමාරිගෙ සපෝට් එකට ලඟින්ම  ඉන්නෙ උරුලෑවෙක් ක‍ටුස්සෙක් , මං හිතන්නෙ ක‍ටුස්සියෙක් , උන්දැගෙ වැඩේම අර අසරණයට කෙලවන්න කුමාරිට උපදෙස් දෙන එකමයි. 


ඔව්, ඔව් කුමාරිගෙ අතේ තියෙන්නෙ සාස් පානක් තමා. එයත් කෑම රොස් කරනව ඇති, ඔය පරිප්පු එහෙම.වරද්දගන්න එපා, මේක භයානක ආයුධයක්, එකක් කෑවොත්, සක බ්ලාස්.."ටෝං පටෝං."


        He just pick the wrong princess to mess with.......

බලාන්ටෝ....ලස්සන කතාවක්

       

9 comments:

  1. බලාන්ට කිවුවට බොල මේක බලාන්ට තව කල්ප කාලාන්තරයක් ඉන්ට එපායැ.. නොවැම්බරේලුනෙ එන්නෙ..

    ReplyDelete
  2. ඒ උනාට ඔය වගේ සාස්පාන් වලින් ගහන කුමාරියෝ තව ඕන තරම් ඉන්නවලු. එයාලව බලන්ට නොවැම්බර් වෙනකල් ඉන්ට ඕනේ නෑලු. එයාලත් පරිප්පු රොස් කරනවලු.

    පරිස්සමින්....:D

    // He just pick the wrong princess to mess with.......// මේ කියන්නේ බස්සා. පොඩ්ඩි එහෙම නෙමෙයි.

    ReplyDelete
  3. @බුරා
    නොවැම්බර් 2010

    @පොකු
    හුටා! මටත් ඔය ටිකම හිතුනා. කරුනාකරලා කුස්සියේ තියෙන මාරාන්තික ආයුධවල ලයිස්තුවක් එවන්න.

    ReplyDelete
  4. එහෙමත් එකක්ද..?? එහෙනං හිටිංකො බලාන්ට ටොරන්ට් එකක් හොයාගෙන බාගන්ට..

    අර තව ඉන්නවා කියන කුමාරියො සාස්පාන් වලින් ගහන්නෙ කැරපොත්තන්ට වෙන්ටැති නේද..??

    ReplyDelete
  5. සාස්පාන්වලින් ගහන්නේ කැරපොත්තන්ට නෙමේ බූරන්ට. මෙන්න අර ඉල්ලුව ලිස්ට් එක. අනික් ඒවා ටික පස්සේ එවන්නම්...:D

    Bottle opener
    Colander
    Dish scrub brushes
    Wine bottle holder
    Coffee grinder
    Peeler
    Cutting board
    Grater
    Sharpener
    Cutlery

    කැරපොත්තෝ ලන්ඩන් පැත්තේ හිටියට මෙල්බන්වල නෑ හුහ්....:D

    ReplyDelete
  6. // කැරපොත්තෝ ලන්ඩන් පැත්තේ හිටියට මෙල්බන්වල නෑ හුහ් //

    හැබෑටම..!!?? එතකොට මෙල්බන් පැත්තේ ඉන්නේ ‍'කැරපොත්තියො' විතරමද..?? මං මේ නිකමට ඇහැවුවෙ.. :)

    ReplyDelete
  7. @බුරා
    මෙන්න මෙතන විස්තරෙයි, ටොරන්ට් ලින්කුයි තියනවා. මං නං බාගත්තෙ blueray rip එකක් demonoid.me වලින්

    http://www.baiscopelk.com/?p=6387

    ඈ බං බුරෝ, මොකද මේ මහගෙට උඹත් එක්ක ඔච්චර ඩෝං ගිහින් තියෙන්නෙ?

    ReplyDelete
  8. @පොකු
    දැං ඔය කුස්සියෙ තියෙන ආවුද වල හැටියට උයන අප්පුට, හෙල්මට් එකක් දාගෙන හිටියට බේරෙන්න බැරිවෙයි. මං නං කියන්නෙ, ෆුල් ආමර් එක තමා අඳින්න ඕනෙ. එතකොට උන්දැට නිකංම නයිට් පදවියකුත් ලැබෙනවද? තව ඔය කුස්සියෙ " පියාඹන" පීරිසි එහෙමත් තියනවා වෙන්ටෑ?

    ReplyDelete
  9. නැතුව නැතුව.. උන්දැට කියන්නෙ 'නයිට් ඔෆ් ද කිචන් සින්ක්' කියලා.. ලේසි පාසු නෑ බොල..

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code