Jun 22, 2011

අත්තෝ ජටා, බහී ජටා


මේ දවස්වල බස්සට හරි ප්‍රශ්නයක්. ඔහෙලා දන්නවානෙ, අපි බස්සො ඔක්කොම එක පෙනුමයි කියලා. මගේ පස්සෙන් රහස් පරික්ෂකයෙක් පන්නනවා. මට කියනවා, ඔහේ මේ වෙලාවෙ,ලිඳ ලඟ කුඹුක් ගහේ මොකද කලේ? කියලා. මං කිව්වා, ඒ මම නෙමෙයි වෙන බස්සෙක් කියලා. එතකොට කියපි, "හුහ්, හිතුවද මාව තම්බන්න, ඒ ඔහෙම තමා, අර වෙන බෙනේකට රිංගනවා මං දැක්කෙ නෑ කියලද, හිතන්නෙ " කියලා. ඒ මදිවට උන්දෑ ගිහින් අර "වෙන" බස්සට සත්තමකුත් දාලා..හී..හී.
අපොයි, ඒ අසරණයා හිතන්න ඇති" බුදු අම්මෝ, කොහෙන්ද බොල, මේ හෙන ගෙඩිය පාත් වුනේ? වැස්සෙවත් නැතුව" කියලා..


මං මේ දවස්වල හොඳ නමක් හොයනවා, මාරුකර ගන්න. වාසගම නැති වුනත් අඬු සැට් එක බේරගන්න එපැයි. මෙන්න මගේ ඔලුවට ආපු නං:

හිකනලා
හෝතම්ඹුවා
උගුඩුවා
කොට්ටෝරුවා

ඔහෙලත් ඔය නමක් දෙකක් යෝජනා කලා නං?
 

6 comments:

  1. ඉතිං බං උඹ DGM බස්සනෙ.. අරූ නිකංම නිකං බස්සනෙ.. ඔය මදෑ වෙන්කොරලා අදුරගන්ට.. හැබෑට ඌට සත්තමකුත් දාලද.. :)

    ReplyDelete
  2. උගුඩුවා කොහොමද? ඇටිකෙහෙල් ගිල්ලා වගේ බලාගන ඉන්ට පුලුවනි දවස පුරාම. ලස්සන පින්තූරේකුත් හොයාගන්ට බැරිවෙන එකක් නෑ...:D

    හැබැයි ඉතින් එතකොට බැස්සි පව්. එයා එතකොට කවුද? 'උගුඩුවී'??? මාර කැත නමක්නේ.

    කොහෙද අනේ ඔය සත්තම දාලා තියෙන්නේ???:)

    ReplyDelete
  3. බස්සා කියන ඕනෙ නැති කතාවලට සත්තම දාන්න ගිය කෙනාට වැරදිලා වෙන බස්සෙක්ව අහුවෙලා තියෙන්නේ , පව් වැඩේ .


    බස්සගේ අර නම් ලිස්ට් එකට එකතු කරන්න තිබුණ තව නමක් අමතක වෙලානේ ඇයි " උරුලෑවා " .( ඔන්න යෝජනා කරන්න කීව නිසයි දැම්මේ)

    ReplyDelete
  4. ඊඊඊඊඊඊඊඊඊ.....හී...හී...හී....හී.....

    ReplyDelete
  5. මන් වැඩකරන ආයතනයේ DGM කියල කෙටියෙන් හඳුන්වන්නේ Deputy General Manager.
    ඔය බස්සත් එහෙම එකෙක් වත්ද?

    ReplyDelete
  6. මොන පිස්සුද, ලොක්කා? හී..හී
    මම මේ සාමාන්‍ය බස්සෙක්. උප්පැන්නෙ තියෙන්නෙ, දොරකොඩ ගහේ මූකලන් බස්සා කියලා. ඒකයි DGM කියන්නෙ

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code