Jun 26, 2011

උතුරුකුරු දිවයින

http://www.loughboroughinn.on.ca/images/Attractions/1000-islands.jpg
අහලා තියනවා නෙව ආලකමන්දාව ගැන. ඔය කයි , සිංදු වල කියවෙන්නෙ. ආලකමන්දාව කියන්නෙ බොදු සාහිත්‍යයේ එන උතුරුකුරු දිවයිනේ අග නුවරයි.උතුරු කුරු දිවයින ඉතා දැකුම්කලු ය. මෙහි අධිපති වෛශ්‍රවණ නම් කෙනෙකි. ඔහු යක්‍ෂයෙක් පමණක් නොව යක්‍ෂාධිපතිවරයෙකි. මෙහි අමුතු ජනතාවක් සිටිති. මිනිස්සු ද යක්කු ද සිටිති. මහාමේරු පර්වතයට උතුරු දිශාවෙහි පිහිටා ඇති මෙහි, මමත්වය නැති, ස්ත්‍රීන් කෙරෙහි පිළිගැන්මක් නැති මිනිස්සු උපදිති(හෙහ්..හෙහ්..)

http://www.torontoairport-taxi.com/themes/new/images/wallpapers/i2.jpgමෙහි මිනිසුන් බත් කන්නේ කුඹුරු නොකර ය. කුඹුරු තිබුණ ද සී සෑමක් නැත. නගුල් කෙතට නොපමුණුවයි. ධාන්‍ය බිජුවට වැපිරීමක් ද නැත. නමුත් කුඹුරු වල තනිවම නැගී වැඩෙන පොත්තත් නැති ස්වංජාත සහල් ය. මේවාහි බත් ඉතා සුවඳ ය. මිනිස්සු ඒවා බෙදාගෙන වලඳති. මෙහි යකුන් ද පුදුම ය. සියලු යකුන් වෛශ්‍රවණ යක්‍ෂ රාජයාගේ පිරිවර වන අතර “ගාවිං ඒකඛුරං කත්වා අනුයන්ති දිසෝ දිසං” යන ක්‍රමයට යක්කු එළදෙනුන්ගේ පිට නැග දිසාවෙන් දිසාවට යති. සමහරු ස්ත්‍රියක ගේ කර නැගයති. තවත් සමහර විටක කුමරියකගේ කර නැග යති. යකුන්ගේ වාහන ඒවා ය. ( මේ විස්තරය මං මං ලියපු එකක් නෙමෙයි, අර 'හෙහ්..හෙහ්' නං මගේ)
උතුරුකුරු දිවයිනේ එහෙම උනාට කඳුලු බිංදුව දිවයිනේ කුමරියොන්ගෙ කරේ යනවා බොරු, ආයිබෝං. අර සුද්දා කියන්නෙ " under petty-coat government" කියලා, ආන්න එහෙම තමා 
ඉන්න වෙන්නෙ.

එව්වා ඇරිච්චාවෙකො, මං මේ වැල් වටාටම් කිව්වෙ, මෙහේ තියන උතුරුකුරු දිවයින් ගැන කියන්නයි. කියන්නෙ 1000 Islands කියලා, තියෙන්නෙ අපෙයි, යැංකින්ගෙයි බෝඩර් එකේ. නිකං පාවෙන දුපත් වගේ. සමහර ඒවා තියෙන්නෙ , හුංඩුවක් වගේ ඉඩක, සමහර ඉඩං ලොකුයි, දුපත් දෙක, තුන පාලම් වලින් ඈඳලා තියනවා. මෙව්වා Canadian -American super rich අයගේ නිවාඩු ගෙවල්. ගරාජ් වෙනුවට තියෙන්නෙ boat house. අර හුංඩුව වගේ ඉඩං කෑල්ලෙ ගාණ අහන්න එපා, ඔහෙලට අපට පරම්පරා හතක් උගස් කලත් ඒක හොයන්න බැරි නිසා. 


මේ අතර තියෙනව එක විශේෂ දූපතක්, හාට් අයිලන්ඩ් කියලා. ඒකෙ තියෙන The Castle කියන හඳුන්වන ලස්සන මාලිගාවක් වගේ ගේ ගැන ඉතාමත් අනුවේදනීය ප්‍රේම කතාවකුත් තියනව. ඔය love sick ගහල ඉන්න කට්ටිය විස්තරේ බලාගන්නකො මෙන්න මෙතැනින්


 

 මේකත් මේ ටජ් මහල් වගේ තමන්ගෙ ආදරවන්තිය වෙනුවෙන් සල්ලිකාරයෙක් හදපු මාලිගාවක් . දෙන්නගෙම බිරිඳලා අකාලයෙ නැතිවෙලා.
දැං බලාන්ට.. මේකෙන් කියන්නෙ, ඉතිහාස ගතවෙන ආදර සිහිවටන හදන්න පුළුවන් සල්ලිකාරයොන්ට විතරයි කියලනෙ. හා, මං කියන්නෙ බොරුද? එහෙනං කියමු බලන්න, ඉතිහාසෙ ලියවෙච්චි එක රං බණ්ඩෙක්ගෙ ආදර සිහිවටනයක් ගැන?

සල්ලිකාරයො කාටහරි කියවලා ආදර සිහිවටන හදවනවා. ඒත් එයාලා , බිරිඳ මැරුනාම, බ්‍රහ්මචාරී උනා කියලා කියවෙන්නෙ නෑනෙ. රං බණ්ඩෙල හැමදාම පිදුරු, මානා, ඉලුක් හෙවිලි කරලා තමන්ගෙ දෑතින්ම හදන "ටජ් මහල්" ඉතිහාසෙ ලියවෙන්නෙ නෑ, ආයිබෝං. සමහරවිට හරි හමන් "සිරියාවතී" කෙනෙක් ලැබුණොත් , ඒක උන්දැගෙ හිතේවත් ලියවෙන්නෙ නැතෑ.




7 comments:

  1. පොඩ්ඩක් ට්‍රයි කොරොත් කඳුලු බිංදුව දිවයිනේ කුමාරියන්ගෙත් කරේ යන්ට පුලුවන්, හැබැයි ඉතිං අකිමාව පාවිච්චි කොරන්ට දැනගෙන ඉන්ට ඕන.. :)

    ReplyDelete
  2. කරේ යන්ට! ගෙනියයි, කකුල් කැඩුවට පස්සෙ, හුහ්

    ReplyDelete
  3. @බුරා,

    ඔය හිම වැටෙන රටවල් ඉන්න අයට අක්මාව නෑ මයෙ හිතේ...:D

    @බස්සා,

    කකුල් කැඩුනට පස්සේ පිටේ ගෙනියන්නේ ඉතින් ඇවිදින්ට බැරි හන්දා නම් ඒකත් කොච්චර දෙයක්ද? ආදරේ හන්දානේ එහෙම කරන්නේ...:D

    ReplyDelete
  4. පොඩ්ඩි නම් ඉතින් ගිහින් තියනවා ඔය කියන උතුරු කුරු දිවයිනට. (1000 Islands) ඉන් එක දූපතක තියනවා මොඩර්න් 'ටාජ්මහල්' එකකුත්. ඉන්දියාවේ එක තරම හොඳ නැති උනත්, ස්වාමි පුරුෂයෙක් බිරිඳකට කරපු ආදරේ මහිම ඒකෙන් පෙන්නනවා. ඒ වගේම 'Thousand Island dressing (salad dressing)' ගැන කවුරු හරි විස්තරයක් කරනවත් මතකයි.

    ලෝරන්ස් ගංගාව නම් කියන්ට බැරි තරමට ලස්සනයි...:D

    ReplyDelete
  5. අලුතින් කෑලි එකතු වෙලා කියලා දැන්නේ දැක්කේ...

    හැම රං බංඩලාම බ්‍රහ්මචාරී උනා කියලා ඉතිහාසේ ලියවිලත් නෑ බස්සෝ...:D

    ReplyDelete
  6. බස්සො මම දාපු කමෙන්ට් එක මැකුවද ?

    මම කීවේ අපිට ඉතින් ඔය දිවයිනවල් බලන්න පිනක් නැහැ කියල. ෆොටෝ ටිකෙන් හිතා ගත්ත හැකිනෙ එතන ලස්සන.අනේ මන්ද මේ බූරානම් ඒකේ ඉන්න කුමාරියන්ගෙත් කරේ යන්ට හිත. හැබෑටම ඔය හිත එක තැනක නතර වෙන්නේ කවදද?

    ReplyDelete
  7. මැකුවද? මොන, එහෙමත් කරනවද? ඔයා වෙන පෝස්ට් එකක දාන්න ඇති, මයෙ හිතේ.

    එහෙම වාසනාවක් නෑ කියල හිතන්න එපා. මෙව්වා කොච්චර බැලුවත්, අපේ නෙමෙයිනෙ. ලංකාවෙත් කොච්චර අපි නොබලපු ලස්සන තැන් තියනවාද? මාදු ගඟේ දුපත්, අර දකුණු පලාතේ මුදේ තියෙන "වලව්ව" වගේ, දැං ඒක හෝටලයක් මයෙ හිතේ. අනික, හිත ගිය තැන මාලිගාව කියනවනෙ, ඒක සහතික ඇත්ත.

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code