CPU එකේ පින් තියෙන AMD වගේ නෙමෙයි, ඔය Intel socket එක අන්තිම නරක ඩිසයින් එකක්( ද? *). සොකට් එකේ තමයි පින් තියෙන්නෙ. ඒ පින් එසේ මෙසේ ඒව එහෙම නෙමෙයි. අල්ප දයන්න වගේ ඇලේට තියෙන ලෝහ පතුරක කෙලවර නැම්මක් තියනවා. ඒ නැම්ම ගිහින් CPU එකේ තියෙන, අදාල පැතලි කන්ටැක්ට් ප්ලේට් එකත් එක්ක ස්පර්ශ වෙනවා.
Nov 6, 2023
මධ්‍යම සැකසුම් ඒකකය, නැවත අසුන් ගැන්වීම
තේරෙන සිංහලෙන් කිව්වොත්, මේ කියන්නෙ CPU re-seating කියන එකයි. සත්තයි, ඉත්තෑ අමාරුවට කල දෙයක් නෙමෙයි, නොකරම බැරි නිසයි කලේ.
Oct 9, 2023
යකෝ ජැකෝ
කැලේ ඉන්නෙ, අලි, Praසන්ன, රුදුරු වලස්සූ
වැලන්ටිනෝ බලු කුක්කා ගියා කඩේ අපව හිනැස්සූ
මලාට මම ආයෙ ලියන්නෙ නෑ කියල කලින් හගිස්සූ
ඒත්, සුභ ගමන් ජැකා අපි හැමෝම මැරෙන මිනිස්සූ
Oct 7, 2023
ඔහුට යුද්ධය දිනීමට අවශ්‍ය නැත
මේ
යුක්රේන නීති විරෝධී ආක්‍රමණය ආරම්භ වී හරියටම දින 590 කි. කෙසේ වෙතත්, රුසියාවේ "ඒකාධිපති" ව්ලැඩිමීර් පුටින්, දේශසීමා තරණය කිරීමට තම හමුදාවන්ට අණ දුන් විට, එය හුදෙක් " වෝක් ඉන් ද පාක්" මාදිලියේ පාගමනක් නොවීය. දින කිහිපයක් ගතවනු ඇතැයි සිතූ දෙය දැන් වසර එකහමාරක් තිස්සේ පැවති රුසියානු අසාර්ථකත්වයක් බවට පත්ව ඇත.යුක්රේනයේ මිලිටරි හැකියාව සහ චිත්ත ධෛර්යය යන දෙකම, ලොවම පුදුමයට පත් කළේය.
යුද්ධය ඉතා දිගු කාලයක් පවතිනු ඇති බවට සාධක කිහිපයක් ද පෙන්වා දෙයි. එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුව , 2024 වන විට රුසියාවේ රාජ්‍ය වියදම්වලින් සම්පූර්ණ 30% ක් ආරක්ෂාව සඳහා වැය කරනු ඇත - එය පුටින් වසර කිහිපයක යුද්ධයකට සූදානම් වීම ලෙස අර්ථ දැක්වේ. දැන් මේ අර්බුධය ගැන අලුත් "කොන්ස්පිරසි තියරියක්" බිහිවී ඇත. එයට අනුව, මේ පුටින් ගැන වෙනස්ම කියවීමකි.
Sep 28, 2023
ප්‍රයෝජනවත් බ්‍රව්සර් ඇඩ්-ඔන්/ එක්ස්ටෙන්ෂන්
මේ තියෙන්නෙ ක්‍රෝම් බ්‍රව්සරයට මම දැනට පාවිච්චි කරන Addon/ extension ටික. ඩික්ෂ-නරි තුනයි.
Dictionary නං කොච්චර තිබ්බත් වැඩි නෑ. සමහර ඉංග්‍රීසි වචන වල හරිම තේරුම, යෙදෙන අවස්ථාව අනුව වෙනස් වෙන නිසයි.
ලිඛිත හෝ කතාකරන "පොෂ් ඉංග්‍රිසී" වලට අයත් නොවන, "ස්ලෑන්ග්" නමින් හඳුන්වන කොටසකුත් ඉංග්‍රිසී බාෂාවෙ තියනවා. ඒක එක්තරා ආකාරයක, "බජාර් එකේ බාසාවක්" . මේ ස්ලෑන්ග් රටින් රටට වෙනස් වුනත්, ව්‍යක්ත ඉංග්‍රීසි සඳහා මට ඇමරිකන් ස්ලෑන්ග් වැදගත් වෙනවා. ඒ සඳහා මම යන්නෙ , Urban Dictionary කියන තැනට. තව Thesaurus එකකුත් තියනවා, මේවා සෙට් කරගත්තෑකි, වෙන, වෙන ක්‍රම වලට ඇක්ටිවේට් වෙන විදිහට, ඔප්ෂන් හරහා.
Aug 28, 2023
පට්ටි මානසිකත්වය - Herd mentality
අපේ පැත්තෙ තියෙනවා පැසිෆික් මෝල් කියලා වෙළඳ සංකීර්ණයක්. ඒකෙ වැඩි හරියක්ම ඉන්නෙ චීන්නු. හොර ෆෝන්/අයිපෑඩ් අන්ලොක් කරන "ෂේඩි" බිසිනොස්ද ඇතුලුව, ලාභ නමුත් ගාණෙ හැටියට වටිනා බඩු ගන්න නියම තැන. ඔතන කඩේක "store closing everything must go" සේල් එකකට, අපේ හෝතම්බුවා ගිහිල්ලා. සූ ගාලා චීන ගෑණු බඩු තෝරනවලු. හෝතම්බුවා, ඒ චීන නඩයෙන් ඈත් වෙලා කොනක තිබිච්ච බඩු ලොට් එකක, බඩුවක් බලන්න අතට ගත්තලු. අර චීන නඩේම එතනට කඩා පැනලා, ඉතුරු හොඳ බඩු ටික සිං ගාලා වාෂ්ප කෙරුවලු.
Aug 22, 2023
Aug 10, 2023
බුබුලක ජීවත්වීම වරදක්ද?
| Bubble life -cat style |
Jul 23, 2023
Jul 9, 2023
බස්සා දුටු අරාබි නිසොල්ලාසයේ අඳුරු පැත්ත
ඔහෙලා අරාබි නිසොල්ලාසෙ කතා කියවල තියනවනෙ?ඒ කතාවලින් මැවෙන්නෙ, අමුතුම ,අද්භූත වගේම සුන්දර පරිසරයක් නේද? අරාබියේ මරු කතරට යන්න ඉස්සෙල්ලා මාත් හිතුවෙ එහෙමම තමයි.කව්ද බූතයෙක් "හබීබි, කම් ටු ඩුබායි" කිව්වා, ඉතිම් මාත් ගියා. පහනෙ බූතයා, මැජික් පලස් නම් දැක්කෙ නෑ. ඔටුවො හිටියා, ජාතිවාදී රාජ පුරුසයො හිටියා, මූණු බාගෙට වහගත්ත රාජ කුමාරියොත් හිටියා. ආ, තව පාරෙ වැඩට වහල්ලුත් හිටියා. අලිබාබාත් මාලිගාවක හිටියා.
Jul 4, 2023
Subscribe to:
Posts (Atom)


_(13982557487).jpg)
