Jun 24, 2011

හුටා!..පැටලුනා..නොහොත් Tangled


http://upload.wikimedia.org/
wikipedia/en/a/a8/Tangled_poster.jpg
මේ අපි පොඩිකාලේ අහල තියෙන සුරංගනා කතාවක්. අර එක්ටැම් ගෙයක හිටිය කොන්ඩෙ දිග කෙල්ලගෙයි, කුමාරයගෙයි කතාව. හැබැයි, මේකෙදි චරිත පොඩ්ඩක් මාරු කරලා. ඉන්නෙ, කවදාවත් පොලවෙ පය නොගහපු කුමාරියක්( ඔය කුමාරිල, එහෙමමනෙ!) සහ දුප්පත් කොලුවෙක්. කොලුව පස්සෙ පන්නනවා රහස් පරීක්ෂකයෙක් අස්සයෙක්.


අනික් හැම කතාවකම වෙගේ මේකෙත් කොලුව පැටලෙනවා, හැබැයි පැටලෙන්නෙ කොන්ඩෙ.කුමාරිගෙ සපෝට් එකට ලඟින්ම  ඉන්නෙ උරුලෑවෙක් ක‍ටුස්සෙක් , මං හිතන්නෙ ක‍ටුස්සියෙක් , උන්දැගෙ වැඩේම අර අසරණයට කෙලවන්න කුමාරිට උපදෙස් දෙන එකමයි. 


ඔව්, ඔව් කුමාරිගෙ අතේ තියෙන්නෙ සාස් පානක් තමා. එයත් කෑම රොස් කරනව ඇති, ඔය පරිප්පු එහෙම.වරද්දගන්න එපා, මේක භයානක ආයුධයක්, එකක් කෑවොත්, සක බ්ලාස්.."ටෝං පටෝං."


        He just pick the wrong princess to mess with.......

බලාන්ටෝ....ලස්සන කතාවක්

       

Jun 22, 2011

අත්තෝ ජටා, බහී ජටා


මේ දවස්වල බස්සට හරි ප්‍රශ්නයක්. ඔහෙලා දන්නවානෙ, අපි බස්සො ඔක්කොම එක පෙනුමයි කියලා. මගේ පස්සෙන් රහස් පරික්ෂකයෙක් පන්නනවා. මට කියනවා, ඔහේ මේ වෙලාවෙ,ලිඳ ලඟ කුඹුක් ගහේ මොකද කලේ? කියලා. මං කිව්වා, ඒ මම නෙමෙයි වෙන බස්සෙක් කියලා. එතකොට කියපි, "හුහ්, හිතුවද මාව තම්බන්න, ඒ ඔහෙම තමා, අර වෙන බෙනේකට රිංගනවා මං දැක්කෙ නෑ කියලද, හිතන්නෙ " කියලා. ඒ මදිවට උන්දෑ ගිහින් අර "වෙන" බස්සට සත්තමකුත් දාලා..හී..හී.
අපොයි, ඒ අසරණයා හිතන්න ඇති" බුදු අම්මෝ, කොහෙන්ද බොල, මේ හෙන ගෙඩිය පාත් වුනේ? වැස්සෙවත් නැතුව" කියලා..


මං මේ දවස්වල හොඳ නමක් හොයනවා, මාරුකර ගන්න. වාසගම නැති වුනත් අඬු සැට් එක බේරගන්න එපැයි. මෙන්න මගේ ඔලුවට ආපු නං:

හිකනලා
හෝතම්ඹුවා
උගුඩුවා
කොට්ටෝරුවා

ඔහෙලත් ඔය නමක් දෙකක් යෝජනා කලා නං?
 

Steve Jobs

I'm not going to tell you, who Steve Jobs is ;neither saying he is perfect, as he has a "reputation" as a ruthless boss. But certainly, I admire him; and, if you listen to him, you'll find out why.

                 

Jun 21, 2011

ආදරය සුන්දර වරදකි....

ආදරය සුන්දර වරදකී 
කිසිදා සමාවක් නම් නැතී
මට පෙන්නලා ආලේ හැටී
උඹ දුන්න දුක හොදටම ඇත....



           

                 

සමහරු කියනවා ආදරේ කියන්නෙ, ලෝකෙ මිහිරිම දේ කියලා. මං නං කියන්නෙ ආදරේ කියන්නෙ,වේදනාවක් කියලා -මිහිරි වේදනාවක්.

මං මේ සිංදුවට කැමති, මං ඉපදුනේ නොවැම්බර් මාසෙ සීතල ‍රැයක නිසාද, නැත්නම් මේකෙ කියවෙන ආදරේ මිහිරි වේදනාව හින්දද කියල මං දන්නෙ නෑ


When I look into your eyes
I can see a love restrained
But darlin' when I hold you
Don't you know I feel the same
 'Coz nothin' lasts forever
And we both know hearts can change
And it's hard to hold a candle
In the cold November rain.....

Everybody needs some time...on their own
Don't you know you need some time...all alone
 
And when your fears subside, and shadows still remain
I know that you can love me, when there's no one left to blame
So never mind the darkness, we still can find a way
'Coz nothin' lasts forever, even the cold November rain
 



               

Jun 20, 2011

මාලුම් නහී......

දේශ් රංගීලා කියන්නෙ ලෝකෙ තියෙන හොඳම සිංදුවයි කියල හිතාගෙන ඒක කිය කිය, නැට්ට උඩතියාගෙන ගෙවල් ඇතුලෙ දුවන අයට නොතේරුනාට, රාජ් කපූර්- නර්ගීස් කියන්නෙ හින්දි සිනමාවෙ අමරණීය පෙම් යුවලක් තමා. සමහරවිට රාජ් කපූර්ගෙ චරිතය Charlie Chaplinගෙ  The Tramp නොහොත් Happy Hooligan කියන චරිතයෙන් ආභාශය ලැබුවක් වෙන්න ඇති. නමුත් Shree 420 , ආවාරා වගේ චිත්‍රපට වල සිංදු ටික ඇහුවාමම බඩ පිරෙන්නෙ නැත්ද? වැස්සක තියෙන චමත්කාරය කොච්චර අපූරුවට මේකෙ පිළිබිඹුකරල තියනවද බලන්නකො.

                   
                


හරී.. කපූර් ගොයියා නර්ගීස් එක්කයි, වයිජන්තිමාල එක්කයි හොර කො‍ටු පැන්නමයි කියමුකො. ඒක ඒ ගොයියගෙ වැරද්දම නෙමෙයි. දැං බලාන්ට, ඔය ඉන්දියන් කස්ටිය ශිව දෙයියගෙ මෙව්වා එක කිරි වලින් නාවලා, මල් මාල දාලා වැඳගෙන ඉන්න පොඩි කාලෙ ඉඳලම පුරුදු කරවපු අය නොවැ.


ඒක ඇරිච්චාවෙකො, මට මේ සිංදුව " මාලුම් නහී" නෙ. දන්න පිංවතෙක් ඉන්නවා නං ,තේරිම දානවද?

Jun 18, 2011

තවත් එක්තරා ප්‍රේම කතාවක්..


සමහරු කියනවා මේ දෙන්නා, හින්දි සිනමාවෙ අමරණීය පෙම් යුවල කියල. මේ සිංදුව ඇහැව්වාම ඒක බොරුයි කියල කියන්න බෑ. ඇත්ත නැත්ත කෙසේ වෙතන් මෙතන තවත් එක්තරා අසම්මත ප්‍රේම කතාවකුත් තිබ්බා කියලත් කියනවා. මං වැඩේ ඉතිං අනුන්ගෙ දේවලට හොට ඔබන එකනෙ, ඒකයි ඒ කතාව කිව්වෙ. මොනව උනත් ලස්සන සිංදුව...

            

Sleep Song

As you know, we owls sleeps during the day,  when rest of the whole world is  busy to start a new day. It is not a easy task, always; unless, you are dead tired. There are  many sounds and disturbances to poor day sleepers, and I too had my fair share in many a times.


This song is called "Sleep Song" and it is not very difficult to understand why. I present this to  all my fellow owls and other creatures of night....


                  

පුදුමයි...නුඹ වාගේ,මට ඉන්න බැරි හැටි.....

මං මේ සිංදුව මුලින්ම ඇහුවෙ ලංකාවෙදි. ජීවිතේ එක්තරා අඳුරු කාල සීමාවක, බිඳිච්ච හදවතක කෑලි අහුලන කොට, මගේ ලඟින්ම හිටපු මිතුරියක් මටත් හිටියා. කාටවත්වත් කියාගන්න බැරිවුන හිතේ හිරවෙච්චි දේවල් සාවධානව අහගෙන ඉන්නත්, මට මී හරකෙකුට වගේ බණින්නත් ඈ කිසිම වෙලාවක පසුබට උනේ නෑ. දවසක් එයා මේ සිංදුව මුමුන, මුමුන හිටියා. අපි අතරේ ඉතාමත් කිට්‍ටු යාළුකමක් ඇරෙන්න වෙන දෙයක් තිබ්බා කියලා මං හිතන්නෙ නෑ. ඒත් එක්කම, මගේ සහොදරී කල් ඇතුවම අනතුරු හැඟවීමකුත් නිකුත් කරලා තිබ්බා. ඒත් මං ලංකාවෙන් එන දවසෙ එයා මාව බලන්න ආවෙ නෑ. මං  කෝල් කලාම, මට ඇහුනේ ඇගේ ඇඬුම්බර කටහඬයි. හොඳම යාළුවෙක් යන්න යන කොට, කොහොමත් ඔය බවලත් උදවිය ටැප් එක අරින එක සිරිතක්නෙ.

පුදුමෙ කියන්නෙ,කාලෙකට පස්සෙ ආයිත් මේ සිංදුව ඇහුවාම මට මතක් වෙන්නෙ එයාව. 


උන්දෑ නං නියම රතිඤ්ඤා කරලක්.....


                           

Jun 16, 2011

I'm Your Hero

ඕං මේ ඊයෙ පෙරේදා, බස්සගෙ හුටපටේ ගැන සිරා කතාවක් දැම්මා නෙව. ඔය කතාවෙදි කියවුනා " අපි මෙහෙම දැනට යන විදිහට ගිහිල්ලා, ඉස්සරහදි 'ෆයිට්' එකක් දෙමු" කියලා. බස්සා බොහොම සාමකාමී සත්ත්වයා නෙව. දෙයියනේ කියලා රස්සාව කරගෙන, වයින් පාරක් දාගෙන හිටියට, ඔය "ෆයිට්" වලට කැමති පක්ෂියෙක් නෙවෙයි.

මේක මේ බස්සා කාලෙකට ඉස්සර බලපු දමිල ‍ෆිල්ම් එකක සිංදුවක්. දන්නවනෙ, ඉතිං ඒ ‍ෆිල්ම්, අර ෆයිට් හතයි, සිංදු හතයි, මල් හතයි ජාතිය. මයෙ හිතේ, මේකෙ පොරත් කියන්නෙ " අපි ඔහොම කරගෙන ගිහිල්ලා, ඉස්සරහදි 'ෆයිට්' එකක් දෙමු" කියලා වෙන්ටෑ.

එහෙම කියපු වීරයාට, අර නොන්ඩි ගහ, ගහ ආපු මාමණ්ඩියා දෙනව නේද " දෝයි" ගාලා පොලු පාරක් හතර ගාතෙ දාලා වැටෙන්න.

අනේ,...........මට නං ෆයිට් බෑ. මං දුවනෝ...


                      

Jun 15, 2011

Fragile

On and on the rain will fall
Like tears from a star like tears from a star
On and on the rain will say
How fragile we are how fragile we are..


Tomorrow's rain will wash the stains away
But something in our minds will always stay