මං මේ සිංදුව මුලින්ම ඇහුවෙ ලංකාවෙදි. ජීවිතේ එක්තරා අඳුරු කාල සීමාවක, බිඳිච්ච හදවතක කෑලි අහුලන කොට, මගේ ලඟින්ම හිටපු මිතුරියක් මටත් හිටියා. කාටවත්වත් කියාගන්න බැරිවුන හිතේ හිරවෙච්චි දේවල් සාවධානව අහගෙන ඉන්නත්, මට මී හරකෙකුට වගේ බණින්නත් ඈ කිසිම වෙලාවක පසුබට උනේ නෑ. දවසක් එයා මේ සිංදුව මුමුන, මුමුන හිටියා. අපි අතරේ ඉතාමත් කිට්‍ටු යාළුකමක් ඇරෙන්න වෙන දෙයක් තිබ්බා කියලා මං හිතන්නෙ නෑ. ඒත් එක්කම, මගේ සහොදරී කල් ඇතුවම අනතුරු හැඟවීමකුත් නිකුත් කරලා තිබ්බා. ඒත් මං ලංකාවෙන් එන දවසෙ එයා මාව බලන්න ආවෙ නෑ. මං කෝල් කලාම, මට ඇහුනේ ඇගේ ඇඬුම්බර කටහඬයි. හොඳම යාළුවෙක් යන්න යන කොට, කොහොමත් ඔය බවලත් උදවිය ටැප් එක අරින එක සිරිතක්නෙ.
පුදුමෙ කියන්නෙ,කාලෙකට පස්සෙ ආයිත් මේ සිංදුව ඇහුවාම මට මතක් වෙන්නෙ එයාව.
උන්දෑ නං නියම රතිඤ්ඤා කරලක්.....
මොනවා උනත්, පේන විදියට අහිංසක බැස්සියක්...පව්...
ReplyDeleteමොකද බස්සෝ මේ උදේ තිබුනු සිංදුව දැන් නැතිවෙලා තියෙන්නේ???
ReplyDelete