Jun 20, 2011

මාලුම් නහී......

දේශ් රංගීලා කියන්නෙ ලෝකෙ තියෙන හොඳම සිංදුවයි කියල හිතාගෙන ඒක කිය කිය, නැට්ට උඩතියාගෙන ගෙවල් ඇතුලෙ දුවන අයට නොතේරුනාට, රාජ් කපූර්- නර්ගීස් කියන්නෙ හින්දි සිනමාවෙ අමරණීය පෙම් යුවලක් තමා. සමහරවිට රාජ් කපූර්ගෙ චරිතය Charlie Chaplinගෙ  The Tramp නොහොත් Happy Hooligan කියන චරිතයෙන් ආභාශය ලැබුවක් වෙන්න ඇති. නමුත් Shree 420 , ආවාරා වගේ චිත්‍රපට වල සිංදු ටික ඇහුවාමම බඩ පිරෙන්නෙ නැත්ද? වැස්සක තියෙන චමත්කාරය කොච්චර අපූරුවට මේකෙ පිළිබිඹුකරල තියනවද බලන්නකො.

                   
                


හරී.. කපූර් ගොයියා නර්ගීස් එක්කයි, වයිජන්තිමාල එක්කයි හොර කො‍ටු පැන්නමයි කියමුකො. ඒක ඒ ගොයියගෙ වැරද්දම නෙමෙයි. දැං බලාන්ට, ඔය ඉන්දියන් කස්ටිය ශිව දෙයියගෙ මෙව්වා එක කිරි වලින් නාවලා, මල් මාල දාලා වැඳගෙන ඉන්න පොඩි කාලෙ ඉඳලම පුරුදු කරවපු අය නොවැ.


ඒක ඇරිච්චාවෙකො, මට මේ සිංදුව " මාලුම් නහී" නෙ. දන්න පිංවතෙක් ඉන්නවා නං ,තේරිම දානවද?

6 comments:

  1. ප්යාර් හුආ ඉකරාර් හුආ හේ - ප්යාර් සෙ පිර් ක්යූ ඩර්තා හේ දිල්
    කෙහ්තා හේ දිල් රස්තා මුෂ්කිල් - මාලුම් නහී හේ කහා මන්සිල්
    (අපි ආදරේ බව අපි දන්නවා - එහෙමනං ඇයි හදවත ලෝකයාට බියවන්නේ
    එය අපට කියනවා ආදර මාවත දුෂ්කර බව සහ ගමනාන්තය නොදන්නා බව)

    කහෝ කි අප්නි ප්‍රීත් කා - ගීත් න බද්ලේගා කබී
    (මට කියන්න ඔබේ ආදර ගීතය කවදාවත් වෙනස් නොවන බව)
    තුම් බි කහෝ ඉස් රාහ කා - මීත් න බද්ලේගා කබී
    (මට සපත කරන්න ඔබේ ජීවන සහකරු කවදාවත් වෙනස් නොවන බව)
    ප්යාර් ජො ටූටා සාත් ජො ඡූටා - චාන්ද් න චම්කේගා කබී
    (ආදරේ අමිහිරි වුනොත් අපේ මාවත් වෙන් වුනොත් - කවදාවත් සද අප වෙනුවෙන් නොපායාවි)

    රාතේ දසෝ දිශාඕ සේ - කහේන්ගි අප්නි කහානියා
    (රාත්‍රිය දස දිශාවෙන්ම හඩ ගා කියාවි අපේ ආදරය ගැන)
    ගීත් හමාරේ ප්යාර් කේ - දොහ්රායේගි ජවානියා
    (අපේ ආදර ගීතය වෙනත් යවුවනයන් නැවත නැවතත් කියාවි)
    මේ න රහූන්ගී තුම් න රහෝගේ - පිර් බි රහෙන්ගි නිශානියා
    (ඔබත් මාත් තවදුරටත් නැතිවුනත් - අපේ මතක සැමදා ජීවත් වේවි)

    ReplyDelete
  2. මේ සිංදුව ලස්සනයි තමා.. හැබැයි ඉතිං දේස් රංගීලා සිංදුවට (සහ ඒක කියන අයට) අනං මනං කියන්‍ට එන්ට එපා බස්සො.. උඹව තනි තට්ටෙන් වහලෙ එල්ලලා බොක්සිං ගහනව, පරෙස්සං වෙලා හිටු.. :)

    ReplyDelete
  3. අනේ නමෝ, නමෝ මුදලි තුමෝ එක කට්ටෙ රා ගහපු මිත්තරව නේද මේ තනි තට්ටෙන් එල්ලන්න හදන්නෙ. එහෙනං අර ක‍ටු ඉපලට කියන්නකො මාත් එක්ක උරුට්‍ටු අල්ලන්න යන්න එයා කියලා. දැං බලාන්ට... යාපනේ ගිහින් ආවම, මම "හායි" කිව්වට මට මොනවද ලැබුනෙ? හුහ්,අර කලින් පෝස්ට් එකේ දීලා තියෙන්නෙ "ඕපනායක" කියලා නම්බුනාමයක්

    ReplyDelete
  4. ඇද්ද අහගත්තා!!!!!

    ReplyDelete
  5. इ अल्सो दोन'त् उन्देर्स्तंद

    ReplyDelete
  6. @Poku,

    What don't you understand..??

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code